.

මඤ්ඤොක්‌කා කොළ කටට රසට කෑවට මෙන්න මෙ රෝග සුව කිරීමේ විශ්මිත රහස් ගැන දන්නේ කවුද?

Loading...

මඤ්ඤොක්‌කා කොළ කටට රසට කෑවට මෙන්න මෙ රෝග සුව කිරීමේ  විශ්මිත රහස් ගැන දන්නේ කවුද?

ආහාර වර්ග පිළිබඳ විවිධ මත ජන සමාජය තුළ ගොඩ නැගී ඇත. ඒ නිසාම බොහෝ දෙනා ආහාර වර්ග ගැනීමේ දී විශේෂයෙන් සැලකිලිමත් වීමක්‌ සිදු කරනවා. මඤ්ඤොක්‌කා පිළිබඳවත් ජන සමාජයේ විවිධ මතවාද ගොඩ නැඟී තිබෙන නිසාම බොහෝ දෙනා මඤ්ඤොක්‌කා ආහාරයට ගැනීමේ දීද විශේෂයෙන් පාලනය කිරීමක්‌ සිදු කරනවා.

* මඤ්ඤොක්‌කා වල අර්තාපල් වලටත් වඩා වැඩි කැලරි ප්‍රමාණයක්‌ සහ කාබෝහයිඩ්රේට්‌ ප්‍රමාණයක්‌ අඩංගුයි. 

* බොහෝ දෙනා අතර මතයක්‌ පවතිනවා මඤ්ඤොක්‌කා ආහාරයට ගත් පසුව ඉඟුරු යොදා සකස්‌ කළ තේ බීම නුසුදුසු බව. ඒ මතයේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මකව සත්‍යතාවක්‌ පවතී. බොහෝ දෙනකුට එයින් ආසාත්මිකතාවක්‌ ඇතිවේ. ඒ නිසාම මඤ්ඤොක්‌කා ආහාරයට ගත් විට ආයුර්වේදීය බෙහෙත් වට්‌ටෝරු හෝ ඉඟුරු යොදා සකස්‌ කළ තේ පානය කිරීමත් සුදුසු නොවේ.

රෝග රැසකට සුව ගෙන දේ 

* කොලෙස්‌ටරෝල් පාලනය කරනවා.

* මානසික ආතතිය අඩු කරනවා.

* දියවැඩියාව පාලනය කරනවා.

* ඇමගඩ්ලීන් නම් එන්සයිමය අඩංගු නිසා පිළිකා නාශක ගුණයක්‌ ද මඤ්ඤොක්‌කා වල අන්තර්ගතයි.

* අධික කැලරි ප්‍රමාණයක්‌ අඩංගු නිසා ශරීරය මහත් වීමක්‌ සිදු කරනවා

අල වගේම කොළත් ගුණයි 

* මඤ්ඤොක්‌කා අල වල පවතින ගුණ ඒ ආකාරයටම කොළ වලත් අන්තර්ගතයි. ඒ නිසාම මඤ්ඤොක්‌කා ආහාරයට ගැනීමේ දී කොළ වලින් සකස්‌ කර ගත් මැල්ලුමත් ආහාරයට එක්‌ කරගන්න. මඤ්ඤොක්‌කා කොළ වල විශේෂයෙන් ප්‍රොaටීන් සහ විටමින් වැඩි ප්‍රමාණයක්‌ අඩංගු නිසා වයසට යැමේ දී ඇතිවන අමතක වීම් තත්ත්ව පාලනය කිරීමක්‌ සිදු කරනවා.

ආහාරයට ගැනීමේ දී මේ ගැනත් සිතන්න

* මඤ්ඤොක්‌කා අල තම්බන අවස්‌ථාවේ දී පියනකි න් වසා තැම්බීම නුසුදුසුයි. හැම විටම පියන හැර මඤ්ඤොක්‌කා තම්බන්න. 

* ඒ වගේම මඤ්ඤොක්‌කා තම්බන විටත්, වෑංජනයක්‌ ලෙස සකස්‌ කරන විටත් විශේෂයෙන්ම කහ යෙදීම කළ යුතුයි. මන්ද එමඟින් මඤ්ඤොක්‌කා වල අඩංගු විෂ මර්දනය වීමක්‌ සිදු වන බැවිනි.

* පළුදු වූ මඤ්ඤොක්‌කා අල ආහාරයට ගැනීම නුසුදුසුයි. 

* ගැබිනි මව්වරුන්ට, කිරි දෙන මව්වරුන්ට සේම කුඩා දරුවන්ටත් මඤ්ඤොක්‌කා ආහාරයට ගැනීම සුදුසුයි. 

* විශේෂයෙන් මඤ්ඤොක්‌කා ආහාරයට ගැනීමේ දී පොලුත් සමඟ ආහාරයට ගන්නවා නම් සිදුවන ආසාත්මිකතා අවම කර ගත හැකියි. මන්ද පොල් වලත් විෂ නැසීමේ ගුණයක්‌ අන්තර්ගත වී ඇති බැවිනි. 

වෛද්‍ය S.M.A.R සෙනවිරත්න 
රෝහල් අධ්‍යක්‌ෂ 
ඩි.බී වෙලගෙදර ආයුර්වේද මහ රෝහල, කුරුණෑගල 

සකස්‌ කළේ - ශාලිකා තිලක්‍ෂණී


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment