.

නළලේ තියෙන කුරුලෑ නැති කර ගන්න ඔබ මේ දේවල් කරන්න.

Loading...

නළලේ තියෙන කුරුලෑ නැති කර ගන්න ඔබ මේ දේවල් කරන්න.

තරුණ වියේ ඇතිවන සමහර කුරුලැ ඉතා කුඩා, නොකසන, වේදනා නොමැති වුවද එය ඔබේ විශ්වාසය පහත හෙලයි. ඔබ මෙවැනිම ප්‍රශ්නයකට මුහුණපා සිටිනම් පහත සදහන් කලයුතු සහ නොකළයුතු දැ ඉතා ප්‍රයෝජනවත් වේ.

කලයුතු දෑ

1. ඔබේ මුහුණ දවසට දෙවරක් (උදේ සහ නින්දට පෙර) සබන් රහිත පිරිසිදු කාරයකින් සෝදන්න.

2. ව්‍යායාමයට පසුවද මුහුණ සෝදන්න. තෙල් තැන්පත් වීමෙන් රෝම කුප අවහිර විය හැකි නිසා.

3. ඔබේ මුහුණ තෙල් සමග ගැටීමක් ඇතිවුණි යැයි සිතිය හැකි හැමවිටම මුහුණ සෝදන්න. ඔබ අහාර බදින ස්ථානයක වැඩ කරයි නම් විශේෂයි.

4. මුහුණ ඇල්ලීමට හැකි ඇතිල්ලීමට (නිකට, කම්මුල, නළල )පෙර දෙඅත් සෝදන්න. දිනය පුර ඔබ ඇල්ලු දේවල් මතකද? මෙම පුරුද්ද අත්හැරීම මගින් කුරුලෑ ප්‍රශ්නය අඩුකර ගතහැක.

5. හිස කෙස් තෙල් සහිත නම් දිනපතාම සෝදන්නට අමතක නොකරන්න.මෙය ඔබේ මුහුණේ සහ ඛෙල්ලේ ඇතිවන තෙල් ගතියට බොහෝ සේ බලපායි.

6. හිරු එලියට යන විටදී තෙල් නොමැති සන් ක්‍රීම් භාවිත කරන්න.

නොකළයුතු දෑ

1. මුහුණ අතුල්ලීම සහ සැර සබන් වර්ග පාවිච්චියෙන් වලකින්න. ඔබට කුරුලෑ අතුල්ලා කුරුලෑ ඉවත් කල නොහැකි අතර එය ඇතිල්ලීමෙන් තත්වය තවත් නරක අතට හැරේ.
2. මද්‍යසාර අඩංගු ආලේපන භාවිතයෙන් වලකින්න. ආලේපන වල මද්‍යසාර ප්‍රතිශතය වැඩි වීමෙන් සම වියලි මෙන්ම ආසදනයද විය හැක. එමගින් සමේ තවදුරටත් තෙල් ප්‍රමාණය වැඩි කරන අතර එමගින් කුරුලෑ තවත් වැඩිවේ.

3. කොතරම් දුරට කැමති වුවද කරුලෑ මිරිකීමට, අල්ලා ගැනීමට හෝ එලියට ගැනීමට උත්සහ නොකරන්න. මෙසේ කිරීමෙන් ඉදිමුම වැඩිවන අතර මුහුණේ පැල්ලමක් හටගැනීමේ අවදානමක් පවතී.

4. තෙල් සහිත කිසිම තෙතමනය රදවන ක්‍රීම් හෝ සන් ක්‍රීම් භාවිතයෙන් වලකින්න. එලෙසම මේවා මිලදී ගැනීමේදී තෙල් රහිත දැයි හොදින් විමසිලිමත් වන්නාසේම මුහුණ සදහා වූ තෙතමය රදවන කි්‍රම් පමණක් පාවිච්චි කරන්න. ශරීරය සදහා නිපදවල ලද ඒවා භාවිතයෙන් වලකින්න.

5. හිසකෙස් සදහා පාවිච්චි කරන ජෙලි, හෝ ස්ප්‍රේ හැකිතාක් මුහුණෙන් ඉවතට කරන්න. මන්ද ඒවා මගින් රෝම කුප අවහිර විය හැකි නිසාය. මෙම දෑ පාවිච්චියෙන් පසුවද මුහුණ හොදින් සෝදා ගන්න.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About lanka.ayuruweda

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment