.

නින්ද නොයන අයට නින්ද යවන කරාබු නැටි දෙකකින් හදන විශ්මිත බෙහෙත මෙන්න

Loading...

නින්ද නොයන අයට නින්ද යවන කරාබු නැටි දෙකකින් හදන විශ්මිත බෙහෙත මෙන්න

කරාබු' කියන ශාකය ගැන කතා කළොත් බොහෝ දෙනකුට මතක් වෙන්නේ කුළුබඩුවක්. ඒ තමයි කරාබු නැටි කුළුබඩුවක්ම විතරක් නෙවේ කරාබු නැටි හොඳ ආර්ථිකමය වටිනාකමක් ඇති අපනයන බෝගයක්. මීට වසර කිහිපයකට කලින් විශාල ආර්ථික වාසි ගෙනා බෝගයක් තමයි කරාබු නැටි. අදටත් එහෙමයි. අඩි 2,000කට වඩා උසින් සමන්විත ප්‍රදේශවල (මහනුවර, මාතලේ ආදී) බහුල වශයෙන් හට ගන්නා මෙම ශාකය උඩරට ප්‍රදේශවල මිනිසුන්ට ආදායම් මාර්ගයකුත් වෙනවා. තද ශීතල දේශගුණවල හැර අනෙක් සෑම ප්‍රදේශයකම මේ ශාකය රෝපණය වෙනවා.

අපේ රටට කරාබු නැටි ශාකය ආවේ පෘතුගීසි ආක්‍රමණයෙන් අනතුරුවයි. පෘතුගීසීන් මේ ශාකය ආර්ථිකමය වාසි ලබා ගන්න ලංකාවේ වගා කළා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. කරාබු ශාකයේ මවුබිම මලක්කාව. කරාබු කියන වචනය දමිළ භාෂාවෙන් බිඳී ආ වචනයක්. අපේ දේශීය වෛද්‍ය විද්‍යාවේ රෝග රාශියකට ඔෟෂධයක් තමයි කරාබු ශාකය. කරාබු නැටි හැරුණු විට කරාබු මල්, පත්‍ර යන සෑම අංගයක්ම ආයුර්වේදයේ ඔෟෂධ නිෂ්පාදනය කිරීමට යොදා ගන්නවා. කරාබු ශාකයේ නැටිවලට කරාබු නැටි කියන නම ගොඩනැඟෙන්න හේතුව තමයි මේ නැටි ස්ත්‍රීන්ගේ කන්වල පලඳින කරාබුවල හැඩයට සමානවීම. නමේ අර්ථවත් බව වගේම ඇත්තටම මෙය කරාබුවක් වගේම තමයි.
ආයුර්වේදයේ 'ත්‍රිවර්ග'වලින් එක් වර්ගයක් වන කරාබු නැටි මුඛ සුගන්ධවත් කිරීමටත් අතීතයේත් බහුල වශයෙන් ගෙන තිබෙනවා. ආයුර්වේදයේ විවිධ නම්වලින් මේ ඔෟෂධය හඳුන්වනවා. ශේ්‍රෂ්ඨ පුෂ්පයක් ඇති ශාකය කියන අරුතින් දේව කුසුම කියලත්, ශ්‍රී දේවියට සමාන ගෞරවයක් හිමි විය යුතුය යන අරුතින් සංඥා කියලත්, සඳුන් සුවඳ ඇති මල් සහිත ශාකයක් යන අරුතින් චන්දන පුෂ්පක කියලත් මේ ඔෟෂධීය ශාකය හඳුන්වනවා. ඒ වාගේම සංස්කෘත භාෂාවෙන් 'ලවංග' කියලත් මේ ශාකය හඳුන්වනවා.

ඉරඨඪලඪභථ චපධථචබඪජභථ නමැති උද්භිත විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කරාබු ශාකය අයත් වන්නේ ර්රපබචජඥචඥ කුලයට. ඔෟෂධ පිණිස ගත්තොත් වියළි කරාබු මල් කැකුළු, කොළ, කොළවල නැටි, කරාබු නැටි සහ කරාබු නැටිවලින් ගන්නා තෙල් දේශීය වෛද්‍ය විද්‍යාවෙදි විවිධ රෝග නාශනය කිරීමට
ඔෟෂධ පිණිස යොදා ගන්නවා.

කරාබු ශාකයේ ඔෟෂධ ගුණ පිළිබඳ කතා කළොත් ජීර්ණ පද්ධතිය ආශි්‍රත රෝග සුව කරන්න මෙය විශාල වශයෙන් යොදා ගන්නවා. මල බුරුලින් යෑම, අජීර්ණය, බඩේ වාතය පිරීම, වමනය යෑම වැනි රෝගවලදී ඒවා සුව කිරීමට මේ ඔෟෂධය ඉතාමත්ම ගුණදායකයි. එවන් රෝග අවස්ථාවලදී කරාබු නැටි දෙකක් කටේ දමා හපා විටින් විට කෙළ ගිලීමෙන් ඒ සඳහන් කළ සෑම රෝගයකටම ඉක්මන් සුවයක් ලබා ගන්න පුළුවන්. විශේෂයෙන් වමනය යෑමේ අවදානමකින් පසුවන පුද්ගලයන්ට මේ ඔෟෂධය වමනය යෑම වළක්වාගන්න හොඳම ඔෟෂධයක්. ඇතැම් අයට රථ වාහනවල දුරබැහැර ගමන් යද්දි වමනය යෑමේ ප්‍රවණතාව වැඩියි. එවන් විටකදී කරාබුනැටි කිහිපයක් රැගෙන යෑමත් ඉතාම කාලෝචිතයි.


ඒ වාගේම පුංචි දරුවන්ටත් විවිධ අජීර්ණ තත්ත්ව නිසා වමනය යෑමේ අවදානමක් පවතිනවා. එවන් අවස්ථාවකදී කරාබු නැටි එකක් කාලා ඇල්දියට දමා මඳ වේලාවක් තබා හොඳින් පෙරාගෙන එයට සීනි ස්වල්පයකුත් මිශ්‍ර කර දරුවාට බීමට දෙන්න. වමනය යෑමේ ස්වභාවය එමඟින් නැති වෙලා යාවි. කරාබු කියන්නෙ හොඳ වේදනා නාශකයක්. මුඛාශි්‍රත වේදනාවලටත් මේ ඔෟෂධය ඉතාමත් ගුණදායකයි.

දත් කැක්කුම්, සෙම් ගෙඩි, දත් පණුවො කෑම් වැනි මුඛාශි්‍රත රෝග නිසා වේදනා ගෙන දෙනවානම් කරාබු නැටි කිහිපයක් තළා ඒ යුෂ දතේ හෝ මුඛයේ වේදනා සහිත ස්ථානයේ විටින් විට තවරන්න. දින කිහිපයක් මෙය සිදු කළොත් ඉක්මන් සුවයක් අත් වේවි. ඒ වගේම මුඛයේ විෂබීජ නාශනය කරන්නත් මුඛ දුර්ගන්ධය නැති කරන්නත් මෙය හොඳ ඔෟෂධයක්.

බොහෝමයක් දන්තාලේප සෑදීම සඳහා කරාබු නැටි බහුල වශයෙන් යොදා ගන්නවා. එයට හේතුව මම පෙර සඳහන් කළ විෂබීජ නාශනය කිරීමේ ගුණය සහ මුඛය සුගන්ධවත් කිරීමේ සුවිශේෂී හැකියාවක් මේ ඔෟෂධය සතුව පැවැතීමයි. ඒ සියල්ලටම අමතරව ආහාර රසවත් කිරීමට, විවිධ බීමවර්ග රස ගැන්වීමට වගේම කැවිලි වර්ග රසවත් කිරීමටත් කරාබු නැටි භාවිත කරන්න ඔබට පුළුවන්. ඔබ නිවෙසට එන අමුත්තකුට සංග්‍රහ කරන්න බීමක් හැදුවොත් ඒ බීමට කරාබු නැටි දෙකක් පමණ තළා දැමීමට කටයුතු කරනව නම් එයට නවමු රසයකුත් එක් වෙනවා. ඒ වගේම පෝෂ්‍යදායක බවත් අනූනයි. රසකැවිලි වැනි දේ සඳහාත් කරාබු නැටි කොටා මිශ්‍ර කර ගැනීමෙන් අලුත් රසයක් වගේම සුවඳක් ලබන්නත් පුළුවන්. කරාබු නැටිවල පවතින සුගන්ධවත් රසායනික තෛලය නිසාම විවිධ සබන් වර්ග සුවඳ විලවුන් පමණක් නෙවෙයි දුම්වැටි පවා රසවත් කරන්න කරාබු නැටි තෛලය භාවිත කරනවා. මෙහිදී එකක් සිතට ගත යුතුයි. කෙතරම් රසවත් වුණත් දුම්වැටි කියන්නේ මිනිසා මාරයා වෙත ළං කරන මාරකයක්.

කරාබු නැටිවල පවතින 'ඉයුජිනෝල්' නමැති තෛලය නිසා තමයි මෙහි ඔෟෂධීය ගුණය තව තවත් වැඩි වීමට හේතුව වී ඇත්තේ කරාබු නැටි විෂබීජ නාශනය කරන්නත් ඉතාම යෝග්‍යය ඔෟෂධයක්. ඒ විෂබීජ නාශනය කිරීමේ ගුණය නිසාම ආහාර ජීර්ණ පද්ධතියේ ඇති වන ආසාදන සුව කරන්න මෙය අගනා ඔෟෂධයක්. කෑමේදී එන්සයිම අවම වීම නිසා හට ගන්නා අතීසාර තත්ත්වයන් මඟහරවන්නත් මෙය ඉතාම යෝග්‍ය ඔෟෂධයක්.
ඔබ සුව නොවන අතීසාර රෝග තත්ත්වයකින් පසු වන රෝගියෙක් නම් ඒ නිසා ඔබ විවිධ අවස්ථාවල අපහසුතාවන්ට පත් වෙනව නම් එය සුව කරගන්න සුදුසු ඔෟෂධයක් කරාබු නැටි අනුසාරයෙන් සාදා ගන්නා හැටි මම කියන්නම්. කරාබු නැටි, කුරුඳු, සූදුරු සහ කලාඳුරු අල සමව අරගෙන හොඳින් වියළාගෙන කුඩු කර ගන්න. ඉන් පසු දිනකට තේ හැන්දක ප්‍රමාණය බැගින් මී පැණිත් සමඟ දිනපතා බීවොත් ඔබට අතීසාර රෝග තත්ත්වයෙන් මිදෙන්න පුළුවන්. ඒ වගේම ආහාර අජීර්ණයටත් මේ ඔෟෂධය ගුණදායකයි.

ලොකු කුඩා සැම අයකුටම පීඩා ගෙන දෙන තවත් රෝගයක් තමයි පණු අමාරුයි. ඔබ ගෘහණියක් නම් සතියකට වරක්වත් කරාබු නැටි තැම්බූ ඔෟෂධීය කසාය ඔබේ පවුලේ සාමාජිකයන්ට බීමට දෙන්නේ නම් පණු අමාරුව රෝගය ඔබේ සාමාජිකයන් අතරට එන්නේ නැහැ.
වියළි කරාබු නැටි යම්කිසි ප්‍රමාණයක් හොඳින් කුඩු කර (ඉතා සියුම්ව බ්ලෙන්ඩර් කර ගන්න) වාතය නොයන ලෙස බෝතල් කර දිනපතා ආහාර පිසීමේදී යම් ප්‍රමාණයක් කරාබු නැටි කුඩු වෑංජනවලට මිශ්‍ර කරනව නම් වෑංජනය රසවත් වෙනවා. ඒ වගේම රෝග රාශියක් නොදැනුවත්වම සුවපත් වෙනවා. මෙහිදී එකක් මතක තබාගත යුතුයි. වෑංජනය ළිපේ තැම්බෙන විට එයට කරාබු නැටි කුඩු එක් කරන්න එපා. එහෙම වුණොත් එහි ඇති රසය, සුවඳවත් බව වගේම ගුණයත් විනාශ වෙනවා. ඒ නිසා වෑංජනය ළිපෙන් බෑවට පසුව කරාබු නැටි කුඩු ස්වල්පයක් එක් කිරීම වැදගත්. මස්, මාළු වගේ ආහාර පිසීමේදී මේ කුඩු ස්වල්පයක් එයට එක් කළොත් ඉතාමත් සුගන්ධවත් බවක් සහ රසවත් බවක් එක් වෙනවා.

කරාබු නැටි ඔෟෂධ ලෙස ගැනීමේදී ගැස්ට්‍රයිටිස්, උදරයේ තුවාල ඇති අයට භාවිත කිරීම නුසුදුසුයි. එයට හේතුව තමයි කරාබු ශාකයේ යම් තීක්ෂණ ගුණයක් (සැර බවක්) තිබෙන නිසා එවන් රෝගීන් මෙය ගත්තොත් බඩ දැවිල්ල තත්ත්වයන් ඇති වීමේ ඉඩකඩ වැඩියි.
නිතර නිතර කැස්ස පවතින අයට වගේම සෙම්ප්‍රතිශ්‍යාව, සෙම ගතිය සහ ඇදුම වැනි රෝග පවතින අයටත් කරාබු නැටි ඉතාමත් ගුණදායක ඔෟෂධයක්. එවන් රෝග පීඩාවන්වලින් අසහනයට පත් අය ඉන්නව නම් දිනපතා උදේ හවස පානය කරන තේ වීදුරුවට කරාබු නැටි දෙකක් පමණ කොටා, දමා පානය කරනව නම් පෙර කී සෑම රෝගයකටම එමඟින් සුවය අත් වෙනවා. ඒ වගේම අධික ලෙස සෙම සහිත බව නිසා උගුර ආශි්‍රතව වේදනා හට ගැනීමේ අවදානමක් පවතිනවා. එවන් අවස්ථාවකදී කරාබු නැටි කිහිපයක් උණු වතුර කෝප්පයකට තළා දමා මඳ වේලාවක් නිවෙන්නට තබා එමගින් උගුර සෝදා පානය කළොත් දින කිහිපයක් යද්දි ඔබට සෙම් රෝග, උගුර වේදනා නැති වේවි.


අතීතයේ මැසි මදුරුවන් පලවා හරින්නත් කරාබු නැටි සහ පත්‍ර යොදාගෙන නිවෙස්වල දුම් අල්ලා තිබෙනවා. ඔබත් කරාබු නැටි පත්‍ර වියළාගෙන කුඩු කර ඒ කුඩු ගිනි කබලකට දමා නිවෙසේ දුම් ඇල්ලීම සිදු කරනව නම් කෘත්‍රිම නිෂ්පාදනවලට වඩා මදුරුවන්ගේ උවදුරට එමගින් විසඳුමක් ලබා ගන්නත් පුළුවන්.
ඒ වගේම කරාබු නැටි කියන්නේ හොඳ නිද්‍රාකාරක ඔෟෂධයක්. සමහර පුද්ගලයන් රාත්‍රියේදිත් කොතෙක් නිදා ගන්න උත්සාහ කළත් නින්ද එන්නෙ නැහැ. එයත් එක්තරා රෝග තත්ත්වයක්. එවන් නින්ද නොයන පුද්ගලයන් නිදා ගැනීමට පෙර කරාබු නැටි දෙකක් පමණ තළා දැමූ තේ එකක් බීල නින්දට යනව නම් ඉක්මනින්ම නින්ද පැමිණෙනවා. මොකද මේ ඔෟෂධය තුළ සුවිශේෂී නිද්‍රාකාරී ගුණයක් පවතිනවා.

මෙතෙක් වේලා අපි කතා කළේ කරාබු ශාකයේ පවතින ශාකසාර ඔෟෂධීය ගුණය පිළිබඳ. නමුත් කරාබු නැටි තෙල් කියන්නෙත් දේශීය වෛද්‍ය විද්‍යාවේ රෝග රැසකට සුවය සලසන අද්විතීය ඔෟෂධයක්. කරාබු නැටිවලින් භාගික ආසවන කරලා උෂ්ණත්වය ලබාදීමෙන් කරාබු නැටිවල වාෂ්පශීලී තෛලය ඝනීභවනය කරලයි කරාබුනැටි තෙල් සාදන්නේ. එය නිවෙසේ සිට සාදන්න අමාරුයි. ආසවන යන්ත්‍රයක් මඟිනුයි කළ යුත්තේ. මේ ආකාරයට වාෂ්පශීලීව ලබා ගන්නා කරාබු නැටි තෛලය සුදුපාට ඔෟෂධීය දියරයක්. මේ ආකාරයට ගන්නා කරාබු නැටි තෛලය ශරීරයේ හටගත් ඉන්නන් මතුපිට දිනපතා ආලේප කළොත් කෙටි කලකින් ඉන්නන් ඉවත් කරගන්න ඔබට පුළුවන්. කරාබු නැටි තෙල්, සන්ලයිට් සබන් ස්වල්පයක් සමඟ දිනපතා ඉන්නන් මතුපිට ආලේප කර දින කිහිපයකින් එහි වෙනස ඔබට අත්විඳින්න පුළුවන්.

ඒ වගේම මම පෙර සඳහන් කළ දන්ත වේදනාව, විදුරු මස් දියවීම, සෙම් ගෙඩි හට ගැනීම ආදී මුඛාශ්‍රිත වේදනාවලදී අදාළ ස්ථානයේ කරාබු නැටි තෙල් ස්වල්පයක් දින කිහිපයක් ආලේප කරනව නම් ඉක්මන් සුවයක් ලබා ගන්නත් පුළුවන්. හිසේ කැක්කුම, නාසයෙන් සොටු දියර ගැලීම වගේ රෝග අවස්ථාවලදී කරාබු නැටි තෙල් ස්වල්පයක් හිසේ ආලේප කළොත් එහෙමත් නැතිනම් කපු පුළුන් කැබැල්ලක තෙල් තවරා සුවඳ ආඝ්‍රාණය කළොත් ඉක්මනින් ඒ රෝග පීඩාවන්ගෙන් ඔබට මිදෙන්න පුළුවන්. ඒ වගේම විවිධ හන්දි ආශ්‍රිත වේදනා නිසා කාන්තා, පුරුෂ දෙපාර්ශ්වයේම බොහෝ පිරිසක් අද පීඩාවට පත්ව සිටිනවා. එවන් පුද්ගලයන් කරාබු නැටි සහ කුරුඳු පොතු සමව අරගෙන හොඳින් අඹරා වේදනා සහිත සන්ධිවල ආලේප කළොත් එහි සුවය ඔබට අත්විඳින්නට හැකි වේවි.
ඒ වගේම කුඩා, වැඩිහිටි ඕනෑම අයකු වැටීම්, තැළීම් නිසා හටගන්නා ඉදිමුම්, වේදනා නැති කරන්නත් කරාබු නැටි තෛලය ඉතාම සුදුසු ඔෟධයක්. කරාබු නැටි තෙල්, ශූලහර තෛල, පිණ්ඩ තෛල, ඔලිව් තෙල් යන තෙල් වර්ග සමව මිශ්‍රකර ඉදිමුම් වේදනා ස්ථානවල ආලේප කළොත් (කිහිප විටක්) ඔබට එහි සුවයක් අත්විඳින්න පුළුවන්.

අතීතයේ ඉඳන්ම විවිධ තෙල් වර්ග ශරීරයේ ආලේප කරල සම්බාහනය කිරීම් සිදු කළ බවට පැරැණි ආයුර්වේද පොතපත සාක්ෂ්‍ය දරනවා. ඒ අතර කරාබු නැටි තෛලයට හිමි වන්නෙත් අගනා ස්ථානයක්. ඇරෝමා තෙරපි (මසාජ් ක්‍රමවේදයකි) සම්බාහන ක්‍රියාවලියේදී කරාබු නැටි තෛලයට හිමි වන්නේ සුවිශේෂී තැනක්. මේ ඔෟෂධීය තෛලය ශරීරයට සුවතාවක් වගේම ප්‍රසන්න බවක් සහ වේදනා නාශනය කිරීමේ ගුණයකුත් ලබා දෙනවා.

අපේ දේශීය වෛද්‍ය විද්‍යාවේදී විවිධ අරිෂ්ට, ආසව, කුඩු, තෛල වැනි ඔෟෂධ නිෂ්පාදනය කිරීමට කරාබු ශාකයේ අංග බහුල වශයෙන් යොදා ගන්නවා. සියලුම සෙම් රෝග ඇතුළු ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග සුවයට වෙළෙඳපොළේ ඇති ලවංගාදී චූර්ණය සාදන්නත් කරාබු නැටි ඔෟෂධය භාවිත කරනවා. ඒ වගේම ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝගවලට සුවය ලබාදෙන ලවංගාදී මෝදකය සාදන්නත් කරාබු ශාකයේ කොටස් යොදා ගන්නවා. ඉහත කී ඔෟෂධ ඔබට වෙළෙඳපොළෙන් මිලදී ගන්නත් පුළුවන්.

පැරැණි ආයුර්වේද ග්‍රන්ථවල "උපදංශය" නමැති රෝගය සුව කරන්න දේව කුසුමාදී රස (කරාබු නැටි) භාවිත කර තිබෙනවා. අතීත පොතපතවල සඳහන් ආකාරයට උපදංශ රෝගයේ ලක්‍ෂණ වර්තමානයේ දක්නට ලැබෙන සමාජ රෝගයක් වන "සිපිලිස්" රෝගයට සමානයි. එයින් පැහැදිලි වෙනවා වර්තමානයේ සමාජයේ මුල් බැස ගත් දැවැන්ත සමාජ රෝගවලටත් කරාබු ශාකය අගනා ඔෟෂධයක් බව.

සමිත් මධුරංග
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment