.

ලේ වඩව ලෙඩ නැති කරන සිරුරට ගුණදෙන කන්න ඕන කෑම ජාති මෙන්න

Loading...

ලේ වඩව ලෙඩ නැති කරන සිරුරට ගුණදෙන කන්න ඕන කෑම ජාති මෙන්න

ඔයාල දන්නවනේ රුධිරයේ යම් සංඝටකයක් පවා අඩු උනොත් ඒක මුළු කයටම බලපානවා. ගොඩක් අය කියන කතාවක් තමයි ඇෙ`ග් ලේ මදි කියන එක. ඔන්න අද මම කියන්න යන්නේ ඇෙ`ග් ලේ උනන කෑම ජාති ගැන.

ඇත්තටම ඇෙ`ග් ලේ උනනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද ඇෙ`ග් ලේ උනනවා කියන එකෙන් අදහස් වන්නේ රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය වැඩි වීමයි. රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය වැඩි වන තරමට නිරෝගිකම වැඩියි. ඒ කියන්නේ රතු රුධිරාණු වැඩි වන තරමට ආශ්වාසයේදී වැඩියෙන් ඔක්සිජන් පවා උරාගනී.



රුධිරයේ හිමොග්ලොබින් හෝ නිරෝගී රතු රුධිරානු ප්‍රමාණවත් තරම් නොමැතිවීම රක්තහීනතාව ඇතිවීමට ප්‍රදාන හේතුවයි. රක්තහීනතාවෙන් පෙළෙන පුද්ගලයින් හට හුස්ම හිරවීම, හිසරදය, ශරීරය සුදුමැලි වීම, පපුවේ වේදනාව වැනි රෝගී තත්වයන් නිතර ඇතිවිය හැකියි.

රක්තහීනතාවය ඇතිවීමට බොහෝ සාදක බලපාන අතර වඩාත්ම පොදු සාධකය ලෙස යකඩ ඌනතාවය හැදින්විය හැකියි. එම නිසා යකඩ බහුල ආහාරයන් ඔබේ ආහාරයට එක් කරගැනීම, යකඩ ඌනතාවයයෙන් සුවය ලැබීමට මනා පිටුවහලක් වනවා. ඉතින් මෙම ලිපියෙන් අද අපි ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ යකඩ උනතාවයෙන් පෙලෙන පුද්ගලයින් තමන්ගේ එදිනෙදා ආහාර වේලට ක් කරගත යුතු පෝෂ්‍යදායී ආහාර කිහිපයක් පිලිබදවයි.

1. රතු මස්

රතු මස් වල, විශේෂයෙන්ම හරක් මස්, විශාල වශයෙන් යකඩ වලින් පොහොසත් ආහාරයක්. ඒ වගේම සමට හා මස්පිඩු වර්දනයටත් ගුණදායකයි.

2. නිවිති

පුද්ගලයෙකුට දවසට අවශ්‍ය දයිණික යකඩ ප්‍රමාණයෙන් 20% ක් නිවිතිය කොළ කෝප්ප බාගයක අඩංගුයි.

3. බෝංචි

බෝංචි කෝප්පයක තරම් ප්‍රමාණයක යකඩ මිලිග්‍රෑම් 5 ක් අඩංගුයි.

4. රතු අල

රතු අල තුල යකඩ අඩංගු වන අතරම, රුධිරය පිරිසිදු කිරීම සදහාත් රතු අල වලට උදවු විය හැකියි.

5. රට කජු

රට කජු තුල යකඩ අඩංගු වන බැවින් එදිනෙදා රටකජු ඇට ආහාරයට ගැනීමෙන් රක්තහීනතාවය ඇතිවීමේ අවදානම අවම කර ගත හැකියි.

6. ඕට්ස්

ශරීරයට ශක්තිය ගෙනදී, අවශ්‍ය තරම් රතු රුදිරානු නිෂ්පාදනය සදහා ඕට්ස් වලට හැකියාව ඇති බැවින් උදෑසන ආහාරය ලෙස ඕට්ස් ආහාරයට ගැනීම වඩාත් සුදුසුයි. වඩාත් සාර්ථක ප්‍රතිපල සදහා යකඩ හා විටමින් ඊ සහිත ඕට්ස් මිලදීගන්න.

7. බිත්තර

බිත්තර තුල යකඩ අඩංගු වන අතර දිනකට එක බිත්තරයක් ආහාරයට ගැනීමෙන් ශරීරයේ යකඩ මට්ටම වැඩිකරගැනීමට රුකුල් වනවා.

8. දෙළුම්

දෙළුම් වල යකඩ හා විටමින් ක‍ අඩංගු බැවින් එය වඩාත් ගුණදායි පළතුරක් වේ.

9. රට ඉ`දි

රට ඉදි තුල යකඩ අන්තර්ගත අතර, එක ඉදි කෝප්පයක පමණ ප්‍රමාණයක යකඩ මිලිග්‍රෑම් 5 ක් අඩංගුයි.

10. තක්කාලි

ඔබව රක්තහිනතාවයෙන් ආරක්ෂාකිරීමට තක්කාලි වලට හැකියාව ඇති අතර, තවද තක්කාලි විටමින් ක‍ හා කහජදචැබැ වලින් වඩාත් පොහොසත් බැවින් තාක්කාලි වලට පිළිකා ෙසෙල සමග සටන් කර ඔබව ආරක්ෂා කල හැකියි.

12. මි පැණි

සීනි සදහා ආදේශකයක් ලෙස මීපැණි බාවිතා කල හැකි අතර මීපැණි යකඩ වලින් පොහොසත්. ඊට අමතරව ඔබගේ ශරීරය සෞඛ්‍ය සම්පන්නව පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය බොහොමයක් විටමින් හා ඛනිජ ලවණ මීපැණි තුල අඩංගුයි.

ඉහත සදහන් කල යකඩ අඩංගු ආහාර ඔබේ ආහාරයට එකතු කරගන්නවා වගේම එම ආහාර වල අඩංගු යකඩ හොදින් ශරීරයට අවශෝෂණය වීම සදහා විටමින් ක‍ බහුල ආහාරද ඔබේ එදිනෙදා ආහාර වේලට එකතු කරගැනීමට කටයුතු කරන්න.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment