.

දුෂ්ට ව්‍රණ හෙවත් කල් ගතවූ තුවාල ඉක්මනින් සුව කරගන්න මෙ ආයුර්වේද ප්‍රතිකාර ගැන හරියටම දැනගන්න

Loading...

දුෂ්ට ව්‍රණ හෙවත් කල් ගතවූ තුවාල ඉක්මනින් සුව කරගන්න මෙ ආයුර්වේද ප්‍රතිකාර ගැන හරියටම දැනගන්න.

ආයුර්වේදයේ ශල්‍ය වෛද්‍ය විද්‍යාවට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. ශල්‍ය සාධ්‍ය හෙවත් ශල්‍ය කර්‍ම මගින් සුවකල යුතුයැයි සැළකෙන රෝග ගණනාවක් සඳහා සිදුකල යුතු ප්‍රතිකාර සම්බන්ධව මෙහි සඳහන් වන අතර කල් ගතවූ තුවාල හෙවත් දුෂ්ට ව්‍රණ සුවකිරීම සඳහා කරන ආයුර්වේද ප්‍රතිකාර පිළිබඳව අප අවධානය යොමු කරමු.

ව්‍රණ හඳුනාගනිමු

ශරීරයේ විවර්ණතාවය ඇති කරණුයේ ව්‍රණයි. ව්‍රණ සුව වීමේදී ඇතිවන කැළැල විනාශ නොවන අතර දේහය පවතිනතාක්  කල් එම කැළැල ද පවති. තුවාල නිසා සම අවලස්සන වන අතර අප්‍රසන්න පෙනුමකින් මෙන්ම ගන්ධයකින්ද යුක්ත නිසා බොහෝ අය පිළිකුල් කරති. මෙය රෝගියාට මානසිකව දැඩි ලෙස බලපාන්නේ ඒ නිසාය.ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රෙය් දක්වා ඇති පරිදි ශරීරයේ ව්‍රණ ඇතිවන ස්ථාන අටක් පවති. ඒවා පහත පරිදිය. සම ප්‍රධාන ස්ථානය වන අතර එයට අමතරව මාංශ, ශිරා, ස්නායු, අස්ථි, සන්ධි, කෝෂ්ඨ හෙවත් ආමාශය ගර්භාෂය වැනි කුහරමය අවයව සහ මර්මස්ථාන එම ස්ථාන අට වේ.

තුවාල පිළිබඳව සැලකූ විට ඇතැම් තුවාල දින ගණනකින්, සති ගණනකින් හෝ මාස ගණනකින් සුව වුවද ඇතැම් ඒවා සුව නොවී වසර ගණනක් පැවතිය හැක. එවැනි තුවාල ආයුර්වේදයේ හදුන්වන්නේ දුෂ්ට ව්‍රණ යන නාමයෙනි.

 දුෂ්ට ව්‍රණ ලක්ෂණ

පූති පූයති දුෂ්ටාසෘක් ස්නාව්‍යුත්සංගී චිරස්ථිති:
දුෂ්ටෝ ව්‍ර ණෝති ගන්ධාදි: ශුද්ධ ලිංග විපර්යය:
කුණු ගඳකින් යුක්ත වීම
පූයා හෙවත් සැරව ස්‍රාවය
ඇතුලට නෙරා ඇති බව
දූෂිත රක්තය වහනය වීම
මීට අමතරව දුෂ්ට ව්‍රණ ලක්ෂණ සුශ්‍රැත සංහිතාවේ පුළුල් ලෙස විග්‍රහ කර ඇත.එහි සඳන් ආකාරයට දුෂට ව්‍රණ ලක්ෂණ පහත පරිදි වේ.

  අධික ලෙස සංවෘත වීම හා විවෘත වීම
  අති කඨින හෝ මෘදු වීම
  ඉහලට එසවී හෝ යටට හෑරී තිබීම
  අධික ශීත හෝ අධික උෂ්ණ වීම
  දර්ශනයට බියකරු වීම
  කුණුවී දුර්ගන්ධ ස්‍රාව ගැලීම
  දැකීමට අතිශයින්ම පිළිකුල් වීම
  දූෂිත වූ රක්තය ස්‍රාවය වීම

තුවාල සුව නොවී කල් ගතවීමට හේතු කිහිපයකි. තුවාල සඳහා ප්‍රතිකාර කිරීමේදී අදාල තුවාලය කල්ගතවීමට බලපෑ හේතුව අනාවරණය කර ගැනීම ඉතාම වැදගත්ය. දිගින්  දිගටම එම හේතුව සේවනය කරන්නේ නම් ප්‍රතිකාරය අපහසු වන අතර රෝග තත්ත්වය නිට්ටාවටම සුව නොවේ. එම නිසා හේතු හෙවත් නිදාන පිළිබඳව අවබෝධයක් පැවතීම ඉතාම වැදගත්ය.

රුධිර සැපයුම අඩුවීම (Poor circulation)

චලනය කිරීමට අපහසුව (Difficulty moving)

දිගින් දිගටම තුවාලය පවතින ස්ථානය හැප්පීම, වැදීම, ගැටීම ආදිය සිදුවීම (Repeated physical trauma)

ශාරීරික ප්‍රතිශක්තිය අඩුවීම

අධික රුධිර පීඩනය, මධුමේහය වැනි රෝග තත්ත්ව වලින් පෙළීම

මානසික ආතතිය


ප්‍රභේද සැලකූ කල්හි දුෂ්ට ව්‍රණ ප්‍රභේද 12ක් පිළිබඳව ආයුර්වේදයේ සඳහන් වේ.

සුදුපාට තුවාල
හැකිළුණු සිවිය ඇති තුවාල
ඉතා විශාල තුවාල
නිල් පාට තුවාල
ශ්‍යාව වර්ණ තුවාල
පිඩකා බහුල තුවාල
රතුපාට තුවාල
කළු පාට තුවාල
රෝපණය කල යුතු තුවාල
බෙහෙවින් කළුවූ තුවාල
කුම්භී මුඛ හෙවත් කළයක මෙන් මුඛයක් ඇති තුවාල
ඉතා පිඟුවන් වන තුවාල
බටහිර මතානුකූලව මෙම ව්‍රණ ප්‍රධාන වශයෙන් ප්‍රභේද තුනක් වන අතර ඒවා

ශිරා ආශ්‍රිතව ඇතිවන තුවාල (venous ulcer)
පීඩනය නිසා ඇතිවන තුවාල (Pressure wound)
ප්‍රමේහ වණ (diabetic wound)
 වර්තමානයේ මෙවැනි තුවාල බහුලව පවතින අතර එවැනි තත්ත්වයන් වලින් රෝගීන් දැඩි සේ පීඩා විඳියි. කල්ගතවූ තුවාල සඳහා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ සාර්ථාක පැවතුනද රෝගීන් ඒ පිළිබඳව දැනුවත් වී නොමැත. එය අභාග්‍ය සම්පන්න ක්‍රියාවකි. දුෂ්ට ව්‍රණ නිට්ටාවටම සුවකිරීම සඳහා යොදනු ලබන ආයුර්වේදයේ ප්‍රතිකාර පිළිබඳව සලකා බලමු. ‘

ඖෂධ ද්‍රව්‍ය තම්බා තුවාලය සේදීම හෝ ඖෂධීය ද්‍රව්‍ය තුවාලය මත වැගිරීමට සැලැස්වීම.
ආලේප
ව්‍රණය සමග ඇතිවන ඉදිමුම් අවස්ථා වලදී අධික වේදනා ඇතිවිට විශේෂිත ද්‍රව්‍යන්ගෙන් සෑදූ ආලේප යෙදේ. මේ මගින් වේදනා මැඩ පැවැත්වීම සහ ව්‍රණය පිරිසිදු  වීම වේ.

රක්ත මොක්ෂණය
කල් ගතවූ දූෂිත තුවාල සඳහා ඉතාම සාර්ථක ප්‍රතිකාරයකි.දූෂිත වූ රුධිරය රැස්වී ඇති විට අධික වේදනාව සහ තද ස්වාභාවය ඇතිවිට රක්තමෝක්ෂණය යොදයි. විෂ සහිත අවස්ථා වලදී කුඩැල්ලන් ලවා රක්තය ඉවත් කරණ අතර අනෙකුත් අවස්ථා වලදී ශස්ත්‍ර භාවිතයෙන් ඉවත් කරණු ලැබේ. ‘

අවස්ථානූකූලව කෂාය යෙදීම
උත්සාචන
තුවාලය සුව වීමේදී සමහර තුවාල වලගැසී සුවවේ. නවීනව ප්ලාස්ටික් සැත්කම් මගින් පටක බද්ධ කරන අතර ආයුර්වේදයේ එම කර්තව්‍ය සඳහා යොග්‍ය ඖෂධ වලින් සෑදු සෘත ආලේප කරනු ලබයි. ව්‍රණ තත්ත්වයන් නිසා උපද්‍රව වලට ලක්වූ වැහැරී ගිය සිරුරු ඇති අයට සෘත පානයට දීම හා ශරීරය පෝෂණය වන ඖෂධ හෙවත් සියළු ආකාරයේ වෘංහන විධි යෙදීම.

වමන විරේචන හා වස්ති කර්‍ම කිරීම
දුෂ්ට ව්‍රණ හෙවත් කල් ගතවු තුවාල සඳහා ආයුර්වේද ප්‍රතිකාර
ආයුර්වේදයේ ශල්‍ය වෛද්‍ය විද්‍යාවට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. ශල්‍ය සාධ්‍ය හෙවත් ශල්‍ය කර්‍ම මගින් සුවකල යුතු යැයි සැළකෙන රෝග ගණනාවක් සඳහා සිදුකළ යුතු ප්‍රතිකාර සම්බන්ධව මෙහි සඳහන් වන අතර කල් ගතවූ තුවාල හෙවත් දුෂ්ට ව්‍රණ සුවකිරීම සඳහා කරන ආයුර්වේද ප්‍රතිකාර පිළිබඳව අද අවධානය යොමු කරමු.

තුවාල පිළිබඳව සැලකු විට ඇතැම් තුවාල දින ගණනාවකින් සති ගණනාවකින් හෝ මාස ගණනාවකින් සුව වූවද ඇතැම් ඒවා සුව නොවී වසර ගණනාවක් පැවතිය හැක. එවැනි තුවාල ආයුර්වේදයේ හදුන්වන්නේ දුෂ්ට ව්‍රණ ලෙසය. තුවාල සුව නොවී කල් ගත වීමට හේතු කිහිපයකි.  තුවාල සඳහා ප්‍රතිකාර කිරීමේදී අදාල තුවාලය කල් ගතවීමට බලපෑ හේතුව අනාවරණය කර ගැනීම ඉතා වැදගත්ය.

අද සමාජයේ බහුලව පවතින සුවනොවන තුවාල වන්නේ දියවැඩියාව නිසා ඇතිවන තුවාල, නහර ගැට ගැසීම නිසා ඇතිවන තුවාල වැනි ඒවාය. රුධිරවාහිනී සිහින්වීම නිසා නිසි රුධිර සැපයුමක් තුවාලය ඇති ස්ථානයට නොලැබීම වැනි හේතු නිසා තුවාල සුව නොවේ. බොහෝ විට මෙවැනි රෝගීන්ගේ බටහිර ප්‍රතිකාර කිරීමේදී පාද ඉවත් කරණ අවස්ථා බහුලව දැකිය හැකි වේ. නමුත් ආයුර්වේදීය ශල්‍ය ප්‍රතිකාර මගින් මෙවැනි රෝගීන් රාශියක් සුවපත් කර තිබේ.

වර්තමානයේ මෙවැනි තුවාල බහුලව පවතින අතර එවැනි තත්ත්ව වලින් රෝගීන් දැඩි සේ පීඩා විදියි. කල් ගතවූ තුවාල සඳහා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ සාර්ථක ප්‍රතිකාර පැවතුනද රෝගීන් ඒ පිළිබඳව දැනුවත් වී නොමැත. දුෂ්ට ව්‍රණ නිට්ටාවටම සුව කිරීම සඳහා යොදනු ලබන ආයුර්වේදයේ ප්‍රතිකාර පිළිබඳව සලකා බලමු.මෙවැනි සුව නොවන තුවාල සඳහා ආයුර්වේද ශල්‍ය වෛද්‍ය ක්‍රමයේ ප්‍රතිකාර රාශියක් පවති. මෙහිදී ප්‍රතිකාර මූලධර්ම වශයෙන් මුලින්ම කරනුයේ මෙම සුව නොවන තුවාලයට අදාළ හේතුව සොයා බලා එයට ප්‍රතිකාර කිරිමයි. තුවාලයේ ඇති නරක් වූ පටක කොටස් ඉවත් කිරීම සඳහා(ශෝධන ප්‍රතිකාර යොදා) තුවාලය සැරව වලින් තොර නරක් වූ පටක වලින් තොර ස්ථානයක් බවට පත් කර ඉන්පසු තුවාලය සුවවීම සඳහා (රෝපණ)ඖෂධ යොදනු ලැබේ. මෙම ක්‍රියාවලිය සඳහා පරාශල්‍ය ක්‍රම භාවිතා කරනු ලැබේ. ඉහත දක්වා ඇත්තේ දුෂ්ට ව්‍රණ රෝගීන් සඳහා යොදනු ලබන ප්‍රතිකාර කිහිපයක් පමණි. මීට අමතරව රෝගියාට අනුකූලව ව්‍රණයේ ස්වභාවය අනූව මෙන්ම ව්‍රණය ඇතිවීමට බලපෑ හේතුව අනූව ප්‍රතිකාර යොදනු ලැබේ. මෙවැනි ප්‍රතිකාර ලැබීමේදී පළපුරුදු වෛද්‍යවරයෙකු ලවා ප්‍රතිකාර ලබා ගත යුතුය. එමගින් උපද්‍රව තත්ත්වයන් ගෙන් වැලකී රෝගය සුව කර ගත හැක.

මෙම රෝගය තත්ත්වය සහ ඊට අදාළ ප්‍රතිකර්‍ම පිළිබඳව පහත සඳහන් දුරකථන අංකයෙන් විමසා දැනගත හැක.

0777628948
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment