.

දියවැඩියාවට හා පිළිකාවට හොඳම බෙහෙතක්‌ වෙරළු වෙරළු වල විශ්මිත රහස් මෙන්න.

Loading...

දියවැඩියාවට හා පිළිකාවට හොඳම බෙහෙතක්‌ වෙරළු වෙරළු වල විශ්මිත රහස් මෙන්න.

වසර 300 කට වඩා ඩ පැරැණි නවගමුවේ පාරම්පරික සිංහල වෙද පරපුරේ වෙද මාතාවක්‌ වූ තලංගම හෙලේනා පෙරේරා මහත්මියගේ මිනිබිරිය වන චාන්දනී වික්‍රමාරච්චි මහත්මිය සර්වාංග රෝග සඳහා මෙන්ම දියවැඩියාව, පිළිකාව, ඇදුම සහ හතිය, අංශභාගය, ආතරයිටිස්‌ යන රෝග සඳහා 100% ක දේශීය වූ ප්‍රතිකාරයක්‌ හඳුන්වා දී ඇති වෛද්‍යවරියකි. විවිධ රෝගවලට ගෙදරදී ප්‍රතිකාර කර ගැනීම සඳහා ඉතා අඩු මුදලක්‌ වැය වන, ගෙදරදීම සාදා ගත හැකි ශාඛසාරමය ඖෂධ හඳුන්වාදීම මේ තීරය ඔස්‌සේ ඇය සිදු කරන්නීය. 

වෛද්‍ය - චාන්දනී වික්‍රමාරච්චි

පසුගිය සති කිහිපය තුළ අප දියවැඩියාව සහ ඇදුම ගැන සාකච්ඡා කළා. මේ රෝග තත්ත්වයන් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ප්‍රතිකාර සහ මෙම රෝග තත්ත්වයන් වලදී පැවතිය යුතු හැටි සහ අනුභව කළ යුතු ආහාර ගැනත් විස්‌තර කළා. අද නැවත වතාවක්‌ දියවැඩියාව ගැනම ඔබෙන් ප්‍රශ්න කරන්නට අප කල්පනා කළා. එයට හේතුව මේ රෝගයෙන් පීඩා විඳින ලක්‍ෂ සංඛ්‍යාත රෝගීන් අතුරින් පිරිසක්‌ එසේ කරන ලෙස දුරකථන මාර්ගයෙන් අපගෙන් ඉල්ලා සිටීමයි.

වෛද්‍ය වික්‍රමාරච්චි මහත්මිය - දියවැඩියාව පාලනය කිරීමට ඖෂධවලට මෙන්ම ආහාරවලටත් පුළුවන් බව මෙහිදී සඳහන් කළ යුතුයි. දියවැඩියාව හැදෙන්නේ අග්න්‍යාශයේ තිබෙන සෛල මියගොස්‌ එමගින් තවදුරටත් ඉන්සියුලින් නිපදවෙන්නේ නැති විටයි. දියවැඩියාව සුව වෙනවා කියන්නේ අග්න්‍යාශයේ සෛල සම්පූර්ණයෙන් ම සුවපත් වී ඒවා තුළින් නැවත වතාවක්‌ ඉන්සියුලින් වහනය වීමට පටන් ගැනීමයි. ඒ තත්ත්වය ඇති වූ විට පිටතින් ශරීරය තුළට ඉන්සියුලින් විද ගැනීමේ වුවමනාවක්‌ ඇති වන්නේ නැහැ. එහෙත් අප මතක තබා ගත යුතුයි සමහර පලතුරු වර්ග තිබෙනවා දිගු කාලයක්‌ තිස්‌සේ ආහාරයට ගත් විට දියවැඩියාව සුවපත් වෙනවා. කාමරංගා කියන්නේ එවැනි සුවිශේෂ පලතුරක්‌. වැඩි දෙනෙක්‌ නොදන්නවාට දියවැඩියාවට ප්‍රත්‍යක්‍ෂ ගුණ දෙන තවත් පලතුරක්‌ තමයි වෙරළු. ඒ ගැන පසුව විස්‌තර කියන්නම්.

ප්‍රශ්නය - දියවැඩියාව සම්බන්ධයෙන් පලතුරු ක්‍රියාත්මක වන්නේ කොහොමද?

වෛද්‍ය වික්‍රමාරච්චි මහත්මිය - දියවැඩියා රෝගීන් නිතර නඟන ප්‍රශ්නයක්‌ තමයි පලතුරු කෑවාට කමක්‌ නැද්ද කියන එක. ඇමරිකාවේ තිබෙනවා දියවැඩියාව ඇතුළු බෝ නොවන රෝග ගැන පර්යේෂණ කරන සුප්‍රකට විද්‍යාගාරයක්‌. එහි නම Mayo. පසුගිය අවුරුදු 20 තුළ කළ පර්යේෂණවලදී ඔවුන් හඳුනාගෙන තිබෙනවා, දියවැඩියා රෝගීන් විසින් අනුභව කළ යුතු පලතුරු වර්ග සහ ඒවා කවර ප්‍රමාණවලින් අනුභව කළ යුතු ද කියන එක. ඔවුන්ගේ මතයට අනුව දියවැඩියා රෝගියා නිතරම කාබෝහයිඩේ්‍රට්‌ හෙවත් පිෂ්ඨය අඩු µයිබර්Êහෙවත් කෙඳි වැඩි පලතුරු වර්ග අනුභව කළ යුතුයි. විශේෂයෙන් ම එක්‌ වරකට පලතුරු මාර්ගයෙන් කාබෝහයිඩේ්‍රට්‌ හෙවත් පිෂ්ඨය ග්‍රෑම් 15 කට වඩා ශරීර ගත වීම දියවැඩියා රෝගියාට ඉතාම නරකට බලපානවා. එහෙත් කාබෝහයිඩේ්‍රට්‌ සංයුතිය අඩු පලතුරු විශාල වශයෙන් පරිභෝජනය කරන්නට දියවැඩියා රෝගීන්ට පුළුවන්. මේ අනුව පහත සඳහන් පලතුරු වර්ග පහත සඳහන් ප්‍රමාණයෙන් අනුභව කිරීම දියවැඩියා රෝගීන්ට සුදුසුයි.

* මධ්‍යම ප්‍රමාණයේ සාමාන්‍ය මට්‌ටමින් ඉදුණු කෙසෙල් ගෙඩියක්‌

* ඇට සහ ලෙලි ඉවත් කරන ලද අඹ ග්‍රෑම් 83 ක්‌

* ඉදුණු පැණි කොමඩු ග්‍රෑම් 190 ක්‌

* ඉදුණු ස්‌ට්‍රොaබරි ග්‍රෑම් 180 ක්‌

* ඉදුණු සැපදිල්ලා ග්‍රෑම් 80 ත්

* ඉදුණු අන්නාසි ග්‍රෑම් 124 ක්‌

ප්‍රශ්නය - දේශීය වෛද්‍ය විද්‍යාවටත් මේ වට්‌ටෝරුව අනුකූලද?

වෛද්‍ය වික්‍රමාරච්චි මහත්මිය - ඔව්. ස්‌ට්‍රොaබෙරිත් ඇතුළුව මේ සියලුම පලතුරු ලංකාවේ වැවෙනවා. වස විස නැති, කෘමි නාශක නොයෙදූ පලතුරු ලබා ගැනීමට හැකිනම් ඉතාම හොඳ ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්. මොකද කෘමිනාශක සහ රසායනික ද්‍රව්‍ය ශරීරගත වුණාමත් අග්න්‍යාශයේ ඉන්සියුලින් නිෂ්පාදනය කරන සෛල (Islet cells and receptors) මිය යැම සිදු වෙනවා.

ප්‍රශ්නය - දියවැඩියාවට සුදුසුතම දේශීය පලතුර කුමක්‌ද?

වෛද්‍ය වික්‍රමාරච්චි මහත්මිය - දේශීය පලතුරු යන වචනයේ විද්‍යාත්මක අර්ථකථනය කුමක්‌ද කියන එක ප්‍රශ්නයක්‌. මොකද ලෝකයේ තිබෙන පලතුරුවලින් වැඩි හරියක්‌ම ලංකාවේ වැවෙනවා. ඔස්‌ටේ්‍රලියාවේ වගේම නුවරඑළියේත් ඇපල් වැවෙනවා. ඉතාලියේ වගේම යාපනේත් මිදි වැවෙනවා. මුලින්ම නුවරඑළිය වගේ කඳුකර පළාත්වල වවපු ස්‌ට්‍රොaබෙරි අද ටිකින් ටික මධ්‍යම කඳුකරයෙන් පහළ ප්‍රදේශවලත් වැවෙන්නට පටන් ගන්නවා. ඒ අනුව අද දේශීය පලතුරු කියන මාතෘකාව සංකීර්ණ වෙලා

සමහර විදේශික පලතුරුවල කවරාකාර හෝ ප්‍රභේදයක්‌ ලංකාවේ වැවෙනවා. උදාහරණයක්‌ ලෙස 'දන්' ගෙඩිය ගනිමු. එවැනි පලතුරු ඕනෑ තරම් යුරෝපයේ තිබෙනවා. කොහොම වුණත් දේශීය සිංහල වෙදකම අනුවත් මට තිබෙන අත්දැකීම්වල හැටියටත් දියවැඩියා රෝගීන්ට වඩාත්ම ගැළපෙන දේශීය පලතුරු ලෙස වෙරළු හඳුන්වන්නට පුළුවන්. වෙරළුවල විවිධ ප්‍රභේද විවිධ රටවල වැවෙනවා. එක්‌ ප්‍රභේදයකින් තමයි OlIVE OIL නිෂ්පාදනය කරන්නේ. ලංකාව වැනි රටවල ව්‍යාපාරික වැවිල්ලක්‌ ලෙස වෙරළු වවන්නේ නැති නිසා මේ ශාකයෙන් ලබාගත හැකි උපරිම ප්‍රයෝජන ලබා ගන්නට අපට ඉඩ අවස්‌ථාව නැහැ.

ප්‍රශ්නය - වෙරළු ගෙඩියේ ගුණ කියන්න.

වෛද්‍ය වික්‍රමාරච්චි මහත්මිය - වෙරළුවලින් සිදු විය හැකි ප්‍රධානතම කාර්යය තමයි සිරුරේ හට ගන්නා විෂ සහිත තත්ත්වයන් සමනය කිරීම. ඒ අනුව හෘදයාබාධ වැළඳීම වළක්‌වන්නටත් පිළිකා වර්ධදනය වීම නවත්වන්නටත් වෙරළුවලට පුළුවන්. මේ හපන්කම කිරීමට වෙරළුවලට හැකිවන්නේ එහි අඩංගු Polyphenol නමැති සංඝටකය නිසයි.

දියවැඩියාව පාලනය කිරීමට වගේම අග්න්‍යාශය යළි පණගන්වන්නටත් Polyphenol වලට හැකියි. එසේම රුධිරයෙහි තිබෙන Glutathion නමැති සංඝටකය වැඩිදියුණු කරන්නත් වෙරළුවලට හැකියි. ශරීරයේ තිබෙන විෂ නාශක සංඝටක වරක්‌ පාවිච්චි කර නිම වූ පසු ප්‍රතිචක්‍රීකරණය කරන්නට මෙකී Glutathion වලට හැකියි.

වෙරළුවල ශරීරයට හිතකර මේද වර්ග තිබෙනවා. හෘද කපාට, ධමනි යනාදියට සිදුවන හානිය එමගින් වැළකෙනවා. අධික රුධිර පීඩනය අඩු කරන්නටත් වෙරළුවලට හැකියි. එසේම අඩු කොලෙස්‌ටරෝල් මට්‌ටම් පවත්වාගෙන යැමටත් වෙරළුවලට මිනිස්‌ සිරුර තුළදී කරන්නට පුළුවන්. එම ක්‍රියාවලිය සිදුÊකරන්නේ වෙරළු තුළ තිබෙන ධකැජ ඇසිඩ් නමැති සංඝටකයයි. ඒ වගේම ශරීරයේ හට ගන්නා විවිධ වේදනාවන් නැති කරන වේදනා නාශකයක්‌ හැටියටත් වෙරළු සිරුර තුළදී ක්‍රියාත්මක වෙනවා. උදරය, මහාන්ත්‍රය, පියයුරු යන තැන්වල හට ගන්නා පිළිකාව නැති කිරීමට වෙරළුවලට පුළුවන්. ලොව තිබෙන පිළිකා නාශක පලතුරු අතරින් අංක 1 ට එන්නේ වෙරළු.

මේ පිළිබඳ නොමිලේ උපදෙස්‌ සඳහා 0759061771 අංකයට කතා කරන්න.

සාකච්ඡා කළේ
අශේන් රඹකොස්‌වැව
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment