.

කටහ වෙනස් වෙන්නේ ඇයියේ කියලා දන්නවද? උගුරේ සැරව ගෙඩි නිසා මෙහෙම වෙන්නත් පුළුවන් ඔබ නොදන්නා තවත් හේතු මෙන්න.

Loading...

කටහ වෙනස් වෙන්නේ ඇයියේ කියලා දන්නවද? උගුරේ සැරව ගෙඩි නිසා මෙහෙම වෙන්නත් පුළුවන් ඔබ නොදන්නා තවත් හේතු මෙන්න.

අපට සමාජය හා කටයුතු කිරීමේදී සන්නිවේදනය සඳහා කටහඬ ඉතාමත් වැදගත්ය’ තවත් පුද්ගලයකුට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට කටහඬ සිදු කරන මෙහෙය අතිමහත්ය’ සෑම පුද්ගලයකුටම තමන්ටම අනන්‍යවූ හඬක් හිමිය’ කතා කිරීම යනු මිනිසාට අත්‍යවශ්‍යම දෙයක් බවට පත්ව ඇත’ නමුත් හිටි හැටියේම යම් පුද්ලයකුගේ හඬෙහි වෙනසක් ඇති වීම අසාමාන්‍ය තත්ත්වයකි’ එය රෝගී තත්ත්වයක ආරම්භයක් ද විය හැකිය’ එනිසාම කටහඬ වෙනස්වීම පිළිබඳව ඔබව දැනුවත් කරන්න අපි සිතුවා’

කටහ~ ඇතිවන්නෙ කෙසේද ?

ආශ්වාසයේදී පිටවන වායු කදම්බය ස්වරතන්තු හරහා ගමන් කිරීමේදී ස්වර තන්තු වල චලනයක් ඇති වීමෙන් ශබ්දය නිකුත්වන අතර එම ශබ්දය දිව” තොල්” දත් හා තල්ල ආධාරයෙන් වචන වලට පරිවර්තනය වේ’ ඒ අනුව ඉහත සඳහන් කළ විවිධ ව්‍යුහයන් ශබ්දය නිපදවීමට නැතහොත් කටහඬ ඇතිවීමට උපකාරී වේ’ කටහඬෙහි වෙනස්කම් සඳහා ද මේවා සෘජුවම බලපානු ලබයි’ කටහඬෙහි ඇති වෙනස්කම් විවිධය’ එනම්

ඉදදන 2
බාගත කිරීමට පින්තූරය මත ක්ලික් කරන්න

කටහෙ~හි ගොරෝසු බවක් ඇති වීමය
යම් කිසි දෙයක් මුඛයෙහි තබාගෙන කථා කරන්නාක් වැනි වෙනස්කමක් ඇති වීම 
නාසයෙන් කථාකරන වැනි තත්ත්වයක් ඇති වීමය 
කාන්තා පක්‍ෂයට පිරිමි කටහඬක් ඇතිවීමට” පිරිමි පක්‍ෂයට කාන්තා කටහඬක් ලැබීම

කටහෙ~හි ගොරෝසු බවක් ඇති වීම

බොහෝ විට සාමාන්‍ය ව්‍යවහාරයේදී කටහඬ බැරැන්ඩිවීම ලෙස මෙම තත්ත්වය අපි හඳුන්වනු ලබයි’ ස්වර තන්තු වල ඇතිවන වෙනස්කම් මෙලෙස කටහඩෙහි ගොරෝසු බව ඇතිවීමට හේතුවේ’ ස්වර තන්තු වෙනස්වීමට බලපාන හේතූන් වන්නේ

 වෛරස් හෝ බැක්ටීරියා නිසා ඇතිවන ආසාදන තත්ත්වයන් හේතු කොටගෙන ස්වර තන්තු ඉදිමීම’

 ස්වර තන්තු වල ඇතිවන මස් දළු” දියර ගෙඩි හා ගැටිති නිසා’

 ක්‍ෂය රෝග විෂබීජ නිසා ස්වර තන්තු ඉදිමීම

 පිළිකාමය තත්ත්වයන් නිසා

 තයිරොයිඞ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝග නිසා

 තයිරොයිඞ් ග්‍රන්ථිය සඳහා සිදු කරන ශල්‍යකර්මයන්හිදී ස්නායු වලට ඇතිවන අනතුරු වලින් ස්වර තන්තු අඩපණ වීම’

යම් කිසි දෙයක් මුඛයෙහි තබාගෙන කථා කරන්නාක් වැනි වෙනස්කමක් ඇති වීම’

මෙම තත්ත්වයට හේතුවන්නේ මුඛයේ හා උගුර තුළ ඇති වන ආසාදන තත්ත්වයන්ය

 සෙම්ගෙඩි පැසවීම

 උගුරේ සැරව ගෙඩි ඇතිවීම

 මුඛයේ දිවෙහි හෝ උගුරේ පිළිකා තත්ත්වයන්

උගුරේ සහ මුඛයේ කට්ටක් හෝ ආහාර ගුලියක් වැනි දෙයක් හිරවීම නිසාය’

නාසයෙන් කථාකරන වැනි තත්ත්වයක් ඇති වීම’

මෙම තත්ත්වයට හේතු කාරණා වනුයේ නාසයේ මස් දළු” නාසයේ ඇධික ආසාදන තත්ත්වයන්” නාසයේ යම් කිසි බාහිර ද්‍රව්‍යයක් සිරවීම යන කාරණායි’

කටහෙ~හි වෙනසක් ඇත්නම්

මෙලෙස ඔබට ඔබේ කට හඬෙහි පැහැදිලි වෙනසක් සතියක් දෙකක් පමණ පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර වෙත අනිවාර්‍යයෙන්ම යොමු විය යුතුය’ කටහඩෙහි වෙනස්කම් වෛද්‍යවරයා විසින් හඳුනා ගැනීමට කටයුතු කරනු ඇත’

කටහෙ~හි ඇති වෙනස්කම් වෛද්‍යවරයා මූලික සායනික පරීක්‍ෂා කිරීමේදී දීර්ඝ ලෙස අධ්‍යනය කරන අතර එහිදී කට හඬෙහි තීව්‍රතාවය” දරාගැනීමේ හැකියාව හා උච්ච ස්වරයන් ඉපදවීමට ඇති හැකියාවද පරීක්‍ෂා කෙරේ’

නාසයෙන් කැමරාවක් ඇතුළු කිරීම

නාසයේ මුල සිට ස්වර තන්තු දක්වා ඇති ව්‍යුහමය වෙනස්කම්ද ක්‍රියාකාරීත්වයේ වෙනස්කම්ද හඳුනා ගැනීම සඳහා නාසයෙන් ඇතුළු කරන කැමරාවක් උපකාරීවේ’ ඇතැම් විට කථනයේ සියුම් වෙනස්කම් හඳුනාගැනීමට අවශ්‍ය නවීනතම කැමරා වර්ගයක් වන ිඑරදඉදිජදචැ පරීක්‍ෂාවක්ද සිදු කිරීමට වෛද්‍යවරයා තීරණය කරනු ඇත’ මේ පරීක්‍ෂණ මඟින් කටහඬෙහි වෙනසට හේතු වූ කරුණු හඳුනාගෙන එයට ප්‍රතිකාර තීරණය කිරීම වෛද්‍යවරයා විසින් සිදුකරනු ඇත’

කටහ~ට වෙනස් වීමට බලපාන හේතූ කාරණා අනුව ප්‍රතිකාර ක්‍රමද වෙනස්ය

කටහ~ට වෙනස් වීමට බලපාන හේතූ කාරණා අනුව ප්‍රතිකාර ක්‍රමද අතිශයින් විවිධ වන හෙයින් ප්‍රතිකාර පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ජා නොකරන නමුත් ප්‍රතිකර්මයන් කිහිපයක් පිළිබඳව කෙටියෙන් හෝ දැක්වීම ඔබට විමසීම වැදගත් වනු ඇත’

කටහඩෙහි වෙනස්කම් ඇති වී ඇත්තේ ව්‍යුහමය වෙනස්කම් නිසා නම් ඒවා නිවැරදි කිරීමට අවශ්‍ය ශල්‍යකර්මයන් අවශ්‍ය වන අතර ඇතැම් තත්ත්වයන් කථන ව්‍යායාම මඟින් යථා තත්ත්වයන්ට පැමිණය හැක’

එසේම කාන්තා පක්‍ෂයට පිරිමි කටහඬක් ඇති විටත් පිරිමි පක්‍ෂයට කාන්තා කටහඬක් ද ඇති අවස්ථා වලදී ඒ සඳහා විශේෂයෙන්ම සැකසුණු ශල්‍යකර්මයන් රාශියක් •ඩදසජැ ිමරටැරහෆ ඇති අතර එයින් ඉතා සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට හැකි වේ’

අවශ්‍යයෙන්ම මතක තබාගත යුතු කරුණු වනුයේ කටහඩෙහි වෙනස්කම් වලට හේතුවන සංකීර්ණ රෝග තත්ත්වයක් වන පිළිකා තත්ත්වයන් තිඛෙන නිසා විශේෂයෙන්ම දුම්පානය කරන්නන්” බුලත් විටට ඇබ්බැහි වූ අය ඒ සඳහා විශේෂ අවධානයක් යොමුකළ යුතු බවයි’


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment