.

ඔබත් කෑම අතින් අනුභවය කරන්නෙක්ද ? එහෙනම් මෙන්න අතින් අනුභව කිරීමෙන් ලැඛෙන විශ්මිත රහස්

Loading...

ඔබත් කෑම අතින් අනුභවය කරන්නෙක්ද ? එහෙනම් මෙන්න අතින් අනුභව කිරීමෙන් ලැඛෙන විශ්මිත රහස්.

අත හෙවත් හස්තය අපේ සිරුරේ ඇත්තා වූ අතිශය වටිනා ක්‍රියාකාරී අංගය ලෙස බොහෝ අය සලකති. කන, බොන, නාන ආදී ක්‍රියාකාරකම් කරන විට දී හැම විටක ම අතේ ඇති වැදගත් බව දැනෙනු ඇත්තේ අත නැති කලෙක යි. මෙයටත් වඩා ටිකක් ඔබ්බට ගොසින් සිතුවොත් අත පය නැත්නම් ඇති වැඩක් තිබේදැයි ඕනෑම අයකුට විමසන්නට හැක්කේ ය.

අපේ අත් සහ දෙපා පංච මහා භූතයන් හෙවත් මූලාංග එනම් ආකාශ, වායු, පඨවි, තේජෝ, ජල යන ඒවා මගින් හසුරුවන බවට පිළිගැනීමෙකි. සිරුරේ එක් එක් ඇඟිල්ලක් හරහා මෙම මූලාංග ක්‍රියාකාරී වෙයි. මහපටැඟිල්ල හෙවත් අංගුෂ්ඨ හරහා ආකාශය විදාරණය වෙයි. දබරැඟිල්ල හෙවත් තර්ජනී හරහා වාතය විදාරණය වෙයි. මැදැඟිල්ල හෙවත් මධ්‍යම ඇඟිල්ල තුළින් අග්නිය විදාරණය වෙයි. මුදු ඇඟිල්ල හෙවත් අනාමිකය තුළින් ජලය විදාරණය වෙයි. සුළැඟිල්ල හෙවත් කනිෂ්ඨ අංගුලිය පෘථිවිය විදාරණය කරයි.



වෛදික සම්ප්‍රදායට අනුව අප අත භාවිත කර ආහාර අනුභව කරන්නේ අපේ ඇඟිලි තුළ ඇත්තා වූ ශක්තිය විසින් ආහාර පරිණාමනය කොට ඒවා මුවට යන්නට කලියෙන් දිරවන්නට සලස්වයි. මෙම පරිණාමනය ඉන්ද්‍රිය සංවේදය තීව්‍ර කිරීම නිසා අපට රසවින්දනය හා සුවඳ දැනීම සිදු වන අතර ම අප ගන්නා වූ ආහාරයන් හි වියමන රාටවන් දැන ගන්නට පිළිවන. එමෙන් ම අනුභවයේ ශබ්ද ද ඇසිය හැකි වෙයි. මෙම සියලූ සංවේදනයන් හෙවත් භාවෝද්දීපනයන් අග්නිය පෙළඹවීමට අවශ්‍ය ප්‍රවේශකයක් ලෙස ගිණිය හැකි ය. දිරවීමේ අග්නිය, ආහාරය එන තුරා අපේක්ෂාවෙන් සිටී.

විශාල පරිමාවකින් සලකන කල ආහාර අනුභවය නමැති කෘත්‍යය ආධ්‍යාත්මික ප්‍රීති භෝජයකි. අප දේවතාවන්ගේ ශක්තීන් හා බලයන් ක්‍රියාත්මක කරවන්නේ මූලද්‍රව්‍යයන් සමග සන්ධාන ගතවයි. ඒ සමග ම අප තුළ ඇති බලවන්ත වූ සිහි නුවණින් කලම්බනයන් උත්තේජනය කරවමු. මෙය කරවිය හැක්කේ ශක්තිමත් මුද්‍රා ක්‍රියා කරවීම තුළිනි. ස්වභාව ධර්මයේ මූලධාතූන් අපේ හස්තයන් හා ඇඟිලි තුළින් ආහාර වෙත රැගෙන එයි. ඉන් පසුව අග්නි ධාතුව සමග එක්කාසු වේ. අප තුළ ඇති අග්නිය පිළිබඳ වැටහීමක් ඇත්තේ නම් අප ජීරණය කර ගන්නේ ආහාර පමණක් නොව සිතිවිලි ද මටසිලිටි වශයෙනි. ජීරණයේ අග්නිය සහ චිත්තයේ අග්නිය එනම් තේජ එකිනෙක අතිනත ගනිමින් ක්‍රියාත්මක වෙයි.

ආයුර්වේදය පවසන්නේ රෝගයන්, සිරුර තුළ උද්ගත වන්නේ ජීරණ අග්නිය නොගැළපීමෙන් සහ සිත වික්ෂිප්ත වීමෙනි. බොහෝ මිනිස්සු, අද අනුභව කොට මුළු වසර පුරා ම අතිශය විජ්ජා පෙන්වති. බොහෝ විට අපි පාතරාසයෙන් හෙවත් උදේ අහරින් වැළැකෙමු. පෝෂණයෙන් අඩු දිවා ආහාරයක් ගනිමු. පමා වී රාත්‍රී භෝජනයට වාඩි වෙමු. ඒ සැණින් ම නින්දට යමු. වසරක් වසරක් පාසා එවැනි අයථා කර්මයකට ශරීර පද්ධතියට බලපෑම් කරන විට යථා පරිදි දිරවීමක් ඇති වන්නේ කෙලෙස ද? මේ ආකාරයේ උන්මත්තක ජීවතයක් ගත කරයි නම් සිතේ සමාධිය පවත්වා ගෙන යන්නේ කෙලෙස ද? එබැවින් මෙම ප්‍රත්‍යංගයන්ගේ උත්තරීතර අපේක්ෂාව මතක තබා ගන්නේ කොයි අයුරින් ද? ඒ අනුව පිළිකා සෑදිම සහ හෘද රෝග ඇතිවීමේ ඉහළ අවදානමක් නො සැලැකිලි අන්දමින් ආහාර ගැනිමෙන් ඇති විම පුදුමයට කරුණක් නොවේ.

ගර්වයෙන් හා ගෞරවයෙන් යුතු ව අපේ ශරීර සහ ආත්මයන් පෝෂණය කිරීමෙන් අපේ භෞතවේදයේ ඇති ඒකාබද්ධතාව නිරීක්ෂණය කිරීම අපි ප්‍රතික්ෂේප කරමු.

ඔබ අතින් කෑම ගැනීමෙන් සිරුර, චිත්තය සහ ජිව ගුණය පෝෂණය වෙයි. තෛතෙරිය උපනිෂද් වලට අනුව ආහාර නියෝජනය කරන්නේ රූක්ෂ හා සිරුරෙන් සිරුරට එක් ව යන යටපත් කැරුණු දීර්ඝ ක්‍රියාවලියකට යටත්, පුනර්භවයේ අවසන් ආයිත්තම් පහයි. අනෙකුත් වදනින් පවනසවා නම් ආහාර අප අනුභව කරන දේවලට පමණක් සීමා නො වේ. නමුත් මුළු විශ්වයම සහ ඒ තුළ විද්‍යාමාන වන දේ ප්‍රකාශ කරවයි. ඒ ආකාරයෙන් අප ආහාර ගන්නේ සිරුර පවත්වා ගෙන යෑමට පමණක් නො ව අප භෞතික සහ මනෝභාවමය ශරීරයන් විශාල වශයෙන් හා ආධ්‍යාත්මික ව විශ්වයේ මූල ද්‍රව්‍යයන් සහ බල ශක්තීන් සමග අවශෝෂණය කරවීමටයි. තෛතෙරිය උපනිෂද් පවසන්නේ මෙලෙසයි. zසියල්ලේ සාරය පෘථිවියයිZ පෘථිවියේ සාරය ජලයයි. ජලයේ සාරය පැළෑටියයි. පැළෑටියේ සාරය පුද්ගලයායි”

මෙම ප්‍රකාශය තවදුරටත් පියවරක් ඉදිරියට ගෙන ගොසින් අපි අපෙන් ම අසමු, පුද්ගලයකුගේ සාරය කුමක් ද? අප විශ්වාස කරන්නේ එය අන්‍යන්‍ය ලෙස අපේ ම වන අතර ම විශ්වයට සම්බන්ධ වන බවකි. මනුෂ්‍යයන් ලෙසින් අපේ ගාත්‍රා මගින් අනන්ත වූත් මිනුම් රහිත වූත් විශ්වයට සම්බන්ධ වී සිටිමු. නාරායන සෘෂිවරයන් විසින් පබැඳුණු පුරුෂ ශ=ක්තම් නමැති මන්ත්‍ර 18 කින් යුතු කාව්‍යය සැලැකෙන්නේ ආකාස්මික ව්‍යුහ විද්‍යාවේ සහ පරිසරවේදයේ ඇති පැරැණිම කෘතිය බවට යි. ඉන් හෙළි වන්නේ විශ්වය යනු බල ශක්තියේ අනන්ත සන්තකියක් බවයි. එතෙකුදු මෙම ශක්තිය විස්තර වන්නේ නෙත්, කන්, අත්, පා, කකුල් සහ අන් සියලූ බලාත්මකයන් පිරික්සන ජීවස බලවේගයක් ලෙසටයි.

විශ්වය බොහෝ වූ ප්‍රත්‍යංගයන් සහ ශක්තීන් එහි ඇති අනන්ත ව්‍යුහය දක්වා රක්නා ලැබේ. මෙම ජීවන ශක්තියේ බලයන් සහ එහි ඇති විවිධ ක්‍රියාකාරකම් පිළිබඳව අප සෑම දෙනා විසින් ම දත යුත්තේය. සෘෂිවරයා විස්තර කර ඇත්තේ ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරන්නට තැත් දරන අය ප්‍රථමයෙන් ම ජීවිත බලය සහ එහි විවිධ ප්‍රාදූර්භූත වීම්, ප්‍රත්‍යංගයන් සහ මුහුණුවරයන් ගැන එය ලබා ගැනීමට හා දරා ගන්නට ප්‍රථම සොබා දහමේ ශ=ද්ධ වූ නීතීන් අනුව ප්‍රත්‍යංගයන් භාවිතා කරන විට, සෑම ක්‍රියාකාරකමක් ම වන්දනයේ යෙදී සියල්ල දත් දිව්‍යමය භවයට ප්‍රශංසා කරයි. අප අපේ අත යොදමින් අනුභව කරද්දීත් තරුණයන්ට ආහාර කවද්දීත් ඔවුන් බලවත් කරද්දීත්, සරුපස සාරා යහපත් ඇටයක් සිටුවද්දීත්, යමකු වැලැඳ ගනිද්දීත් හෝ ත්‍යාගයක් දෙද්දීත්, යාච්ඤාවේ දී අත් ආලග්නය කරද්දීත් අප අත් යොදා ගන්නේ විශ්වයේ මාතුක උපශමනයේ දී ඛෙදා හදා ගන්නටයි. අපේ අත් යොදා ගන්නා හැටි පිළිබඳව සවිඤ්ඤානික වීම සාධනාවේ පුදුම සහගත ක්‍රියාවකි.

අපගේ ගාත්‍රයන් දිනපතා ම ශ=ද්ධ භාවයේ යෙදෙද්දි මේ ළඟින් එන වෛදික යදින්න මතක් වේ. ර්‍ණකරාග්‍රේ වසතේ ලක්ෂ්මීහි කරමූලේ සරස්වතී කර මධ්‍යයේ තු ගෝවින්ද්හ් ප්‍රභාතේ කරදර්ශනම්” ර්‍ණඑනම් මගේ ඇඟිලි තුඩුවල ලක්ෂ්මිය වේ. මගේ ඇඟිලිවල මූලයේ සරස්වතිය වේ. මධ්‍යයේ ගෝවින්ද ස්වාමිය. මේ ආකාරයෙන් මගේ අත් දෙස බලමි.”

මුද්‍රා පුහුණුව පටන් ගන්නේ නම් අංජලී මුද්‍රාව පටන් ගන්න. සෑම උදේකම මෙම මුද්‍රාව පුහුණු කිරීම පටන් ගැන්මෙන් ඔබේ අත්වල ඇති පවිත්‍රත්වය සහ අපේ විශ්වයේ ඇත්තා වූ නිර්මාණාත්මක ශක්තීන් මතක් කර ගන්නට උපකාරී වෙයි. අංජලී මුද්‍රාවේ දී ඔබේ අත්ලයන් එකතු කොට ඇඟිලි උඩින් සිටින සේ හෘදය මතින් තබන්න. මේ ආදාරයෙන් හදවත තුළින් සංසරණය වමින් එහි ඇති බලවන්ත බව නිසා ප්‍රාණය හෝ බලය උත්තේජනය වෙයි. ඉන් සැහැල්ලූ බව සහ සමෝධාන බව ඇති වෙයි. හින්දූන් දෙවිවරුන්ට පුදද්දී නළල් තලයේ මුදුනට අත් යොමති. මෙම මුද්‍රාව යාච්ඤා ක්‍රියාවක් වන අතර හදවතට සුවය ගෙනේ. එය මෙම භවයේ ජීවිතය හරහා යනවා පමණක් නො ව කාල සීමාවක් නැති ඉදිරි ජීවියන් ද සුවදායී බවට පත් කරයි.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment