.

ග්‍රීන් ටී වලින් කරන්න පුළුවන් මේ විශ්මිත රූපලාවන්‍ය සත්කාර ගැන අදවත් දැනගන්න.

Loading...

ග්‍රීන් ටී  වලින් කරන්න පුළුවන් මේ විශ්මිත රූපලාවන්‍ය සත්කාර ගැන අදවත් දැනගන්න. 

ශරීරයේ බර අඩු කරගන්න ග්‍රීන් ටි පානය කරන එක හොඳයි කියලා බොහෝදෙනෙක් දන්නවා. ඒ වගේම ග්‍රීන් ටි රූපලාවන්‍ය සත්කාර සඳහා ද යොදාගන්න පුළුවන්. අද අපි බලමු ග්‍රීන් ටි වලින් ඇති රූපලාවන්‍ය ප්‍රයෝජන මොනවද කියලා.

01. ඇස් යට ඉදිමුමට

ග්‍රීන් ටි බෑග් 2ක් සීතල වීමට පැයක් දෙකක් ශීතකරණයේ තබන්න. ඉන්පසු එය පිටතට රැගෙන ඇස් මතින් තබාගෙන විනාඩි 20ක් පමණ විවේකිව සිටින්න. මෙය සතියකට වතාවක් පමණ සිදුකිරීමෙන් ඇස් යට ඉදිමුම සහ කලුවිම මගහරවා ගන්න පුළුවන්.



02. හිස්කබල පිරිසිදු කිරීමට

ග්‍රීන් ටි හිස්කබලේ ඇති පරපෝෂිතයන් හා ආසාදන පිරිසිදු කිරීමට ප්‍රයෝජනවත් වේ. සිත කල ග්‍රීන් ටි ඔබගේ හිස්කබලේ අලේප කර පසුව සෝදාහරින්න.


03. ෆේස් ස්ක්‍රබ්

ග්‍රීන් ටි බෑගය විවෘත කර එහි ඇති ග්‍රීන් ටි සමග සීනි සහ ජලය මිශ්‍ර කරන්න. ඉන්පසු එය මුහුණේ අලේප කර ඇඟිලි තුඩු වලින් රවුමට හොඳින් ස්ක්‍රබ් කරන්න. මෙම සත්කාරයෙන් ඔබගේ සමට පැහැපත් පෙනුමක් ලබාදෙයි.



04. ටෝනර්

ග්‍රීන් ටි ටෝනර් එකක් විදියටත් භාවිතා කරන්න පුළුවන්. ග්‍රීන් ටි වලින් අයිස් කැට කිහිපයක් සාදාගන්න. රාත්‍රී නින්දට යාමට පෙර මුහුණ හොඳින් cleanser කිරීමෙන් පසුව ග්‍රීන් ටි වලින් සාදාගත් අයිස් කැටයක් ගෙන මුහුණේ පිරිමදින්න.


05. නියපොතු කැඩී යාමට

සිසිල් ග්‍රීන් ටි කෝප්පයක් ගෙන ටික වෙලාවක් ඔබගේ නියපොතු එහි ගිල්වාගෙන තබාගන්න. දිනපතා මෙම ක්‍රියාවලිය සිදුකර නියපොතු ශක්තිමත් කරගන්න.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment