.

කුරුඳු මිශ්‍ර තේ වල තියෙන ඖෂධීය රහස් ගැන දන්නේ කවුද? සතියකට වතාවක් මෙ වගේ තේ එකක් බොන්න පුරුදු වෙන්න

Loading...

කුරුඳු මිශ්‍ර තේ වල තියෙන ඖෂධීය රහස් ගැන දන්නේ කවුද? සතියකට වතාවක් මෙ වගේ තේ එකක් බොන්න පුරුදු වෙන්න.

දිනපතා තේ හෝ කෝපි පානයට අප බොහෝ දෙනා හුරුවී සිටිති. ඒ අතර සමහරු ඊට කිරි මිශ්‍රකර පානය කරති. තේ සහ කෝපිවල බහුලව ඇත්තේ කැෆෙන්ය. මෙමගින් ශරීරය උත්තේජනයට ලක් කරයි.

තේ සහ කෝපි වෙනුවට ඖෂධීය ගුණැති තේ වර්ග පානයට අප යොමු වුවහොත් වර්තමානයේ අප පීඩා විඳින බොහෝ රෝගාබාධවලින් වැළකිය හැකි අතර එවැනි රෝගා බාධ දැනට පවතීනම් ඒවා පාලනය කර ගැනීමටද හැකියාව පවතී.

එවැනි තේ වර්ග මේ වන විට ඉතා පහසුවෙන් අපට වෙළෙඳ පොළෙන් මිලදී ගැනීමට හෝ නිවසේදී සකස් කර ගැනීමට පිළිවන.

මෙලෙස අපට පානය කළ හැකි ඖෂධීය ගුණැති තේ පානයක් ලෙස කුරුඳු මිශ්‍ර තේ හැඳින්විය හැකිය.

කුරුඳු මිශ්‍ර තේ පානයෙන් සිරුරට ලැඛෙන ප්‍රතිඵල

අප දිනපතා උදැසනම කුරුඳු මිශ්‍ර තේ කෝප්පයක් පානයට හුරු වුවහොත් අපගේ ශරීරයේ රුධිරගත සීනි ඉහළ යාම පාලනය කරගත හැකිය.

ශරීරයේ අනවශ්‍ය ලෙස තැන්පත්ව ඇති මේදය අඩුකර ගැනීම තුළින් බර වැඩිවීම පාලනය කර ගතහැකිය.

මතක ශක්තිය වැඩිකර ගත හැකිය. රුධිර සංසරණය ක්‍රමවත් කර ගැනීමට හැකියාව උදාවේ. හෘදයාබාධ ඇතිවීමේ අවදානම අවම කර ගත හැකිය.

මෙම තේ පානය සඳහා සකස් කර ගැනීමේදී සීනි ඉතා ස්වල්පයක් දැමීම කළයුතුය. සීනි භාවිතා නොකර සිටියහැකි නම් මෙම තේ මගින් ලැඛෙන ගුණය තව තවත් වර්ධනය කරගත හැකිවේ.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment