.

ඔයා නිදාගන්නේ මේ විදිහටද? එහෙනම් මේක කියවල බලන්න නිදාගන්න කලින් මේ දේවල් කරන්න එපා...

Loading...

ඔයා නිදාගන්නේ මේ විදිහටද? එහෙනම් මේක කියවල බලන්න නිදාගන්න කලින් මේ දේවල් කරන්න එපා...


නින්ද ගැන කතා කලොත් ඉතින් කියන්නනම් ගොඩක් දේවල් තියෙනවා කියල යාළුවො හැමෝම දන්නවනේ..අද කාලේ ඉතින් උදේ දවල් රෑ කියල වෙනසක් නැතුව වැඩ රාජකාරී බොහොමයක් තියෙයි කරන්න.කොටින්ම කීවොත් කාර්යබහුල සමාජයක් තමා අද දකින්න තියෙන්නෙ.. ඉතින් ඔයාල‍ ක්‍රියාත්මක කරන කාලසටහනේ නින්දටත් කාලයක් වෙන් කරල තිබීම අත්‍යාවශ්‍යයි.මොකද ඉතින් මේ නින්ද නොනින්දට වැ‍ටීම අද කාලේ ‍බොහොමයක් දකින්න ලැඛෙන දෙයක්.එහෙම ‍නින්ද නොනින්දට වැටෙන ‍එක නම් හොද පුරුද්දක් නොවන බව විද්වතුන් බොහෝ විද්‍යාඥයන් පෙන්වල දීල තියෙනවා..ඒත් කොච්චර පෙන්වල දුන්නත් හරියට නිදානොගන්න අය ‍ඕනි තරම් ඉන්නවා...

දැනට සොයාගෙන ඇති විදියට හොද නින්දක් ලබා නොගැනීම රෝගාබාධ 84කට පමණ හේතු වෙනව...ඒ කියන්නේ හෘදය ආශ්‍රිත රෝග අධිරුධිර පීඩනය හෘදයාබාධ , ආඝාත තත්ව දියවැඩියාව වකුගඩු ආශ්‍රිත රෝග වගේ බොහොමයක් රෝග වලට මුල තමා මේ අඩු නින්ද...ඒහෙමත් නැත්නම් ප්‍රමාණවත් නොවන නින්ද.ලෝක ජනගහණය බැලුවත් 45% කට පමණ මොනයම් හෝ නින්ද ආශ්‍රිත ගැලුවක් තිඛෙන බවත් මේ වන විට ‍සොයාගෙන ඇති කරුණක්...

එක් එක් වයස් කා‍ණ්ඩ වලට අවශ්‍ය කාලය මෙන්න...

අලුත උපන් දරුවෙක්ට මාස  2 ක් දක්වා - පැය 12 - 18
බිලිදුන් මාස 3 - 11 දක්වා - පැය 14 - 15
අවුරුදු 1 - 3 - පැය 12 - 14
පෙරපාසල් දරුවන්  අවුරුදු 3 - 5 - පැය 11 - 13
පාසල් යන වයසේ දරුවන් 5 - 10 - පැය 10 - 11
යොවුන් වියේ දරුවන් අවුරුදු 10 - 17  - පැය 8.5 - 9.25
වැඩිහිටි - පැය 7 - 9

‍රෝගා බාධ වලට අමතරව නින්ද මාරක අනතුරු වලටත් හේතුවක් වෙලා තියෙනවා..පොඩ්ඩක් හිතල බලන්නකෝ අපේ මේ ලංකාවේ වුනත් නින්ද නිසා රිය අනතුරු වෙනවද කියල.ලෝකයේ ඇමරිකාව ඉන්දියාව වගේ රටවල් වලත් ඉතාම බහුලවම මේ රිය අනතුරු සිදුවෙන්නේ නින්ද නිසා..මිනිස් සිරුරට විවේකයක් අවශ්‍යයයි..ඒ  නිසා මේ නින්ද හරි හැටි නොගැනීම නිසා තමා මම කියපු ‍ඉහත කියන ගැටලු බොහොමයක් ඇති වෙන්නේ..ඉතින් ප්‍රමාණවත් පරිදි නින්ද ලබා ගැනීම ගැන ඔයාලත් සැලකිලිමත් වෙන්න..පාඩම් කරද්දී වුනත් නිකරුනේ නිදිමැරීම නෙමෙයි කල යුතු වන්නේ...පාඩම් කරද්දී වැදගත් වෙන්නේ යම් කාලයක් තුල අර්ථාන්විතව අධ්‍යයන කටයුතු වල නියැලීම.එහෙම නැතුව මම ඊයේ නිදා ගන්න කො‍ට මෙච්චරයි වෙලාව කිය කිය පුරසාරම් දොඩවන එක නෙවේ..ඒ නිසා බො‍රුවට හිත එකග නොකරගෙන පාඩම් කරන් නැතුව හරියට අවදියෙන් ඉන්න පුළුවන් වෙලාවක ප්‍රමාණවත් නින්දක් ලබා ගෙන අධ්‍යයන කටයුතු කරන්න පුරුදු වීමත් යාළුවන්ට හොදයි කියල මං හිතනවා..

නින්දට යාමට පෙර වැඩිපුර වතුර බොන්න එපා.

ඔබේ මෙය සිදු කලහොත් රාත්‍රියේ තෙතුන් වතාවක් මුත්‍රා කිරීම සදහා යාමට අවදිවීමට සිදු විය හැක. නින්දට යාමට යම් වෙලාවක් තිබියදී වතුර පානය කරන්න. නින්දට බාධා වන පරිදී අධිකව වතුර පානය කිරීම ඔබේ යහපත් සෞඛ්‍යට හානි කරනවා

දහවල් කාලයේ නිදා ගැනීමට පුරුදු වන්න එපා.

සෑම දිනකම ඒකාකාරී හා ප්‍රමාණවත් රාත්‍රී නින්දක් සැලසුම් කරන්න. හැමදාම රෑට එකම වේලාවකට නිදා ගැනීමට යන්න. එවිට ඔබේ මොලය එයට පුරුදු වෙනවා. නින්ද නොයෑමේ ගැටළු වලින් තොරව ඉක්මනින් නින්දට වැටෙන්න ඔබට පුළුවන්

නිදා ගැනීමට පැයකට පෙර සියලු තාක්ෂණ උපකරණ ඔබේ ඇස් වලින් ඈත් කරන්න.

ජංගම දුරකථන හා ලැප්ටොප් තිර වල අධික දීපතිමත්භාවය නිසා ඔබේ මොලයට පණිවිඩයක් යනවා දැන්ම නින්දට වැටෙන්න එපා කියලා. ඔබට ඉක්මන් හා සුවබර නින්දක් අවශ්‍ය නම් මේ දේවල් නින්දට යන විට භාවිතා කරන්න එපා

ඔබ නින්දට යාමට පෙර පොත් කියවන්න පුරුදු වී සිටි නම් කරුණාකර එයද නවත්වන්න.

කවදාවත් කියවන පොත් ඇදට ගෙනියන්න එපා. නින්දට යම් වෙලාවකට පෙර පොත් කියවන්න පුරුදු වෙන්න. පොත් කියවමින් නින්දට වැටෙන්න එපා. පොත් කියන්නේ අපි ආශාවෙන් කියවන දේවල්. හොද කතා පොතක් දන්නෙම නැතුව ඔබේ නින්ද අලුයම තෙක් පමා කරන්න ඉඩ තිඛෙනවා. මෙම පුරුද්ද දිගින් දගටම සිදු වුවහොත් ඔබේ නිදන කාල චක්‍රය අවුල් වී යාවි

නිදා ගැනීමට පැය දෙකකටවත් පෙර රාත්‍රී ආහාරය ගැනීමට පුරුදු වෙන්න.

කවදාවත් කාපු ගමන් නිදා ගන්න එපා. ඔබ නින්දට යාමට සුළු වෙලාවකට මත්තෙන් රාත්‍රී ආහාරය ගත්තොත් ආහාර ජීර්ණ ක්‍රියාවලිය ඔබට සුව නින්දක් ලැබීමට බාධා කරාවි. ඒ වගේම තරබාරුකම ඇති වන්නත් හේතුවක් වේවි

නින්දට යාමට සුළු වෙලාවකට මත්තෙන් ව්‍යායාම් කරන්න එපා.

යහපත් හා සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් සදහා ව්‍යායාම් අතවශ්‍ය බව ඇත්ත. නමුත් ඔබ ව්‍යායාම් කිරීම සදහා යොදා ගත යුත්තේ රාත්‍රී නින්දට බාධා නොවනා වේලාවකදී පමණයි. නිදා ගන්න පැය 3කට කලින් ව්‍යායාම් ටික කරලා ඉවර කරන්න පුරුදු වෙන්න.

ඔබේ යටි පතුල් සීතල නම් ඔබට නින්ද යන්නේ නෑ.

ඔබ මේ තත්වයට මුහුණ දෙන්නේ නම් මේස් දෙකක් පැළදීම මගින් සුවබර නින්දක් ලබා ගන්න පුළුවන්

නිදා ගන්න කලින් කොපි බොන්න එපා.

අපි හැමෝම දන්නා දෙයක් මේක. නිදා ගන්න පැය 4 කට කලින් නම් කොපි එකක් බිව්වට කමක් නෑ. කොපි වල අඩංගු කැෆෙන් කියන සංගටකය අපේ මනස ප්‍රමෝදයට පත් කරමින් නින්ද අපෙන් ඈත් කරනවා

ඔබ නිදා ගැනීම සදහා යහපත් නිදන ඉරියව්වක්ද තෝරා ගැනීම වැදගත්.

නිදා ගැනීම සදහා හොදම ඉරියව්ව වන්නේ සිවිලිම දෙසට මුහුණ යොමා ( ීකැැචසබට ධබ ශදමර ඊ්ජන )නිදා ගැනීමේ ඉරියව්වයි. ඔබට එය පුරුදු කල නොහැකි නම් පැත්තට හැරී නිදා ගන්න. යහපත් නිදන ඉරියව්වක් තුලින් කොන්දේ අමාරු , උරහිස් අබාධ හා ඛෙල්ලේ කැක්කුම් වලින් ආරක්ෂා වී ඉන්න පුළුවන්.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About lanka.ayuruweda

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment