.

ගැබිනි මවක් ගන්න ඕන පෝෂණීය ආහාර වට්ටොරුව ගැන නොදන්නා මේ කරුණු අනිවා දැනගන්න.

Loading...

ගැබිනි මවක් ගන්න ඕන පෝෂණීය ආහාර වට්ටොරුව ගැන නොදන්නා මේ කරුණු අනිවා දැනගන්න.

ආයුර්වේද වෛද්‍ය චන්ද්‍රදාස කළුතන්ත්‍රිගේ

ගර්භණී සමයේ පෝෂණයත් ඉතාම වැදගත්. එය තම ආර්ථිකයට හා අවශ්‍යතාවට ගළපා ගැනීමක් විය යුතුය.
දරුවාට පෝෂණය ලබා දෙන ආහාර රටාව කුමක් දැයි මව හඳුනාගත යුතුයි. ආහාරවලට ෂඩ් රස හෙවත් මධුර රස (පැණි රස), අම්ල රස (ඇඹුල් රස), ලවණ රස (ලුණු), කටුක රස, තිත්ත රස, කසාය රස ආදිය මිශ්‍ර විය යුතු වනවා. නෙල්ලි එහිදී ප්‍රධානයි. ගන්ඩුෂ ධාරණය හෙවත් කෂාය, ජලය, කිරි හෝ තෙල් යන වර්ගයකින් එකක් උදෑසන මුඛයට දමා කැලතීම ඉතාම වැදගත්. ඉන් මුඛය පිරිසුදු වී ආහාර රුචිය වර්ධනය වන අතර ආහාර පෝෂක සිරුරට හොඳින් උරාගන්නවා. එයත් ගර්භණී මවුවරුන් කළ යුත්තක්.


කලලය ආරම්භ වීමත් සමඟ 2 වැනි මස, 3 වැනි මසදී මව හොඳ ආහාර රටාවකට හුරු විය යුතුයි. කොළ පැහැ සියලුම පලා, නිවිති, ගොටුකොළ, මුගුණුවැන්න, කංකුං, කරවිල, කහ පාට, කොළ පාට පලතුරු වෙරළු, අඹ, කෙසෙල්, නමිනං ඉතාම ගුණදායක වෙනවා.
කොහිල කරටි, කෙසෙල් මුව, කොහිල අල වෑංජනයත් සුදුසු වෙනවා.
මවගේ කායික වෙනස්කම් සමඟ දරුවාගේ වර්ධන වේගයත් වැඩිවන්නේ තුන්වැනි මාසයේයි. පොළොස් මාළුව මේ කලෙට ඉතාම ගුණදායක ආහාරයක්. බැදපු තුනපහ, සුදු ලූනූ, ගොරකා දැමූ පොළොස් මාළුව කිරි උනන්නට සහ කිරි පිරිසුදු වීමට හේතු වෙනවා.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



එළකිරි, සව්කැඳ, බාර්ලි කැඳ ගර්භණී සමයට ඉතාම ගුණදායකයි. ඒවා ගර්භණී කාලයට අඩුවෙන් මුත්‍රා පිටවීම වැනි අපහසුතා වළක්වනවා. මල පහ පිටවීම වැළකී මලබද්ධය ඇති වුවහොත් වතුර හොඳින් පානය කරන අතරම තැඹිලි සහ කුරුම්බා වතුර ගුණදායකයි. පැණි ‍ෙදාඩම් පානය, ගස්ලබු කෙසෙල්ද ආහාරයට ගන්න.
කිරි මෝරු ආහාරයට ගැනීමෙන් කිරි පිරිසුදු වී කිරි වර්ධනය වෙනවා. එහිදී කුඩා මාළු, තලපත්, හාල්මැස්සෝ බිත්තර ඉතාම ගුණදායකයි.
තම්බපු හාල් රතු කැකුළු ඉතාම ගුණදායකයි. සම්බා හාල් වැඩ කරන අයට හොඳයි. නමුත් නිවෙසේ විවේකව සිටිනවා නම් සම්බා හාල් නිසා කොලෙස්ටරෝල් අධික වෙනවා.

හංසි ආටිගල
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment