.

කරාබු නැටි ගැන ඔබ දැන සිටියත් මෙතෙක් නො දැන තිබූ මේ කරුණු ඇසූ විට ඔබ පුදුම වේවි

Loading...

කරාබු නැටි ගැන ඔබ දැන සිටියත් මෙතෙක් නො දැන තිබූ මේ කරුණු ඇසූ විට ඔබ පුදුම වේවි.

ඔන්න අපි අද ඔබට ගෙන ආවේ ඔබ වඩාත් හොදින් දන්න ඒත් එහි ප්‍රයෝජන ගැන හරිහැටි නොදන්නා දෙයක්.ඒ වෙන මොකුත් නොවෙයි අප රටේ බොහෝ දෙනෙක් දන්නා
" කරාබුනැටි " ගැනයි. කරාබුනැටි කියන ශාකය ගැන කතා කළොත් බොහෝ දෙනෙකුට මතක් වෙන්නේ කුළුබඩුවක්.නමුත් කරාබුනැටි කියන්නේ කුළුබඩුවක්ම පමණක් නොවේ.කරාබුනැටි හොද ආර්ථික වටිනාකමක් ඇති අපනයන බෝගයකි.එය අතීතයේ සිට අද දක්වා වෙනසක් නැතිව පැවතගෙන එන්නකි.උඩරට ප්‍රදේශයේ මෙම ශාකය බහුලව වර්ධනය වන අතර එම ප්‍රදේශවල මිනිසුන්ට ඉතා ඉහළ ආදායමක් ලබා දෙන්නට සමත් ශාකයකි.තද ශීතල ප්‍රදේශවල හැර අනෙකුත් සියළුම වියළි කලාපීය ප්‍රදේශවල මෙම ශාකය වර්ධනය වේ.කෙසේ නමුත් කරාබුනැටි ශාකයේ මව්‍ රට වනුයේ මලක්කාවයි. කරාබු යන වචනය පවා දමිළ භාෂාවෙන් බිදී එන්නකි.අප රටේ දේශීය වෙදකමේ ඇති රෝග රාශියකට ඉතා හොද ඖෂධයක් ලෙස කරාබු ශාකය හැදින්වේ.ඊට අමතරව කරාබු මල් හා පත්‍ර යන අනෙකුත් දෑ පවා වෙදකමට බෙහෙවින් දායක වේ.මෙහි කරාබු ශාකයේ නැටිවලට කරාබුනැටි ලෙස නම යෙදෙන්නට හේතුවනම්, මේ නැටි ස්ත්‍රීන්ගේ කන්වල පළදින කරාබුවල හැඩයට සමානවීමයි.ආයුර්වේදයේ "ත්‍රිවර්ග" වලින් එක් වර්ගයක් වන කරාබුනැටි මුඛ සුගන්ධවත් කිරීමට අතීතයේත් බහුළව යොදාගෙන තිබේ. දේව කුසුම, චන්දන පුෂ්පක ලෙසත් සංස්කෘත භාෂාවෙන් "ලවංග" යන වෙනත් නාම වලින්ද කරාබු ශාකය හදුන්වනවා.

කරාබු ශාකයේ ඖෂධ ගුණ පිළිබද කතාකරනවිට ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග සුවකරන්න මෙය විශාල ලෙස යොදාගන්නවා.මලපහ බුරුලින් යාම, අජීරණය, බඩේ වාතය පිරීම, වමනය යෑම වැනි රෝග වලදී ඒවා සුව කිරීමට මේ ඖෂධය ඉතා ගුණදායකයි.එවන් රෝග අවස්ථාවලදී කරාබුනැටි දෙකක් කටේ දමා හපා විටින් විට කෙළ ගිලීමෙන් ඒ සදහන් කළ සෑම රෝගයකටම සුවය ලබාගැනීමට හැකියාව ඇත.විශේෂයෙන් වමනය යන අයෙක්ට මේ ඖෂධය දීමෙන් එය වළක්වාගන්න හැකිය.

ඇතැම් අයට රථවාහන වල දුර ගමන් යනවිට වමනය යෑම සාමන්‍යයි.එවන් අවස්ථාවකදී කරාබුනැටි ගෙනයෑම ඉතා සුදුසුයි.ඒ වාගේම කුඩා දරුවන්ටත් විවිධ අජීරණ තත්ව නිසා වමනය යනවිට මෙය ලබාදීම සුදුසුයි.කරාබු කියන්නේ හොද වේදනා නාශකයක්.මුඛය ආශ්‍රිත වේදනා වලටත් මේ ඖෂධය ඉතාමත් ගුණදායකයි.දත් කැක්කුම්, සෙම්ගෙඩි, දත් පණුවොකෑම් වැනි වේදනා ගෙනදෙන මුඛාශ්‍රිත රෝග වලට කරාබුනැටි කීපයක් තළා ඒ යුෂ දතේ හෝ මුඛයේ වේදනා සහිත ස්ථානයේ විටින් විට තවරන්න. දින කීපයක් මෙය සිදුකළොත් ඉක්මන් සුවයක් අත්වේවි. ඒ වගේම මුඛයේ විෂබීජ නාශනය කරන්නත් මුඛ දුර්ගන්ධය නැතිකරන්නත් මෙය හොද ඖෂධයකි.

බොහෝමයක් දන්තාලේප සෑදීමට කරාබුනැටි බහුලව යොදාගනී.එයට හේතුව එහි ඇති විෂබීජ නැසීමේ ගුණය සහ මුඛය සුගන්ධවත් කිරීමේ හැකියාවයි. ඒ විතරක් නොවේ අහාර රසවත් කිරීමට, විවිධ බීම වර්ග රසවත් කිරීමට, කැවිලිවර්ග රසවත් කිරීමටත් කරාබුනැටි භාවිතා කළහැක.කරාබුනැටිවල පවතින සුගන්ධවත් රසායනික තෛලය නිසාම විවිධ සබන් වර්ග, සුවද විළවුන් පමණක් නොව දුම්වැටි පවා රසවත් කිරීමට මෙම තෛලය භාවිතා වේ.කරාබුනැට්වල ඇති "ඉයුජිනෝල්" නැමැති තෛලය නිසා තමයි මෙහි ඖෂධීය ගුණය තව තවත් වැඩිවීමට හේතුවී තිබෙන්නේ.

මෙම ඖෂධයේ ඇති විෂ නැසීමේ ගුණය නිසාම ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවන ආසාදන සුව කරන්න මෙය අගනා ඖෂධයක්. කෑමේදී එන්සයිම අවම වීමෙන් හටගන්නා අතීසාර තත්වයන් මගහරවන්නත් මෙය ඉතාමත් යෝග්‍ය ඖෂධයකි. ඔබ සුව නොවන අතීසාර රෝගී තත්වයෙන් පසුවන රෝගියෙකුනම් , ඒ නිසා විවිධ අවස්ථාවල ඔබ අපහසුතාවලට පත්වෙනවානම්, එය සුවකරගන්න සුදුසු ඖෂධයක් කරාබුනැටි අනුසාරයෙන් සාදාගන්න හැටි අප ඔබට කීමට කැමැත්තෙමු. කරාබුනැටි, කුරුදු, සූදුරු සහ කලාදුරු අල සමව ගෙන හොදින් වියළාගෙන කුඩුකරගන්න.ඉන්පසු දිනකට තේ හැන්දක ප්‍රමාණය බැගින් මී පැණිත්
සමග දිනපතා බීවොත් ඔබට අතීසාර රෝග තත්වයෙන් මිදෙන්න ඔබට පුළුවන්. ඒ වගේම ආහාර අජීර්ණයටත් මේ ඖෂධය ඉතා සුදුසුයි. ලොකු කුඩා සෑම අයෙක්ටම පීඩා ගෙනදෙන තවත් රෝගයක් තමයි පණු අමාරුව. ඔබ ගෘහණියක්නම් සතියකට වරක්වත් කරාබුනැටි තැම්බූ ඖෂධීය කසාය ඔබේ පවුලේ සමාජිකයන්ට බීමට දෙන්නේනම් පණු අමාරුව රෝගය ඔබේ සමාජිජයන් අතරට එන්නේ නැහැ. වියළි කරාබුනැටි යම් ප්‍රමාණයක් හොදින් කුඩුකර වාතය නොයන ලෙස බොතල්කර දිනපතා ආහාර පිසීමේදී යම් ප්‍රමාණයක් කරාබුනැටි කුඩු වෑංජනවලට එක් කරනවනම් වෑංජනය ඉතා රසවත් වෙනවා. ඒ වගේම රෝග රැසක් නොදැනුවත්වම සුව වෙනවා. මෙහිදී එකක් මතක තබාගත් යුතුයි. වෑංජනය ලිපේ තැම්බෙනවිට එයට කරාබුනැටි කුඩු එක්කරන්න එපා. එහෙම උනොත් එහි ඇති රසය මෙන්ම සුවද සහ ගුණයත් නැති වෙනවා. ඒ නිසා වෑංජනය ලිපෙ බෑවාට පසු කරාබුනැටි කුඩු ස්වල්පයක් එක් කිරීම වැදගත්. මස් මාළු වගේ අහාර පිසීමේදී මේ කුඩු ස්වල්පයක් එයට එක්කළොත් ඉතාමත් සුගන්ධවත්බවක් සහ රසවත්බවක් එක්වෙනවා. කරාබුනැටි ඖෂධ ලෙස ගැනීමේදී ගැස්ට්‍රයිටීස්, උදරයේ තුවාල ඇති අයට භාවිතා කිරීම නුසුදුසුයි. එයට හේතුව තමයි කරාබු ශාකයේ යම් තීක්ශණ ගුණයක් තිබෙන නිසා එවන් රෝගීන් මෙය ගත්තොත් බඩ දැවිල්ල තත්වය ඇතිවීමේ ඉඩකඩ වැඩි වේ.

නිතර නිතර කැස්ස ඇති අයට, සෙම්ප්‍රතිශ්‍යාව, සෙම ගතිය හා ඇදුම වැනි රෝග ඇති අයටත් කරාබුනැටි ඉතාමත් ගුණදායක ඖෂධයක්. එවන් රෝග පීඩාවලින් අසහනයට පත් අය ඉන්නවනම් දිනපතා උදේ හවස පානය කරන තේ වීදුරුවට කරාබුනැටි දෙකක් පමණකොටා, දමා පානය කරනවනම් පෙර කී සෑම රෝගයකටම එමගින් සුවය අත් වෙනවා. ඒ වගේම අධික ලෙස සෙම් සහිතබව නිසා උගුරේ වේදනා හටගැනීමේ අවදානමක්ද පවතිනවා. එවන් අවස්ථාවකදී කරාබුනැටි කීපයක් උණු වතුර කෝප්පයකට තළා දමා මද වේලාවක් නිවෙන්නට තබා එමගින් උගුර සෝදා පානය කළොත්
දින කීපයක් යද්දි ඔබට සෙම්‍ රෝග, උගුර වේදනා නැතිවේවි. අතීතයේ මැසි මදුරුවන් පළවා හරින්නත් කරාබුනැටි සහ පත්‍ර යොදාගෙන නිවෙස්වල දුම් අල්ලා තිබෙනවා. ඔබත් කරාබුනැටි පත්‍ර වියළාගෙන කුඩුකර ඒ කුඩු ගිනි කබලකට දමා නිවසේ දුම් ඇල්ලීම සිදුකරනවනම් කෘතීම නිෂ්පාදනවලට වඩා මදුරුවන්ගේ උවදුරට එමගින් විසදුමක් ලබාගන්නත් පුළුවන්.

ඒ වගේම කරාබුනැටි කියන්නේ හොද නිද්‍රාකාරක ඖෂධයක් සමහර පුද්ගලයන් රාත්‍රියේදී කොතෙක් නිදාගැනීමට උත්සහ කරත් නින්ද එන්නේ නැහැ. එයත් එක්තරා රෝග තත්වයක්. එවන් නින්ද නොයන පුද්ගලයන් නිදාගැනීමට පෙර කරාබුනැටි දෙකක් පමණ තළා දැමූ තේ එකක් බීලා නින්දට යනවනම් ඉක්මනින්ම නින්ද පැමිණෙනවා. මොකද මේ ඖෂධය තුළ නිද්‍රාකාරී ගුණයක් පවතී. මෙතෙක්වේලා අපි කතාකළේ කරාබුන ශාකයේ ඇති ශාකසාර ඖෂධීය ගුණය ගැනයි. නමුත් කරාබුනැටි තෙල් කියන්නෙත් දේශීය වෙදකමේ රෝග රැසකටම සුවය සළසන අද්විතීය ඖෂධයක්. කරාබුනැටි වලින් භාගික ආසවන කරලා උෂ්ණත්වය ලබාදීමෙන් කරාබුනැටිවල වාෂ්පශීලී තෛලය ඝනීභවනය කරලයි කරාබුනැටි තෙල් සාදන්නේ. එය නිවසේ සිට සාදන්න අමාරුයි. යන්ත්‍රයක් මගිනුයි කළ යුත්තේ. මේ ආකාරයට වාෂ්පශීලීව ලබාගන්නා කරාබුනැටි තෛලය සුදුපාට ඖෂධීය දියරයකි. මෙම තෛලය ශරීරයේ හටගත් ඉන්නන් මතුපිට දිනපතා මතුපිට ආලේප කළොත් කෙටි කලකින් ඉන්නන් ඉවත් කරගන ඔබට පුළුවන්. කරාබුනැටි තෙල්, සන්ලයිට් සබන් ස්වල්පයක් සමග දිනපතා ඉන්නන් මතුපිට ආලේප කර දින කීපයකින් එහි වෙනස ඔබට අත්විදින්න පුළුවන්.ඒ වගේම මම පෙර සදහන් කල දන්ත වේදනාව, විදුරුමස් දියවීම, සෙම්ගෙඩි හටගැනීම ආදී මුඛාශ්‍රිත වේදනාවලදී අදාළ ස්ථානයේ කරාබුනැටි තෙල් ස්වල්පයක් දින කීපයක් ආලේප කරනවනම් ඉක්මන් සුවයක් ලබාගන්නත් පුළුවන්. හිසේ කැක්කුම, නාසයෙන් සොටු දියර ගැළීම වැනි රෝග අවස්ථාවලදී කරාබුනැටි තෙල්
ස්වල්පයක් ගෙන හිසේ ආලේප කලොත් එහෙමත් නැතිනම් කපු පුළුන් කැබැල්ලක තෙල් තවරා සුවද ආග්‍රාණය කලොත් ඉක්මනින්ම ඒ රෝග පීඩාවන්ගෙන් මිදෙන්න පුළුවන්. ඒ වගේම විවිධ හන්දි ආශ්‍රිත වේදනා නිසා කාන්තා පුරුෂ දෙපාර්ශවයේම බිහෝ දෙනෙකු අද පීඩාවට පත්වී තිබෙනවා. එවන් අය කරාබුනැටි සහ කුරුදු පොතු සමව අරගෙන හොදින් අඹරා වේදනා සහිත සන්ධිවල හොදින් ආලේප කරොත් එහි සුවය ඔබට අත් විදින්නට හැකිවේවි.

ඒ වගේම කුඩා වැඩිහිටි ඕනෑම අයෙකු වැටීම්, තැළීම් නිසා හටගන්නා ඉදිමුම් හා වේදනා නැති කරන්නත් කරාබුනැටි තෛලය ඉතාම සුදුසු ඖෂධයක්. කරාබුනැටි තෙල්, ශූලහර තෙල්, පිණ්ඩ තෙල්, ඔලිව් තෙල් යන තෙල් වර්ග සමව ගෙන මිශ්‍රකර ඉදිමුම් සහ වේදනා ගෙනදෙන ස්ථානවල ආලේප කළොත් කීපවිටක් ඔබට එයින් සුවයක් අත්විදින්නට හැකි වේ. අතීතයේ සිටම විවිධ තෙල් වර්ග ශරීරයේ ආලේපකර සම්භාහනය කිරීම් සිදුකළ බවට පැරණි ආයුර්වේද පොත්පත සාක්ශි දරණු ඇත. ඒ අතර කරාබුනැටි තෛලයට හිමිවන්නේත් සුවිශේෂී තැනකි. මේ ඖෂධීය තෛලය ශරීරයට සුවතාවක් මෙන්ම ප්‍රසන්න බවක් සහ වේදනා නාශක ගුණයකුත් ලබා දෙනවා.

අපේ දේශීය වෛද්‍ය විද්‍යාවේදී විවිධ අරිෂ්ට, ආසව, කුඩු, තෛල වැනි ඖෂධ නිෂ්පාදන කිරීමට කරාබු ශාකයේ අංග බහුල ලෙස යොදාගන්නවා. සියළුම සෙම් රෝග ඇතුළු ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග සුවයට වෙළදපොලේ ඇති ලවාංග ආදී චූර්ණය සාදන්නත් කරාබුනැටි ඖෂධය භාවිතා කරනවා. ඒ වගේම ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝගවලට සුවය ලබාදෙන ලවාංගාදී මෝදකය සාදන්නත් කරාබු ශාකයේ කොටස් යොදාගන්නවා. ඉහත කී ඖෂධ ඔබට වෙළදපොළෙන් මිළදී ගන්නත් පුළුවන්. පැරණි ආයුර්වේද ග්‍රන්ථවල "උපදංශය" නැමැති රෝගය සුවකරන්න දේවකුසුමාදී රස නොහොත් කරාබුනැටි භාවිතා කර තිබේ. අතීත පොතපතවල සදහන්ව ඇති ලෙසට උපදංශ රෝගයේ ලක්ෂණ වර්ථමානයේ දක්නට ලැබෙන සමාජ රෝගයක් වන "සිපිලීස්" රෝගයට සමානයි. එයින් පැහැදිලි වෙනවා වර්ථමාන සමාජයේ මුල්බැස ගත් දැවැන්ත සමාජ රෝග වලටත් කරාබු ශාකය අගනා ඖෂධයක් බව.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment