.

ශුභඵල දෙන ස්ත්‍රී දේහ ලක්ෂණ ඔයාලගෙත් මේ ලක්ෂණ තියෙනවද? කියලා බලන්න.

Loading...

ශුභඵල දෙන ස්ත්‍රී දේහ ලක්ෂණ ඔයාලගෙත් මේ ලක්ෂණ තියෙනවද? කියලා බලන්න.

හොඳ හා නරක යනුවෙන් මිනිසුන් දෙකොටසක් අප ඇසුරේ හා සමාජයේ සිටින බව සැබෑවකි. යහපත් ගතිපැවතුම් ඇති හොඳ කතා විලාසයක් ඇති, අන්‍යයන්ට, වැඩිහිටියන්ට උදවු උපකාර කරන, ගෞරව දක්වන, චරිතයට හානි නොකර ගන්නා, ඊර්ෂ්‍යා සහගත නොවන, ඕපාදුප ගති නැති අය ආදී තවත් යහපත් දේ ඇසුරේ ඇති අයවලූන් අපි හොඳ යැයි නම් කරන්නෙමු. එහි අශ=භ පැත්තක් වෙතොත් නරක යන නාමය ගෑවෙන්නේය. බැලු බැල්මට යමෙකු හොඳ හෝ නරකයැයි අපට සිතාගත නොහැකිය. දිගු කලක් ඇසුරේ සිටීමෙන් වුවද තරමක හෝ ප්‍රතිඵල ගත්තද එය සම්පූර්ණ නොවේ. එයට උපයෝගී කරගත හැකි ශාස්ත්‍රයක් අප සතුව තිබේ. එනම් දේහ ලක්ෂණයයි.

දේහ ලක්ෂණයන් උපයෝගී කරගෙන අපේ පැරැන්නන්ට අනාවැකි කීමේ පුදුම හැකියාවක් විය. එය එකල වු සාමාන්‍ය ජනයා වුවද දැන සිටියාට සැක නැත. සම්පූර්ණයෙන් නොවූවත් මඳ වශයෙන් හෝ දැන සිටියා යැයි කියතොත් නිවැරදිය. දැනුදු අතරින් පතර කීප දෙනකු නැතුවා නොවේ. පුරුෂ දේහ ලක්ෂණයන්ටත් වඩා ස්ත්‍රී දේහ ලක්ෂණ ගැන අප සමාජයේ බොහෝ දෙනා දනිති. ඒවා ගැන සැලකිලිමත් බාවයකින්ද යුක්ත වේ. විශේෂයෙන්ම විවාහයකට ස්ත්‍රීයක් තෝරා ගැනීමේදී මේ ගැන වඩාත් සැලකිලිමත් වන බවද එසේ වු අශ=භ දේහ ලක්ෂණ වෙතොත් ඒ මංගල්‍ය නොකර සිටීමට තරම් අද සමාජය මේ ගැන සැලකිලිමත්ය. ඔවුන් එසේ කරනුයේ මේ ගැන පොත පතක තිබූ පමණට හෝ කවුරුන් හෝ කියූ පලියටම නොවේ. අත්දැකීමෙන්ම දන්නා කරුණු නිසාය.

මෙම ලිපියෙන් විස්තර කරෙන්නේ ස්ත්‍රියට ශ=භඵල ගෙන දෙන දේහ ලක්ෂණ කිහිපයක් පිළිබඳවය. ඇතැම් ඒවා ඔබ දැනටමත් දන්නවා විය හැකිය. කෙසේ වෙතත් නොදන්නා අයද නැතුවා නොවේ. කාගේ කාගේත් දැන ගැනීම පිණිස මතක් වීම පිණිස ඒවා පහත විස්තර වේ. තවද කිවයුතු විශේෂ කරුණක් වේ. එනම් ස්ත්‍රීයකගේ අශ=භ දේහ ලක්ෂණ පිළිබඳ පමණක් සැවොම විමසිලිමත් වන බවය. එය එසේ නොවිය යුත්තකි.

යම් ස්ත්‍රීයකගේ නාසා පුට කුඩාවට පිහිටා සමාන වට ප්‍රමාණයෙන්ද යුක්ත නම් ඇය කා සමගත් සුහද ලෙස ජීවත් වන්නට උත්සාහ කරන්නීය. යමෙකු තමා වෙත තැබූ විශ්වාසය කිසි දිනක බිඳ දමන්නේ නැත. අන්‍යයන්ගේ අදහස් වලට ගරු කරන්නීය. කරුණාවන්ත වූ අනුකම්පා සහගත සිතක් ඇති, සාමකාමී ලෙස වැඩකටයුතු කල හැකි වූද ඇත්තියකි. සැප සම්පත්, ධන ධාන්‍ය ඇතිව ජීවිතය සුදුසු සේ සකස් කරගන්නට හැකිවේ.

යම් ස්ත්‍රියකගේ දෙකන් එල්ඛෙන ස්වභාවයෙන් හා වට වූ ආකාරයෙන් පිහිටියේ නම් සෙමෙන් සෙමෙන් දියුණුව කරා පා නගන්නීය. කරන දේ සිතට එකඟවම කරන තැනැත්තියකි. හොඳ සෞඛ්‍ය තත්ත්වයක් සහ විශාල ව්‍යාපාරවලින් හොඳ ප්‍රතිඵල ඇති වේ. ඉතා හොඳ රෑඥාන ශක්තියක් ඇති වේ. සිතීමෙන් සහ අදහස් වලින් බලවත්ය. අනෙක් පුද්ගලයන්ගේ සිත් ගැනීමට දක්ෂය. උගතුන්ට, නැණවතුන්ට ගෞරව කරන්නියකි. කරන කුමන කටයුත්තක් වුවද ප්‍රවේශම් සහිතව කරන්නීය.

යම් ස්ත්‍රීයකගේ ගෙල අඟල් හතරක් පමණ දික්ව මනා සේ පිරුණු බවින්ද, යුතුව ප්‍රියමනාප ලෙස වට වු ආකාරයෙන් පිහිටියේ නම් සමාජය තුළ ගෞරවයට පාත්‍ර වන්නියකි. ඉතා හොඳ අනාගතයක් සහ ජීවිතයේ හොඳ ප්‍රතිඵල ඇතිකර ගනී. තම සැමියාට ඉතා හිතවත්ව ක්‍රියා කරන්නීය. නියම ආදරයක් ඇතිකරගනී හෙවත් පිරිසිදු ආදරය සහ පරාර්ථකාමී හොඳ චරිතවත්, නිදහස්, ගුණවත්, ස්ථීර ආදායමක් ඇති කෙනෙකි. කොට ඛෙල්ල ඇති ස්ත්‍රීය ධනවත් වන්නීය. කලබල අඩු නිස්කලංක පරිසරවලට ප්‍රිය කරයි.

යම් ස්ත්‍රියකගේ අත්ල පිරිසිඳුව රේඛාවලින් ගැවසුණි නම් යහපත් ගතිපැවතුම්වලින් යුක්ත වන්නීය. සෑම කටයුත්තකින්ම ශ=ර බවින් යුතුය. ඉතා විනීත ලෙස හැසිරෙන්නීය. අන් අයගේ ප්‍රසාදයට ලක්වන සිතුම් පැතුම්වලින් යුක්ත ඇත්තියක් වෙයි. යම් ස්ත්‍රියකගේ අත්ලෙහි දකුණට කරකැවුණු රේඛාවක් වුයේ නම් දීප්තිමත්, බුද්ධිමත්, දක්ෂතාව ඇති දියුණුව සහ ප්‍රසිද්ධිය, කීර්තිය ලබාගනී. අන් අය අතර ජනප්‍රිය වේ. බලාපොරොත්තු නැති ලැබීමක් හිමිවේ. නැතහොත් නොසිතූ ආකාරයට තත්ත්වය උසස් වේ. කූඩයකට හෝ සක් ගෙඩියකට සමාන රේඛා ලක්ෂණ අත්ලේ පිහිටියේ නම්ද එසේමය. විවාහ දිවියේ ගුණධර්ම රකින්නීය. දරුපල සහිතය. කාන්තා අත්ලක මාළුවකුගේ ලකුණ පිහිටීම ද දරුපල පෙන්වන ලක්ෂණයකි.

මඳක් දිග සුදු පැහැති නිය පිහිටා ඇති ස්ත්‍රීය වාසනාවන්තය. පරාර්ථය ප්‍රිය කරන්නා වු සෘජු අදහස් නිතැතින් පහල වෙයි. ස්ථීරසාර වූ කතා විලාසයක් පවතී. විනීත ගති පැවතුම් ඇති ඉතා අවංකව ක්‍රියා කරන ස්ත්‍රියකි. ස්වභාව සෞන්දර්යට ඇලූම් කරන්නීය. යමෙකු සමග ඉක්මණින් අමනාප නොවේ.

යම් ස්ත්‍රීයකගේ රෝම කූපයන්හී ඉතා සිහින් වු රෝම එක බැගින් පිහිටියේ නම් ඉතාමත් ඉසුරුබර දිවියක් ගත කිරීමට උපතින්ම භාග්‍යය හිමිකර ගෙන ඇත. කැපී පෙනෙන ලක්ෂණයක් සහ පැහැදිලි දියුණුවක් ඇතිවේ. නොයෙක් මාර්ගවලින් මුදල් උපයයි හෙවත් බොහෝ කටයුතු කෙරෙහි සමත්කම් දක්වයි. උස් වූද මහත් වූද පුළුල් උකුලක් යම් ස්ත්‍රියකට පිහිටයි නම් විවෘත. හදවතක් ඇයට හිමිය. කියන් දේ කෙළින්ම කියන්නට පෙලඹේ. බොහෝ හිත මිත්‍රාදීන් ඇතිවේ. හොඳ තීක්ෂණ බුද්ධියක්ද, දුරදක්නා නුවණක්ද වේ. අන්‍යයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වන අතර යහපත් විවාහයකටද උරුමකම් කියයි.

යම් ස්ත්‍රියකගේ උදරය මෘදු මොලොක්ව මසින් යුක්ත වේ නම් ඇගේ අනාගතය ඉතා දීප්තිමත් වේ. තම අභිලාෂයන් සම්පූර්ණ කර ගනී. ශරීර සනීපයට හෙවත් නිරෝගී භාවයට හේතුවේ. පවුලේ සාමාජිකයන්ගෙන් උදව් ලැබේ.

යම් ස්ත්‍රියකගේ දණහිස් දෙක මසින් ඉතා බරවද, ප්‍රිය මනාපවද පිහිටියේ නම් සැපවත් සහ සමෘද්ධිමත් විවාහ ජීවිතයකට උරුමකම් කියයි. හොඳ සහකරුවකු ලබාගැනීමට හැකිවෙයි. සිය ස්වාමි පුරුෂයාටද යහපත්ය. සත්‍ය කතාකරන අයට ලැදිය. පාදයේ මහපට ඇඟිල්ල උස්ව, මඳක් වටකුරුව පිහිටියේ නම් එම ස්ත්‍රිය ඉතා භාග්‍ය සම්පන්නය. විශාල ධනයක් හෝ සමෘද්ධිමත් ජීවිතයක් ඇති කරයි.  ඥාතීන්ගෙන් උදව් උපකාර ලැබේ. උසස් සමාජය සමග සම්බන්ධකම් ඇතිකර ගනී. පාදයේ නිය තඹ පැහැයෙන් යුක්තව වටව සිනිඳුව පිහිටීමද එම ප්‍රතිඵලයම අත්වේ.

යම් ස්ත්‍රියකගේ විළුඹ සාමාන්‍ය ප්‍රමාණයෙන් යුක්ත වේ නම් ඇය ධනධාන්‍යාදී සැප සම්පත් ලබන්නීය. අභිමානයෙන් යුතුවේ. රහස් සඟවන්නේ නැත. යමක් දුටු පමණින් කිරීමට හැකි කෞශල්‍යකින්ද, ශ+ර ගතියකින්ද යුක්ත වේ. විශේෂයෙන් විරුද්ධ ලිංගිකයන්ගෙන් උදව් උපකාර ලැබේ.

තිලකයට සමාන වූ ලකුණක් යම් ස්ත්‍රියකගේ නළලෙහි පිහිටියේ නම් ඇය නීතිගරුක වේ. උගතුන්ට සලකන්නීය. සැමියාට ඉතා හිතවත් ලෙස කටයුතු කරන බිරිඳකි. උසස් අයගේ ප්‍රසාදයට භාජනය වේ.

හිසකෙස් තද කළු පැහැයෙන් යුතු, පියයුරු එකිනෙකට තදවී ඇති, පැහැදිලි සම්පූර්ණයෙන් විවෘත වූ ඇස් ඇති ස්ත්‍රියද, කලවා දෙක ඇත් සො~ක් සේ මනාව පිහිටි ස්ත්‍රියද වාසනාවන්ත වන්නීය. තමන්ගේ පවුලට දූ දරුවන්ට, නෑදෑයින්ට, ඉටුවිය යුතු යුතුකම්ද නොපිරිහෙලා ඉටු කරන්නීය. දැඩි ආත්ම ශක්තිය නිසා අන්‍යයන් අතර කැපී පෙනෙන බැවින් ප්‍රධාරෑනත්වය හිමිවේ. අන්‍යයන්ගේ පැසසුමටත් ගෞරවයටත් පාත්‍රවේ.

උකුල හා උකුල් සන්ධි පිරුණු බවින් යුක්ත වූයේ නම් ඇය ශක්තිමත් සහ සෞඛ්‍ය සම්පන්න දරුවන් ලබන්නීය. නායකත්වයට සුදුසු, විරුද්ධ පාර්ශ්වයේ අවධානය දිනා ගැනීමට සමත්, ප්‍රසිද්ධිය හා කීර්තිය හිමිකර ගන්නා එක් භාග්‍යවත් දරුවෙකු ඒ අතර වේ.
මඳක් වටකුරු වූ සාමාන්‍ය ප්‍රමාණයේ තොල් රතු පැහැතිනම් ඇය විවාහ දිවියේ ගුණධර්ම රැකගනී. සැමියාට ඉතා හිතවත් ලෙස කටයුතු කරන්නීය. උරහිස් දෙක කොටට, ඝනව, ගැඹුරින් පිහිටීමද, සෘජුව පිහිටි නාසයද යහපත්ය.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment