.

පණු රෝග නිසාදුක් විද විද ඉන්නේ නැතිව මෙන්න මේ සරල වලින් පණු රෝග විස්මිත ලෙස සුව කර ගන්න.

Loading...

පණු රෝග නිසාදුක් විද විද ඉන්නේ නැතිව මෙන්න මේ සරල වලින් පණු රෝග විස්මිත ලෙස සුව කර ගන්න.

බොහෝවිට පණු රෝග වැළෙඳන්නේ කුඩා දරුවන්ට බැවින් මව්වරු ඒ ගැන සැලකිලිමත් වන්නේ තමන්ගේ සෞඛ්‍ය ගැනවත් නොසිතාය. දරුවන්ගේ ඕනෑම ශාරීරික දුබලතාවයක් හෝ ආහාරපාන ගන්නා විටකදී ඇතිවන යම් විෂමතාවයක් වුවත් ඔවුන්ට මතකයට නැගෙන්නේ මේ නම් පණු අමාරුවක් නිසා ඇති වුවක් කියායි. ඒ තරමටම පණු අමාරුව කුඩා දරුවන්ට බද්ධ වී හමාරය. කුඩා දරුවන් අතර පණු අමාරුව ජනපි‍්‍රය වුවත් වයස් භේදයකින් තොරව වැළෙඳන බැව් කිව යුතුයි. නමුත් මින් වැඩිපුර බලපෑම් ඇතිවන්නේ වැඩිහිටියන්ට වඩා කුඩා දරුවන්ටයි.



පණු රෝග සිරුරේ හැසිරෙන ආකාරය


බාහිර අභ්‍යන්තර වශයෙන් දෙආකාර වේ

මෙසේ අභ්‍යන්තර හෝ බාහිර වශයෙන් ක්‍රීම් (පණු) ඇති වීමට මූලික වන හේතු ලෙස අපට පැහැදිලිව කිව හැක්කේ අපිරිසුකම හා වැරදි ලෙස ආහාරපාන ගැනීමෙන් මනා සෞඛ්‍ය පුරුදු පිළි නොපැදීමත් නිසාය. උදා. ලෙස කුඩා දරුවන් නිතර අත් කටේ දැමීම/ නාසය කැසීම නිසා මේ තත්ත්වයන් හට ගැනිය හැකියි. අපිරිසිදු වැලි ආශි‍්‍රතව ක්‍රීඩා කිරීම නිසාද ක්‍රීම් රෝගවලට අත වැනීමකි. මලපහ කිරිමේ වැරදි පුරුදු (වැසිකිලි භාවිතා නොකර පරිසරයට මලපහ කිරීම) භාවිතාව නිසාද පණු රෝග ඇතිවීමේ ප්‍රවණතාවය වැඩියි.

බාහිර ක්‍රීම් (පණු)

සිරුරේ දහඩිය ඇතිවීම, කිලිටු වූ ඇඳුම් භාවිතාව නිසා බාහිරින් මේ පණු රෝග ඇතිවිය හැකියි. අපවිත්‍ර හිසක් ආශි‍්‍රත උකුණන්, ඉලිකුණු, ගෝපැයි යනාදිය ඇතිවිය හැකියි.

අභ්‍යන්තර ක්‍රීම් (පණු)

සිරුරෙහි ඇතුළත පිහිටි බඩවැල් ආදියෙහි සිටින ක්‍රිම්ය. මෙම ක්‍රිම් වර්ග විසි වැදෑරුම් වේ. මොවුන් නොයෙකුත් ලෙඩ දුක් ගෙනදීමට සමත් වන බැවින් ඉතා හොඳින් අවධානය යොමු කළ යුතුයි.

පණු රෝගයකදී දැකිය හැකි ලක්ෂණ

බොහෝවිට මෙම ලක්ෂණ ඔබට පහසුවෙන් හඳුනාගත හැකියි. උදරය මහත් වීම, නිතර සෙම්ප්‍රතිශ්‍යාව, කෑම අරුචිය වගේම මලබද්ධය ද ඇතිවිය හැකියි. මලපහ කරන විට ප්‍රමාණයෙන් වැඩිපුර දියාරු මලපහ කිරීම තවත් ලක්ෂණයකි. සිරුරේ රළු බව ඇති වීම මෙන්ම සිරුරේ පැහැය වෙනස් වීම හා සිරුර කැසිම දැකිය හැකි රෝග ලක්ෂණ අතර ප්‍රධාන වේ.

එසේම ගඩු බිබිලි ඇතිවීම ද සිදුවිය හැකියි. මුහුණේ සුදු පැහැති ලප හට ගැනීම, නිතර කේන්ති යාම හා නින්දේදී දත්මිටි කෑම තවත් ලක්ෂණ කිහිපයකි. දැඟලීම, තද පිපාසය ඇතිවීම තෙහෙට්ටු ගතිය සහ ශරීරය ක්ෂය වීම සමහරවිට මද උණ ගතියක් පැවතීම මෙම පණු රෝගවල දැකිය හැකි ලක්ෂණයන්ය.

සැලකිය යුතු කරුණු කිහිපයක්

විශේෂයෙන් කුඩා දරුවන් මෙම පණු රෝගවලින් අප ආරක්ෂා කරගත යුත්තේ ඔවුන් ගැන වඩා පරීක්ෂා කිරීම හා රැකබලා ගැනීමෙන්ය. දරුවන්ගේ ක්‍රියාවන්වල යමිකිසි වෙනසක් ඇත්නම් ඒ ගැන පරීක්ෂා කළ යුතුයි. අවශ්‍ය අවස්ථාව බලා සුදුසු ප්‍රතිකාරවලට යොමු වීම වැදගත්.

ප්‍රතිකාරවලට යොමු වීමට වඩා පණු රෝග වළක්වාගන්න. ක්‍රමවේද අනුගමනය ද ඉතා වැදගත් බව සලකන්න. දිනපතා නැහැවීම (ස්නානය), අඳින ඇඳුම් ප්‍රයෝජනයට ගන්නා බඩු බාහිරාදිය පිරිසිදුව තබා ගැනීම, නියපොතු හිසකෙස් සතියකට වරක්වත් කැපීම හා ඉතා පිරිසිදු ලෙස සකස් කළ ආහාරපානාදිය ලබාදීම සිදු කළ යුතුයි.

පොදුවේ සියලූම ක්‍රිම් රෝග සඳහා සරලව යෙදිය හැකි ප්‍රතිකාර කිහිපයක්

කසාය

කුඹුරු ඇට මද, සුදුලුණු, අරළු, වලඟ සහල්, කොහොඹ පොතු, කරපිංචා නැටි, එළබටු මුල්, කටුවැල් බටු මේවා එකම වශයෙන් ගෙන මදටිය පහලොව බැගින් ගෙන වතුර පත හතර සිදුවා පෙරා වළඟ සහල් කුඩු ස්වල්පයක් සහ මී පැණි ස්වල්පයක් දමා කොටස් දෙකම උදේ සවස බොන්න දෙන්න. වඩියක් දවසක් ගන්න. වඩි දොළහක් දෙන්න. මේ අතරට ඛෙහෙත් ගුලි එකක් මී පැණියෙන් දිවේ ගා ක්ෂාය බොන්න. උදේ සවස ගුලි 1 බැගින් බොන්න.

උදේ දහයට සහ සවස හතරට වළඟ සහල් 50ඨ පමණ ගෙන හොඳින් සෝදා අව්වේ වේලා කබලේ දමා රත් කර කුඩු කර තබාගෙන වරකට තේ හැඳි 1/4 පමණ මී පැණියෙන් අනා කෑමට දී ගොටු ද~ු , වළඟ සහල්, කරාබු නැටි 2ක් පමණ තලා සුදුලුණු බික් 2ක් පමණ පෙති ගසා කරපිංචා කොළ සහ නැටි දමා හොඳින් තම්බාගත් වතුර අඩු කෝප්ප 1/2ක් බොන්න දෙන්න.

දිනපතා දින 14ක් දවසට වරක් හෝ දෙවරක් සුදුසුයි.

පණු රෝග සඳහා සුදුසු ආහාර

ගොටුකොළ (වැල් ගොටුකොළ කිරිමුල් සමඟ) ලියා රතුළූණු මිශ්‍ර කර සම්බෝලය සාදා දෙන්න.

ගොටුකොළ සහ මුලින් ගෙන හොඳින් කොටා ඉස්ම මේස හැඳි තුන හතරක් පමණ ගෙන වළඟ සහල් කුඩු ස්වල්පයක් දමා හිස්බඩ බොන්න දෙන්න. (සතියකට වරක්)

කවලම් කොළ මැල්ලූම එරබදු දළු හෝ කොළ මිටක් එකතු කර මැල්ලූම සාදා කෑමට දෙන්න. (පණු බිත්තර ඇත්නම් පුපුරා යයි)

ප්‍රතිකාර ක්‍රම කොපමණ තිබුණත් ඒවා නිවසේදී අත්හදා බලනවාට වඩා මෙවැනි රෝග හමුවේ ඔබ සුදුසුකම් ලත් වෛද්‍යවෙරයෙකු වෙත දරුවා ගෙන යාම වඩාත් සුදුසු බව සලකන්න. මෙවැනි රෝග දරුවන් කරා ඒමට පෙර ඔබ දරුවාගේ නිරෝගිකමට අවශ්‍ය රැකවරණය ඇත්දැයි සොයා බැලීම වඩාත් වැදගත්ය.

පණු වමනය

ඉගුරු ඉස්ම, කළු උක් ඉස්ම, දෙහි ඇඹුල්, මී පැණි, සාදික්කා ගලගා මේවා සමව ගෙන මේස හැඳි 2ක් සාදා සුරංවිදුර ගුලි 1ක් (පත්තියන් පංගුව) දියකර දවසට දෙවරක් දෙන්න. මීට අමතරව විඩංගාදී අරිෂ්ඨය අවුන්ස 2ක් නිම්බාදි අරිෂ්ඨය අවුන්ස 2ක් එකට මිශ්‍ර කර තේ හැඳි 2ක බැගින් දවසට තුන්වරක් ආහාරයට පසු දෙන්න.

ක්‍රිම් රෝග වැළඳීමෙන් වැළකීමට පොදුවේ දියහැකි රසවත් කෑමක් දරුවන්ට දීමට උනන්දු වනවා නම් බටකිරිල්ල කොළ අව්වේ වේලා සුදු සහල් සමඟ කුඩු කර පොල් පැණියෙන් අග්ගලා මෙන් සාදා කෑමට දෙන්න. අගනා ඖෂධයකි.

ආචාර්ය ආයුර්වේද වෛද්‍ය බුද්ධික රද්දැල්ගොඩ
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About lanka.ayuruweda

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment