.

මාළු කෑවොත් මොළේ වර්ධනය වෙනවා ලූ මෙන්න අලුත්ම සොයා ගැනීම

Loading...

මාළු  කෑවොත් මොළේ වර්ධනය වෙනවා ලූ මෙන්න අලුත්ම සොයා ගැනීම

මාළු වැඩිපුර ආහාරයට එක්කැර ගැනීමෙන් මොළයේ වර්ධනයක් සහ ඇල්ෂයිමර් වැනි රෝග වලින් වැළකී සිටීමට හැකියාව ලැබෙන බව පර්යේෂණයකින් තහවුරු වී ඇත. පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ මාළු කෑමෙන් සිරුරට ලැබෙන ඔමෙගා තුන නමැති මේද අම්ලය හේතුවෙන් වයස්ගතවන විට මොළයේ පරිමාව ද විශාල වන බවයි.
]
මේ හේතුවෙන් සෞඛ්‍ය සම්පන්න බව අවුරුද්දකින්  හෝ දෙකකින් පමණ ආරක්ෂාවන බව ද ඔවුහු කියති.
ඇල්ෂැයිමර් රෝගයේ ලක්ෂණයක් වන්නේ වයසට යන විට මොළයේ හැකිළීමයි. බ්‍රිතාන්‍යයේ වෛද්‍ය නිර්දේශය වන්නේ සතියකට දෙවරක් හෝ තෙල් සහිත මසුන්ගෙන් කෑල්ලක් ආහාරයට ගත යුතු බවයි. මේ ආකාරයට පෝෂ්‍යදායක අතින් පොහොසත් මසුන්ගේ තෙල් අඩංගු වන්නේ හුරුල්ලා, කුම්බලාවා සහ සැමන් මසුන්ගේ බව ද පර්යේෂකයන් පවසයි.

මේ අධ්‍යයනය සදහා ගැහැනුන් 1111 ක් යොදාගෙන ඇති අතර ඔවුන්ගේ රතු රුධිර සෛලවල ඇති ඔමෙගා තුන නමැති මේද අම්ල පරීක්ෂාවට ලක්කැර තිබේ.




අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment