.

කොස් වලින් සුදු වීමේ රහස ඔබ දන්නවාද? කොස් වල සැගවුන මෙන්න මේ විස්මිත රහස් දැනගන්න.

Loading...

කොස් වලින් සුදු වීමේ රහස ඔබ දන්නවාද? කොස් වල සැගවුන මෙන්න මේ විස්මිත රහස් දැනගන්න.

ඉඳ හිටවත් කොස්, පොළොස් මැල්ලුමක් ආහාර වේලකට එකතු කර ගතහොත් ඇග පතට ඉන් ලැඛෙන සවි ශක්තිය මෙපමණකැයි කියන්න නම් බෑ. දේශීය ආහාර අතර කොස් පොළොස් වලට හිමි වන්නේ ප‍්‍රධාන තැනක්. මෙවැනි ආහාර රටාවකට කට දිව හුරු පුරුදු ඕනෑම කෙනකුට රස ගුණ වගේම ඖෂධීය සත්කාරයකුත් ලැඛෙනවා. පොළොස් ගැටයේ සිට පැසුණු කොස් ගෙඩිය දක්වා මෙන්ම වැල වරකා ගෙඩියේත් ඇත්තේ විවිධාකාර වූ පෝෂණ ගුණයක්.

කොස් ගස මේ නිසාම ඖෂධාගාරයක් තරමටම අපේ දෛනික ජීවිතයට සමීප වනවා. අතීතයේදී කොස් ගසේ බොහෝ කොටස් විවිධ ඖෂධ සැදීම සදහා යොදාගත් බව වෛද්‍ය පොත පතෙහි සඳහන්.

කොස් වලින් මුහුණ පැහැපත් කර ගන්න හැටි

අවශ්‍ය ද්‍රව්‍ය

පැසුණු කොස් මදුළු
දෙහි ඇඹුල් අවශ්‍ය තරම් 

ආලේපනය හදා ගන්න හා භාවිතා කරන ආකාරය

පැසුණු කොස් මදුළු දෙහි ඇඹුලෙන් අඹරා රාති‍්‍රයේදී මුහුණේ ආලේප කිරීමෙන් මුහුණ පැහැපත් බව ඇතිකර ගත හැකියි. 

රුව වඩන මේ කොස් රහස් ටිකත් දැන ගන්න

පැහැපත් මුහුණකට පැසුණු කොස් මදුළු වැඩි වැඩියෙන් ආහාරයට ගන්න. එවිට ඔබේ රුව වැඩි වැඩියෙන් ලස්සන කරගත හැකියි.

තවද කාන්තාවන්ගේ පියයුරු ශක්තිමත් වීමට මෙන්ම සිරුරේ අධික කෙට්ටු බව නැති කිරීමට ද කොස් ආහාරයට ගැනීම ගුණදායකයි. 

දියවැඩියාව නසන කොස් අත් ඛෙහෙත

කොස් කොළ කලං 16 
කොස් මුල් කලං 03 
කොතල හිඹුටු කලං 03 
වතුර කාල් 08 වතුර කාල් 08 

කාලට සිඳුවා මී පැණි අනුපාන දමා බීම ගුණයි. මී පැණි වැඩි වශයෙන් ගැනීම නම් දියවැඩියාවට අගුණයි. 

තවද දිය වැඩියාවට කොස් කොළ හා මිනීමල් පැළැටියේ (පස්පෙති ) මුල් එකට දමා තම්බා බීම සාර්ථක ඔසුවකි. ඉඳුණු කොළ වේලා රත්වනතුරු බැද කුඩුකර කෝපි මෙන් බීමට ගැනීමත් දියවැඩියාවට යහපත් ගුණ දෙනවා.

දරු ප‍්‍රසුතියෙන් පසු ප‍්‍රසුතියෙන් පසු ආහාර ගන්නා කාලයේ පොළොස් ගැට උයා ආහාරයට දීමෙන් ගර්භාෂය පිරිසුදු වෙනවා මෙන්ම කිරි එරෙන බවද සදහන්.

එමෙන්ම ඔසප් දෝෂ සමනය කරන්නන් පොළොස් ගැට මාළුව ගුණයි.

කුෂ්ඨ රෝග හා පරණ තුවාල සුව කරයි. කොස් ගසේ මතුපිට වියළී ගිය පොත්ත ඉවත් කළ පසු යට පොත්තේ සුඹුලු සුරාගෙන තලතෙලින් මලවා බඳීන්න. මෙයටම කහකුඩු, ඔළිඳ ඇට හා මී පැණි එක්කර අඹරා ගෑම සුදු කබර රෝගයට ද යහපත් ප‍්‍රතිඵල ගෙන දීමට සමත් වනවා.

වැල මදුළු මී පැණි වල බහා තබා උදේට හිස්බඩ කෑමට දීම කක්කල් කැස්සට ගුණදායකයි. 

බඩ විරේකය අවශ්‍ය වූ විට හිස්බඩ බඩ පිරෙනතුරු වැල මඳුළු කන්නට දීමෙන් බඩ විරේකය වන අතර බඩවැල් හොඳීන් පිරිසුදු වනවා. 

නින්ද නොයන අයට ඉතාමත් ළා කොස් දළු වලින් මාළුව උයා කන්නට දීම මෙන්ම කොස් නැටි තම්බා පානය කිරීම ගුණදායක වන බව සඳහන් වනවා. 

මත් ගතිය නැති කිරීමට ළපටි කොස් ගෙඩියක ඉස්ම ගෙන පොල්කිරි වලින් අනා හකුරු සමග කන්නට දීම ගුණයි. ඕනෑම මත්ගතියකට මෙය ඔසුවක්. 

ඉදුනු කොස්කොළ තල තෙලින් බැද කෑමට ගැනීම මුත‍්‍රා රෝගවලට ගුණදායකයි. සරුවට වැඩුණු අමුකොළ සහ කොස් පොතු තැම්බූූ කසාය මුත‍්‍රාගල් දියවීමට උපකාරී වෙයි. 

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About lanka.ayuruweda

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment