.

දරුවන් නැති අම්මලාට මව්පදවිය ලබාගන්න මෙන්න මේ ආයුර්වේද උපදෙස් ටික හරියටම දැනගන්න.

Loading...
දරුවන් නැති අම්මලාට මව්පදවිය ලබාගන්න මෙන්න මේ ආයුර්වේද උපදෙස් ටික හරියටම දැනගන්න.



 දරුඵල අහිමි වන්නේ කාන්තාවන්ගේ දුර්වලතාම නිසා නොවේ. පුරුෂයින්ගේද විවිධ දුර්වලකම් ඇත. රියදුරු අසුනේ බොහෝ වේලාවක් සිටීම, බේකරි, උළු පොරණු වැනි උෂ්ණාධික ස්ථානවල සේවය කිරීම අඹසැමි දෙදෙනාගේ අසමගිකම නිසා මානසික රෝගද මෙයට බලපායි, වර්තමානයේ බොහෝ අඹු සැමියන්ට ඇති ප‍්‍රධානතම ගැටලූව වන්නේ දරුඵල අහිමි විමයි. මෙසේ දරුඵල අහිමිවීමට හේතූකාරණා පවතී. පාරිසරික හා ආහාරපාන හේතූ පවා දරුඵල අහිමිවීමට බලපෑ හැකිය. දරුඵල අහිමි වීමට කාන්තාව පමණක් හේතුවන බව මෙරට සමාජයේ මුල් බැසගත් මතයකි. ‘‘වඳ ගැහැනිය’’ වැනි වදන්වලින් දරුඵල අහිමි කාන්තාව මානසිකව පහළට ඇද දමයි. සත්‍ය වශයෙන් කාන්තාව මෙන්ම පිරිමියා තුළද දරුඵල අහිමිවීමට අදාල හේතුකාරණා තිබිය හැකියි. මේ අනුව එකි හේතු කාරණා සොයා බලා නූතන ක‍්‍රම හරහා රෝග හේතු සොයා බටහිර වෛද්‍ය විද්‍යාව අනුව ශල්‍යකර්ම කළත් ආයුර්වේද ක‍්‍රම අනුව අපගේ ඖෂධ යෙදීමෙන් ශල්‍යකර්ම නොමැතිව සාර්ථක ප‍්‍රතිඵල ලබාගත හැකි ක‍්‍රම අප සතුව ඇත.

රෝගයක් නොව දුබලතාවක් දරුඵල අහිමිවීම යනු දෙදෙනාගේම ප‍්‍රජනන ඉන්ද්‍රයවල දුබලතා විය හැකිය. දරුඵල අහිමිවන පුද්ගලයන් රෝගීන් ලෙස හැඳින්වීම නොකළ යුතු දෙයකි. පොහොර, ජලය, හෝමොන් ආදිය ලබාදුන් විට ඵල නොදරණ ගස්වල පවා ඵලදැරිය හැකිවනවා. සේම දරුඵල අහිමි වීමට ඇති හේතු ඉවත්කර නිසි ප‍්‍රතිකාර ලබාගැනීමෙන් ඉහළ ප‍්‍රතිඵල ලබාගත හැකිය. ප‍්‍රතිකාර ක‍්‍රම

මෙසේ සියලූ ගැටලූවලට නවීන වෛද්‍ය විද්‍යාවේ ශල්‍යකර්ම ඇතත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ශල්‍යකර්මවලින් තොරව ප‍්‍රතිකාර තිබෙන බව නොරහසකි. ශරීර උෂ්ණවීම වළක්වා නිශ්ක‍්‍රීය බීජ සක‍්‍රීය කර බීජ වර්ධනයට හා බීජ මෝරා නිරෝගීකරන ගර්භවර්ධනී, සක‍්‍රීයබීජ මොරණ ප‍්‍රතිකාර ක‍්‍රම අප වෙදපරපුරට පමණක් ආවේනික වූ ඖෂධ වර්ග බොහෝ ඇත. තවද කල්ගිය පීනස්රෝග, අර්ශස් රෝග, කෙස් සම්බන්ධ රෝග, ස්නායු රෝග ආදී සියළුම රෝග සඳහා ප‍්‍රතිකාර ක‍්‍රම අප සතුව ඇත. මවු පදවියට සුදුසුකම් ගැහැනු දරුවකු වැඩිවියට පැමිණ පසු ඇය හඳුන්වන්නේ ‘‘සෘතුමතී’’ තත්ත්වයට පත් වු යුවතියක් ලෙයසි. වැඩිවියට පත්වීමත් ඇයට ප‍්‍රජනන ශක්තිය හෙවත් දරුවකු ලැබීමට ඇති සුදුසුකම් සොබාදහම විසින් ලබා දෙයි. දැන් ඔය දරුවකුගේ මවක් වෙන්න සුදුසුයි යන පණිවිඩය මල්වර වීමයි. එතැන් සිට දින 28කට වරක් ස්ත‍්‍රී බීජයක් මෝරා පිටවීම බීජාගමනය හෙවත් මාස්ශුද්ධිය ලෙස හඳුන්වයි. මෙම කාර්‍යය අවුරුදු 45ක් දක්වා පමණ සිදුවිය හැකිය. මේ අනුව කාන්තාවන්ට දරුවන් බිහිකිරීමට ඇති හැකියාව මෙම කාලයෙන් පසුව වියහැකි යයි. එහෙත් ලෝකයේ ඉඳහිට 55 – 60 ත් අතර කාන්තාවන් දරුවන් බිහිකර ඇති බව වාර්තා වී ඇත. දරුඵල අහිමි කරන හේතු කාන්තාවන්ට දරුඵල අහිමි වීමට බොහෝ හේතු කාරණා පවතී. ඒ අතර ශ්වේතත් ප‍්‍රදරය හෙවත් සුදයාම. සුද යාමේදි ශරීරයේ ඇති පෝෂණ කොටස් පිටවීයාම සිදුවන නිසා ශරීරයේ හෝමෝන දුබලවීම ආදී විවිධ දුර්වලතා මතුවිය හැකිය. මේ හේතු කාරණා නිසා දරුඵල අහිමි වන අවස්ථා ඇත. රක්තප‍්‍රදර හෙවත් අනවශ්‍ය ලෙස රුධිරය පිටවීම කාන්තාවන්ට මාස් ශුද්ධියසිදු වීම සාමාන්‍ය තත්ත්වයකි. එහෙත් පිළිවෙළින් දින 28කට වරක් මාස් ශුද්ධිය සිදු නොවීම, මාස කිහිපයකට වරක් සිදුවීම අස්වාභාවික සිද්ධියකි. නොනවත්වා වරින්වර රුධිරය පිටවීම භයානක රෝග රාශියක රෝග ලක්ෂණ විය හැකිය. පැලෝපීය නාළ අවහිරතාව, ඊස්ට‍්‍රජන් හෝමෝන අක‍්‍රීය වී බීජ මේරීම නැවතීම ස්ත‍්‍රී බීජ නාළ අවරෝදය නොවන සුලූගැට ගර්භාෂයේ ඇති වීම ආදී රෝග දරුඵල අහිමිවීමට හේතුවේ. පුරුෂයන්ගේ ගැටලූ ඉහත සඳහන් කළ පරිදි කාන්තාවන් පමණක් නොව පුරුෂ පක්ෂයේ ඇති ගැටලූ නිසා ද දරුඵල අහිමි වීම සිදුවිය හැකිය. පුරුෂ බීජ ක‍්‍රියාකාරී නොවීම තරුණ වියේදි ඇති වන කම්මුල්ගාය විවිධ දුරාචාර හා විෂ වර්ග භාවිතය (මත් ද්‍රව්‍ය, දුම්වැටි, මත්කුඩු* උෂ්ණ ස්ථාවල වැඩ කිරීම නිතර තද ඇඳුම ඇඳීම ජාන සම්බන්ධ කරුණු ලිංගික අප‍්‍රාණිකතාව

යන කරුණු දරුඵල අහිමිවීමට බලපෑම් ඇති කරයි. විශේෂ ආයුර්වේද ප‍්‍රතිකාර ඉහත කී සියලූම දෝස සඳහා ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයේ විශේෂ ප‍්‍රතිකාර රැුසක් පවතී. මේ අනුව නූතන වෛද්‍ය විද්‍යාව මෙන්ම ආයුර්වේදය ද එකී ගැටලූවලට ‘දිලීර’ ආදී ගර්භාෂගත විවිධ රෝග හඳුනාගෙන කළ හැකි ආයුර්වේද ප‍්‍රතිකාර තිබේ. ගර්භාෂ ගෙඩි දියවීම සඳහා බෙහෙත් ලබාදීම, ස්ත‍්‍රී බීජ නාළ අවරෝදනය සඳහා නොවරදින ආයුර්වේද ප‍්‍රතිකාර ලබාදීමෙන් ගර්භාෂගත රෝග මඟහරවා ගත හැකිය. පිරිමි අයටත් ප‍්‍රතිකාර පිරිමි පාර්ශවයේ ඇතිවන ගැටලූ සඳහා විශේෂ උපදෙස් ලබාදීම හා දුරාචාර ආදී ගැටලූවලට මැදිවී සිටීනම් ඉන් මිදීමට ද උපදෙස් ලබාදීම මූලිකවම සිදු කරනු ලැබේ. මෙහිදී මූලිකවම වාජීකරණ ඖෂධ ලබාදීම හා රසායනික ඖෂධ ලබාදීම ද සිදු කරනු ලැබේ. පුරුෂලිංගික හා ස්නායු දුබලතා සඳහා ද විශේෂ ඖෂධ වර්ග අප සතුව ඇත. ප‍්‍රතිඵල ස්ථිරයි පළමු මාසයේ සිට මාස හයක් දක්වා කාලයක් ප‍්‍රතිකාර සිදු කරයි. එහිදී ප‍්‍රතිකාර ලබන පුද්ගලයන්ගේ සෞඛ්‍ය මට්ටම, ශරීර ප‍්‍රමාණය වෙනත් රෝග අනුව සහ පවුලේ පසුබිම අනුව ලැබෙන ප‍්‍රතිඵල මෙන්ම ප‍්‍රතිඵල ලැබෙන කාල පරාසය ද වෙනස් විය හැකිය. විශේෂයෙන් සැමියා සහ බිරිඳ අතර පවතින සමීප ඇසුර අඩුවීම ද ප‍්‍රතිඵල කෙරෙහි බලපායි. ඒ හැරුණු විට මාස 06 කටපසුව මාසයක් ඇතුළත විශිෂ්ට ප‍්‍රතිඵල බලාපොරොත්තු විය හැකියි. එසේම අර්තවය සිදු වු පසු වෛද්‍ය උපදෙස් අනුව සැමියා බිරිඳ එක්වීම සිදු විය යුතුය. එවිට සාර්ථක ප‍්‍රතිඵල ලබාගත හැකිය. එසේම කල වයස බලා විවාහවීම, ලිංගික එක්වීම හරියාකාරව සිදු කිරීම හා වේලාවට ඖෂධ භාවිතය, හෝමෝන ගැටලූ නිරාකරණයෙන් සාර්ථක ප‍්‍රතිඵල ලබගත හැකිය. එසේම මෙහිදී කිවයුතු විශේෂ කරුණු කිහිපයකි. අනවශ්‍ය පරිදි උපත් පාලන එන්නත් භාවිතය හා ගබ්සාව යන කරුණු මත ඉදිරියේ දී දරුඵල අහිමි වුවහොත් එය විශාල ගැටලූවකට මඟපෑදිය හැකිය. එසේම උපරිම වයස අවු 45 දක්වා දරුඵල බලාපොරොත්තු වීමට ප‍්‍රතිකාර කළ හැකි අතර ඉන් පසුව නම් ප‍්‍රතිකාර ලබා දීමෙන් යහපත් ප‍්‍රතිඵල ලබාගත නොහැකිය. එයට හේතුව ‘‘ආර්තවහරණය’’ යයි එහෙත් පිරිමි පාර්ශවය ස`දහා වයසෙහි බලපෑමක් නැත. ධාතු පුෂ්ඨි රසායනය, ප‍්‍රභූකාමචිය, වාණරී චූර්ණය ආදී විශේෂ ඖෂධ වර්ග යොදා ගැනේ. ප‍්‍රතිඵල සාර්ථකයි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment