.

සුදුලුණු වැඩියෙන් කැවොත් නම් මෙන්නමේ විශ්මිත ප්‍රතිඵල ඔබට නොවඩුව ලැබෙනවා.

Loading...
සුදුලුණු වැඩියෙන් කැවොත් නම් මෙන්නමේ විශ්මිත ප්‍රතිඵල ඔබට නොවඩුව ලැබෙනවා.



වාහ දිවියට එළැඹ වසර පහළොවක්, විස්සක් ගත වුවත් එහි මිහිරියාව හැමදාමත් නො අඩුව විඳ ගන්නට සැමියා, බිරිය දෙදෙනාම එකලෙසම කටයුතු කළ යුතුයි. ඒ අනුව මෙවර අපේ කතාබහ වෙන්වෙන්නේ යුග දිවියේ මිහිර යන්තම් හෝ පළුදු නොවන්නට අත්වැලක් සපයන සුදුලූනු සහ මී පැණි පිළිබඳ කතාබහ කරන්නටයි.

සුදුලූනු

සුදුලූනු යනු නිරෝගී මිනිසුන්ට සුවදායක දිවියක් ගෙවන්නට දීඝායු ගෙන ඒමට, රෝගීනට රෝග සුවය සලසා දෙන්නකි. රෝගවලට එරෙහිව ප්‍රතිශක්තිය වර්ධනය කරලීමට ශක්තිය ඇති බල සම්පන්න, වීර්යය සම්පන්න ඔසුවකි.

නවීන විද්‍යාවට අනුව එහි ශරීරයේ පැවැත්මට අවශ්‍ය මාංස ජනක පදාර්ථ, කැල්සියම්, පොස්පරස්, පොටැසියම් හා විටමින් බි, සී පදාර්ථ අඩංගුය.

සුදුලූනු ටිකක් තම්බා බීම සාම්ප්‍රදායික ගැමි සමාජයේ උතුම් ඔසුවක් ලෙස සැලකූ අතර එහි පොත්ත පවා ඉවත නොදමා ඖෂධීය දුම් සඳහා භාවිත කොට ඇත.

මෙය නම් සුදුලූනු පිළිබඳ අපේ කාන්තාවට හොඳම පුවතකි. එනම් නිතර සුදුලූනු කෑමට ගන්නා කාන්තාවන්ගේ පියයුරු කිසිවිටකත් පහළට එල්ලා නොවැටේ. ඔවුනගේ රූ සපුව රැක දේ. දරු සම්පත ඇති කරයි. බලය, ආයු ද අඩු නොවේ. යෞවන බව රැක දේ. ස්ත්‍රී පුරුෂ සේවනයේ දී ඇතිවන අපහසුතා මඟ හරවයි. තුනටිය, උකුළු ප්‍රදේශයේ වේදනා සමනය කරයි. වඳ බව නැති කරයි. යොවුන් පියකරු රූ සම්පත්තියෙන් බබළයි.

පුරුෂයන්ට ද බුද්ධි බලය, දැඩි බව, ස්ත්‍රී පුරුෂ සේවනයේ දී වෙහෙසට පත් නොකරයි. ශුක්‍ර ධාතුව වර්ධනය කොට කාමෝද්දීපනය ප්‍රබල කරවයි. පෞරුෂත්වය මනාව රැක දෙන සුදුලූනු මාහැඟි ඔසුවකි. වාපීකරණ ගුණයෙන් ඉහළ නිසා ලිංගික සේවනය කෙරෙහි ඇති උනන්දුව, ආසාව වැඩි කරයි. සුදුලූනු ආහාරයට මෙන්ම ඖෂධයක් ලෙස ගැනීමෙන් පුරුෂයාගේ ශුක්‍ර බීජත් කාන්තාවගේ ආර්තව බීජත් පිරිසුදු කරයි. මෙයට අමතරව සියලුම වාත රෝග, කැස්ස, කරකැවිල්ල, කුෂ්ඨ, ඇදුම, ළදරු මාන්දම, මුත්‍රා ගල්, මුත්‍රා දෝෂ, අරුචිය, අජීර්ණ රෝග ආදී රෝග රැසකටම දිව ඔසුවකි.

සූතිකාවන්ට සුදුලූනු පොල් හකුරු සමඟ මිශ්‍ර කොට ගැනීමෙන් ගර්භාෂයේ අපිරිසුදු රක්තය පහසුවෙන්ම බැහැර වේ. සුදුලූනු, සතකුප්ප බැද තම්බාගත් වතුර බොන්නට දීමෙන් ලේ කැටි නිසා සිදුවන මක්කල්ල ශුලය නම් සුතිකා රෝගය වහා සමනය වේ.

මී පැණි

ගත මෙන්ම සිත ද පිනවන ආත්මයම සුවපත් කරන ඉන්ද්‍රීයයන්ට සුවය ගෙන දෙන මී පැණි දෙවියන්ගේ අමෘතය හා සමාන වේ.

මිහිරි දෙයක් මී පැණිවලට උපමා කරන්නට අප පුරුදුව සිටියි. ගින්නෙන් දැවුණු විටදී මී පැණි බිඳක් එම ස්ථානයේ තැවරීමෙන් පිළිස්සීමෙන් වූ හානිය සියයට සියයක්ම නැති කරයි. බොහෝ විට කැළලක් පවා නො එයි.

ආනන්ද ජනක වසන්ත සෘතුවත්, නව යොවුන් සිත්හි ඇතිවන්නා වූ කාමෝද්පාදනයත් යුග දිවියේ මිහිරත් මධුසමයත්, මී පැණිත් එකිනෙක ගළපා ගැනේ. මධු සමයේ දී ලබන අමා සුවයට උපමා කර ඇත්තේ මී පැණි හෙවත් මධු ය. ඒ තරම්ම මිහිරි රසයක් හා ගුණයක් මී පැණිවල ඇත.

මී පැණි තරම් මිනිස් සිරුරට හිතකර ඖෂධයක් තවත් නැති තරම්ය. මිනිස් සිරුරේ සෑම සෛලයක්ම පිනවා සිරුර ප්‍රබෝධමත් කිරීමත් රෝග වළක්වාලීමත් රෝග සුව කිරීමත් මෙමඟින් සිදු වේ. මී මැස්සන් විසින් මල්වලින් රොන් ගෙන එහි පරාග වෙන්කොට ගෙන තනනු ලබන මී පැණි බරින් වැඩි රන්වන් වර්ණයෙන් බැබළෙන ඝණ පදාර්ථයකි. එහෙත් වර්තමානයේ වෙළෙඳපොළේ ඇති මී පැණි බහුතරයක් කළවම් කොට තැනු සීනි මුසු කළ ව්‍යාජ ඒවා බවත් කිව යුතුමය.

මිනිස් සිරුරේ වර්ධනයට, සෞඛ්‍යය රැක ගැනීමට මී පැණිවල ඇති සංයෝගය අතිමහත්ය. මෙහි අන්තර්ගත විටමින් පදාර්ථ මෙන්ම යකඩ, තඹ, මැග්නීසියම්, පොටෑසියම්, සෝඩියම්, පොස්පරස්, ඇලුමීනියම්, කැල්සියම් සිරුර වර්ණවත්කර ආයුෂය රැක දේ. විශේෂයෙන්ම අම්ල පිත්ත රෝගයට, දුබල වූ රෝගීන්ගේ ප්‍රතිශක්තිය වර්ධනයට මී පැණි ඉවහල් වේ. මී පැණි වසර ගණනාවක් වුව සුරක්ෂිතව තබා ගැනීමෙන් එහි ගුණ එන්න එන්නම වැඩිවන අතර එය යල් පැනීමක් සිදු නොවේ. මී පැණි තරබාරු අය කෙට්ටු කිරීමටත් අලුත් මී පැණි ගැනීමෙන් කෙට්ටුව මට්ටු කිරීමටත් පුළුවන. එය මානසික ශක්තිය පිරිහීම ද වළකාලයි.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව මී පැණි රසායන හා වාපීකරණ ශක්තිය ලබාදෙන ශුක්‍ර ජනනය කරන ඔසුවකි. කාම ශක්තිය වර්ධනය කරන සෑම ඔසුවක්ම පිළියෙල කිරීමට මී පැණි නැතිවම බැරි ඔසුවකි.නෂ්ට කාමය, ශිෂ්ණය පණ නැති වීම, නපුංසකත්වය යන කාරණා තුනෙන්ම පුරුෂ ශක්තිය බෙලහීන කිරීම නැති කරන්නට මී පැණිවල රසායන සංයුතියට හැකි වේ.

මී පැණි වැඩි වැඩියෙන් ආහාරයට ගැනීමෙන් පුරුෂ ශක්තිය, ආයුෂය, වර්ණය, සැපය, බලය ඇති කරගත හැකිවනවා සේම පි‍්‍රයජනක සිරුරක් ද ඇති කරයි. ආයුර්වේද වෛද්‍යවරුන් මී පැණි කාමෝද්තේජන කල්ක, මෝදක, චුර්ණ සංස්කරණය සඳහා උපයෝගි කරගනු ලබයි. මී පැණිවල පරාග උසස් වාපිකරණ ඔසුවකි. සබඳතා පැවැත්වීමේ දී අප්‍රාණික වන අයට ඌරු තෙල් සමඟ මී පැණි මිශ්‍රකොට එහි ආලේප කිරීමෙන් ඉහත තත්ත්වයන් මග හැරී යයි.

සුදුලූනු ගෙඩි සියයක් පමණ ගෙන එය හොඳ හැටි සුද්ද කොට මැද ඇති ගොබය ඉවත් කොට මඳක් වණ්ඩුවේ තම්බා එය පිරිසුදු එළඟි තෙලෙන් රන්වන් පාට වනතුරු බැද එම එළඟි තෙල් සහිත සුදුලූනු මී පැණි සහිත බඳුනක සුරක්ෂිතව අසුරා උදේට මී පැණි සහිත සුදුලූනු බික් දෙකක් පමණ ආහාරයට ගැනීමෙන් කායික ශක්තිය, ප්‍රබෝධය, ක්‍රියාකාරී බව වර්ධනය වේ.

 
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment