.

ලෙමන් පානය කරනවානම් කාන්තාවන්ට මේ විශ්මිත ප්‍රතිඵල 10 අනිවා ශුවර්.

Loading...

ලෙමන් පානය කරනවානම් කාන්තාවන්ට මේ විශ්මිත ප්‍රතිඵල 10 අනිවා ශුවර්. 

ඔබ උදෑසනම ලෙමන් බීම වීදුරුවක් පානය කිරීමෙන් ඔබේ දවසම ප්‍රබෝධමත්ව ගත කරන්නත් තවත් බොහෝ ප්‍රයෝජන ඔබට ලබන්නත් පුළුවන්. කාන්තාවට ලෙමන් පානය කිරීම ඉතාම වැදගත් දෙයක්. නමුත් මෙය තවමත් ලාංකීය කාන්තාවන් තුළ නම් දක්නට ලැබෙන්නේ නැහැ. උදෑසන කිරි වීදුරුවකින් නොලැබෙනා විශේෂ ප්‍රතිලාභ රැසක් ලැබෙනවා කියලා ඔයාලා දන්නවද?

ලෙමන් හොඳ ප්‍රතිබැක්ටීරීයා කාරකරයක් වගේම ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාවලිය ඉහළ දැමීමේ හැකියවාත් තිබෙනවා. මේ යුෂ ආහාර ජීර්ණය පහසු කරන අතර අක්මාව ආශ්‍රිතව වැළදෙන රෝග අවම කිරීමේ හැකියාවකින් යුක්තයි. අධික තරබාරු කාන්තාවන්ටත් මේ යුෂ පානය කිරීමට පුරුදු වීමෙන් ශරීරයේ අනවශ්‍ය බර අඩු කරගන්න පුළුවන්. Bioflavonoids, කැල්සියම්, සිට්රික් අම්ලය, limonene, මැග්නීසියම්, පෙක්ටීන් සහ විටමින් C වැනි බොහෝ පෝෂ්‍ය පදාර්ථ ලෙමන් පානය තුළ අන්තර්ගත බව ඔබ දන්නවාද?

1. ආහාර ජීර්ණයට උදව් කරනවා.



විෂ හා ශරීරයට අනවශ්‍ය රසායනික ද්‍රව්‍ය බැහැර කිරීමට යුෂ වලට හැකියාව පවතිනවා. ඒ වගේම ආහාරා ජීර්ණය පහසු කිරීමට ශ්‍රාව නිකුත් කිරීම ලෙමන් යුෂ මගින් වර්ධනය කරනවා. කාන්තාවන්ට බහුලවම පවතින රෝගී තත්වයක් වන ඔසප් සමයේදී ඇති වන බඩේ රුදාව හා බඩේ අජීර්ණයට ලෙමන් පානය හොඳ ඔසුවක් වෙනවා.

2. ශරීරය පිරිසිදු වෙනවා.

ඉහතින් සදහන් කළ පරිදි ලෙමන් යුෂ මගින් ශරීරයට අනවශ්‍ය රසායනික ද්‍රව්‍ය බැහැර කරන අතර මුත්‍රා පිටවීමද වර්ධනය කරනවා. මුත්‍රා පිටවීමේ සීඝ්‍රතාව වැඩි වන නිසා ඔබට ශරීරයට පහසුවක් දැනෙනවා. පිටතින් ඔබ පිරිසිදු වෙනවා වගේම අභ්‍යන්තරයෙන් පිරිසිදු උනාම කෙතරම් සුවයක් දැනේවිද. ඒ වගේම කාන්තාවන්ට වැඩි වශයෙන් වැළදෙන මුත්‍රා ආසාදන තත්ව අඩු කිරීමටත් ලෙමන් යුෂ වලට හැකියාවත් තිබෙනවා. ලෙමන් යුෂ තුළ අන්තර්ගත සිට්රික් අම්ලය මගින් එන්සයිම ක්‍රියාවලියත් වර්ධනය කරනවා.

3. ප්‍රතිශක්තීකරණය වැඩි කරනවා.



ලෙමන් යුෂ වල අන්තර්ගත විටමින් C හා saponins ඔබට සෙම්ප්‍රතිශ්‍යාව හා උණෙන් ආරක්ෂාව ලබා දෙනවා. එය තුළ අන්තර්ගත පොටෑසියම් මඟින් මොලයේ හා ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය උත්තේජනය කරන අතර අධි රුධිර පීඩන පාලනය කිරීමටත් හැකියාව තිබෙනවා. තවද ආහාර ජිර්ණයේදී යකඩ ශරීරයට අවශෝෂය කර ගැනීමට විටමින් C උදව් වෙනවා. මේ නිසා කාන්තා ඔබේ ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය වර්ධනයක් වෙනවා.

4. pH අගය සමතුලිතව පවත්වා ගැනීමට උපකාරී වෙනවා.

ලෙමන් ආම්ලික නමුත් එයට ජලය එක් කළ විට තනුක වන නිසා එහි ආම්ලිකතාව අඩු වෙනවා. මේ යුෂ ශරීරය තුළ පරිවෘත්තිය ක්‍රියා වලට උපකාරී වන අතර ශරීරය තුළ pH මට්ටම පවත්වා ගැනීමට උදව් වෙනවා. ඒ වගේම කාන්තාවන්ට පවතින හන්දිපත් රුදාව සමනය කිරීමටත් ලෙමන් යුෂ වලට හැකියාව තිබෙනවා.

5. නිරෝගී සමක් ඔබට ලබාගත හැකි වෙනවා.

කාන්තාවන් විශේෂයෙන්ම සමෙහි ඇතිවන ලප කැළැල් හා සම රැළි වැටෙනවාට කැමති නැහැ. නමුත් ලෙමන් යුෂ පානය ඔබේ සම පිරිසිදුව තබා ගන්නටත්, ස්වභාවිකව සමේ ඇති ලප කැළැල් දුරු කිරීමටත් සමත් වෙනවා. විටමින් C මඟින් ඔබේ කුරුලෑ ඇති කරන බැක්ටීරියා විනාශ කරන අතර සැම නිරෝගීව වර්ධනය වීමට උපකාරී වෙනවා. එක එක ජාතියේ ක්‍රීම් ගාන ඔයාලත් ලෙමන් යුෂ බොන්න පුරුදු උනා නම් කෙතරම් හොඳද?

6. ශක්තිමත්ව හා ප්‍රබෝධමත්ව කටයුතු කිරීමට උපකාරී වෙනවා.



ලෙමන් යුෂ මඟින් ඔබේ එන්සයිම ක්‍රියාකාරිත්වය වර්ධන කරනවා. ඒ නිසා ශරීරය තුළ අන්තර් ක්‍රියා හොඳින් සිදුවෙනවා. මේ නිසා ඔබට නිරන්තරයෙන් ඇතිවන තෙහෙට්ටු ගතිය, අප්‍රසන්න ගතිය අඩු වී ප්‍රබෝධමත් අයෙකු ලෙස කටයුතු කළ හැකි වෙනවා. ඒ වගේම ලෙමන් සුවඳ ආග්‍රහණය වීමෙන් ඔබේ මනසට සුවයක් දැනෙනවා. ඔබට හැකි නම් නිවසේ ඔබට නිතරම ගැවසෙන තැනක ලෙමන් පැළයක් සිටුවා ගන්නේ නම් ගොඩක් වටිනවා. එහි ඵල පාන සකස් කරන්න යොදාගන්න පුළුවන් වගේම ලෙමන් පත්‍ර වලින් එන සුවඳ ඔබව නිරතුරුවම ප්‍රබෝධමත් කරවී.

7. ශරීරය සුවපත් කරනවා. 

ඔබේ සමෙහි ඇති සුව කිරීමේ විශේෂ හැකියාවක් ලෙමන් යුෂ තිබෙනවා. ඒ වගේම අස්ථි, කාටිලේජ හා සම්බන්ධක පටල පවත්වා ගෙන යාමට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ මේ තුළ අන්තර්ගත වෙනවා. සමස්තයක් ලෙස ලෙමන් පානය කිරීමෙන් ඔබට යහපත් සෞඛ්‍යක් පවත්වා ගත හැකි වෙනවා.

8. නැවුම්ව හුස්ම ගත හැකි වෙනවා.



ලෙමන් යුෂ පානය කරන කාන්තාවන්ට එමගින් තම මුඛ සෞඛ්‍ය හොඳින් පවත්වා ගත හැකි වෙනවා. නිරන්තර මුඛය නැවුම්ව පවතිනවා. ඒ වගේම දත් කැක්කුම අඩු කිරීමටත් උදව් වෙනවා. නමුත් නිරන්තරයෙන් ලෙමන් යුෂ පානය කරන විට ඔබේ දත් වල එනමලයට හානි සිදුවිය හැකියි. ඒ නිසා උදෑසන දත් මැද පළමුව ලෙමන් යුෂ පානය කිරීම සුදුසු වෙනවා. ඒ වගේම ලෙමන් පානයෙන් පසුව ඔබ පිරිසිදු වතුර වීදුරුවකින් කට පිරිසිදු කරගන්නවා නම් මේ ගැටලුව හොඳින්ම මඟ හැරගන්න ඔබට පුළුවන්.

9. ඔබේ වසා පද්ධතිය සජලනය කරනවා.

ලෙමන් යුෂ හා උණු වතුර වලට ඔබේ සිරුරේ තරල ප්‍රමාණය වැඩි කර හැකි වෙනවා. ඒ වගේම නින්ද මද බව, මළබද්ධය, විඩාව, මානසික ආතතිය, ශක්තිය අඩු ගතිය දිනකට ලෙමන් යුෂ වීදුරුවක් පානය කරගත හැකි වෙනවා.

10. සිරුරේ බර අඩු කරගැනීමට උදව් වෙනවා.



බොහෝ කාන්තාවන් අන්තර්ජාලයේ සැරිසරමින් තම බර අඩු කර ගත හැකි පහසු මාර්ග සොයනවා. ඒත් ඔබ නොදන්නා කරුණක් තමයි අපි කියන්න හදන්නේ. ලෙමන් යුෂ තුළ ඇති පෙක්ටීන් නම් කෙඳි විශේෂය ඔබේ ආහාර රුචිය අඩු කිරීමේ හැකියාවෙන් යුක්ත වෙනවා. ආහාර පාලනට මෙය උදව්වක් වන නිසා සිරුරේ බර යම් ප්‍රමාණයක් පහත හෙලන්න ලෙමන් පානය ඔබට උදව්වක් වේවි.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment