.

නිතරම කකුල් අතපය අමාරුවක් දැනෙනවානම් මලබද්ද ඔබටත් හැදිලා වෙන්න පුළුවන්.

Loading...

නිතරම කකුල් අතපය අමාරුවක් දැනෙනවානම් මලබද්ද ඔබටත් හැදිලා වෙන්න පුළුවන්.
   
නිතරම කකුල් අතපය අමාරුවක් සමඟ ඇවිදීමේදී දැඩි වෙහෙසක් දැනෙනවා. කකුල්වල බර ගතියක් ද වෙනවා. මට දැනෙන දැඩිම අපහසුතාව නම් මලපහ වීමේදී ඇතිවන වේදනාවයි. එනම් මල බුරුලට යන්නේ නැති නිසා දැඩි වෙහෙසක් දරා මල පිට කිරීමට සිදුවීමයි.

එවිට ලේ පිට වීමක් ද සිදුවෙනවා. පසුව දැවිල්ලක් හට ගැනෙනවා. මලපහ වූ පසු එම දැවිල්ල තිබීම මා හට හරිම අපහසුයි. සමහර අවස්ථාවලදී තැටමීමේදී චූටි ගැටිත්තක් මෙන් එළියට එනවා. මේ සියල්ලම සලකා මා හට උපදෙසක් හා ප්‍රතිකාරයක් කියන්න.

ඔබට බලපා ඇති මේ රෝගී තත්ත්වයන් ඇතිවීමට මෙවැනි හේතු බලපා ඇත. ආහාරමය හේතු, විහරණමය හේතු (ඇවතුම් පැවතුම්) ගුද මාර්ගය මත පීඩනයක් ඇතිවීම, සමහර රෝග නිසා දුර්වල වීම, මන්දාග්නිය සහ ජානමය හේතු වෙයි.

මින් එකක් හෝ වැරදි ලෙස පවත්වාගෙන යාමෙන් අර්ශස් ඇති වීමට පුළුවන. ඔබගේ ඔය රෝග කාරක තත්ත්වයෙන් මිදීමට නම් පහත සඳහන් සංසිද්ධීන්වලින් නිසි පිළිවෙත් රැකිය යුතුයි. ඔබට මින් මිදීමට එම ප්‍රතිකාර විධි ගැන සැලකිල්ලෙන් සිටින්න.

වැරදි ආහාර පුරුදු

* ආහාර අක්‍රමවත්ව ගැනීම

* අව මාත්‍රාවෙන් ආහාර ගැනීම (අඩුවෙන් කෑම)

* අධි මාත්‍රාවෙන් ආහාර ගැනීම (වැඩියෙන් කෑම)

* කෘත්‍රිම ආහාරවලට යොමු වීම

* කට්ලට්, පැටිස්, සොසේජ් බනිස් හා පේස්ටි වර්ග වැනි

කෙටි කෑම

* උෂ්ණාධික ආහාර ගැනීම (බල මාළු, අච්චාරුථ චට්නි සහ සෝස්)

ජීවන රටාවේ වෙනස්කම්

* මල බද්ධතාවය

* මල වේගධාරණය කිරීම

* තදින් ගැස්සෙන වාහනවල ගමන් කිරීම

* ගුද මාර්ගය මත පීඩනයක් ඇතිවීම

* වැඩි වේලාවක් වාහනය පැදවීම

ම තද මතුපිටක ඉඳගැනීම වැනි ඇවතුම් පැවතුම්වලින් යුක්තව ගත කළේ නම් ඔබගේ රෝගී තත්ත්වයට හේතුව එය විය හැකියි. එබැවින් අර්ශස් රෝගියෙකු චර්යාවන් ගැන සැලකිලිමත් වීම වැදගත්ය. එසේත් නොමැති නම් අර්ශස් රෝගය ඔබ කරා ඒමට සමහර රෝග හටගැනීම නිසා ඇතිවිය හැකියි.

* උදර රෝග

* ග්‍රහණිය රෝග

* ප්ලීහාව ලොකුවීම (වෘද්ධි)

ම මන්දාග්නිය ආහාර නිසිලෙස ජීර්ණය නොවීම. ආහාර නිසිලෙස නොපැසවීම (ජීර්ණය) ඔබට අර්ශස ඇති වීමට තුඩු දුන් කරුණ විය හැකියි. සමහර අවස්ථාවලදී ගත් ආහාරයක ඒ අයුරින්ම මල සමඟ පිටවීම මෙලෙස ඇතිවීමයි. ජානමය හේතු හෙවත් පරම්පරාගතව එන රෝග තත්ත්වයක් වීම ද අර්ශස් ඇතිවීමට බලපානු ලබයි.

ඖෂධීය ප්‍රතිකාර

* රත් කරල් හැබ තම්බා බීම.

* බිම් පුහුල් (වැල් බටු, වැල් රඹුටන්), කොහිල අල තම්බා බීම ම ඇහැළ දළු මිටක් මලවා සතියකට දින 3ක් ගැනීම

* බටකිරිල්ල දළු මිටක් මැල්ලුමට ගැනීම

* කොහිල අල කැඳ භාවිතා කිරීම

* කොහිල, රතුළූණු, ගොටු දඬු, මුං ඇට, තම්බා

* ආහාරයට ගැනීම හා එහි වතුර බීම

* නුග, බෝ, අත්තික්කා, ගං සූරිය තැම්බූ ජලයේ වාඩි වී සිටීම.

ප්‍රතිකාර

ශල්‍ය හා ඖෂධ ප්‍රතිකාර ආයුර්වේදයේ මේ සඳහා හඳුන්වා දී ඇත. ප්‍රධානවම ඔබ පහත සඳහන් කරුණුවලින් පරිපූර්ණව ආරක්ෂා විය යුතුයි. එනම් ප්‍රධානවම ආහාර ගැනීමේදී මේ කරුණු ගැන සැලකිලිමත් වන්න.

* කෙඳි සහිත ආහාර ගැනීම

* බත් ලෙස ඕලු, තැම්බූ රතු හාල්, බඩඉරිඟු, මෙනේරි, හීනටි සහල් ගැනීම.

* හැකිතාක් අමුවෙන් සලාද ගැනීම

කතුරුමුරුංගා සලාද, අමු පතෝල සලාද, ගොටුකොළ, කොහිල අල, කෙසෙල් මුව, ගෝවා ආදිය සලාද, කරපිංචා සම්බෝලය, කැරට් සලාදය, ලුනු කොළ සලාදය, කරවිල කොළ සලාදය, මිංචි සම්බෝලය කිරි අගුණ, තෙබු හා මැල්ල කොළ සලාදය පලතුරු හා පලාවර්ග හැකිතාක් ආහාරයට ගැනීම.

* මානසික ආතතිය අඩු කර ගැනීම තුළින්ද අර්ශස් රෝගය අඩු කර ගත හැකියි.

* විශේෂයෙන් ජලය පානය කරන්න.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment