.

ඔබගේ පෙම්වතා ඔබගේ අනාගත සැමියා කර ගැනීමට සුදුසු දැයි කියා දැන ගැනීමට ඉගි 20 ක්

Loading...

ඔබගේ පෙම්වතා ඔබගේ අනාගත සැමියා කර ගැනීමට සුදුසු දැයි කියා දැන ගැනීමට ඉගි 20 ක්

      සෑම කාන්තාවකගේම සිත තුල තිඛෙන විශාල සිහිනයක් වන්නේ තම දිවියට හොද සැමියෙක් ලබා ගැනීමයි. නමුත් ගුණධර්ම පිරිහී යන වත්මන් ලෝකයේ හොද මිනිසෙකු සොයා ගැනීම අතිශයින් දුෂ්කර වැඩක් වී ඇත. ඔබ ඇසුරු කරන පෙම්වතා ඔබට අසීමිතව ආදරේ යැයි පැවසු සැණින් ඔහු මෙලොව සිටින හොදම පෙම්වතා හෝ ඔබ අනාගතයේ අත ගත යුතු සැමියා යැයි තීරණය කිරීම අනුවන ක්‍රියාවකි. හොද පෙම්වතෙක් තුල පහත ගුණාග 20 ඇතුලත් වී තිබිය යුතුයි. ඔබ ඇසුරු කරන පෙම්වතා සතුව

මේ ගුණාංග තිබේ දැයි බලන්න. නැතිනම් ඔහුව අද අත් හරින්න

1. ඔහු කිසි විටකවත් අනුන් ඉදිරියේ ඔබව විහිළුවට නොගනී. ඔබට ලජ්ජා හිතෙන පිඩාවට පත් කරන විහිලු නොකරයි.

2. ඔහු ඔබව පාලනය කිරීමටවත් ඔබව සිරකර තබා ගැනීමටවත් උත්සහ නොකරයි. කිසිදු විටෙක ඔබව මානසික වශයෙන් හෝ සිරකරුවෙකු කරන්නේ නැත.

3. පහලම මට්ටමක සිට වුවත් ඔබව දිරිමත් කිරීමට ඔහු හොදින් දනී.

4. ඔබ කුමන ඇඳුම ඇන්දත් ඔහු සිතන්නේ ඔබ ඉතාමත් අලංකාරවත් කියාය. ඒ ඔහු ආදරය කරන්නේ ගුණධර්ම වලින් අලංකාර වූ ඔබේ ලස්සන හදවතට නිසායි

5. යහළුවන් සහ පවුලේ සාමාජිකයන් සමග කාලය ගත කිරීම ඔබට කොතරම් වටිනවාදැයි ඔහු දනී. ඒ නිසාම ඔබට තනියම කාලය ගත කිරීමට අවශ්‍ය තැන් වලදී පැකිලීමකින් තොරව හා සිත් පිඩාවට ලක් කරන පසුව ප්‍රශ්න කරීම් වලට ලක් නොකර ඔබට නිදහස ලබා දේ

6. ඔබට ඕනෑම දෙයක් තනිවම සිදුකල හැකි බව ඔහු තරයේ විශ්වාස කරනු ලබයි.

7. නමුත් ඔහු ඔහුගේ උදවු ඔබට අවශ්‍ය වූ සැමවිටම ඔබ ලග සිටිනු ඇත.

8. ඔහු කිසිවිටකත් ඔබත් සමග විශාල ගැටළු ඇති කර නොගනියි.

9. ඔහු කිසිවිටකත් මානසිකව ඇද වැටෙනු නොලබයි. එසේ වුවත් එය ඔබට කිසි විටෙක නොහඟවයි.ඒ එමගින් ඔබ දුකට පත් වෙනු ඇතැයි සිතාය

10. ඔහු ඔබ හා සම්බන්ධ වන නියමාකාරය නොදන්නවා වුවත් ඔහු නිතරම ඒ සදහා උත්සහ කරනු ලබයි. නොගැලපීම අවම කර ගන්න විශාල ලෙස උනන්දු වෙයි

11. ඔහු ඔබට කන් යොමුකර කුඩා හෝ දෙයක් වුවත් මතකයේ තබා ගනු ලබයි. ඔහු හොද සවන් දෙන්නෙකි.

12. ඔහු ඔබට ඉතාමත් අවංක වේ. ඔබ බැලීමට එන සෑම අවස්ථාවකදීම වගේ ඔහු කිසියම්ම හෝ දෙයක් ඔබට තෑගි ලෙස ගෙනවිත් දේ.

13. ඔහුට ඔබත් සමග තිඛෙන සම්බන්ධතාවය තරම් වටිනා දෙයක් මෙලොව නැති  අතර එය මනාව ආරක්ෂා කරගනු ලබයි.

14. ඔබ දෙදෙනා දැඩි ලෙස විශ්වාසනීය භාවයකින් යුතුව සිටින අතර ඔබ පවසන සියලුම දෑ ඔහු සැකයකින් තොරව විශ්වාස කරනු ලබයි.

15. ඔහු සෑම විටම ඔබ සමග ආදරය කිරීමට උත්සහ කරනු ලබයි.

16. ඔබ විසින් ඔහුට ලබා දුන් ත්‍යාගය ඔහුට අවශ්‍ය දෙය නොවුනත් ඔහු එය ඉතාමත් ආදරයෙන් ලබාගනී.

17. ඔහු බොහෝ විට සිප ගන්නට කැමති වන්නේ ඔබගේ නළල හා කම්බුලයි.

18. ඔහු ඔබව ඔහුගේ මිතුරු මිතුරියන්ට අදුන්වා දීමට කිසිදු මැලි කමක් දක්වන්නේ නැත.

19. ඔබ දෙදෙනා කුමන කාර්යය සිදු කරමින් සිටියත් ඔහු ඔබ සමග ඉතාමත් විනෝදයෙන් ගතකරනු ලබයි.

20. සෑම විටම ඔහු පෙම්වතෙකුට අමතරව ඔබගේ හොදම මිතුරාද වන බව ඔබේ සිතට දැනේ.

ඔබගේ පෙම්වතාත් මෙවන් ආකාරයේ පුද්ගලයෙක්නම් ඔහුට හොදින් සලකා ඔබ සමගම තබා ගෙන ආරක්ෂා කර ගන්න.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About lanka.ayuruweda

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment