.

ඔබේ සැමියා වෙනතක බැඳෙන රහස් මෙන්න.

Loading...

ඔබේ සැමියා වෙනතක බැඳෙන රහස් මෙන්න.

නෝනලා මහත්තයලගේ පවුල් ප්‍රශ්න එන්න එන්නම වැඩිවන කාලයක් මේ. සමහර ප්‍රශ්න දෙන්න දෙපැත්තට කරන තරමටම දුරදිග යන අවස්ථාවනුත් නැත්තේ නෑ . මේ වගේ දේවල්වලට හේතුව තම තමන්ගේ වැරැදි – අඩුපාඩු නොගැළපීම් නිවැරැදි කරගන්නට උත්සාහ නොකිරීම නේද කියලා සමහර සිදුවීම් දිහා බලනකොට හිතෙනවා.

බලන්න – නෝනා, මහත්තයගෙ වැරැදි කිය කියා එයාට ඇඟිල්ල දික්කරනවා. මහත්තයා නෝනගේ වැරැදි ගැන නිතරම විවේචනය කරනවා. හැබැයි මේ විවේචන නිකම්ම එල්ල වෙනවත් නෙමෙයි. හොඳින් විමසා බැලුවොත් ඒවායේ ඇත්තකුත් තියෙනවා.

ඇත්තටම දෙන්නට දෙන්නා මෙහෙම නෝක්කාඩු වෙන්නේ ඇයි ?

“බඳින්න ඉස්සෙල්ලා නම් මෙයාට මාව හරිම ලස්සනයි. දැන් තමයි මගේ කැත පේන්නේ. මම කැමැති විදිහේ Fashion එකක් කළොත් එයා රටේ නැති ඒවා කියනවා. මම අඳින්නේ මට කැමැති දේ. මම කරන්නේ මට ඕනෙ දේ.. එයා මොනවා කිව්වත් මට මොකද?

ඔන්න, මේ එක නෝනා කෙනෙක් කිව්ව කතාව බලන්න, මේ කියන කතාවෙන්ම එයාගේ වැරැද්ද පේනවා නේද ?

විවාහයට පෙර

බඳින්න ඉස්සෙල්ලා සැමියා ඔබේ ලස්සන අගය කරන්න ඇති. ඔබේ ලස්සන ගැන එයා ආඩම්බර වෙන්න ඇති. ඒත් දෙන්නා එක වහලක් යටට වුණාට පස්සේ ඔබ එයා අකැමැති විදිහට විලාසිතා කරනවා නම් ඔහු ඔබව ප්‍රිය කරන්නේ මොන විදිහටද, ඔබේ ලස්සන දකින්න කැමැති මොන විදිහට කියලා හිතන්නේ නැත්නම් ඇත්තටම ඔහු ඔබ ගැන හුඟාක් කලකිරේවි.ඉස්සර මගේ නෝනට ලස්සන කොණ්ඩයක් තිබුණා. මං එයාගේ කොණ්ඩෙට හුඟාක් ආශා කළා. බැන්දට පස්සේ මගෙන් අහන්නෙත් නැතුව එයා කොණ්ඩෙ කපලා. සම්පූර්ණයෙන්ම දැන් එයාගේ පෙනුම වෙනස් වෙලා. මං ඉස්සර ආදරය කරපු අහිංසක ලස්සනක් තිබුණ කෙනා නෙවෙයි දැන් ඉන්නේ. තියෙන තරම් විකාර මුහුණට කරගෙන අඳින ඇඳුම් එයාට ගැළපෙන ඒවත් නෙවෙයි.”

ඔහු මෙහෙම කියනවා නම් ඔන්න රතුකට්ට පනින්නත් ඉතාම ආසන්නයි.

මේ අහන්නකෝ ඔබ තාමත් පරක්කු නෑ. ඔබට පුළුවන් අලුත් වෙන්න. ඔහු ඉස්සර පෙම් කරපු පෙම්වතිය වෙන්න. ඒ කාලේ වගේ ඔහු කැමැති විදිහට ලස්සන වෙන්න. ඔහුගේ ආදරණීය බව හැමදාම ඔබේ ජීවිතය වාසනාවන්ත කරාවි.

මොනවටද එයා කැමැති ?

චාම් ගතියට…

ඔබ නිතරම ඔහු ඉදිරියේ සිනාමුසුව ඉන්න. බුම්මාගෙන නොරිස්සුමෙන් ඉන්න එපා. සිනාව හරිම වැදගත් දෙයක්. ගැහැනියකගේ චාම් ගතියට වගේ හැමවිටම සිනාමුසු මුහුණෙන් ඉන්න අයට පිරිමි හරිම කැමැතියි. හැබැයි සිනාව ලස්සනට තියෙන්නට නම් දත් නිරෝගීව ලස්සනට තියෙන්න ඕනෙ. දත් කැඩිලා කළුවෙලා දිරලා තියෙනවා දකින්න කවුරුත් කැමැති නෑ. හුඟක් අය දත් මදිනවා දිව මදින්නේ නෑ. හැම වෙලාවෙම කට ගඳ ගසන්නේ නැති විදිහට පිරිසුදුව තබාගන්න. එහෙම නොවුණොත් ආදරණීය සිප ගැනීම පවා අප්‍රසන්න වේවි.

ඔබේ නා දලුවන් ලස්සන තොල් සඟල ඔහු කෙතරම් අගය කරන්නට ඇත්ද? තොල් වැඩිය ලස්සනට පේන්න කියලා නිතරම ලිප්ස්ටික් ගාන්න ඕනේ නෑ. වෙඩින් එකකට වගේ ලස්සනට පේන්න ගෑවට කමක් නෑ. ඔබ පාවිච්චි කරන ලිප්ස්ටික් වර්ණයට ඔහුත් කැමැතිද කියලා අහන්න. එයා කැමැති වර්ණයක් ඔබට තෝරලා දෙන්න කියන්න. ඔබට තෑග්ගකට ලිප්ස්ටික් එකක් ගෙනත් දෙන්නත් ඔහු උනන්දු වේවි. ඔයාට ඔය පාට හරි නෑ. ඔය පාට ගානවට මම කැමැති නෑ කියලා කිව්වොත් රණ්ඩු වෙන්න නම් යන්න එපා.

රෝම වැවිලා…

ඔබ ඔබේ රුව ලස්සනට තියාගන්න උනන්දු වෙනවට ඔහු කොතරම් කැමැතිවේවිද? බලන්න දැන් රුව ලස්සන කරන තැන් රුව ලස්සන කරන ක්‍රම කොයි තරම් තියෙනවද? ඒත් සමහරුන්ට උවමනාවක් නෑ. සමහරුන්ගේ මුහුණේ උඩු තොලේ කම්මුල්වල අත්පාවල රෝම වැවිලා. හරිම අවලස්සනයි. අනවශ්‍ය රෝම ඉවත් කරගන්න. සමහර විට මෙය හෝමෝන ගැටලුවක ලක්ෂණයක් වෙන්නත් පුළුවන්. ඔසප්වීම ප්‍රමාදවීම, දරුඵල පමාවීම වගේ දේවල් අනවශ්‍ය රෝම වලින් පෙන්නුම් කරන්නත් පුළුවන්.

තවත් අයට තියෙන ගැටලුවක් තමයි කුරුලෑ. ඔබේ මුහුණ කුරුලෑවලින් පිරිලා අවලස්සන වෙලා තියෙනවට සැමියා කොහෙත්ම කැමැති වෙන එකක් නෑ. ඒ ඔබේ මුහුණේ ලස්සන දකින්න ඔහු ප්‍රිය කරන නිසයි. මේ ගැන මානසිකව පසුතැවෙන්න එපා. සැමියා සමඟ කතාකර ඔහුත් සමඟ මෙයට ප්‍රතිකාර ගන්න යන්න. බලන්න, සමහර අයගේ මුහුණේ තෙල් ගතිය ඕනෑවටත් වඩා වැඩියිනේ. මෙය පිරිමි අයට ප්‍රශ්නයක්. අනවශ්‍ය විදිහට මුහුණේ තෙල් බේරෙන ගැහැනුන්ට ඔවුන් කැමැති නෑ. මෙය මර්දනය කරගත්ත නම් ප්‍රශ්නයක් නෑනේ. හොඳ ෆේස් වොෂ් එකක් භාවිත කරන්න. රූපලාවණ්‍ය ශිල්පීන්ගෙන් උපදෙස් ගන්න එකත් වඩා හොඳයි. හැබැයි ඕනෑවට වඩා මුහුණ ඩ්‍රයි කරගන්න එපා. ළාවට තෙතමනය තිබෙන මෘදු බව ඇති සිනිඳු මුහුණක් බිරියට තිබෙනවා නම් සැමියා වඩාත් ප්‍රිය කරාවි.

මතක තියාගන්න, පිරිමි අයගේ ඇස් හරියට අන්වීක්ෂයක් වගේ. ඔබේ මුහුණ ළඟින්ම ඉන්නවිට මුහුණේ තිබෙන වැරැදි ඔක්කොම ඔහුට පේන්න පුළුවන්. කණ්ණාඩිය ළඟට ගිහින් හොඳට බලන්න. ඔහු වෙනුවෙන් ලස්සනට ඉන්න නම් මුහුණේ අඩුපාඩු නිවැරැදි කරගන්න. දීප්තිමත් දෙනෙත්, ලස්සන හිනාව, සුන්දර පෙනුම හැම කාන්තාවකටම තියෙනවා. එය විහින් නැතිකරගන්න එපා.

ඔබ ලස්සනට ඉන්න මතක තියාගන්න. ඔබ ලස්සන වෙනකොට ඔබේ ලස්සන ගැන ඔහුගෙන් අහන්න. ඔහු කැමැති විදිහට ඔබ ලස්සන වෙනවා නම් ඔහු ඔබ ගැන ගොඩාක් ආඩම්බර වේවි. ඒ විතරක් නෙමෙයි ඔහු හැන්ඩ්සම් කෙනෙක් වෙන්න ඕනේ කොහොමද කියලා ඔබේ කැමැත්තත් ඔහුට කියන්න. බලන්න දැන් දෙන්නගෙ ගැළපීම ජීවිතය ලස්සන කරන තරම.



උපදෙස්: එක්සත් රාජධානියේ රාජකීය වෛද්‍ය සභාවේ විශේෂඥ වෛද්‍ය අසංග විජයරත්න.
සටහන:  මංජුලා මල්කාන්ති.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About lanka.ayuruweda

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment