.

කෙල්ලනේ මෙන්න කොල්ලන්ගේ 21 මායම් දන්නේ නැත්තම් අදම දැනගන්න.

Loading...

කෙල්ලනේ මෙන්න කොල්ලන්ගේ 21 මායම් දන්නේ නැත්තම් අදම දැනගන්න.

ගැහැණුන්ගේ 64 මායම් ගැන කතා නොකරන කෙනෙක් සමාජයේ නැති තරම්. ගැහැණු කෙනෙක් මොන දේ කලත් අපෝ ඒ ගෑනිගේ මායම් කියලා කියනවා කව්රුත් අහලා ඇති. මේ මායම් ගැන කියලා තියෙන්නේ පුරාණයේ හිටපු සෘෂිවරු.

මායම් ගැන කියන්නේ දේහ ලක්ෂණ විද්‍යාව පදනම් කරගෙන. දේහ ලක්ෂණ කියන දේ ස්ත්‍රීන්ට වගේම පුරුෂයින්ටත් පොදුයි. ඉතින් ඒකෙන්ම පැහැදිළි වෙනවා මායම් කියන දේ ගෑනුන්ට වගේම පිරිමින්ටත් පොදුයි කියන එක

හැබැයි ඒ කාලේ ඉඳලම ස්ත්‍රීන්ගේ මායම් ගැන ප්‍රසිද්ධ වුනා මිසක්, පිරිමින්ගේ මායම් ගැන නම් කව්රුවත් කතා කළේ නෑ. ඒ ස්ත්‍රීන් උපතින්ම සියුමැලි, ළඳබොළඳ, සුකුමාල නිසා වෙන්න ඇති. ඒ නිසාම ස්ත්‍රීන්ගේ හිසේ ඉඳන් පාදාන්තය දක්වා ඇති අංග වල ලක්ෂණ සොයා බලන්න කව්රුත් උනන්දු වුණා. මේ විදිහට හොයා ගත්තු ස්ත්‍රී මායම් 64ක් තියෙනවා වගේම, පුරුෂ මායම් 21ක් තියෙනවා.

අපි කාටත් ජීවිතේ මුණ ගැහිලා තියෙන එක එක පිරිමින්ගේ 21ක් මායම් මෙන්න මේ විදිහට අපි කව්රුත් අත් දැකලා ඇති. කියවලා බලන්නකෝ...

1. උඩුතොල පෙරළා යටිතොල පෙන්වීමග
2. ස්ත්‍රීන්ට පෙනෙන්නට යහළුවන් සමග උසුළු විසුළු වැඩිපුර කිරීම.
3. ස්ත්‍රිය දෙස අනුරාග ලෙස බැලීම.
4. වෙනත් යුවතියක සමඟ කතා කරන බව තමන් කැමති ස්ත්‍රියට හැගවීම.
5. ඇහිබැම හකුළුවා බැලීම.
6. කැමති යුවතිය කියන දේ අසා සිටීම.
7. තම හිසකෙස් අතින් පිරිමැදීම.
8. ඇඳ ඇති ආභරණ හඩ නැගෙන සේ සෙලවීම.
9. සිරුර ඇඹරීම.
10. ඉතා සෙමින් නොදන්නා කෙනෙකු මෙන් ස්ත්‍රිය සමග කතා කිරීම.
11. තම අදහස් කෙලින් නොකියා වහෙන් ඔරෝ කීම.
12. ස්ත්‍රියට පෙනෙන්නට කුඩා දරුවෙකු සුරතල් කිරීම.
13. ස්ත්‍රියගේ උකුලෙහි ඇති දරුවා තම අතට ගෙන සුරතල් කිරීම.
14. ළග සිටින මිතුරා සමග දෙපිට කැපෙන වචන කීම.
15. මිතුරෙකුට හේත්තු වී ඇනුම් අරිමින් නිදිබර ගතිය පෙන්වීම.
16. ස්ත්‍රියට ඇසෙන සේ කාම ශාස්ත්‍රය වාද කිරීම.
17. ස්ත්‍රිය ගේ මිතුරියන් සමග වඩාත් කිට්ටු වීම.
18. ළදරුවන්ට සෙල්ලම් බඩු දී නැවත ගැනීම.
19. ස්ත්‍රිය යන එන සමුහ ගමන්වලට සම්බන්ධ වීම.
20. ස්ත්‍රියට ඇහැක් ගසා අහක බලා ගැනීම.
21. තමා කැමති ස්ත්‍රිය ගැන සැලකිල්ලක් නැති බව ඇයට ඇගවීම.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment