.

නින්ද යන්නේ නැති අයට විනාඩියෙන් නිදාගන්න මෙන්න විශ්මිත තෙලක්.

Loading...

නින්ද යන්නේ නැති අයට විනාඩියෙන් නිදාගන්න මෙන්න විශ්මිත තෙලක්.

මේ තෙල් වර්ග 3 පාවිච්චි කරලා හදන මිශ්‍රණයෙන් පොඩ්ඩක්, ඔබ නිදාගන්න විනාඩි 10 කට කලින් යටිපතුලට දාල බලන්න, ඔබට සැප නින්දක් ලැඛෙනවා අනිවාර්යයි.

අපි හැමෝම දන්නවා ප්‍රමාණවත් තරමට සුව නින්දක් අපිට නොලැබුනොත් ඒක අපේ මුළු සිරුරේම නිරෝගී බවට කොච්චර බලපානවද කියලා. මේ හේතුව නිසා අනිවාර්යෙන්ම රෑට අපි ප්‍රමාණවත් තරමේ සුව නින්දක් ලබාගත යුතුමයි. ඔබත් කොච්චර නිදාගන්න උවමනාව තිබුනත් හරියට නින්ද යන්නේ නැති ප්‍රශ්නේ තියෙන කෙනෙක්ද? එහෙනම් මේක කියවල බලන්නකෝ. අපි ඔබට හොඳ විසඳුමක් දෙන්න යන්නේ.

අපි රෑට හොඳ නින්දක් ලබා ගන්නේ කොහොමද?
ජාතික සෞඛ්‍ය ආයතනයේ නිර්දේශය අනුව අනිවාර්යෙන්ම පාසල් යන වයසේ ඉන්න දරුවෙක් දවසකට පැය 10 ක් වත් අනිවාර්යෙන්ම නිදාගන්න ඕනි. ඒ වගේම අවුරුදු 13 ත් 19ත් අතර කෙනෙක් නම් අනිවාර්යෙන්ම දවසට පැය 9 ක් 10 ක් වත් නිදාගන්න ඕනි. ඒ වගේම වැඩිහිටියෙක් පැය 7 ක් 8 ක් වත් නිදාගන්න ඕනි.

දවසකට පැය 4 ක් වගේ නිදාගන්න පුද්ගලයෝ ලෙඩ රෝගවලට ගොදුරු වෙන අවදානම ගොඩක් වැඩියි.

කොහොම උනත් ඔබ මේ උපක්‍රමය භාවිත කරලා බලන්නකෝ. අනිවාර්යෙන්ම ඔබට සැප නින්දක් ලැඛෙයි.

අපි ඉස්සෙල්ලම බලමු මේකෙට යොදාගන්න තෙල් වර්ග 3 සුව නින්දකට මග පාදන්නේ කොහොමද කියල.



1 මැග්නීසියම් තෙල්

මැග්නීසියම් කියන්නේ අපේ සිරුරේ තියෙන ඛනිජ වර්ග අතරින් 4 වෙනි ස්ථානයට වැඩිපුරම තියෙන ඛනිජ වර්ගය. ඒ උනත් මේ ඛනිජ වර්ගය ලබාගන්න එක බොහොම අමාරු වැඩක්. ඇමෙරිකාවේ වැඩිහිටියන් 30% ක් විතර තමයි දිනකට අවශ්‍ය නියම මැග්නීසියම් ප්‍රමාණය පරිභෝජනය කරන්නේ. අපේ සිරුරේ ක්‍රියාත්මක වන රසායනික ද්‍රව්‍ය 300 ක් සඳහා මේ මැග්නීසියම් වග කියන අතරේ මානසික ආතතියේදී විශ්මයජනක ඖෂධයක් විදියට ක්‍රියාත්මක වෙනවා.

ගොඩක් වෛද්‍යවරුන්ට අනුව මැග්නීසියම් කියන්නේ අපේ ශරීරයේ තියෙන ඛනිජ අතරින් ශරීරය සැහැල්ලු කරන හොඳම ඛණිජ වර්ගය. මේ හේතුව නිසාම ඔබ මැග්නීසියම් තෙල් පාවිච්චි කරනකොට ඔබේ සිරුර වඩාත් සැහැල්ලු බවට පත්වෙලා හොඳ නින්දක් ලැඛෙනවා.

2 ඩේසි මල් සාරයෙන් සැකසු තෙල්

ඔබ නින්ද නොයන ලෙඩෙන් පීඩා විඳින කෙනෙක් නම් ඔබට තියෙන හොඳම ඛෙහෙතක් තමයි ලස්සන ඩේසි මල් වලින් හදන ක‍ය්පදපකැ Chamomle Essential  තෙල්. මේ තෙල්වලත් ඔබේ සිරුර සැහැල්ලු කරන ද්‍රව්‍ය අඩංගු වෙන නිසා සහ හොඳ වේදනා නාශකයක් නිසා මේ තෙල පාවිච්චි කලොත් අනිවාර්යෙන්ම ඔබට සුව නින්දක් ලැඛෙනවා. සාමාන්‍යයෙන් මේ තෙල් වර්ගයට අපේ ආතතිය වැලැක්වීමේ හැකියාවකුත් පවතින නිසා සුව නින්දකට මග සලස්වන්න පුළුවන්.

3 ලැවැන්ඩර් සාරයෙන් යුත් තෙල්
ඔබට ලැවැන්ඩර් සුවඳ පොඩ්ඩක් දැනුනම කොච්චර සැහැල්ලුවක් දැනෙනවද. ඉතින් ඔබට හිතාගන්න පුළුවන් නේද ලැවැන්ඩර් තෙල් වලින් කොච්චර ලොකු සහනයක් ලැඛෙනවද කියල. සුව නින්දක් ලබාගන්න මේ තෙල් ගොඩක්ම ඵලදායී දෙයක්. ඔබ කරන්න ඕනේ නිදා ගන්න කලින් මේ තෙල්වලින් බින්දු කිහිපයක් ඔබේ කොට්ටයට හලා ගන්න එක විතරයි. රාත්‍රිය පුරාම සැපට නිදාගන්න මේක ලොකු සහනයක් වෙයි.

මේ අමුද්‍රව්‍ය 3 න් මුළු සිරුරටම ප්‍රතිකාරයක් නොකර යටි පතුලට පමණක් යොදන්න කියන්නේ ඇයි?

ඔබට ගොඩක් වෙලා හොඳට සැප විදියට නාන්න වෙලාව සහ පහසුකම් තියෙනවා නම් නෑමේදී මේවා භාවිතා කරන එක වඩාත් සුදුසුයි. ඒත් ඔබ මහන්සියෙන් නම් ඉන්නේ යටි පතුලට බින්දු කිහිපයක් දා ගන්න එක තමයි හොඳම දේ.

ඒ වගේම ශරීරයේ අනිත් තැන්වලට වඩා අපේ යටි පතුලේ ඖෂධ උරාගත හැකි විවර ගොඩක් තියෙනවා. මේ නිසා තමයි ගොඩක් වෙලාවට මේ වගේ ඖෂධ අපේ යටි පතුලට යොදන්නේ.

මේ දියරය නිවසේදීම සාදා ගන්න ආකාරය.

අවශ්‍ය ද්‍රව්‍ය
ඩේසි මල් සාරයෙන් සැකසු තෙල් බින්දු 10
මල් සාරයෙන් සෑදු තෙල් බින්දු 10
මැග්නීසියම් තෙල් අවුන්ස 4

සකසන අයුරු
මේ තෙල් වර්ග 3 හොඳින් මිශ්‍ර කර අවුන්ස 4ක ධාරිතාවයකින් යුතු හෝ ඊට වැඩි ධාරිතාවයකින් යුතු වීදුරු බෝතලයකට දමා හොඳින් මිශ්‍ර වන සේ සොලවන්න.

භාවිත කරන අයුරු
3 න් වරක් හෝ 4 වරක් මේ මිශ්‍රණය ඕනෑම පාදයක යටිපතුලට යොදන්න.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment