.

ඔබගේ පෙම්වතා මේ දේවල් හතර කරනවා නම් ඔහුත සමග කවදාවත් විවාහ වෙන්න එපා.

Loading...

ඔබගේ පෙම්වතා මේ දේවල් හතර කරනවා නම් ඔහුත සමග කවදාවත් විවාහ වෙන්න එපා.

සහකරුවන් අතර ඇති සම්බන්ධතාවය, දෙදෙනා අතර ඇති ආදරය සහ ගරුත්වය මත පදනම් වේ. තවද, පරිපුර්ණ ආදර සම්බන්ධතාවයක් පවත්වාගෙන යාම සදහා දෙදෙනා අතර ඇති සන්නිවේදනය, සෙනෙහස, දයාව සහ එකිනෙකාට ඇති සැලකිල්ල ඉතාම වැදගත්.

අවාසනාවන්ත ලෙස ඉහත කී හේතු නිසා අත්හැර දැමූ සම්බන්ධතාවයන් අද බහුල ලෙස දැකිය හැකියි. වඩාත් අවාසනාවන්ත කරුණ නම් මෙම නොගැලපෙන සම්බන්ධතාවයන් ආරම්භ කරන්නේ පුර්ව බිදවැටීමේ ලක්ෂණ තිබියදීත් වීමයි.

කාන්තාවන්ට මෙම ලක්ෂණ ,ඔහුව විවාහ කරගන්න එපා යැයි, හඩගා කියාවි. සබදතාවයන් බිදීයෑමේ ප්‍රධානම ලක්ෂණ හතර වන්නේ,

කෝපය සහ ප්‍රචණ්ඩත්වය
ප්‍රචණ්ඩත්වයේ බලපැම් කායිකවම සිදුවිය යුතුම නැහැ. දරුණු ලෙස වචනවලින් බැන වැදීම්, බඩු භාණ්ඩ කඩා බිද දැමීම ආදී දේවල්ද ප්‍රචණ්ඩත්වයයි. මෙම ප්‍රචණ්ඩත්වය කායිකව ඔබ කරා පැමිණීමට වැඩිකලක් යන්නේ නැහැ. නරකමදේ තමයි, කෝපය සහ ප්‍රචණ්ඩත්වය නිසි උපදේශනයක් නොමැතිවුව හොත් උග්‍ර තත්වයකට පත් වියහැකි වීමයි.

අනාචාරයේ යෑම
,වරක් බොරුකාරයකු නම්, දිගටම බොරුකරුවෙකි, යන යෙදුම තහවුරු වු ඉංග්‍රීසි යෙදුමකි. පුද්ගලයෙකු අනාචාරයේ යාමට වරක් කැමත්ත පලකරයි නම්, එම කැමැත්ත දිගටම පවතී. ඔබේ සහකරුවා පෙර සම්බන්ධතා වලදී අනාචාරයේ හැසිරී ඇත්නම් හෝ දැනට පවතින සම්බන්ධතාවයේ මුල් අවස්ථාවල වංචාවන් කර ඇත්නම් එයින් ගම්‍ය වන්නේ ඔහු ඔබටද ආදරය හා දයාව නොමැති බව හා සම්බන්ධතාවය තවදුරටත් නරක අතට හැරෙන බවයි. සම්බන්ධතාවයක් වඩාත් හොදින් පවතින්නේ එක් සහකාරියක් සමග පමණක් පවත්වන්නේනම් පමණි.



අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment