.

දවස් පහක් මේක බීල බලන්න කිලෝ 3ක් අඩු වෙන හැටි ඔයාලටම පුදුම හිතෙයි

Loading...

දවස් පහක් මේක බීල බලන්න කිලෝ 3ක් අඩු වෙන හැටි ඔයාලටම පුදුම හිතෙයි

ඔබේ ඇෙඟ්ත් බර නියමිත ප්‍රමාණයට වඩා වැඩි වෙලා නේද? සමහර විට එහෙමටම බර වැඩි නැතත් බඩ වැඩියි නේද? ඇඟ වටේටම ටයර් බැහැල නේද? අපි කවුරුත් දන්නවනේ ඉතින් මේකට හේතුව ඕනවට වඩා තෙල්, ලූණු, සීනි දාපු කෑම කන එක කියලා. එහෙම උනාම අපේ ඇෙඟ් හැම තැනම අතිරේක මේදය තැන්පත් වීම නිසා තමයි මේ අවලස්සන පෙනුම එන්නේ. බර වැඩි වීම, අවලස්සන වගේම ලෙඩ වැඩි වෙලා ඇෙඟ් ශක්තිය අඩු වෙන්නත් මෙහෙම තැන්පත් වෙන මේදය බල පානවා. විශේෂයෙන්ම හදවත, අක්මාව, වකුගඩු, දණිස් සන්ධි හා උකුල් ඇට ප්‍රදේශය වැනි අවයව වල නිසි ක්‍රියාකාරිත්වයට මේ මේදයෙන් බාධා ඇති වෙනවා. ඒ වගේම මහත අයට දියවැඩියාව, අධි රුධිර පීඩනය, හදවත් රෝග, පිත්තාශය අක්‍රිය වීම, ගැස්ට්‍රයිටිස් වැනි රෝග වැළදීමේ අවදානමත් වැඩියි.

ඒත් ඉතින් කොච්චර කිව්වත් කටට රහට කන්න කෑම ලැබුනම අපේ කට්ටියට ඔය කිසිම දෙයක් ගැන වගේ වගක් නෑ. සමහරු කියන්නේ කටට රහට කාල ඉක්මනට මැරුණත් සැපයි කියලා. ව්‍යායාම කරන්නත් කැමති අය හරි අඩුයි, විශේෂයෙන්ම දවසක් දෙකක් සිට් අප් 20 ගානේ කරාම සික්ස් පැක් එයි කියල හිතා ගෙන තමයි කට්ටිය වැඩට බහින්නේ. ඒත් ඇෙඟ් මහන්සියටත් එක්ක කන නිසා එයාලගේ බර තවත් වැඩි වෙන එක විතරයි වෙන්නේ ඉතින්. අන්තිමට ගත්තු ජිම් මෙම්බශිප් එක පාවිච්චියකුත් නෑ, බඩේ අඩුවකුත් නෑ. කොච්චර සල්ලි වියදම් කළත් හිටියා වගේමයි.

ඉතින් කෑම වලට බ්රේක් නැති කට්ටියට උදව්වක් වෙන විදිහට හති දාගන්නේ එහෙම නැතුව බර අඩු කරගන්න වට්ටෝරුවක් තමයි මේ කියන්න හදන්නේ. මේක බොහොම ලේසි දෙයක්, හැබැයි බොහොම ලේසියෙන් ප්‍රතිඵලත් ලැඛෙනවා.

අවශ්‍ය දේවල්.

ලෙමන් ගෙඩි 1ක්.
පාස්ලි ග්‍රෑම් 60ක්.
වතුර ලීටර් 3ක්.
හදා ගන්න විදිහ.

ලෙමන් ගෙඩිය හතරට කපල අරගෙන යුෂ ටික ජෝග්ගුවකට මිරිකා ගන්න. දැන් පාස්ලි ටික හීනියට කපා ගෙන වතුර එකේ මිශ්‍ර කරලා එකට අර කලින් මිරිකා ගත්තු ලෙමන් ගෙඩියේ යුෂ ටික එකතු කරන්න. ටිකක් වෙලා හොඳට කවලම් කරලා මේක ශීතකරණයට දාන්න.

පාවිච්චියට ගන්නේ මෙහෙමයි.

දැන් ඉතින් තියෙන්නේ ඕක බොන්න විතරයි. හැමදාම උදේ කෑම ගන්න විනාඩි කිහිපයකට කලින් මේකෙන් වීදුරුවක් විතර අරගෙන බොන්න. (හොඳට කවලම් කරලා බොන්න) මේ විදිහට එක දිගට දවස් 5ක් බොන්න. ඊට පස්සේ දවස් 10ක් බොන්න එපා. අයෙත් 11 වෙනි දවසේ ඉඳන් දවස් 5ක් එක දිගට මේක උදේට උදේට බොන්න. 15 වෙනි දවස වෙද්දී හදා ගත්තු ටික ඉවර වෙලා තියේවි. දැන් දවස් 10ක් තියන එකේ 10 වෙනි දවසේ රෑට අලූතින් තවත් එකක් හදලා ෆ්‍රිජ් එකේ දාන්න. අයෙත් උදේට බොන්න ගන්න. මේ ක්‍රමය දිගටම කරගෙන යන්න තමන්ගේ බර අඩු වෙන කල්.

මේක බොන්න ගත්තම බලා ගෙන ඉද්දි බර අඩු වෙන බව තේරෙයි. විශේෂයෙන්ම වෙනදා වගේ එක එක කෑම කන්න දොළ දුක් එන එකත් නවතීවි. ඇෙඟ් බර අඩු වෙලා ශක්තිය වැඩි වෙනවා කියලා දැනෙන්න ගත්තම කැමති නම් පොඩි ව්‍යායාම පාරකුත් දාන්න. මේකෙන් ඇෙඟ් තෙල් අඩු වුනාට සික්ස් පැක් එන්නේ නම් නෑ, හැබැයි වෙනදට වඩා ලේසියෙන් තමන් කරන ව්‍යායාම කරගන්න පුළුවන් කියල තමන්ටම දැනේවි. ටයර් බැහැලා ගිහින් ඇඟ ලස්සන වෙද්දී තව ටිකක් ජිම් ගිහින් තව ලස්සන වෙන්න පොඩි මොරාල් එකකුත් එනවා. ඉක්මනට ප්‍රතිඵල පේන නිසා එපා වෙලා එක්සයිස් නවත්තලා දාන්න හිතෙන්නෙත් නෑ. වෙනදට හැරිලා බලන්නෙ නැති අය වුනත් ටික ටික ආකර්ෂණය වෙන බවත් දැනේවි. හිත සතුටින් නිසා ජිවිතේ පවා උද්යෝගිමත් වේවි.

ඉතින් මේ සේරටම හේතුව දැන ගන්නත් ආස ඇතිනේ. ලෙමන් කියන්නේ ඉක්මනින් මේදය දහනය කරන වගේම ශරීරයට අවශ්‍ය විටමින් ක‍ හා ඛනිජ ලවණ ඉතා බහුල ආහාරයක්. පාස්ලි වලින් ආහාර ජීර්ණය පරිපුර්ණ කිරීමයි, කෑම රුචිය අඩු කිරීමයි සිද්ධ වෙනවා. මේ දෙකේ සංයෝගයෙන් වෙන්නේ ඇඟට හොඳ නැති තෙල්, ලූණු, සීනි දාපු කෑම අප්පිරියා වෙලා එළවලූ පලතුරු වගේ වටිනා ආහාර ගන්න ආසාවක් එන එක. බඩගින්නක් ආවම ෂෝට් ඊට් කන්න හොයපු කට්ටිය ඒ වෙනුවට පළතුරක් කන්න, ජූස් එකක් බොන්න හොයන්න පටන් ගනීවි. සීනි පුරවාගෙන තේ බීපු කට්ටියට සීනි අඩු තේ වැඩිය රසයි කියලා තේරෙන්න පටන් ගනීවි. කවදාවත් බෑ කියලා හිතාගෙන හිටපු බඩ අඩු කර ගැනීමයි ලස්සන වීමයි ඇත්තටම තමන්ටත් කරගන්න පුළුවන් දේවල් කියලා තේරෙන්න පටන් ගනීවි.

මේක පුදුමයි කියන්නේ එකයි. මේකට මහා ලොකු වෙලාවක් යන් නෑ, ඒත් ප්‍රතිඵල බොහොමයි. නිකන් ඉන්න එකේ අදම උත්සාහ කරලා බලන්න. (මේක සැක අයට කියන්නේ, ලෙමන් ගෙඩියක් බිව්වට ඇඟට ලෙඩක් හැදෙන්නේ නෑනේ, ඉතින් මොකුත් ප්‍රතිඵලයක් ලැඛෙන් නෑ කියලා හිතාගෙන හරි නිකමට කරලා බලන්න.) යාළුවොන්ටත් ිය්රු කරන්න. දවසක අද මේක කියවල කරලා බලන්න හිතුනු එක ගැන ඔයාලටම සතුටු හිතෙයි.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment