.

ඔහු දියවැඩියාව නිට්ටාවට සුවකරගත්තා ඔහු ගත්තේ මෙන්න මේ වගේ බිමක්

Loading...

ඔහු දියවැඩියාව නිට්ටාවට සුවකරගත්තා ඔහු ගත්තේ මෙන්න මේ වගේ බිමක්.

එක්තරා තරුණ මනුස්සයෙක්ට දියවැඩියාවයි අධි රුධිර පීඩනයයි වැළදිලා කියලා දැන ගන්න ලැබුනා අවුරුදු 4කට කලින්. ඉතින් එදා ඉඳන් එයාට ඒ තත්වයෙන් මිදෙන්න දොස්තර මහත්තයා නිර්දේශ කරපු ඛෙහෙත් ජාති වර්ග බොහොමයක් ගන්න වුනා මේ දක්වා. කොහොම වුනත් කාලෙකට පස්සේ ඒ ගැන කල්පනා කරපු එයාට පුළුවන් වුනා ඒ බේත් හේත් මොනවත්ම නැතිව තමන්ගේ දියවැඩියාවයි, අධි රුධිර පීඩනයයි ස්වාභාවිකවම හොඳ කර ගන්න. මේ මනුස්සයා පාවිච්චි කරපු ක්‍රමය තමයි එළවලූ පලතුරු අමුවෙන් ආහාරයට ගැනීම.

මේක නිකන් සුරංගනා කතා පොතකින් ගත්ත එකක් කියලා ඔයාලටත් හිතුණද? එහෙනම් දිගටම කියවලා බලන්න. ඔයාලටත් මේ රෝග තියෙනවා නම්, ඒ රෝග වලින් පීඩා විඳින කෙනෙක්ව අඳුරනවා නම්, මේ ලෙඩ නිසා ගෙවන්න සිද්ධ වෙලා තියෙන ජීවිතේ ස්වභාවය ගැන ඔයාලටත් හොඳ දැනුමක් ඇති. මේ ලිපිය සම්පුර්ණයෙන්ම කියවලා බලල ඒ ජිවිත වලට සහනයක් ලබා දෙන්න තියෙන පහසු ක්‍රම ගැන දැනුවත් වෙන්න. මේ ලබා ගන්න දැනුම අපතේ යන්නෙ නැති බව සහතික වෙන්න පුළුවන්.

කලින් කිව්වා වගේම ඒ මනුස්සයා කවදාවත් නොහිතපු වෙලාවක තමයි දැන ගන්න ලැබුණේ එයාට දියවැඩියාව තියෙන බව. ඒ මීට අවුරුදු 4කට කලින් දවසක එයා දොස්තර හමු වෙන්න ගිය වෙලාවේ. එදා ඉඳන් එයාට දියවැඩියාවේ රෝග ලක්ෂණ පහල වෙලා නිතර නිතරම දොස්තර ලඟට යන්නත් සිද්ධ වුනා. මෙයා හිටියේ විශාල කම්පනයකින්.

සීනි මට්ටම 320ට නැගලා කියලා දැන ගත්ත වෙලේ දොස්තර කියලා තියෙනවා එයාගේ අග්න්‍යාශය තව දුරටත් වැඩ කරන්නේ නැහැ කියලා. මේකේ කාටත් තේරෙන ප්‍රතිඵලය තමයි එයාට මුළු ජීවිත කාලය පුරාවටම පිටින් ඉන්සියුලින් ගන්න සිද්ධ වෙනවා කියන එක.

ඉතින් ඒ මනුස්සයාට ඒ වෙද්දී කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා තිබුනේ නෑ. දොස්තර කියපු ප්‍රතිකාර ගන්නත්, එයා කියපු විදිහේ ආහාර අරගෙන අලූත් ජීවිතයකට හුරු වෙන්නත් මෙයාට සිද්ධ වුනා. නිතරම ඉන්සියුලින් එන්නත් ලබා ගන්නටත්, නිතරම ක්‍රීඩා වල යෙදිලා ක්‍රියාශීලී වෙලා ඉන්නත්, තුවාල ඇති කර නොගෙන පරිස්සම් වෙලා ඉන්නත් මෙයාට සිදු වුනා.

කොහොම වුනත් මේ දේවල් වලිනුත් එයා ලොකු ප්‍රයෝජනයක් ලැබුවේ නැහැ. එයාගේ තත්වය එන්න එන්නම හැරුනේ නරක අතට. දොස්තර කියපු දේවල් කරන්න පටන් අරගෙන ටික කාලයක් ගත වෙද්දී එයා ගන්න ඛෙහෙත් ප්‍රමාණය වැඩි වෙලාම එයාගේ ට්‍රයි ග්ලිසරයිඩ් මට්ටම 16ට නැගලා රුධිර පීඩනය 150/100 පප/්‍යට මට්ටමටම ආවා. ඒ එක්කම එයාට තිබුණු සෞඛ්‍ය ගැටළුත් දරුණු වෙන්න පටන් ගත්තා.

මේ හැම දෙයක්ම නිසා දොස්තර කියන දේවල් අහන එක එයාටත් එපා වෙලා තමයි තිබුනේ. අලූත් අවුරුද්දත් එක්කම එයා දොස්තරගේ උපදෙස් සේරම පැත්තකට දාල එයාට අලූතෙන්ම දැන ගන්න ලැබුන ක්‍රම කිහිපයක් පාවිච්චි කරන්න පටන් ගත්තා. අන්තිමේදී එයාට එයාගේ තිබ්බ ලෙඩ සේරම හොඳ කර ගන්න පුළුවන් විදිහේ ප්‍රතිකාරයක් සොයා ගන්න අවස්ථාව ලැබුනා.

මේකට අඩිතාලම වැටුනේ එයා නරඹපු රුපවාහිනී වැඩසටහනක් නිසා. zවිද්‍යාවේ කෙළවරZ කියලා නම් වුනු ඒ වැඩසටහනේ තිබුනේ අවුරුදු 12ක් පුරාවට අමු එළවලූ පලතුරු ආහාරයට ගත්තු දොස්තර ජෝන් සර්ඩම් එක්ක කරපු කතා බහක්. අනිත් හැම දේම කරලා හෙම්බත් වෙලා හිටපු අර තරුණ මනුස්සයාත් මේක ගැන උවමනාවෙන් හිතන්න පටන් ගත්තා. ඕන දෙයක් වෙන්න කියලා මේක කරලා බලනවා කියන එකයි එයා අවසන් වශයෙන් එළඹුණු තීරණය. බ්ලෙන්ඩර් එකක් මිලට ගත්තු එයා තමන්ගේ ජීවිතේ අලූත් පිටුවක් පෙරලන්න හිතා ගෙන වැඩේට බැස්සා.

මුලදී මුලදී මේ වැඩේ අමාරු කම එයාටම තේරෙන්න ගත්තා. කිහිප සැරයක්ම වැඩේ අත ඇරලා දාන්න හිතුනත් අනිත් කොයි දෙත් උත්සාහ කරලා එපා වෙලා හිටපු නිසා කොහොම හරි ඉවසා ගෙන දිගටම මේක කර ගෙන යන්න එයා අධිෂ්ඨාන කර ගත්තා. එයාගේ කැප වීම අහක ගියේ නම් නෑ. පලමු වෙනි සතිය අවසන් වෙද්දීම එයාගේ රුධිර ග්ලූකෝස් මට්ටම තිබුනේ 90-100 සිමාවේ.

මේ ප්‍රතිඵලය ගන්න අවුරුදු ගානක් තිස්සේ බොහෝ වියදම් අධික දේවල් කරලා බලලත් බැරි වුනු එයාට වැටහුනා මේ ආහාර ක්‍රමයේ තියෙන පුදුමාකාර බලය ගැන. ඊළඟ සතියේ ඉඳන් ඉන්සියුලින් එන්නත් කර ගන්න එකත් නතර කරන්න එයා තීරණය කරලා බැලූවේ අමු එළවලූ පලතුරු කෑමට ගැනීමෙන් සීනි වැඩි වෙන්න හේතුවක් නැති හින්දා. කොහොම වුනත් ඒ වැඩෙන් සීනි ඉහල යන්න ගත්තොත් ආපහු ගන්න ඉන්සියුලින් එන්නත් කිහිපයකුත් එයා සුදානමින් තියා ගෙන තමයි එයා මේකට මුල පිරුවේ. ඒත් ඉතින් හිතුවා වගේම කිසිම අනවශ්‍ය ග්ලූකෝස් වැඩි වීමක් ඇති වුණේ නැහැ. ඇෙඟ් ග්ලූකොස් මට්ටම සෞඛ්‍යමත් තත්වයටම ඇවිත් එයාගේ බර පවා අඩු වෙන්න ගත්තා.

දවස් 25ක් යද්දී බර කිලෝ 11කින්ම අඩු කර ගන්න එයාට පුළුවන් වුනා, ඊට පස්සෙත් එයාගේ බර අඩු වීමේ ප්‍රවණතාව දිගටම පැවතුණා.

මේ ක්‍රමය පාවිච්චි කරන්න පටන් අරන් මාස 4ක් ගත වෙද්දී එය අලූත්ම කෙනෙක් බවට පරිවර්තනය වෙලයි තිබුනේ. එයාගේ කලින් බර කිලෝ ග්‍රෑම් 20කින් අඩු වෙලා තිබුණා වගේම සීනි මට්ටම 80-90 තමයි දිගටම තිබුණේ, එයාගේ අන්තිම ඉන්සියුලින් එන්නත අර ගෙන ඒ වෙන කොට දවස් 120කටත් වැඩියි. රුධිර පීඩනය 120/70ට බැහැලා ට්‍රයි ග්ලිසරයිඩ් මට්ටම 2 දක්වා අඩු කර ගන්න එයට පුළුවන් වෙලා තිබුණේ. කලින් බීපු කිසිම ඛෙහෙත් පෙත්තක් බොන්න උවමනාවක් එයාට ආවේ නෑ. ජිවිතේ කවදාවත් නැති තරමට නිරෝගිව, ශක්තිමත්ව, ක්‍රියාශීලි ජිවිතයක් ගෙවන්න එයාට ඉඩ ලැබිලයි තිබුණේ.

ඉතින් එයාගේ සාර්ථකත්වය ගැන කරපු වාර්තා වැඩසටහනකින් හෙළි වෙච්ච විදිහට මේ කාලය පුරාවට එයා ගත්තු ප්‍රියතම ආහාරය හදා ගන්න හැටි විස්තර කරලා දෙන්නයි මේ හදන්නේ. මේ වර්ග වලින් සමහර ඒවා අපේ රටේ හොයා ගන්න ටිකක් අපහසුයි කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. ඒත් ප්‍රධාන සුපිරි වෙළඳ සල් වලින් හොයලා බැලූවොත් මේවා ලේසියෙන්ම ලබා ගන්න පුළුවන් කියල ඔයාලටම තේරෙයි. මෙච්චර කල් ඛෙහෙත් ගන්න ෆාමසි ගානේ දුවපු එකේ ටිකක් මහන්සි වෙලා මේකත් හොයා ගෙන හදල බලන්නකෝ.



අවශ්‍ය දේවල්.

විශාල ප්‍රමාණයේ කෙසෙල් ගෙඩි පහක්.
ඇපල් ගෙඩි දෙකක්.
කිවි ගෙඩි දෙකක්.
කොළ ගෝවා අතු කිහිපයක්.

සාදා ගන්නා ආකාරය.

කෙසෙල් ගෙඩි පහ ලෙල්ල ඉවත් කරලා බ්ලෙන්ඩර් කරන භාජනයට දා ගන්න. දැන් ඇපල් ගෙඩි දෙකයි කිවි ගෙඩි දෙකයි කුඩා ප්‍රමාණයේ කෑලි වලට කපලා කෙසෙල් ගෙඩි වලට උඩින් දමන්න. අවසාන වශයෙන් කොළ ගෝවා අතු කිහිපය කුඩාවට කපා ගෙන මේ උඩින් දමලා වතුර ලීටර් ½ ක් එකතු කරන්න. විනාඩි කිහිපයක් මේ සියල්ල හොඳටම කුඩු වෙලා ක්‍රීම් එකක් වගේ වෙනකන් බ්ලෙන්ඩර් කර ගන්න. දැන් අපේ ආහාරය සුදානම්.

පාවිච්චි කරන්නේ මෙහෙමයි.

මේ වගේ බීමක් හැම දවසකම හදා ගන්න පුළුවන් විදිහට අවශ්‍ය ද්‍රව්‍ය ටික එක්කෝ හැමදාම හවසට ගේන්න, එහෙම නැතිනම් සතියකට සෑහෙන ප්‍රමාණයක් ගෙනත් ශීතකරණයේ දාල තියා ගන්න. උදේම මේ බීම එක හදා ගෙන උදේ කෑම වේල විදිහට හොඳින් පිරුණු වීදුරු දෙකක් (සාමාන්‍ය මිලි ලීටර් 250 වීදුරුවකින්.) ගන්න. ඉතිරි වෙන ටික දවස ඇතුලත ටිකෙන් ටික බොන්න.

අමතර උපදෙස් කිහිපයක්.

මෙතැනදී අපි පෙන්වලා දුන්නේ අර කලින් කියපු තරුණ මනුස්සයා වඩාත්ම කැමැත්තෙන් ගත්තු බීම එක ගැන විතරයි. ඒත් ඔයා ඒ වගේම හොඳ ප්‍රතිඵල ලබා ගන්න කැමැත්තෙන් ඉන්නවා නම් ඒකට මේ සමග ගන්න අනිත් කෑම වර්ග වලිනුත් ප්‍රවේසම් වෙන්න සිද්ධ වෙනවා. මේ නිසා අලූත් එළවලූ හා පලතුරු, පලතුරු සලාද වගේම කෙලවල්ලා සහ බල මාළු වගේ විටමින් ඊ-12 බහුලව අඩංගු ආහාර වර්ගත් වැඩිපුර කෑමට ගන්න වග බලා ගන්න ඕනේ. කොහොම වුනත් උදේ කෑම වේල විදිහට කලින් කියපු බීම එකෙන් පිරුණු වීදුරු දෙකක් ඇරෙන්න වෙන මොනවත් ගන්න ඕනේ නෑ කියලා හොඳින් මතක තියා ගන්න.

පිරිසිඳු හා නැවුම් එළවලූ පලතුරු කාල කවදාවත් ඔයාට ඕන වුනත් ලෙඩක් හදා ගන්න බැහැ. මොකද එළවලූ පලතුරු වල ඇඟට හානිකර කිසිම දෙයක් අඩංගු වෙන්නේ නැති නිසා. අනිත් කාරණේ තමයි එළවලූ පලතුරු වල හැම දෙයක්ම අඩංගු වෙන්නේ කුඩා ප්‍රමාණ වලින් නිසා එහෙම ගැටළුවක් වෙන්න ගොඩක් කලින් අපේ බඩ පිරිලා අපිට තවත් කන්න බැරුව නවත්තන්න සිද්ධ වෙනවා. ඒත් ගොඩක් තෙල් දාපු, ලූණු දාපු ජාති කෑවම අපේ ඇඟ ලෙඩ කරවන්න බඩට අල්ලන ප්‍රමාණය හොඳටම ඇති.

මේ නිසා අපිට කැමති තරම් එළවලූ පලතුරු කන්න අපිට කිසිම බාධාවක් නැහැ. ඒ නිසා භය නොවී අපි කලින් කියපු බීම එක බීල දවස පටන් අරගෙන නිරෝගී වීමේ අවස්ථාව ඔයාලත් උදා කර ගන්න. මේ ගැන ඔයාලගේ යාළුවොන්ටත් දැන ගන්න සලස්වන්න .

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment