.

කාන්තාවකට ලිංගික උත්තේජනය ඇති කරවන කොල්ලෝ තාමත් නොදන්නා රහස් ක්‍රම 4 මෙන්න.

Loading...

කාන්තාවකට ලිංගික උත්තේජනය ඇති කරවන කොල්ලෝ තාමත් නොදන්නා රහස් ක්‍රම 4 මෙන්න.

කාන්තාවකට ලිංගික උත්තේජනය ඇති වන අයුරු පියවර 4කින්
ලිංගිකව එක්වීම සඳහා වන උත්තේජනය කාන්තාව හා පිරිමියාට ඇතිවෙන ආකාරයේ වෙනස්වීම් පවතින බව මීට කලින් අහලා තියෙනවද? ඇත්තටම මෙම උත්තේජන කාන්තා පිරිමි ආකාරයෙන් යම් යම් වෙනස්වීම් ඇති බව තමයි වෛද්‍යවරුන් පවසන්නේ. තෘප්තිමත් ලිංගික දිවියකට මෙම වෙනස්වීම් හඳුනාගෙන සිටීම හරිම වැදගත්. පියවරෙන් පියවර අපි බලමු කාන්තාවකට ඇතිවන ලිංගික උත්තේජනය කෙබඳු ආකාරයේ එකක්ද කියා.
පළමු පියවර
කාන්තාවකගේ ලිංගික උත්තේජනයකදී පළමුව දැකිය හැකි ලක්‌ෂණය වනුයේ ඇයගේ පියයුරු උත්තේජනය වීමයි. ඉන්පසු තනපුඩු ප්‍රාණවත් වෙනවා. මෙම ලක්‌ෂණ මතුවීමත් සමඟ ඇයගේ ලිංගික ප්‍රදේශයට ගමන් කරන රුධිර ප්‍රමාණය වැඩිවෙන අතර ඒ අනුව එම ප්‍රදේශයේ ක්‍රියාකාරිත්වය ඉහළ යනවා

මෙහිදී ඉතා ඉක්‌මනින් දැකිය හැකි ලක්‌ෂණයක්‌ වනුයේ යෝනි ප්‍රදේශය තෙත්වීම. එය ලිංගික උත්තේජනයක්‌ ඇති වී තත්පර 30 ක්‌ වැනි කෙටි කාලයකදී සිදුවිය හැකියි. උත්තේජනයක් ඇතිවීමට ස්පර්ශය අත්‍යාවශ්‍ය කාරණයක් නොවන බව මතක තබා ගත යුතුයි. සිතිවිල්ලකට වුවත් ලිංගික උත්තේජනයක් ලබා දිය හැකියි.

දෙවන පියවර
මෙහිදී ප්‍රාණවත් භාවයට පත්වූ ලිංගික ප්‍රදේශයේ සක්‍රීය බව යම් පසුබෑමකට ලක්‌වූවා වැනි ලක්‌ෂණ මතුවෙනවා.

ඇතැම් දෙනා සිතන්නේ එවිට ලිංගික උත්තේජනය අප්‍රාණික වූවා කියායි.

නමුත් එය සම්පූර්ණයෙන්ම වැරදි වටහා ගැනීමක්. සිදුවී ඇත්තේ ලිංගික උත්තේජනය අප්‍රාණිකවීමක්‌ නොව ලිංගික කටයුතු සඳහා අවශ්‍ය පසුබිම සැකසී තිබීමයි. එනම් ලිංගිකව හැසිරීම සඳහා අවශ්‍ය කාලය උදාවීතිබීමයි.

තෙවන පියවර
ලිංගිකව හැසිරීමේදී කාන්තාවට මානසිකව ඇතිවන උපරිම තත්ත්වය සුරතාන්තයට පත්වීම ලෙස හඳුන්වනු ලබන බව ඔබ දන්නවා.

සුරතාන්තයේදී ඇයගේ යෝනි ප්‍රදේශයේ මාංශපේශි සංකෝචනයවීම සිදුවනවා. එය යෝනි ප්‍රදේශයෙන් පටන්ගෙන කකුල් අත් පා උදරය ප්‍රදේශය දක්‌වා පැතිර යා හැකියි.

මේ අවස්‌ථාවේදී කාන්තාවගේ රුධිර පීඩනය වැඩි වෙනවා. හෘද ස්‌පන්දනය ඉහළ යනවා. හුස්‌ම ගැනීම වේගවත් වෙලා ගැඹුරු හුස්‌ම ගැනීමක්‌ ඇතිවෙනවා.

සාමාන්‍යයෙන් සුරතාන්තයට පත්වීමෙන් පසු ඇයගේ ඇති වූ ලිංගික උත්තේජනය ක්‍රම ක්‍රමයෙන් පහව ගොස්‌ සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. නමුත් ඇය තුළ මතුවන හැඟීම අනුව සහ ලිංගික ක්‍රියාවේ ස්‌වභාවය අනුව නැවත වරක්‌ ඇය සුරතාන්තයට පත්විය හැකියි. එසේම ලිංගික ක්‍රියාවේ තවදුරටත් යෙදීමේ හැකියාවද පවතිනවා. මෙය පිරිමියාගේත්, කාන්තාවගේත් ලිංගික උත්තේජනයේ දැකිය හැකි වෙනසක්

කාන්තාව සුරතාන්තයට පත්වූ විට ඇයගේ යෝනි මාර්ගයෙන් පිටවන තරලය වැඩිවෙන අතර. ඇතැම් කාන්තාවනට මුත්‍රා සුළු ප්‍රමාණයක්‌ද පිට වෙනවා. මෙය අනිවාර්යයෙන්ම සිදුවන හෝ සිදුවිය යුතු දෙයක්‌ නොවන බව සිහි තබා ගත යුතුයි.

සිව්වන පියවර
සුරතාන්තයෙන් පසු කාන්තාවගේ ලිංගික ප්‍රදේශයේ ඉහිල්වූ මාංශ පේශි සහ රුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයට පත්වීම ආරම්භ වෙනවා.

මෙලෙස කාන්තාව සාමාන්‍ය තත්ත්වයට පත්වීම ඉතා ඉක්‌මනින් සිදුවන්නේ සුරතාන්තයට පත් වූ පසුයි.

සුරතාන්තයට පත් නොවී ලිංගික කටයුතු අවසන් කරනවිට ඇයට සාමාන්‍ය තත්ත්වයට පත්වීම සඳහා වැඩි කාලයක්‌ ගත වෙනවා.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment