.

විවිධ ගුණ දෙන කජු හා පුහුලන් ශුක්‍රානු වර්ධනයට හා දියවැඩියාවට සුව දෙන ඔසුවකි.

Loading...

විවිධ ගුණ දෙන කජු හා පුහුලන් ශුක්‍රානු වර්ධනයට හා දියවැඩියාවට සුව දෙන ඔසුවකි.

 යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හදුන්වන කජූ ලංකාවේ වඩාත් ප‍්‍රසිද්ධ වන්නේ ප‍්‍රණීත ආහාරයක් ලෙසය. එහෙත් මෙය ඖෂධයක් ලෙසින් භාවිත කළ හැකිය. ආයූර්වේදයට අනුව යම් යම් රෝගවලදී කජූ ඇට තෙල් ප‍්‍රයෝජනයට ගනී.

කජු පුහුලන් දරුවන්ට දෙන්න හොඳම පලතුරක්
ආයූර්වේදයට අනුව කජු මිහිරි රසය, පැණි රස මෙන්ම කහට රසයෙන්ද යුත්තය. මදක් උෂ්ණයි. කජු පිළිබදව විස්තර කරන විට කජු පුහුලන් ගැනද කතාකළ යුතුය. ලොව වැඩිම විටමින් ප‍්‍රමාණයක් අන්තර්ගත වස විසෙන් තොර ස්භාවික පලතුරක් ලෙස කජු පුහුලන් හැදින්විය හැකිය.
මෙහි අධික කහට රසය වැඩිහිටියන්ට, විශේෂයෙන් දියවැඩියා රොගීන්ට මෙන්ම කොලෙස්ටරෝල් ඇති අයට ඉතා ගුණයි. කහට රසය නිසා ඇතිවෙන කැස්ස මගහැරවීමට දෙහි ඉස්ම ටිකක් එකතු කර කෑමට ගැනීමෙන් කුඩා දරුවන්ට කජු පුහුලන් අනුභව කිරීමට උනන්දු කළ හැකිය. වස විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු නැති නිසා සිරුරට කිසි ලෙසකින්වත් අගුණ නැත.

අගුණ නැති ගුණ ඇති කජු මද
තයමීන්, නියසීන්, විටමින් B , B 6, C, E, K යන විටමින් වර්ග ද, කැල්සියම්, කොපර්, යකඩ, මැග්නීසියම්, පොස්පරස්, සෙලනියම්, සොඩියම් සින්ක් වැනි ශරීරයට අත්‍යවශය අංශු මාත‍්‍ර මූල ද‍්‍රව්‍ය ද, ඔමේගා 3 පැටී ඇසිඩ් ද, ඔමේගා 6 මේද අම්ල ද ශරීරයට අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල 20 ක අධික ප‍්‍රමාණයක් අන්තර්ගතය. එසේම ප්‍රෝටින්, කාබෝහයිඩ්ඩෙ‍්‍රට්, කෙඳි, සීනි, මේදය අන්තර්ගත වේ. සාමාන්‍ය කජු ග‍්‍රෑම් 28 ක මේදය ග‍්‍රෑම් 12.3 ක් අන්තර්ගතය. මෙහි කෙඳි සැලකිය යුතු ප‍්‍රමාණයක් ඇත.

මල බද්ධයට ඉතා ගුණය.
මෙය වෑංජනයක් ලෙස සකස් කළ හැකිය. කජු කෑමෙන් සිරුර පෘෂ්ටිමත් වන නිසා දරුවන්ට ගුණය. කජු මදවල පොෂණය සහ මේදය අධික නිසා කෙනෙකුට අධික ප‍්‍රමාණයක් අනුභව කිරීම අනුමත කළ නොහැකිය. වමනය, ඔක්කාරය, හිසබර ගතිය. (දිරවීමට අපහසු නිසා) ඇතිවිය හැකිය. අධික ප‍්‍රමාණයක් අනුභවය සුදුදු නැත.

අමු කජු මද හා වියළි කජු මදවල ගුණය වෙනස්
කජු මද ශුක‍්‍රානු වර්ධනයට හිතකරය. අමුකජු මදවල හා වියළි කජු මදවල ගුණ එකිනෙකට වෙනස්ය. මෙසේ වන්නේ වියළි කජු තැම්බීමේදී, බැදීමේදී, හෝ පිලිස්සීමේදී කජු මදවල අඩංගු රසායනික සංයුතියේ සිදුවන වෙනස්කම් නිසාය. අමු කජු වල

කිරි රසය වැඩිය. කජු මෝරන විට තෙල්බවට හැරේයි.
කජු සමග මස් මාළු වැඩිපුර අන්භව කළ විට වයස් භේදයකින් තොරව හිසරදය, මත්බව, බඩ පිපුම, උදර වේදනා ආදී ලක්ෂණ දැකිය හැකිය. එසේම රුධිර පීඩනය පවා තාවකාලිකව ඉහළ යයි. විශේෂයෙන් අවුරුදු 60 ට වැඩි අයට අනුභවයට සුදුසු වන්නේ කජු මද 10 ක් 15 ක් පමණි. නැතිනම් ඉහත කී රෝගී ලක්ෂණ උත්තන්ත විය හැකිය.
කජු ගසේ කොළ යුෂ දත් කැක්කුම, තදබල අතීසාර තත්ත්ව, දියවැඩියාව සඳහා භාවිත කෙරේ… මේහි ඉතා ඉහළ බැක්ටීරියා නාශක ගුණ ඇත.

කජු පිසින්නේ මෙහෙමයි.
කජු මද වෑංජනයක් ලෙස සකස් කිරීමේදී පොල් කිරි සහ තෙල් අඩුවෙන් භාවිත කළ යුතුය. එසේ නොවුනහොත් තව තවත් දිරවීමට අපහසු වෙයි. මුං ඇට, කඩල, ගොටුකොළ, මුකුණුවැන්න, ලීක්ස්, කැරට්, බෝංචි, පතෝල වැනි ද්‍රව්‍ය යොදා කජු වෑංජනය සාදා ගැනීමෙන් එහි රසය මෙන්ම ගුණයද වැඩි කරගත හැකිය. එසෙම තේ පානය කරන විට රස කැවිලි වෙනුවට කජු මද 4 ක් 5 ක් කෑමට ගැනිමට හැකි නම් යෝග්‍ය වේ.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment