.

කෙණ්ඩ පෙරළෙන්නේ ඇයි? දිගටම කෙණ්ඩ පෙරලෙයි නම් භයානකයි වහාම දැනුවත් වෙන්න

Loading...

කෙණ්ඩ පෙරළෙන්නේ ඇයි? දිගටම කෙණ්ඩ පෙරලෙයි නම් භයානකයි වහාම දැනුවත් වෙන්න.

කෙණ්ඩ පෙරළීම නොහොත් පාදයක මස් පෙරළීම වර්තමානයේ මිනිසා පීඩාවට පත් කරන එක් ප්‍රධාන ආබාධයක් ලෙස කරලියට විත් ඇත. එහෙත් එය කුමන කාරණයක් නිසා ඇති වන්නේ ද යන්න නිවැරැදිව දැන ගැනීම කා හටත් වැදගත් වන්නේ ය. එ නිසාම ඒ සඳහා බලපාන ප්‍රධානතම බලපෑම් කවරේ ද? යන්නත්, එවැනි තත්ත්වයක් ඇති වුවොත් ඊට එරෙහිව ක්‍රියාත්මක වන්නේ කෙසේ ද? යන්නත් දැන ගැනීමට අප මේ ලිපියෙන් උත්සාහ ගනිමු. පාණදුර මූලික රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලදී. ඒ අනුව පෙනී යන්නේ දැනුවත් භාවය මෙන්ම ආබාධයට තුඩුදෙන කරුණු පිළිබඳ මනා අවබෝධය තුළින් වේදනාවට ලක් වීම වළක්වාගත හැකි බවයි.

යම් මාංශ පේශියක් තම අනුදැනුමකින් තොරව හදිසියේ සංකෝචනය වීම තුළින් ඒ තත්ත්වය ටික වේලාවක් තිබීම නිසා කෙණ්ඩ පෙරළීම ඇති විය හැකයි. බොහෝ විට මෙවැනි තත්ත්ව දක්නට ලැඛෙන්නේ පාදයේ ඉහළ පේශිවල සහ කලවාවල ඉහළින් පිටුපසට වන්නට ය. එසේම උරහිස් කුහරයේ ද මෙවැනි තත්ත්වයන් දක්නට ලැඛෙයි. කෙසේ වෙතත් මෙවැනි තත්ත්ව වේදනාවක් සහිතව ඇතිවීම බහුලව දක්නට ලැඛෙන්නකි. මෙවැනි ආබාධ ඇතිවීමට බලපාන හේතු දෙයාකාරයකට හඳුනාගත හැකියි. එහි පළමු කාරණය වන්නේ හේතුවක් සහිත ආබාධයන් සහ හේතු රහිත ආබාධයන් ය. ඒ අනුව හේතු සහිත තත්ත්වයේ දී ඇතැම් රෝගී තත්ත්ව මෙන්ම භාවිතා කරන ඖෂධවල බලපෑමක් මේ සඳහා ඇත.

මුත්‍රා වැඩිපුර පිටකරන ඖෂධයක් වන මෙරදිැපසාැ නිසා සහ ්‍යක‍ඔ නැමැති ඖෂධ භාවිතයේ දී මෙවැනි තත්ත්ව ඇතිවිය හැකියි. බොහෝ විට ඇදුම රෝගී තත්ත්වයට ලබා ගන්නා ඖෂධ හේතුවෙන් ද කෙණ්ඩ පෙරළීමේ තත්ත්වය දක්නට ලැබේ. එසේම කොලෙස්ටරෝල් අඩු කිරීම සඳහා භාවිතා කරන ඖෂධ සහ පැඑසඑැචසබැ ඖෂධය භාවිතයෙන් ද මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකියි. කෙසේ වෙතත් මෙවැනි ඖෂධ භාවිතා කරන රෝගියෙකුට ආබාධය ඇති වන්නේ නම් ඒ බව වෛද්‍යවරයාට පැවැසීය යුතුයි. එවිට රෝගියා පරීක්ෂාකර බලා අදාළ ඖෂධ ය වෙනුවට වෙනත් ක්‍රමවේදයක් අනුගමනය කළ හැකියි.

ඉහත තත්ත්වයන්ට අමතරව අක්මා රෝග තත්ත්වයන්වලදී හා ගර්භණී අවස්ථාවලදී ද මෙවැනි ආබාධ මතුවීමේ ඉඩකඩක් පවතී. එනිසා ආබාධිත පුද්ගලයා සෑම විටම අවබෝධයෙන් යුතුව වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවීම වඩාත් වැදගත් ය. මේ කාරණයන්ට අමතරව විශේෂ හේතුවක් නොමැතිව ආබාධයට ගොදුරුවන පුද්ගලයන් සිටී. ඔවුන් ඇතැම් විට අධික ලෙස වෙහෙස මහන්සි වී යම් යම් කාර්යයන්වල නියැලෙන්නන් විය හැකියි. එසේම ව්‍යායාම් කිරීමේ දී ඒ සඳහා ශරීරය සූදානම් කර නොගෙන ව්‍යායාම් කිරීම තුළින් ද ආබාධය මතුවීමේ ඉඩකඩක් පවතී. අධික ලෙස විජලනයට ලක්වන්නන් හට ද මේ තත්ත්වය ඇතිවිය හැකිය. තව ද අධික උණුසුම හා සීතල වැනි දේශගුණික හේතු නිසා මෙකී ආබාධය දක්නට ලැඛෙන අවස්ථා ඇත.

තවත් විටෙක ශරීරයේ සෝඩියම්, පොටෑසියම්, මැග්නීසියම් ලවණ ඌනතාවයකදී මෙය දක්නට ලැබේ. එවැනි තත්ත්වයක් ඇති වූ අවස්ථාවල වෛද්‍ය ප්‍රතිකාර මගින් ඖෂධ ලබා ගැනීමෙන් තත්ත්වය මඟහැරී යා හැකියි. සාමාන්‍යයෙන් පාදයේ කෙණ්ඩා පෙරළීමකදී ක්ෂණිකව ගත හැකි පියවරක් ඇත. එනම් පාදය වළලූකර හන්දියෙන් ඉහළට එසවීමය. එසේම මහපට ඇඟිල්ල තම නිකට දෙසට නැවීමෙන් ක්ෂණිකව තත්ත්වය මඟහැරී යා හැකියි. කෙසේ වෙතත් මේ තත්ත්වය දිගින් දිගටම ඇතිවන්නේ නම් ඒ පිළිබඳ පරීක්ෂා කළ යුතුයි. කුමන කාරණයක් නිසා මෙවැනි ආබාධ මතුවන්නේ ද යන්න නිරීක්ෂණය කර ප්‍රතිකාර කිරීමෙන් තත්ත්වය සුව කර ගැනීමේ හැකියාවක් ද ඇත.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment