.

තේ සහ කෝපි බොන එක ඇත්තටම සිරුරට ගුණද? අගුණද? ඔබත් මේ ගැන අනිවා දැනුවත් වෙන්න.

Loading...

තේ සහ කෝපි බොන එක ඇත්තටම සිරුරට ගුණද? අගුණද? ඔබත් මේ ගැන අනිවා දැනුවත් වෙන්න.
වෙහෙස මහන්සියක්‌ දැනුණ විටකදී මෙන්ම කුස ගින්න දැනුණ විටකදීද "මේ වෙලාවේ තේ එකක්‌ හරි උණු උණු කෝපි එකක්‌ බොන්න තිබුණා නම් කොච්චර හොදද" කියලා කවරකු හෝ කියනවා ඔබත් අසා ඇතිවාට සැක නැහැ. සමහර විටක කිසියම් වැඩක නිරතව සිටින ඔබට කම්මැලිකමක්‌ දැනුණවිටදී තේ කෝප්පයක්‌ හෝ කෝපි කෝප්පයක්‌ බීමෙන් ලැබුණු උත්තේජනය අත්විඳ ඇතිවාට සැක නැත.

තේ කෝප්පයක්‌ බීමෙන් හෝ කෝපි කෝප්පයක්‌ බීමෙන් මෙසේ නව උත්තේජනයක්‌ සිරුරට ලැබෙන්නේ ඇයිදැයි යන්න පිළිබඳව ඔබ මොහොතකට හෝ සිතා ඇද්ද?

ඇත්තටම එවන් උත්තේජනයක්‌ සිරුරට ලැබෙන්නේ තේ/කෝපිවල ඇති පෝෂණ ගුණාත්මක ඖෂධීය තත්ත්වය නිසයි. 

තේවල හා කෝපිවල CAFFAIN (කැෆේයින්) සහ Fක්‌ඩදබදසාs (ෆොලේවනොයිඩ්ස්‌) නැමති රසායනික සංයෝගය අන්තර්ගතව ඇත. ෆෙලේවනොයිඩ්ස්‌ ගත් කළ එහි Caඑeජයසබැ Eචසජ්එeජයසබල Eචසට්‌කකදජ්එeජයසබ යනාදි රසායනික සංයෝග අඩංගුව ඇත. මෙම රසායනික සංයෝග මගින් ස්‌නායු පද්ධතිය උත්තේජනයට ලක්‌කිරීමක්‌a සිදුවෙනවා. 

තේ හෝ කෝපී බීමෙන් අපේ සිරුරට උත්තේජනයක්‌ ලැබෙන්නේ මේ හේතුව නිසා බව ඔබට දැන් වැටහෙනවා ඇත. 

තේ බීම ශරීර සෞඛ්‍යයට අහිතකර නොවුවත් එයට ඇබ්බැහි වීම සුදුසු නැහැ. ඕනෑම කෙනෙකු තේ හෝ කෝපි සඳහා ඇබ්බැහි වීමක්‌ සිදුවීමට පුළුවන්. ඒ ගැන ඔබ තරමක්‌ සැලකිළිමත් විය යුතුයි. ඕනෑම දෙයක්‌ ඕනෑවට වඩා වඩා සුදුසු නොවේ යෑයි අප අතර කියමනක්‌ තිබෙනවා. ඒ ගැන ඔබ අවධානය යොමු කිරීම වැදගත්. 

තේ, කෝපිවල අඩංගුව ඇති Fක්‌ඩදබසාs (ෆෙලේවනොයිඩ්ස්‌) රසායනිකය මගින් අප ශරීරයේ ඇති (රුධිරයේ) කෘඛ (කොලෙස්‌ටරෝල්) නැති කිරීමද සිදු කරනවා.

එමෙන්ම තේ හා කෝපිවල ඇති කෙදිමය ස්‌වභාවය නිසා කොලෙස්‌ටරෝල් අවශෝෂණය අඩු කිරීමද එහි ප්‍රතිඔක්‌සිකාරක ස්‌වභාවය නිසා කොලෙස්‌ටරෝල් විනාශ කිරීමද සිදුවේ. මේ නිසා තේ පානය හෘද රෝගීන්ට වඩාත් හිතකරවේ. සමහර අය

තේ එක රසකර ගැනීමට විවිධ උපක්‍රම හා රසකාරක භාවිත කරන්නට නිතතින්ම පෙළඹේ. ඔබේ තේ බදුනට දෙහි ඇඹුල් ස්‌වල්aපයක්‌ මිශ්‍ර කිරීමෙන් ඊට රසයක්‌ එක්‌කර ගත හැකිය. ෆෙලේවනොයිඩ්ස්‌ නිසා රුධිරයට Fe 3 + (අයන් ) වැඩිපුර අවශෝෂණය කිරීමද සිදුවේ. එමෙන්ම ශරීරයට විෂ සහිත රසායනික කාණ්‌ඩ වලින් අපේ සිරුර ආරක්‌ෂා කර ගැනීමේ හැකියාවක්‌ද තිබේ. එමෙන්ම මෙය බැක්‌ටීරියා වයිරස්‌වලට ප්‍රතිශක්‌තියක්‌ ලෙසද ක්‍රියා කරයි. ඒනිසා වයිරස්‌ හා බැක්‌ටීරියාවලට එසේ ක්‍රියා කිරීමට අප සිරුරේ ප්‍රතිශක්‌තියක්‌ද වඩවයි. 

තේ හෝ කෝපි බීමෙන් මානසික උද්දීපනයක්‌ මෙන්ම අප ඉහත සඳහන් කළ ආකාරයට ශාරිරික උත්තේජනයක්‌ද ලැබේ. ඒ නිසා වැඩ කරන කෙනෙකුගේ කාර්යක්‌ෂමතාවය වැඩි දියුණු කරයි. 

තේ සහ කෝපි බදුන මගින් ශරීරයට පෝෂණයක්‌ ලැබේ. තේ හා කෝපි පානය කිරීමේදී සීනි ද භාවිත කරන නිසා ශක්‌ති ප්‍රමාණයක්‌ද සිරුරට ලැබේ. එම නිසා බඩගිනි වෙලාවට තේ හෝ කෝපි කෙටි ආහාර වේලක්‌ ලෙසද පානය කළ හැකිය.

වැඩිහිටියන්ට පමණක්‌ නොව මාස හය පමණ සිට කුඩා දරුවන්ටද තේ කහටවලට සීනි ස්‌වල්පයක්‌ මිශ්‍ර කර දීමද සුදුසුයි. 

පාසල් දරුවන්ට පැණි බීම බීමට දෙනවාට වඩා තේ පානය කිරීමට දීමද අහිතකර නොවේ. පාඩම් කටයුතුවල යෙදීසිටින දරුවන්ට මෙන්ම නිදිමරාගෙන වැඩ පලෙහි යෙදන අයටද තේ හා කෝපි බීමෙන් මානසික උත්තේජනයක්‌ ශාරීරික උත්තේජනයක්‌ ලබා ගත හැකියි.
බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ 
පෝෂණ විද්‍යාඥ 
වෛද්‍ය සෙලි ප්‍රනාන්දු 
සාකච්ඡා කළේ 
සුගත් ශාන්ත මොරගහකුඹුර 

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment