.

ශරීරය පැහැපත් කරගන්න ඕනෙනම් හරි හරියට අඹ පානය බොන්න.මෙන්න අඹ වල සැගවුන විශ්මිත රහස්.

Loading...

ශරීරය පැහැපත් කරගන්න ඕනෙනම් හරි හරියට අඹ පානය බොන්න.මෙන්න අඹ වල සැගවුන විශ්මිත රහස්.

සිසිල් ගතිය නිසා මනසට ප්‍රබෝධයක් ඇති කරන ශරිරය බලවත් කරන පානයකි අඹ. වයස් භේදයකින් තොරව පානය කළ හැකිය. කවුරුත් කැමති පානයකි. ශරීරය පෘෂ්ටිමත් කරයි. ශරිරයට අවශ්‍ය විටමින් බොහෝමයක් මෙහි අඩංගුය. එසේ නම් අපි පස් දෙනෙකුට අඹ බීම සාදා ගන්නා ආකාරය විමසා බලමු.

අවශ්‍ය කරන ද්‍රව්‍ය

ඉදුණු සාමාන්‍ය ලොකු අඹ ගෙඩි 03 අවශ්‍ය ප්‍රමාණයට සීනි, ලුනු දෙහි බිංදු කිහිපයක් , වතුර ලීටර් 01

 සාදන ක්‍රමය

ප්‍රථමයෙන් අඹ ගෙඩි ටික හොඳින් පිරිසුදු කර පිට පොත්ත ඉවත් කර අඹ යුෂත් සමග කැලිවලට කපා බ්ලෙන්ඩරයට දමා එයට වතුර ටිකක් දමා අඹ ටික බ්ලෙන්ඩර් කර බීම සාදන භාජනයකට දමා එයට අවශ්‍ය ප්‍රමාණයට සීනි හා ලුනු එක්කර දෙහි බිංදු කිහිපයක්ද දමා හොඳින් කලවම් කර පානය කළ හැක. අවශ්‍ය නම් ශීතකරණයේ තබා පානය කළ හැක.

මෙහි ගුණ

අඹ වල ඇති වීර්ය (උෂ්ණ) බව නිසාම ඇඟ සිසිල් කිරීමේ හැකියාව ඇත.

මධුර රසය ( පැණි රස ) ශරීරය පැහැපත් කරයි.

සමේ වර්ණය ආරක්‍ෂා කරයි. ශරීර ශක්තිය ඇති කරයි. රක්ත හීනතාවය (ලේ අඩු බව) දුරු කරයි

සිසිල් බව නිසා මනසට ප්‍රබෝධයක් ඇති වන අතර ශරීරය බලවත් කරයි.

මුඛ රෝග (දත් මුල් දියවීම, මුඛ දුර්ගන්ධය, ලේ ගැලීම) වලක්වා ලීමේ හැකියාව අඹ යුෂ සතුව පවසයි.

කෑම අරුචිය (බඩගින්න මදිකම), ස්ත්‍රීන්ගේ ඔසප් ප්‍රමාද වීම් ආදී මෙන්ම අක්‍ෂි රෝග නිවාරණය කිරීමේ හැකියාව පවතියි.

දෙඅත්හි ගොරෝසු බව, අත්ලට දහඩිය දැමීම, හිසකෙස් යාම ආදියට ද අඹ යුෂ ඉතාම ගුණදායකය. විශේෂයෙන් ගර්භණී මව්වරුන්ට අඹ යුෂ ඉතාම සුදුසුය.

අගුණ වන අවස්ථා

ඇඟ කැසීම, නිතර පවතින නිතර හමේ රෝග (දද, තුවාල , කුෂ්ඨ) මුත්‍රා දැවිල්ල, අම්ල පිත්ත (ගැස්ට්‍රයිටීස්) ආදී රෝගීන්ට නම් අඹ යුෂ ගුණදායක නොවේ.

තද කැස්ස පවතින විටදී මෙන්ම අධික වශයෙන් ඔසප් වීම් සිදුවන අවස්ථාවලදී අඹ යුෂ එතරම් ගුණදායක නොවේ.

මෙහි අඩංගු දේ

විටමින් C විටමින් B
පොස්පරස් කැල්සියම්
ඛනිජ ලවන ප්‍රෝටීන්

අඹ ඉතාමත් රසවත් පලතුරක් වන අතරම කවුරුත් පි‍්‍රය කරන පානයකි. සැම ගෙවත්තකම දැකිය හැකි පලතුරක් වන අතරම අඹ බීම සාදා ගැනීමට වැඩි මුදලක්ද වැය නොවේ.

ආර්. යටවතුර


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment