.

නිතර නිතර මුත්‍රා ආසාදන ඇතිවෙනවානම් පරෙස්‌සම් වෙන්න.

Loading...

නිතර නිතර මුත්‍රා ආසාදන ඇතිවෙනවානම් පරෙස්‌සම් වෙන්න.

මේ දිනවල පවතින අධික රස්‌නය නිසා සිරුරින් පිටවන දහදිය ප්‍රමාණය ද වැඩිය. දහදිය පිටවන විට තිබහ ඇතිවීමද සිදුවේ. එවිට අප බොහෝ දෙනා තිබහ නැතිකර ගැනීමට පැණි බීම වර්ග පානයට යොමුවේ. මින් තිබහට යම් සහනයක්‌ ලැබුණ ද පසුකාලීනව විවිධ රෝගාබාධ රැසකට හේතුකාරකයක්‌ බවට පත්වේ. විශේෂයෙන්ම මුත්‍රා ආසාදන සඳහා මෙය එක්‌ හේතුවකි.

අප නිතර නිතර මුත්‍රා ආසාදනවලට ලක්‌වීමෙන් සිරුරේ ඉන්ද්‍රියයන් රැසකට හානි සිදුවේ. වකුගඩු පෙනහළු සහ අක්‌මාව ඉන් ප්‍රධාන තැනක්‌ ගනී.

නාඩි වෛද්‍ය විද්‍යවේ මහා Rෂිවරුන් විසින් නිතර මුත්‍රා ආසාදනවලට ලක්‌වන පුද්ගලයන් පිළිබඳව හඳුන්වා ඇත. ඔවුන්ගේ පෙනහළු තෙත් බවින් යුක්‌තය. පපුවේ උඩ කොටස රිදුම් දේ. කටින් දුර්ගන්ධයක්‌ මතුවේ. නිතර අධික ලෙස දහදිය දමයි. සිරුරේ රත් පැහැති බිබිලි හටගනී. සම දුර්වර්ණ වේ.

මුත්‍රා ආසාදන නිසා මතුවන රෝගාබාධ

නිතර නිතර මුත්‍රා ආසාදන හටගැනීම නිසා වකුගඩු හානිවේ. අක්‌මාව සහ පෙනහළු ඉදිමුමට ලක්‌වේ. දහදිය අධික දුර්ගන්ධයෙන් යුක්‌තවේ.

වර්තමානයේ වකුගඩු රෝගාබාධ සහ පෙනහළු ආශ්‍රිත රෝග හටගත් පුද්ගලයන් පිළිබඳව වැඩිදුර පරීක්‍ෂාවේදී හෙළිවන්නේ ඔවුන් බොහෝ දෙනකු නිතර මුත්‍රා ආසාදනවලට ලක්‌වී ඇති බවය.

මුත්‍රා ආසාදන වලක්‌වා ගැනීම

අප දිනපතා පානය කරන ජලය නටනතුරු උණු කර නිවාගත් ඒවානම් එම ජලය සිරුරට ඉතාමත් හිතකරය. නමුත් බොහෝ දෙනාට එය නිතර සිදු කළ නොහැකි වන්නට පිළිවන. එනිසා බීමට ගන්නා ජලය නළ ජලය හෝ පානීය බෝතල් ජලය පානයට යොමුවිය හැකිය. ළිං ජලය පාවිච්චි කරන්නේ නම් උණු කර නිවා ගැනීම අත්‍යවශ්‍යය.

යම් පුද්ගලයකුගේ මුත්‍රා අධික දුර්ගන්ධ නම් මුත්‍රා කරන විට දැවිල්ලක්‌ ඇතිවේ නම් මුත්‍රා අධික උණුසුම් නම් වහාම වෛද්‍ය පරීක්‍ෂාවකට ලක්‌විය යුතුය.

මුත්‍රා ආසාදන පාලනය සඳහා අත් බෙහෙත්

මුත්‍රා ආසාදන නිතර ඇතිවන පුද්ගලයනට නිල් අල කොළ ගසෙහි කොළයක්‌, ලබු දළු ටිකක්‌, කහට මල්, ඇඹුල් ඇඹිලිය කොළ, ඇඹරැල්ලා දළු, වඳුරු මෑ ඇට සමව ගෙන තම්බා දිය හැර දිය කිරි හෝ පිටිකිරි සමග එක්‌කර ආහාරයක්‌ ලෙස සකසා දිවා ආහාර සඳහා සතියකට දින කිහිපයක්‌ එක්‌කර ගැනීම සුදුසුය.

වරකා ගසේ දළු (පැණි වරකා දළු වඩාත් සුදුසුය) කරපිංචා දළු, සුදු ලුණුවිල දළු, කාමරංකා දළු, වල් කොත්තමල්ලි දළු, කළු කැම්බේරිය දළු, ඉරිවේරිය දළු සමව ගෙන ලී වංගෙඩියක කොටා එම යුෂ පිරිසිදු එළඟිතෙල් කාලක්‌ සමග මිශ්‍ර කර හොඳින් කකාරා සීනි නොදමා උදැසන තේ පානය වෙනුවට භාවිතා කළ හැකිය.

නාඩි වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය වෛද්‍ය ජිනසිරි ලියන්වෙල
අංක 118/2, අඟුලාන දුම්රියපොළ පාර, උද්‍යාන මාවත, අඟුලාන, මොරටුව.
දුරකථන (- 0112632225



අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment