.

මාළු, කුකුළු මස් ආයු වඩයි හරක් මස් ඌරු මස් ආයු නසයි මස් මාළු ගැන අපි නොදන්නා මෙ දේවල් ගැන ඔබත් දැනුවත් වෙන්න.

Loading...

මාළු, කුකුළු මස් ආයු වඩයි හරක් මස් ඌරු මස් ආයු නසයි මස් මාළු ගැන අපි නොදන්නා මෙ දේවල් ගැන ඔබත් දැනුවත් වෙන්න.

රටකජු, ආමන්ඩ් වැනි ඇට වර්ග සහ කුකුළු මස් හා මාළුවල අඩංගු ප්‍රෝටීන් මිනිසාගේ ආයු කාලය වැඩීමට ඉවහල් වේ.

මේදයෙන් තොර මාංස ජනක ආහාර අනුභවයෙන් ආයු කාලය දිගු වන බව නවීන පර්යේෂණවලින් හොයා ගෙන තිබේ. කුකුළු මස් හා මාළු, රටකජු, ආමන්ඩ් වැනි ඇට වර්ග සහ මාළුවල අඩංගු ප්‍රෝටීන් මිනිසාගේ ආයු කාලය වැඩීමට ඉවහල් වන බවත්, හරක් මස්, එළු මස්, ඌරු මස් බිත්තර හා කිරි ආහාරවල අඩංගු ප්‍රෝටීන් මිනිසාගේ ආයු කාලය අඩු කරන්නට සමත් වන බවත් ඇමෙරිකා වෛද්‍ය සංගමය මඟින් නිකුත් කර ඇති වෛද්‍ය සඟරාව ප්‍රකාශ කරයි.

ඇමෙරිකාවේ හාර්වර්ඩ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විශේෂඥ‍වරුන් පිරිසක් විසින් දසක තුනක් මුළුල්ලේ පුද්ගලයන් 130,000 ඇසුරේ කරන ලද පර්යේෂණවලින් මේ කරුණු අනාවරණය වී තිබේ.

රතු පැහැති මස් අතර වඩාත් ම අහිතකර වන්නේ හරක් මස් සහ ඌරු මස් ය. සත්ත්ව ප්‍රෝටීන මිනිස් සිරුරෙහි වර්ධනයට හා ශක්තිය ජනනය කිරීමට සුදුසු වුවත් හරක් මස්වල සහ ඌරු මස්වල ඇති ප්‍රෝටීන ඔබගේ ආයු කාලය කෙටි කිරීමට විශේෂයෙන් ම බලපාන බව එම පර්යේෂණයෙන් සනාථ වී තිබේ. මේදය බහුල වන ප්‍රෝටීන් සහිත සත්ත්වමය ආහාර වන චීස් සහ බිත්තර එතරම් හානිකර නොවේ. එහෙත් දියවැඩියාව අධික රුධිර පීඩනය ඇති, රුධිරගත කොලෙස්ටරෝල් අධික ස්ථුලතාවයෙන් පෙළෙන රෝගීනට එම ආහාර එතරම් සුදුසු නැත. මධ්‍යසාර සහ දුම් පානය කරන පුද්ගලයන්ට ද මේ ආහාර බහුලව ගැනීම මරණ අවදානම ඉහළ නංවන බව ද එම වාර්තාව පෙන්වා දෙයි.

මේ පර්යේෂණය මෙහෙයවූ විශේෂඥ පර්යේෂකයකු පවසන්නේ ශරීරයෙහි ප්‍රෝටීන අවශ්‍යතාව සපු‍රා ගැනීම සඳහා මිනිසා ශාකමය ප්‍රෝටීන වර්ග වෙත යොමුවීම වඩාත් සුදුසු වන බවයි. ඇට වර්ග, ධාන්‍ය පියලි ආහාර වැනි දේ බහුලව ගැනීමෙන් නිර්මාංස ආහාර ගන්නා පුද්ගලයන්ට අවශ්‍ය ප්‍රෝටීන අවශ්‍යතාව සපුරාගත හැකි ය. මස් මාංස ආහාරයට ගන්නේ නම් මාළු සහ කුකුළු මස් ආහාරයට ගැනීම වඩා සුදුසු බව වෛද්‍යවරු උපදෙස් දෙති‍.

මින් පෙර වෛද්‍යවරුන් උපදෙස් දුන්නේ මස් වර්ගවල බහුලව ප්‍රෝටීන අඩංගු වන හෙයින් ඒවා ශාක ප්‍රෝටීනවලට වඩා ඉක්මනින් සිරුරට ශක්තිය ගෙන දෙන බවයි. එහෙත් මෑත කාලීන පර්යේෂණ ප්‍රතිඵල අනුව ඔවුන් පවසනුයේ ශාක ප්‍රෝටීන ද ඒ හා සමාන ගුණයක් හා ජවයක් ලබා දෙන බවයි.

මරණයට වැඩි සබඳතාවක් දක්වන්නේ කවර ප්‍රෝටීන වර්ග දැයි මේ පර්යේෂකයන් සොයා බැලූ කල හෙළි වී ඇත්තේ සකස් කරන ලද මෙන් ම අමු රතුමස් වර්ග අතරින් හරක් මස් හා ඌරු මස් වඩාත් අවදානම් බවයි.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment