.

බිව්වොත් ලෙමන් යුෂ ගෙනෙයි පරමායුෂ ලෙමන් වල තියෙන මෙ විශ්මිත ඖෂධීය ගුණ ගැන දන්නේ කවුද?

Loading...

බිව්වොත් ලෙමන් යුෂ ගෙනෙයි පරමායුෂ ලෙමන් වල තියෙන මෙ විශ්මිත ඖෂධීය ගුණ ගැන දන්නේ කවුද?

ලෙමන් යුෂ වශයෙන් පානය කළ හැකි ඖෂධීය ගුණයෙන් යුතු පලතුරකි. යුෂ වශයෙන් පානය කිරීම හැරෙන්නට ලෙමන් ගෙඩියක සෞඛ්‍යමය වශයෙන් වාසිදායක තත්ත්වයන් රැසක්‌ පවතින බව බොහෝ දෙනා නොදනිති. සුළු පිරිසකට ලෙමන් ආසාත්මික තත්ත්වයක්‌ ඇති කළද මෙම ස්‌වාභාවික පළතුරු වර්ගය මිනිසාගේ ශරීර සෞඛ්‍යයට හිතකර වාසි ගණනාවකින් යුක්‌තය.

සීට්‍රස්‌ කුලයට අයත් පලතුරක්‌ වන ලෙමන් විටමින් සී යහමින් අඩංගු පලතුරකි. "නිම්බුපානි" යනුවෙන් ඉන්දියාවේ ප්‍රචලිත ලෙමන් යුෂ ආහාර පිළියෙල කිරීමේදී මෙන්ම බෙහෙත් වර්ග සැකසීමේදීද යොදා ගැනේ. ලෙමන් යුෂ පෝෂ්‍යදායී පානයකි. උදැසන පානය කරන්නේ නම් එයින් ලැබෙන පෝෂණ ගුණය ඉහළ මට්‌ටමක පවතී. විශේෂයෙන්ම යමෙකු උදැසන තේ කෝප්පය කිරි රහිතව සකස්‌ කර ගන්නේ නම් කිරි වෙනුවට ලෙමන් ස්‌වල්පයක්‌ හා මී පැණි තේ කෝප්පයට එක්‌ කර ගත හැක.

දිනපතා ආහාරයට ලෙමන් යුෂ එක්‌කර ගන්නේ නම් එහි වාසිදායක තත්ත්වය ඉහළය. ලෙමන් විශේෂයෙන්ම ආහාර ජීර්ණ ප්‍රශ්න මඟ හරවා ගැනීමට උපකාරී වේ. එහි ඇති ජීර්ණ ක්‍රියාවලිය පහසු කරලීමේ ගුණය නිසාම පපුවේ දැවිල්ල, වැනි තත්ත්වයන් සමනය කිරීමට උපකාරී වේ. පුරාණයේ කාන්තාවන්ට උණ රෝගය හෝ උදරාබාධ තත්ත්වයක්‌ හටගත්විට ලෙමන් යුෂ කෝප්පයක්‌ ලබාදීම සිරිතක්‌ විය.

ලෙමන් සමේ රෝග තත්ත්වයන් මඟ හරවන පලතුරක්‌ද වේ. ඉන්දියාවේ බොහෝ දෙනෙකු තම ශරීරයෙහි බර අඩු කර ගැනීම සඳහා ලෙමන් යුෂ හා මී පැණි එකට මිශ්‍ර කර පානය කිරීමට හුරුවී සිටිති.

උගුර රිදීම ඇතුළු උගුරේ ආසාධනයන් රැසකට ලෙමන් යුෂ ප්‍රත්‍යක්‍ෂ ඔසුවක්‌ වේ. පොටෑසියම් ලවණ ඉහළ මට්‌ටමක පැවැතීම නිසා හෘදයාබාධය වැළඳුණු පුද්ගලයන්ට ලෙමන් යුෂ ඖෂධීය පානයකි. වෛද්‍යවරුන්ට අනුව පුද්ගලයන්ගේ අධි රුධිර පීඩනය වැනි රෝගී තත්ත්වයන් පාලනය කිරීම සඳහා ලෙමන් ඉතා යෝග්‍යය.

එය මිනිස්‌ සිරුරට ආසාදන තත්ත්වයන් කරනු ලබන ක්‍ෂද්‍ර ජීවීන්ට පහරදී සිරුරෙහි ආසාදන තත්ත්වයක්‌ ඇති කර වැළැක්‌වීමද සිදුකරයි. ආඝාතය, හෘද රෝග හා පිළිකාවන් වැනි භයානක රෝගී තත්ත්වයන් වළක්‌වාලීමද ලෙමන් ක්‍රියා කරයි. ලෙමන්වල පවතින තවත් ගුණාත්මක තත්ත්වයක්‌ වනුයේ එමගින් අධිරුධිර පීඩනය අඩුකිරීමටත් එයින් පසුව හොඳ කොලෙස්‌ටරෝල් තත්ත්වය වර්ධනය කරවීමත්ය.

ලෙමන් යුෂ ස්‌වාභාවික කෙස්‌වල වර්ණය දීප්තිමත් කරනු ලබන හා සම දීප්තිමත් කරන එමෙන්ම කෙස්‌ ඩයි කිරීමේදී හා සම බ්ලිච් කිරීමේදී ඇතිවන රසායනික ආසාත්මික ප්‍රතික්‍රියාවන් වළක්‌වාලයි. දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමවලදී ලෙමන් යුෂ සාමාන්‍ය උණ වැළැක්‌වීම සඳහාද, මුත්‍රාශය ආශ්‍රිත ආසාදනයන් හා ගොනෝරියා වැනි රෝග තත්ත්වයන් වළක්‌වාලීම හෝ ප්‍රතිකාර කිරීම සඳහාද ගැස්‌ට්‍රයිටිස්‌ රෝගය ආශ්‍රිත වේදනාවන් සමනය කිරීම සඳහා භාවිත කෙරේ.

ලෙමන් යුෂවල පවතින තවත් ගුණයක්‌ වනුයේ ලුණු ස්‌වල්පයක්‌ යොදා උණුසුම් ජලය හා මිශ්‍ර කර සෑම දිනකම උදැසන පානය කිරීමෙන් රුධිර ගත කොලොස්‌ටරොල් මට්‌ටම හා ශරීරයේ බර අඩු කර ගත හැකි වීමයි. පාචනය වැනි තත්ත්වයකදී ශරීරයෙහි විජලනය වැළැක්‌වීමේ පානයක්‌ ලෙසද එය සැලැකේ.

මුඛය සෝදන දියරයක්‌ වශයෙන්ද ලෙමන් යුෂ භාවිත කළ හැකි අතර එමගින් දත් දිරායැම වළක්‌වා දත් සුදු පැහැ ගැන්වීම මෙන්ම එනැමලය ශක්‌තිමත් කිරීම සිදු කරයි. ලෙමන් යුෂ මගින් උගුර සේදීමෙන් උගුරෙහි ආසාදන තත්ත්වයන් මඟහරවා සහනය ලබාදෙන බව පැවැසේ. ඔස්‌ටියෝආතරයිටිස්‌ රෝගය හට ගැනීම වැළැක්‌වීම සඳහාද ලෙමන් යුෂ උපකාර වන බව වෛද්‍ය මතයයි.

ඒමන්ති මාරඹේ

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment