.

හෘදයාබාධ හැදෙන්න ප්‍රධාන වශයෙන් බලපාන හේතු මෙන්න.

Loading...

හෘදයාබාධ හැදෙන්න ප්‍රධාන වශයෙන් බලපාන හේතු මෙන්න.

හෘදයට දුම් පානය බලපාන අන්දමසිගරට් දුම නිසා හෘද ස්පන්දනය අධික වෙනවා. රුධිර පීඩනය ඉහළ යනවා. ලේ කැටි ගැසීම වැඩි වෙනවා. රුධිරයේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යනවා. හිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු වෙනවා. හෘද වස්තුවට ලේ සැපයුම අඩු වෙනවා. හෘද රෝග සඳහා දෙනු ලබන ඖෂධවල ඖෂධීය බලය අඩු වීමට හේතු වෙනවා. “අරයා කොච්චර දුම් පානය කරන කෙනෙක්ද? වයස අසූවක් වෙලත් හොඳට ඉන්නෙ” සමහරු මෙසේ කියනවා ඔබත් අසා ඇති. හෘදයාබාධයක් වැළඳීමට හේතුවෙන ප‍්‍රවේණිමය උරුමයක් නැති කෙනකුට කොතෙක් දුම්වැටි ඉරුවත් හෘදයාබාධයක් නොවැළඳෙන්න පුළුවන්. එහෙත් ප‍්‍රවේණිමය බලපෑමක් ඇති අයකුට දුම් වැටි ඉතා සුළු ගණනක් ඉරුවත් හෘදයාබාධයක් වැළඳෙන්න පුළුවන්.කෙනකුට ප‍්‍රවේණිමය උරුමයක් ඇත්ද කිය සොයා ගත හැක්කේ ඛ්ෘදයාබාධයක් වැළඳුණු පසුවයි. එනිසා කළ හැකි හොඳම දෙය තමන් ද දුම්පානයෙන් වැළකී අන් අයද දුමින් රැක ගැනීමයි.
අධික ලෙස මත්පැන් පානය:අධික ලෙස මත්පැන් පානය කිරීම හෘද රෝගවලට අත වැනීමක්. අධික ලෙස මත්පැන් පානය කිරීම නිසා:* හෘදයේ වම් කෝෂිකාව ඉදිමී හෘත් අකර්මණ්‍යතාව (අකි‍්‍රයවීම) ඇති වීම.* හෘදයාබාධ වලට හේතු වෙන අධික රුධිර පීඩනය වැඩි වීම.* හෘදයාබාධ වැඩි වීම.* හෘද ස්පන්දනය අක‍්‍රමික වීම.* වැඩි වශයෙන් අහිතකර මේදය තැන්පත් වීම වැනි තත්ත්වයක් ඇති වෙනවා.
දියවැඩියාව:දියවැඩියාවෙන් පීඩා විඳින විට රුධිරයේ ඇති සීනි මේදයට පරිවර්තනය වී නහරවල තැන්පත් වෙනවා.මේ නිසා දියවැඩියා රෝගීන් නිසි ලෙස රෝගය පාලනය නොකළොත් පහසුවෙන්ම හෘදයාබාධයකට ගොදුරු වෙනවා.
අධික රුධිර පීඩනය:කිරීටක ධමනිවල බිත්ති ඝන වීමට අධික රුධිර පීඩනය හේතු වෙනවා. මේ නිසා සාමාන්‍ය කෙනකුට වඩා අධික රුධිර පීඩනයෙන් පෙළෙන අයකුගේ හෘදයට ඔක්සිජන් අවශ්‍ය වෙනවා.කිරීටක ධමනි ඝන වී පටුවීමත්, ඇති තරම් ඔක්සිජන් නොලැබීමත් හෘද රෝග වැළඳීමේ ඉඩකඩ වැඩි කරනවා.ඔක්සිජන් ලබා ගැනීමට හෘදයට දැඩි ලෙස කි‍්‍රයාකාරී වීමට සිදුවීම නිසා හෘදය ප‍්‍රමාණයෙන් ද විශාල වෙනවා.
ස්ථුලතාවය:තරබාරු පුද්ගලයන්ගේ අහිතකර මේදය තැන්පත්වීම වැඩියි. ඒවාගේම අහිතකර මේද තැන්පතුව වැඩි කරන ට‍්‍රයිග්ලිසරයිඩ් ද වැඩි කරනවා. මේ නිසා පහසුවෙන්ම හෘදයාබාධවලට ගොදුරු වන්න පුළුවන්.
ආතතිය:ආතතිය ඇති විට කිරීටක ධමනිවල අහිතකර මේදය තැන්පත් වීම වැඩි වෙයි. ප‍්‍රවේණි උරුමයන් ඇති අය ආතතියෙන් පෙළෙන විට හෘදයාබාධ අවදානම දෙගුණයකින් ඉහළ යනවා.
ඒකාකාරී ජීවන රටාව:කාර්යාලීය සේවයේ නියුතු වැඩි දෙනකුට ගත කිරීමට සිදු වී ඇත්තේ ඒකාකාරී ජීවන රටාවක්. මේ අයට දිගු දුර ප‍්‍රමාණයක් ඇවිදින්නට ඉඩක් නොලැබෙන තරම්. මෙසේ අඩුවෙන් සිරුර කි‍්‍රයාකාරීවීම අහිතකර මේදය තැන්පත්වීමට හේතු වෙනවා. රුධිරයේ අහිතකර මේද ප‍්‍රමාණය ද එමගින් වැඩි වෙනවා.මේදය, සීනි, ලුණු අධික ආහාර ගෙන, මත්පැන්, දුම්වැටි පානය කරමින්, අඩුවෙන් කි‍්‍රයාකාරී වෙන විට හෘද රෝග වැළඳීමේ ඉඩ තවදුරටත් වැඩි වෙනවා.
ඒ කාණ්ඩයේ පෞරුෂත්වය:අධික ලෙස බලාපොරොත්තු හද තුළ පුරවාගෙන සිටින, නොඉවසිලිවන්ත සහ කාර්ය බහුල අය ඒ කාණ්ඩයේ පෞරුෂත්වයකට හිමිකම් කියන අයයි. මේ අයද රෝගීවීමේ අවදානම වැඩියි.
වෙනස් කළ නොහැකි සාධක:ඉහතින් දැක් වූ හේතූන් අපට නිවැරැදි කර ගැනීමට පුළුවන්. එහෙත් වෙනස් කළ නොහැකි සාධක ද තිබෙනවා.ඒවා නම්, පවුලේ හෘද රෝගීන් සිටීම.මව්පියන්, සොයුරු සොයුරියන් හෝ ඥාතීන් හෘද රෝගයෙන් පෙළෙනවා නම් හෝ හෘද රෝගයෙන් අකාලයේ මරු වැළඳ ගත්තා නම් තමන්ට ද අවදානමක් ඇති බව මතක තබා ගන්න.
ස්තී‍්‍ර පුරුෂභාවය:වයස් ගතවීමට පෙර හෘද රෝගයකින් මිය යාමේ වැඩි ඉඩක් ඇත්තේ පුරුෂ පක්ෂයටයි. වයස් ගතවීමත් සමග, විශේෂයෙන් ආර්තවහරණය සිදු වූ පසු කාන්තාවන් රෝගී වීමේ ඉඩ ඉහළ යනවා.
ඔසප් චක‍්‍රයේ ආශිර්වාදය:අසහනකාරී අත්දැකීමක් වුවත් ඔසප්වීම කාන්තාවන්ට ආශිර්වාදයක් වගෙයි. ඔසප් වීම නිසා හදවත හෘදයාබාධවලින් ආරක්ෂා වෙනවා. අහිතකර මේද තැන්පත්වීම, කාන්තා සිරුරේ නිපදවෙන ඊස්ට‍්‍රජන් හෝර්මෝනය මගින් අඩු කෙරෙන අතර හිතකර මේදය නිපදවීම වැඩි කෙරෙනවා.ඔසප් වෙන විට සිරුරේ යකඩ ප‍්‍රමාණය අඩුවීමත් හෘදය සුරැකීම කෙරෙහි බලපානවා. රුධිරයේ අධික ලෙස යකඩ තිබීම කිරීටක හෘද රෝග, හෘදයාබාධ වැඩි කරනවා. එහෙත් ආර්තවහරණයෙන් පසු ඊස්ට‍්‍රජන් අඩංගු උපත් පාලන පෙති ගැනීම නම් වෛද්‍ය උපදෙස් පරිදිම කළ යුතුයි. ඊස්ට‍්‍රජන් අධිකවීමත් හෘදයාබාධවලට හේතු වෙනවා.
අහිතකර කොලෙස්ටරෝල් වැඩි කරන ආහාර:* ඌරු මස්* හැම් බේකන්* ලිංගුස්* පීකුදු, වකුගඩු, මොළය ආදී සත්ත්ව අවයව* හරක් මස්* ඉස්සෝ* පොකිරිස්සෝ* බටර්* චීස් (කොටේජ් චීස්වල ඇත්තේ ඉතා අඩු මට්ටමක මේද ප‍්‍රමාණයක් නිසා වරින් වර කෑමට ගැනීමේ වරදක් නැහැ)* බිත්තර* එළවළු තෙල්* බටර්* මාජරින්* ගිතෙල්
මේදය වැඩි කරනආහාර:බඩ ඉරිඟු තෙල්, සෝයා තෙල්, ඔලිව් තෙල්, සූරියකාන්ත තෙල් හිතකර මේදය ඉහළ නංවනවා. එහෙත් මෙම තෙල් වුවත් දිනකට තේ හැඳි එකකට වඩා ගැනීම සුදුසු නැහැ.
අප ගන්නා ආහාරවල මේදය අඩු කිරීමට:* ආහාර බදිනවා වෙනුවට යකඩ දැලක දා පුළුස්සා ගන්න.* බැද ගත් ආහාරයෙහි තෙල් උරා ගැනීමට, ආහාරය තෙල් උරා ගන්නා පිරිසුදු කඩදාසියක් මත තබන්න.පිසූ ආහාර ශීතකරණයක තබන්න. එවිට තෙල් කොටස් උඩ මිදෙයි. ආහාර නැවත රත් කිරීමට පෙර හැන්දකින් මිදුණු මේදය ඉවත් කරන්න.

චම්පිකා දීපානි රණසිංහ
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment