.

හෝමියෝපති වෛද්‍ය ක්‍රමයෙන් ආතරයිටීස් රෝගයට සහනයක් මෙ රෝගය ගැන නොදන්නා දේවල් ගොඩක් දැනගන්න ලිපිය බලන්න.

Loading...

හෝමියෝපති වෛද්‍ය ක්‍රමයෙන් ආතරයිටීස් රෝගයට සහනයක් මෙ රෝගය ගැන නොදන්නා දේවල් ගොඩක් දැනගන්න ලිපිය බලන්න.

ලෝකය පුරා විිවිධ වෛද්‍ය ක්‍රමවේද බිහි වී තිබුණද ඉන් කුමන ක්‍රමයකින් වුවද සිදුවන්නේ රෝගීන් සඳහා සුවයක් ලබා දීමයි පමණි. නමුත් මෙම විිවිධ වෛද්‍ය ක්‍රමවේද අතර හෝමියෝපති වෛද්‍ය ක්‍රමවේදයට හිමිවන්නේ වඩා වැදගත් ස්ථානයක්.

ඊට හේතුව එමඟින් යොදන ප්‍රතිකාරය, ඒ ඒ පුද්ගලයාට ආවේනිකව සිදු කළ විට ඉන් ඇතිවන ශාරීරික ප්‍රතිශක්තියෙන් රෝග මූලය බිඳී ගොස් ක්‍රම ක්‍රමයෙන් මුළු සිරුරම සුවපත් වන අතර එය කායිකව පමණක් නොව මානසිකවද සිදුවන්නක්.

ඒ වගේම බොහෝ දෙනෙක් මෙම වෛද්‍ය ක්‍රමවේදය පිළිබඳව අසා තිබුණත් එම ක්‍රමවේදයේ අන්තර්ගතය පිළිබඳව හඳුනාගෙන ඇත්තේ අල්ප වශයෙනි. මෙහිදී අදාළ රෝගය, රෝගයට හේතුව, රෝගියා, ප්‍රතිකාර මූලධර්ම, ඖෂධ, ඖෂධීය ගුණය, එහි සැකසුම මාත්‍රාව, නීරෝගී භාවය, සංරක්ෂණය යන විෂයට අදාළ ස්ථිර මූලධර්ම පද්ධතියක් හෝමියෝපති වෛද්‍ය ක්‍රමවේදය තුළ අන්තර්ගත වේ.

කෙසේ වෙතත් අපගේ මෙම සූදානම හෝමියෝපති වෛද්‍ය ක්‍රමය පිළිබඳව මෙන්ම අද සමාජයේ බහුලව දක්නට ලැබෙන ආතරයිටීස් සඳහා පවතින ප්‍රතිකාර මොනවාද යන්න දැන ගැනීමටයි. මේ සඳහා අදහස් දැක්වීමට ඉදිරි පත් වූයේ දෙහිවල නගරසභා සංකීර්ණ හෝමියෝපති වෛද්‍ය මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරිණී වෛද්‍ය අනුෂා හේමකුමාරයි.

ආතරයිටීස් යනු

ආතරයිටීස් යනු සිරුරේ සන්ධිවල ඇතිවන රෝගී තත්ත්වයකි. සන්ධි අතර තිබෙන කාට්ලේජ් අස්ථි එකිනෙක තෙරපීම හේතු කොටගෙන ඇතිවන වේදනාව, ඉදිමීම, සන්ධිවලින් වරින් වර චර චර හඬක් ඇසීම, දිරායාම, පාද ඇද ගැසීම, සන්ධි විකෘති වීම, ශරීරය පණ නැති ස්වභාවය ආදිය රෝග ලක්ෂණ මෙහිදී දැකගත හැකියි.

හොර්මියෝපති වෛද්‍ය ක්‍රමවේදයට අනුව මෙලොව උපත ලැබූ සෑම පුද්ගලයෙකුම ඔහුට හෝ ඇයට ආවේනික වූ ගති ලක්ෂණයන්ට උරුමකම් කියයි. මේ හේතු කොටගෙන රෝගී අවස්ථාවකදී මෙන්ම නිරෝගී අවස්ථාවන්හිදී තමාට ආවේණික ලක්ෂණ පෙන්වමින් එක් එක් පුද්ගලයා තමාගේ සුවිශේෂිත්වය තහවුරු කරයි. ඉහත පැහැදිලි කළ සිද්ධාන්තය ආතරයිටීස් රෝගය හා සම්බන්ධවද බලපවත්වයි. ඒ වගේම සෑම ආතරයිටීස් රෝගියෙකුටම ඇතිවන වේදනාව එකම ආකාරයට නොදැනෙයි. යමෙකුට ඇවිදින විටෙක සන්ධිවල වේදනාවක් ගෙන දුන්නද තවත් සමහර පිරිසකට විවේකීව සිටින අවස්ථාවේදී වේදනාවක් දැනෙනු ඇත.

මේ අනුව සියලුම රෝග තත්ත්වයන් පුද්ගලයන්ට ආවේනික වූ ආකාරයෙන් සියුම් වෙනස්කම්වලින් යුක්ත වේ. මෙම වෙනස්කම් සියල්ලම එකම පුද්ගලයාගේ විවිධ රෝග ලක්ෂණ ලෙස සලකා සියල්ල ඒකරාශී කරමින් එම රෝගියාටම ආවේනික ප්‍රතිකාර යොදනු ලබයි. කෙසේ වෙතත් මෙම ආතරයිටීස් රෝගය කොන්දේ වේදනාව, දණහිස් වේදනාව, බෙල්ලේ වේදනාව ආදී වශයෙන් නොයෙක් ආකාරයෙන් පෙන්නුම් කරයි.

එසේම එක් සන්ධියකින් පටන්ගෙන ශරීරයේ සෑම සන්ධියක් කරාම විහිදී ගොස්, ඇද ගැසුණු පාදවලින් සිටගෙනවත් සිටීමට නොහැකි, ඖෂධවත් නොමැතිව පාද පියවරක් තැබිය නොහැකි වේදනා දරාගත නොහැකි තත්ත්වයට පවා පත්විය හැකියි. කාලයත් සමඟ එම රෝගී තත්ත්වය පාලනයට ලබා ගන්නා වූ ඖෂධ වලට එම රෝගී තත්ත්වය පාලනය කර ගැනීමටද නොහැකි වී යා හැකියි.

ප්‍රතිකාර

ඖෂධ නිවැරදි ආකාරයට ගැනීමෙන් වේදනාවත් සමඟ රෝගයද සම්පූර්ණ සුවය ගෙන දීමට හෝමියෝපති වෛද්‍ය ක්‍රමයට විශේෂිත හැකියාවක් ඇත. තවද මෙම වෛද්‍ය ක්‍රමවේදයට අනුව “සමාන දෙයින් සමාන දේ සුවපත් වේ යන” පදනම මත පිහිටා රෝග ලක්ෂණ සැලකිල්ලට ගෙන හෝමියෝපති වෛද්‍ය ක්‍රම සතු ඖෂධ ද්‍රව්‍යවල ශක්තිය යොදවා රෝගියාට අහිමි වී ගිය ජීව බලය ප්‍රකෘති තත්ත්වයට ගෙන එනු ලබයි. ඒ වගේම රෝග ලක්ෂණ ඇති කිරීමට මුල් වූ රෝග මූලයද සම්පූර්ණයෙන් ඉවත්ව යනු ඇත.

මෙහිදී ක්‍රමයෙන් ප්‍රතිකාර ලබන රෝගියාගේ අසාමාන්‍ය වූ ශරීර අස්ථි ව්‍යුහය හෝර්මියෝපති වෛද්‍ය ක්‍රමවේදය මඟින් ප්‍රකෘති තත්ත්වයට හැඩ ගැසෙයි.

ඒ වගේම ගෙවුණු කාටිලේජ නැවත වර්ධනය වීම, ශක්තිමත් වීම, හේතු කොටගෙන සන්ධි චලනය පහසු වීම, සන්ධි තෙරපීම ක්‍රම ක්‍රමයෙන් අඩු වී රුධිර සංසරණය ක්‍රමවත් වීම, වේදනාව අඩුවීම, අත්පා වල හිරි ගතිය අඩු වී යාම, දුර්වල වූ දිරාපත් වූ ඇද ගැසුණු සන්ධි යථා තත්ත්වයට සකස් වීම ආදී බොහෝ යහපත් වෙනස්කම් සිදු වනු ඇත. තවද මෙහිදී වේදනාව පමණක් ඖෂධ මඟින් පාලනය නොකර රෝග සඳහා හේතු වූ රෝග මූලයටප්‍රතිකාර කර, ක්‍රම ක්‍රමයෙන් වේදනාව සම්පූර්ණයෙන්ම නැතිකර දමයි.

සන්ධිගතව (Arthritis) ගෙල ආශි‍්‍රත (Cervical Spondylosis) උරහිස් ආශි‍්‍රත, වැලමිට ආශි‍්‍රත කොඳු ඇට පෙලේ ආබාධ ආදී සියලු සන්ධිගත රෝගී තත්ත්ව මෙන්ම ස්නායු රෝග, අත්පාවල හිරිවැටීම්, වෙව්ලීම්, නහර ගැට ගැසීම, අර්ශස්, හර්නියා, ඉරුවාරදය, හිසකෙස් ගැලවී යාම, අකලට කෙස් සුදුවීම, දත්මුල දියවීම, ගැස්ට්‍රයිටීස්, මළබද්ධය, ලිංගික රෝග, හෘද රෝග, අක්මා රෝග,වකුගඩු, මුත්‍රාශ ආශි‍්‍රත රෝග, දියවැඩියාව, අධික ස්ථුල භාවය කැස්ස, ඇදුම පීනස, සියලු කාන්තා රෝග, කුරුලෑ හට ගැනීම, අළුහම්, දද, කුෂ්ට, පොතු කබර ආදී චර්ම රෝග නිධන්ගත සියලුම රෝග මෙන්ම තීව්‍ර රෝග සඳහාද එනම් වෛරස් උණ, කැස්ස, සෙම වැනි සියලු රෝග වලට හේතු වූ මූලයට හෝමියෝපති ප්‍රතිකාරය ඒ ඒ පුද්ගලයාට ආවේනිකව සිදු කළ විට ශරීරයේ ප්‍රතිශක්තිය වැඩිවීමෙන් රෝග මූලය බිඳීගොස් ක්‍රම ක්‍රමයෙන් මුළු සිරුරට සුවපත් වෙන්නේ ප්‍රතිකාර ලබාගත් රෝගයට මෙන්ම දැන නොදැන පවතින්නා වූ සියලු අනෙක් රෝගද සුව කරමින් රෝගියාට කායික හා මානසිකවද සම්පූර්ණ සුවය හා සායනය සලස්වමිනි.

 නුවන්ති කුලරත්න
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment