.

අපි කන කොස් වල තියෙන මෙන්න මේ ගුණ අගුණ දෙකම හරියටම දැනගන්න.

Loading...

අපි කන කොස් වල තියෙන මෙන්න මේ ගුණ අගුණ දෙකම හරියටම දැනගන්න.

සිංහලයන්ගේ ප්‍රධාන ආහාරය වන බත් තරමටම කොස්ද ජනපි‍්‍රය ආහාරයකි. ඒ නිසාම කොස් ගසට බත් ගස යැයි ව්‍යවහාර කෙරේ.

පෝෂණ ගුණයෙන් අනූන හොඳින් පැසුණු කොස් තම්බා පොල් සමඟ හෝ පොල් සම්බෝලයක් සමඟ ආහාරයට ගැනීම සිදුවන්නේ ඈත අතීතයේ සිට මය. කොස් විවිධ ආකාරයෙන් සකස් කරමින් ආහාරයට එක්කර ගත හැකිය. කොස්තම්බා පොල් සමඟ ආහාරයට ගැනීම එක් ක්‍රමයකි.

තවද තැම්බූ කොස් පොල් සම්බෝලයක් හෝ කරවල ව්‍යංජනයක් සමඟ ආහාරයට ගැනීමෙන් ඔබගේ කෑම වේලට විශේෂත්වයක් ගෙන දිය හැකිය. කොස් මැල්ලුමක් ලෙස මෙන්ම කොස් මදුළු ව්‍යංජනයක් (කිරි කොස් ව්‍යංජනයක්) සකසා ගත හැකවේ. කිරි කොස් ව්‍යංජනය කා අතරත් ජනපි‍්‍රය කෑමකි. කොස් තම්බා වියළා තෙලේ බැද අමුත්තන්ට තේ පැන් සංග්‍රහයකදී වුවද පිළිගැන්වීමට සුදුසුය.

කොස් ගෙඩියෙහි අවස්ථා කිහිපයකදීම ආහාරයට ගනී. එනම් කොස් ගෙඩියෙහි ළපටි අවදියේ, ළපටි බව මදක් ඉක්මවූ පසුව, ඉඳුණු කොස් වැල හෝ වරකා ලෙසත් වේ.

කොස් ඇට මනා පෝෂණ ගුණයකින් යුක්ත වේ. කොස් ඇට ව්‍යංජනයක් ලෙස මෙන්ම කළුපොල් මාළුව ආකාරයෙන් සෑදීමට ද ගෘහණියෝ කැමතිය. කෙසෙල් මුව, කොහිල දළු වැනි එළවළුවලට කොස් ඇට දැමීමෙන් රසවත් ව්‍යංජනයක් තැනීමට ගෘහණියෝ දක්‍ෂය. කොස්වල බහුල ලෙසම කාබෝහයිඩ්රේඩ් අඩංගුය. ප්‍රෝටීන්, මේදය, කල්සියම් වැනි පෝෂක වර්ගයන් කොස්වල අඩංගු වේ.

 කොස්වල හිතකර ගුණ

කොස් ආහාරයට ගැනීමෙන් දියවැඩියාව පාලනය වේ. එසේ වනුයේ දියවැඩියාව පාලනයට අවශ්‍ය වන රසායනිකයක් කොස්වල අඩංගු නිසාවෙනි.

කොස් කොළ තම්බා බීමෙන් රුධිර ගත සීනි පාලනය වේ. ම කොස් මදුලේ සිවිඩ්ඩ ද තම්බා බීමෙන් රුධිරයේ සීනි අඩු වී දියවැඩියාවෙන් පෙළෙන රෝගී ඔබට සහනයක් ගෙන  දෙයි.

කොස් ගසේ පොතු වේලා බැද කුඩුකර ගැනීමෙන් සුව නොවී පවතින තුවාල සුවකිරීම සඳහා යොදා ගනී. ම බර අඩුවීම පාලනය කරයි. ම මලබද්ධයෙන් පෙළෙනා රෝගීන්ට කොස් ආහාර වේලට එක්කර ගැනීමෙන් ඉන් මිදීමට හැකියාව ලැබේ.

ඔබත් නිතරම නීරක්තියෙන් පෙළෙන්නෙක්ද? ලේ හිඟතාවයට හොඳම විසඳුම කොස් ආහාරයට ගැනීමයි. ම දත් කැක්කුම, කැස්සට අගුණය ම කොස්වල ඇති ඇට කල්තබා ගැනීමේ ක්‍රමයක් වූ වැලි යට කළ වැලිකොස් ඇට ආහාරයට ගැනීමෙන් දියවැඩියාවට ගුණදායකයි.

 වරකා හා වැළ ගුණදායක වන්නේ එහි විටමින් ඒ බහුලව ඇති බැවිනි. ම ඉඳුණු කොස්වල පෘක්ටෝස් හා සුක්රෝස් අඩංගුවේ.

ඒ නිසා ශරීරයට ශක්තිය ලබා දෙයි. ම කොස්වල තන්තුමය කොටස් බහුල නිසා බඩ වේලීම දුරු කරයි. ම කොස් නිතර නිතර ආහාරයට ගැනීමෙන් රසායනික ද්‍රව්‍යයන් බඩවැල්වල එකතුවීම වළකියි. ම ඇස් රෝගවලට, ඇස් පෙනීම වඩාත් හොඳින් ලැබීමට නම් ඔබගේ ආහාර වේලකට සතියකට දින 3 ක් වත් කොස් එකතු කර ගන්න.

පිළිකාවලට ගුණදායකය, බඩවැලේ, පියයුරු පිළිකා, ගර්භාෂගත පිළිකා, පෙනහළු පිළිකා, අග්‍යාශයේ පිළිකා වළක්වයි. ම කොස්වල ඇති විටමින් සී නිසා විෂ බීජ වලින් ශරීරය ආරක්ෂා කරයි.  කොස්වල ප්‍රෝටීන් බහුලව ඇත. ම ඛනිජ ලවණ ද බහුලව ඇත.

කොස් කොළ වල ප්‍රදාහ නාශක ගුණයකින් යුක්තය. බැක්ටීරියාවන් විනාශ කරයි. ම මැලේරියාව උණට, පාචනයට, අතීසාරයට, සමහර සමේ රෝග වලට, ඇදුමට කොස් කදිම ආහාරයකි ම ස්නායු ශක්තිමත් කරයි ම අපස්මාරයට ගුණදායකය.

කොස්වල අහිතකර ගුණ

ආයුර්වේදයේදී අඕමාන රෝගවලට අගුන බව දක්වා ඇත. (අඕමාන රෝග යනු බඩ පිපුම, පුරවා දැමීම වැනි අවස්ථාවලදී කොස් ආහාරයට ගැනීම සුදුසු නොවේ) ම පීනස රෝගයෙන් පෙළෙන රෝගීන්ට කොස් අහිතකර ආහාරයකි. ම සෙම්ප්‍රතිශ්‍යාවට අගුණය ම හර්නියා රෝගීන්ට කොස් ආහාරයට ගැනීමෙන් ඔවුන්ගේ රෝගී තත්ත්වය වැඩිවේ.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment