.

වයසට වඩා වයස පෙන්වන පීනස්‌ රෝගය ගැන නොදන්නා දේවල් මෙන්න.

Loading...

වයසට වඩා වයස පෙන්වන පීනස්‌ රෝගය ගැන නොදන්නා දේවල් මෙන්න.

තමාට වැළඳී ඇත්තේ පීනස බව නොදැන පසුව මහත් උපද්‍රව රැසකට මුහුණ පෑමට සිදුවන රෝග තත්ත්වයක්‌ වශයෙන් ඒ පිළිබඳව වැඩි අවධානයක්‌ යොමු කිරීම කාලෝචිත බව පෙනේ. පීනස යනු නාසය ඇසුරු කොට ඇතිවන්නා වූ රෝග තත්ත්වයක්‌ වන අතරම ඝර්ම කලාපික රටවල වෙසෙන්නන් තුල වැඩි වශයෙන් ඇතිවන රෝග තත්ත්වයක්‌ වශයෙන් ද හඳුනා ගත හැකිය. අසාත්මිකතාව (Allergy) හේතු කොටගෙන ඇති වන්නා වූ පීනස ප්‍රධාන කොට ඇති නාසා රෝග රැසක්‌ වර්තමාන සමාජයේ බහුලව දක්‌නට ලැබීම සුවිශේෂ ෙවේ. එනම් නාසා ගත රෝග අතුරින් ප්‍රධාන තැනක්‌ හිමි කරගන්නා රෝගයක්‌ වන මෙය රෝග හේතු සහ ලක්‌ෂණ සැලකීමේ දී ප්‍රතිශ්‍යාව හා සමාන වන බව පෙනේ. විවිධ වූ අසාත්මිකකාරක ශරීරයේ විවිධ පටක ආශ්‍රිතව විවිධාකාරයෙන් ක්‍රියා කරනු ලබන අතර නාසයේ ශ්ලේෂ්මල පටකවලදී එය සිදු වුව හොත් ඇති වනුයේ මෙම ස්‍රාවකාරී පීනසයි. මෙම රෝගය දෛනික වැඩ කටයුතු වලට පවා ඉමහත් බාධාවක්‌ ඇති කරනු ලබන අතරම දැඩි අසහනකාරී බවක්‌ද ගෙන දෙයි.

මිනිසාගේ ශ්වසන ව්‍යqහාව සැලකූ විට එය බාහිර පරිසරයට විවරවන දොරටුව නාස්‌ කුහරය වන අතර බාහිර පරිසරයේ සිට පෙනහළු කරා ගමන් කරන වාතය පළමුව නාස්‌ කුහරයේ ශ්ලේෂ්මල කලාව සමඟ ගැලීම සිදුවේ. පීනස්‌ රෝගයේ ලක්‌ෂණ එම නාසා ශ්ලේෂ්මලධාරා කලා ආශ්‍රිතව ඇතිවන්නා වූ යම් විකෘති තාවයක්‌ හේතුවෙන් සිදු වන්නකි. මෙම අවස්‌ථාව අධිසංවේදි පුද්ගලයාට මහත් පීඩාවක්‌ ගෙන දෙන අතරම එම තත්ත්වය තව දුරටත් වර්ධනය වුවහොත් ශ්වාස (ඇදුම) වැනි තත්ත්වයක්‌ දක්‌වා ද වර්ධනය වීමේ හැකියාවක්‌ ද පවතී.

පීනස්‌ වායු , පීනස්‌ ගෙඩි, පීනස්‌ රුදාව, පීනස්‌ රදය, පීනස්‌ වණ, පීනස්‌ කැස්‌ස ආදී වශයෙන් පීනස හා බැඳී පවතින ආබාධ රැසක්‌ ද වෙයි. අපගේ දේශීය වෙදකමෙහි විස්‌තර කරන අන්දමට පීනස්‌ ප්‍රභේද 18 ක්‌ වන අතර සෙම් - සොටු දියර ගැලීම, නාසය සිරවීම, කටහඬ වෙනස්‌ වීම, හිසරදය , කන් කැසීම, දත් මුල් දිය වී ලේ සැරව ගැලීම, ඇස්‌ කැසීම, ගඳ සුවඳ නොදැනීම ආදී ප්‍රධාන ලක්‌ෂණ රැසක්‌ ද සහිතය. ඒ අනුව පීsනස රෝගය හුදෙක්‌ නාසය ඇසුරු කර පමණක්‌ම රෝග ලක්‌ෂණ පෙන්නුම් කරනු ලබන්නක්‌ නොවන වග ද මෙයින් පැහැදිsලි වේ. එසේම ඇල් දිය නෑමට නොහැකි වූ ද, පින්නට මෙන්ම අව්වේ යාමට නොහැකි වූ වූවිට දූවිලි ආදියට නිරාවරණය වූ විටදී ද පවා අසීමිතව පීඩා ගෙන දෙන්නා වූ ද රෝගයක්‌ ලෙස සඳහන් කල හැකිය. 

ඒ අනුව තවදුරටත් මෙම රෝග ලක්‌ෂණ සලකා බැලූ විට කනෙහි වේදනාව, කන අඟුල් වැටීම, විවිධ ශබ්ද ඇති වීම ආදිය පෙන්නුම් කරනු ලබයි. එසේම ඇස්‌ රතු වීම, කබ කඳුලු ගැලීම, ෙවේදනාව, පෙනීම බොඳ වීම මෙන්ම දැවිල්ල ආදී ලක්‌ෂණ ද ඇති ෙවේ. උගුර කැසීම, නිතර සෙම කාරා දැමීම, කටහඬ වෙනස්‌ වීම ආදියද, දිවෙහි ඇති වන ලක්‌ෂණ වශයෙන් රස නොදැනීම, තුවාල වීම, දත්මුල් දියවීම වැනි තත්ත්වද ඇති කරවයි. මීට අමතරව හිසෙහි කෙස්‌ ගැලවී යාම, අකලට හිස කෙස්‌ සුදු වීම, හිස්‌ සොරිඇති වීම ආදී ලක්‌ෂණ ද ඇතිකරනු ලබන අතර වැඩි වශයෙන් බාල සහ තරුණ පිරිස්‌ ප්‍රතිකාර කරා යොමු වන අවස්‌ථාවක්‌ බවට පත්ව තිබේ. ස්‌ථූලයන් කෘෂතාවයට හෙවත් කෙට්‌ටු භාවයට පත් කරවන අදහස ඇති පීනස රෝගය වර්ධනය වන වයස්‌ වල පසුවෙන දරුවන්ගේ සහ තරුණ පිරිස්‌ වල කෘෂතාවය ඇති කිරීම හේතුවෙන් තව දුරටත් පීඩාකාරී බවක්‌ ගෙන දෙයි. ඇතැම් විට එකම පවුලේ කීප දෙනෙකු තුලම දක්‌නට ලැබෙන අතරම බාල සහ තරුණ වයස්‌වල පසුවන්නන් අතර සුලබව දැක ගත හැකිය. 

විශේෂයෙන්ම අවුරුදු පහට වඩා අඩු ළමුන් තුළ බහුල ලෙස දැකිය හැකි තත්ත්වයක්‌ වන මෙය අද වන විට දරුවන්ට මෙන්ම දෙමාපියන්ටද මහත් පීඩාවක්‌ ගෙන දෙන්නක්‌ බවට පත්ව තිsබියදී මෙකල පවතින ආහාර රටා සහ පාරිසරික සාධකවල බලපෑම මත දරුවන්ගේ ස්‌වභාවික ප්‍රතිශක්‌ති යාන්ත්‍රණය දුර්වල වීම ඒ සඳහා වැඩි වශයෙන් හේතු වී ඇති බව පෙනෙන්නට තිබියදී නිතර නිතර ප්‍රතිශ්‍යා ලක්‌ෂණ වලින් පෙළෙන අතර නින්දෙන් ගෙරවීම, කටින් හුස්‌ම ගැනීම, නාසය සිරවීම, අලස බව, ගෙලෙහි වසා ගැටිති ඉදිමුම ආදී ලක්‌ෂණ සහිතවේ එසේම නාසා මස්‌ දද ඒම , නාසයෙන් ලේ ගැලීම ආදිය ද මොවුන් තුළ බහුලව දැක ගත හැක. 

විවිධ රෝග කාරකාදීය අපගේ ශ්වසන මාර්ගයට ඇතුල් වීමේදී ඒවා ඉවත් කිරීම සඳහා වන යාන්ත්‍රණ ශරීරය තුලින්ම ස්‌වභාවිකවම ඇති වන වග අප දනිමු. නාසයෙන් දියර ගැලීම තුලින්ද ඇතැම් සමහරක්‌ අංශු යම් ප්‍රමාණයකට බැහැර වීමක්‌ සිදු වෙයි. එබැවින් මෙම බාහිර ද්‍රව්‍ය නිසා නිපදවෙන ස්‍රාවය ඇසුරින් පීනසෙහි මූලිකම ලක්‌ෂණය පෙන්වනු ලබයි. සුදු පැහැති සෙම පිට වීම , නිතර උගුර පෑදීම වැනි ලක්‌ෂණ වලින් ද යුක්‌තය. ඇතැම් විට මෙම රෝග තත්ත්වය වර්ධනය වූ විට පිට වන මෙම ස්‍රාවය සැරව මෙන් ද බෙලසුල්ව ද, කහ පැහැතිවද පිට විය හැක. එමෙන්ම ගන්ධයක්‌ සහිතව ද විය හැක. මේවා නාසයෙන් පමණක්‌ නොව උගුර දෙසටද ගමන් කරන බැවින් උගුරෙන් පිටකිරීමට, කාරා ගිලීමට රෝගියාට සිදු වේ. මේ අනුව උගුර ප්‍රදේශය පීඩාවට පත් වීම හේතුවෙන් ඒ ආශ්‍රිතව රෝග ලක්‌ෂණ පෙන්නුම් කිරීම සිදු වේ. නාසයෙන් ගලන ස්‍රාවය හිසේ පවතින තාපය හේතුවෙන් වියලීමට පත් වන අතර නාසා මාර්ගයේ, උගුරේ සහ නාස්‌ කුහර ආශ්‍රිතව තැන්පත්ව මහත් අපහසුවක්‌ ගෙන දෙන අතරම ඒවා පිට කිරීම සඳහා මහත් ප්‍රයත්නයක්‌ දැරීමට රෝගියාට සිදු වෙයි. නින්දේදී මෙම සෙම් පදාර්ථ එක්‌ රැස්‌ වීම වැඩි වශයෙන් සිදු වන අතර උදෑසන අවදි වූ පසු නාසයේ සිර බව, හුස්‌ම ගැනීමේ අපහසු බව වැනි ලක්‌ෂණ අත් විඳීමට සිදු වෙයි.

පීනස්‌ රෝගීන් බහුල වශයෙන් පීඩා විඳින රෝග ලකAෂණයක්‌ වන්නේ නාසය සිරවීමයි. නාසයෙන් හුස්‌ම ගැනීම අපහසු වන අතරම මුඛයෙන් හුස්‌ම ගැනීම සිදු වෙයි. ඇතැම් විට නාසා පුඩු එකක්‌ හෝ දෙකම හෝ අවරෝධ වී පැවතිය හැකිය. මෙය සාමාන්‍ය සෞඛ්‍යයට මහත් බාධාවක්‌ ගෙන දෙන්නක්‌ වන අතර පෙනහළු පවා දුර්වල කරවීමට තරම් හේතු වේ. කටහඬ වෙනස්‌වීම, නාසයෙන් කතා කිරීම සිදුවේ. පීනස්‌ කැස්‌ස අනෙකුත් හේතු මත ඇතිවන කැස්‌ස තරම් බරපතල නැතිමුත් නිතර නිතර ඇති වනු දැකිය හැකිය. මෙය උදේ වරුවට හා රාත්‍රි කාලය තුලදී වැඩි වශයෙන් දැකිය හැකිය. 

මෙලෙස කැස්‌ස සහ කිවිසුම ලෙස අප අත් විඳිනු ලබනුයේ ද පෙර සඳහන් කළ ආකාරයේම ක්‍රියාවලියකි. එනම් ශ්වසන මාර්ගයට ඇතුළු වනු ලබන අහිතකර පදාර්ථ ඇතුළුවීම වැලැක්‌වීම සහ ඇතුළු වීමෙන් පසුව පිට කිරීමට දරණ ප්‍රයත්නය කැස්‌ස සහ කිවිසුම් ලෙස ක්‍රියාත්මක වන බව පෙනේ. මෙවැනි යාන්ත්‍රණ නිසාම ඒවා දිගින් දිගටම එවැනි හේතූන්ට නිරාවරණය වීම හේතුවෙන් පීනස්‌ රෝග ලක්‌ෂණ පහල වීම සිදු වෙයි. කිවිසුම, සොටු දියර ගැලීම, නාසය හා ඇස්‌ වල ඇතිවන දැවිල්ල, නාසයේ ඉදිමුම, කැස්‌ස, හිස රුදාව ආදී ලක්‌ෂණ ස්‌වභාවික ප්‍රතික්‍රියා ලෙස ඇති වුවද හේතුව සමග නිරන්තරව ගැටීමේ ප්‍රතිඵලයක්‌ ලෙස ශ්වසන මාර්ගය තුල මෙම වෙනස්‌කම් කාලීනව පැවතීමට ඉඩ තිබේ. මෙවිට මෙය කාලීන රෝගයක්‌ දක්‌වා වර්ධනය වීමත් වෙනත් ආසාදනවලට පහසුවෙන්ම ගොදුරු වීමේ හැකියාවත් නිසා රෝග තත්ත්වය තවදුරටත් සංකීර්ණ වීමට ඉඩ තිබේ. ආයුර්වේදයේ මෙය ක්‌ෂය රෝගය ඇතිවීමේ හේතුවක්‌ ලෙස දක්‌වා ඇත්තේ ද එබැවිනි.

පපුවේ බර ගතියද තවත් ලක්‌ෂණයකි. බෙහෙවින්ම ලය පීනස තත්ත්වය පවතින අයට මෙය පවති. නිසි ලෙස සෙම පිටව නොයාමත් දූෂිත සෙම් කොටස්‌ පෙනහළු වල රැඳී පැවතීමත් අසාත්මික පරිසරයකදී රෝග තත්ත්වය උග්‍රවීමත් මෙයට හේතු වෙයි. මීට අමතරව පීනස්‌ රෝගීන් අනවරතව පීඩා විඳිනුයේ දැඩි හිසරදය හේතුවෙනි. විශේෂයෙන් සෙම පිට නොවන අවස්‌ථාවලදී මෙය දැක ගත හැකිය. කහින විට, බෙල්ල පාත් කරන විට හිසරදය වැඩි වෙයි. එමෙන්ම උදේ කාලයේත් සවත් කාලයේත් පවතින උගුර බැරැන්ඩියද පීනස්‌ රෝගීන් තුල වැඩි වශයෙන් දැක ගත හැකිය. 

මේවාට අමතරව නිදිමත ගතිය, කම්මැලිකම, කායික මානසික ව්‍යාකූලත්වය හා දුර්වලත්වය ද ඇතිවන අතර මෙම රෝග තත්ත්වය දිගු කලක්‌ පැවතීම නිසා විවිධ උපද්‍රවකාරී තත්ත්වයන්ද ඇති විය හැකිය. මෙහිදී විස්‌තර කරන ලද රෝග ලක්‌ෂණ විවිධ පුද්ගලයන් විවිධ අයුරින් පෙන්නුම් කරනු ලබන අතරම වසර ගණනාවක්‌ තිස්‌සේ මෙම රෝගයෙන් පීඩා විඳින රෝගීන් ද අපට නිතර නිතර හමුවේ. තවද මෙම රෝගීන්ගේ රුධිරය පරීක්‌ෂා කිරීමේදී උශසිප්‍රියතාණු හෙවත් ඉස්‌නොපිල් ප්‍රමාණය වැඩිවීමක්‌ ද නිරීක්‌ෂණය කළ හැක.



වෛද්‍යචාර්ය
පී.කේ.හර්ෂ ධර්මවිජය
විශේෂ වෛද්‍ය
වික්‍රමාරච්චි ආයුර්වේද ශික්‍ෂණ රෝහල
බාහිර කථිකාචාර්ය
වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය,
කැලණිය විශ්වවිද්‍යාලය. යක්‌කල

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment