.

දියවැඩියා රෝගය නිසා ඇස් සිවියේ ඇති වන මේ දෝෂ ගැනත් ඔබ දැනුවත් වෙන්න.

Loading...

දියවැඩියා රෝගය නිසා ඇස් සිවියේ ඇති වන මේ දෝෂ ගැනත් ඔබ දැනුවත් වෙන්න.

දියවැඩියා රෝගය නිසා ඇස් සිවියේ  ඇති වන දෝෂ_0 “වසරකට වරක් ඇස් පරීක්ෂා කරගැනීමෙන් කල් වේලා ඇතිව ඔබේ ඇස් ආරක්ෂා කරගත හැක”

 දෘෂ්ඨි විතානය අපේ සාමාන්‍ය වහරේදී බහුතරයක් කතා කරන්නේ ‘ඇහේ සිවිය’ යනුවෙනි. මේ ඇහේ සිවිය තුළ ඇතිවන ගැටළු නිසි වෙලාවට පිළියම් නොයෙදුවොත් එය කෙළවර වන්නේ අවාසනාවත් ලෙස ඇස අන්ධ වීමෙනි. එහෙත් ඔබ දැණුම්වත් වුණොත්, නිසි වෙලාවට නිසි පිළියම් යෙදුවොත් ඔබට ඔබේ නෙත් ආරරක්ෂා කර ගැනීමේ අවස්ථාවක් හිමි වේ. මේ ලිපියේ පරමාර්ථය ඒ දැණුවත්භාවය ඔබට ලබාදීමටය. ඒ ඔස්සේ පණ මෙන් වටිනා දෙනෙත් බේරා ගැනීමට ඔබට යම් දැණූම අත්වැළක් වීමය.

 කැමරාවට සම ඇසෙහි ක‍්‍රියාකාරිත්වය



 දෘෂ්ඨි විතානය ඇසේ පිටුපසට වන්නට පිහිටා ඇති ඉතාම සියුම් වූ අවයවයක්. මැකියුලා යනු එහි මැද කොටසයි. ඇහැක් සැම විටම සමාන කරන්නේ කැමරාවටය. ඇහැ කැමරාවට සම වන්නේ නම් ඇහේ සිවිය නොහොත් දෘෂ්ඨි විතානය කැමරාවේ සේයාපටලය වැනිය. වස්තුවක් දෙස අප නෙතු යොමන විට එහි ප‍්‍රතිබිම්බය දෘෂ්ඨි විතානය මත සටහන් වන්නේ ය. ඒ ප‍්‍රතිබිම්බය උඩු යටිකුරු කරවමිනි. මෙලෙස පතිත වන ප‍්‍රතිබිම්බය සංඥා ඔස්සේ මොළය වෙත ගමන් කර රූපය ස්ථාපිත කිරීමෙන් පසු නියම පිළිවෙලට යටි උඩුකුරු කර දකින්නට සැලැස්වීමෙන් මේ ක‍්‍රියාවලිය අවසන් වෙයි.

 ඇසේ සිවිය නොහොත් දෘෂ්ඨි විතානය කෙරෙහී බලපවත්වන රෝග රැසක් තිබේ. ඒවා අප දැනගත යුතුය.

 දියවැඩියා අක්‍ෂි ආබාධය



 එයින් වඩාත්ම සුලබ රෝග තත්ත්වය වන්නේ දියවැඩියා අක්ෂි ආබාධය නොහොත් Diabetic Retinopathy  නම් රෝගයයි. දියවැඩියාව වැලදීමෙන් ශරීරය පුරාම රුධිර පරිවහනයට බලපෑම් ඇති විය හැකිය. ඇසටද එයින් මිදිය නොහැක්කේය. ඇසට රුධිරය ගෙන යන්නේ එක් රුධිර වාහිනියකි. නැවත රුධිරය ආපසු ගෙන යන රුධිරවාහිනී ඇත්තේද එකක් පමණි. මේ කවරක් හෝ අවහිර වීම... ලේ සපයන හෝ ආපසු ලේ ගෙන යන කවර හෝ නාලයක අවහිර වීමක් වූවහොත් එය භයානක ඵළවිපාක ඇති කරවන්නකි.

ඩයබෙටික් රෙටිනොපති රෝගයේදී සිදුවන්නේ ඇසේ සියුම් රුධිර නාල අවහිර වීමයි. එහි ප‍්‍රතිඵළයක් ලෙස ඇසට ගලන ලේ ප‍්‍රමාණය සැළකිය යුතු මට්ටමකින් අඩු වන්නේය. එවන් සිදුවීමකදී ශරීරය කිසියම් හැඩ ගැසීමක් සිදු වෙයි. මෙහිදී සිදු වන්නේ සියුම් විකල්ප රුධිර නාළ අලූතින් නිර්මාණය වීමයි. ඒ හැරුණු විට ඇසට හානිකර වන්නා වූ රසායනයක් උත්පාදනය වීමද සිදු වෙයි. මේ රසායනය Vascular Endothelial Growth Factor යනුවෙන් හදුන්වයි.

 පිටු දැකිය යුතු අලූතින් හැදෙන රුධිර නාල



 මේ ක‍්‍රියාවලිය වෛද්‍යවරුන් දකින්නේ ඇසට යහපතක් ගෙන එන තත්ත්වයක් වශයෙන් නම් නොවේ. ගොයම් හැදෙන කුඹුරේම වල් පැළෑටිද හැදෙන්නා සේ ඇසේ මේ ආකාරයෙන් අලූතින් හැදෙන රුධිර නාල ඇසේ පෙනීම සුසර කිරීමට උදව්වක් වන්නේ නැත අලූතින් හානිකර රුධිරවාහිනී හැදීම හැරුණූ විට තවත් ඇති විය හැකි හානිකර සිදුවීමක් වන්නේ ඇස තුළ කෙදිතිමය තත්ත්වයක් නිර්මාණය වීමයි. මේ කෙදිති සියුම් දෘෂ්ඨිවිතානය මත මුල් අල්ලා ගැනීමෙන් පසුව ඇදීමට ලක් විය හැක. එසේම තවත් සිදුවිය හැක්කක් නම් දෘෂ්ඨිවිතානය හැකිලීමයි. මෙහිදී ලේ දෘෂ්ඨිවිතානයේ ගැලීම්ද සිදු විය හැකි අතර ඒ ආකාරයට සිදුවන ලේ ගැලීමක් ඉතා හානිකර විය හැකිය. එය අන්ධභාවයෙන් කෙළවර විය හැක්කකි.

 Diabetic Maculopathy



 දෘෂ්ඨිවිතානය පාදක කරගෙන ඇති විය හැකි දෙවන රෝග තත්ත්වය නම් එහි මැද කොටසේ ඇති මැකියුලා නම් වඩාත්ම වටිනා කොටස ඉදිමීමට ලක්වීමයි. මෙය, Diabetic Maculopathy ලෙස හදුන්වයි. මේ තත්ත්වය ලෙඩාට දැනෙන්නට පෙර අක්ෂි පරීක්ෂාවකදී අක්ෂි වෛද්‍යවරයාට හදුනාගත හැකියි. දියවැඩියා රෝගීන් සෑම වසරකටම අඩු තරමේ එක් වතාවක් වත් ඇස් පරීක්ෂා කරගත යුත්තේ මෙසේ අන්ධභාවයට ඔබ ලක්විය හැකි ආබාධ වලින් ඔබ මුදවා ගැනීමට එම වෛද්‍ය හමුව හේතු වන නිසයි.

 දියවැඩියාව පාලනය කිරීම වැදගත්



 මේ තත්ත්වය ඇතිවීමේ අභියෝගය හමුවේ ස්වර්ණමය උපදේශය වන්නේ තමන්ගේ දියවැඩියා තත්ත්වය පාලනය කර ගැනීමයි. ඒ හැරුණු විට නිසි කලට සිදු කරන ලේසර් ප‍්‍රතිකාර වලින්ද රෝගය පාලනය කරගත හැක.

 ලේසර් ප‍්‍රතිකාරය



 ලේසර් ප‍්‍රතිකාරයේදී සිදුකරන්නේ හානියට පත් පර්යන්ත ස්ථාන ලේසර් ධාරා වලට ලක්කර අක‍්‍රීය කරමින් මැද කොටස, එනම් මැකියුලාවෙන් පමණක් දෘෂ්ඨිය පවත්වා ගැනීමට රුකුල් දීමයි. මෙහිදී දෘෂ්ඨිය නොහොත් පෙනීම ලබාගැනීමට ඉවහල් වන දෘෂ්ඨි කෙෂේත‍්‍රය Visual Field සීමාකාරී වන මුත් එයින් තම දෘෂ්ඨි අවශ්‍යතා සම්පාදනය කර ගැනීමට රෝගියාට අවස්ථාවක් සැලසේ.

  නික්ෂේපණ ලබාදීම



 එම කාර්යය වතුර නැතිවීම නිසා කුඹුරම ගොයම් සිටුවීම උගහට වූ විට ලියද්දක පමණක් වගා කිරීමට අරමුණින් සම කළ හැකිය. අලූත් ලේ නහර විනාශ කිරීමට නික්ෂේපණ ලබාදීමද සිදු කරණූ ලබයි. මෙහි ඇති අවාසිය වන්නේ නැවතත් ලේ නහර පසු කාලයකදී ඇති වීමේ අවකාශයයි.

 අවසාන ප‍්‍රයත්නය - ශල්‍යකර්ම



 ශල්‍යකර්ම මගින්ද තත්ත්වය පිළිසකර කිරීමට හේතු වන අවස්ථා වේ.

ලේ ගලා ඒමක් සිදු වී නම්, නැතහොත්, දෘෂ්ඨිවිතානය ගැලවී තිබේ නම් ඒ වටා ඇති ජෙලිමය මාධ්‍යය ඉවත් කර ඇලවීම සැකෙවින් කිවහොත් මෙහිදී සිදු කෙරෙන කාර්යයයි. නමුත් මෙය ඉතා සූක්ෂ්මව සිදු කළ යුතු ශල්‍යකර්මයක් වන අතර එය සියයට සියයකම නිරවද්‍යතාවයකින් කළ යුතුය. සුලූ හෝ වැරදීමකට හෝ  ඉඩක් තැබිය යුතු නැත. ඉතා සූක්ෂ්ම අන්වීක්ෂ හා ශල්‍යමය උපකරණ යොදාගත යුතු වන අතර තාක්ෂණයෙන් අගතැන් ගත ඒවා ඉතා මිලෙන් අධිකය. මේ නිසා මෙම පහසුකම් නියමාකාරයෙන් ඇති ස්ථානයකදී මනා පරිචයෙන් යුක්ත වෛද්‍යවරුන් ආරක්ෂාව ඇසුරේ එම ශල්‍යකර්ම සිදු කරගත යුතුවේ.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment