.

හොරෙන් බලන්න ආස හිතෙන්නේ ඇයි? මෙන්න වහාම දැනුවත් වෙන්න මෙය රෝග ලක්ෂණයකි.

Loading...

හොරෙන් බලන්න ආස හිතෙන්නේ ඇයි? මෙන්න වහාම දැනුවත් වෙන්න මෙය රෝග ලක්ෂණයකි.


මිනිසා යනු විවිධ වූ විෂම වූ හැසිරීම් රටාවන්ගෙන් යුතු අයෙකි. කොපමණ කලක් ඔවුන් පිළිබඳ අධ්‍යයනය කළ ද තේරුම් ගැනීම ඉතා අපහසු කාර්යයකි. නමුත් සමාජය විසින් යහපත් යැයි පිළිගත් හැසිරීම්වලින් බැහැරව

යන ඇතැම් හැසිරීම් බොහෝදුරට සමාජ විරෝධී හෝ නීතිමය වශයෙන් ගැටලුකාරී විය හැකියි. එවැනි එක් හැසිරීමක් රටාවක් පිළිබඳ මෙවර මනෝ වෛද්‍ය සාකච්ඡාව මඟින් විමසා බලමු.

කුමක්ද මේ රෝගී තත්ත්වය?

මෙම රෝග තත්ත්වය Voyeurism ලෙසින් හැඳින්වේ. මින් සිදුවන්නේ තවත් අයෙකුගේ පෞද්ගලිකත්වයට හා සාමයට බාධා කිරීමයි. මොවුන් සාමාන්‍ය ව්‍යවහාරයේදී Peeping Toms ලෙසින් හැඳින්වේ. මෙවැනි අය, අනෙක් අය ලිංගික ක්‍රියාවල නිරතවන ආකාරය හා ඇඳුම් මාරු කරන ආකාරය දෙස බැලීමේ දැඩි ආශාවකින් පසු වේ. මෙසේ ඔවුන් ඒ දේවල් නැරඹීමට පුරුදු වී ඇත්තේ අන් අයට හොරෙන් අප්‍රසිද්ධියේය.

මේ සඳහා බලපාන හේතු මොනවාද?

මීට හේතු දෙකක් පැවතිය හැකියි. ඉන් පළමුවැන්න, එවැනි රෝග තත්ත්වවලින් පෙළෙන අය ඉතාම ලැජ්ජාශීලී වීමයි. මොවුන්ට ස්වභාවිකවම කාන්තාවන් සමඟ ඇසුරු කිරීමේ ලැජ්ජාශීලි බවක් පවතිනවා මෙන්ම අත්දැකීම් විරල වීම ඊට හේතු වේ.

එසේත් නැත්නම් මනසින් වර්ධනය වී නොමැති (මන්ද මානසික) හෝ තමා පිළිබඳ බොහෝවිට අවතක්සේරුවෙන් සිතීම ද මෙම රෝගී තත්ත්වයට බලපෑ හැකියි. මේ නිසා යම් අයෙක් සමඟ ස්වභාවික සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීමේ හැකියාවක් නොමැති විය හැකියි.

ඒ අය හොරෙන් මෙවැනි ආකාරයට හැසිරෙන්නේ වෙනත් තමා නොහඳුනන කාන්තාවකට වීම ද තවත් විශේෂත්වයක් නමුත් එම කාන්තාවන් හඳුනා ගැනීමට ඔවුන් බියක් දැක්විය හැකියි. ඒ වගේම තමා කරන කාර්යය අන් අයගෙන් සැඟවීමට ද මොවුන් හැකි සෑම කාර්යයක්ම සිදු කරනු ලබයි.

මේ ආකාරයට ඔවුන් එම සිදුවීම් දෙස බලන විට යම් උත්තේජනයක් ලැබෙයි. නමුත් ප්‍රසිද්ධියේ එම කාන්තාවන් සමඟ සම්බන්ධ වීමට නොපෙළඹෙන්නේ ඔවුන්ගෙන් ප්‍රතික්ෂේප වේ යන බිය නිසාවෙනි. ඒ නිසා ඔවුන් මෙම අවස්ථාවලදී ස්වයං වින්දනයේද යෙදෙන අතර එමඟින් ඔවුන්ගේ ලිංගික අවශ්‍යතාවද සපුරා ගනියි.

දෙවැනි වර්ගය යටතේ සිටින රෝගීන් දක්වන්නේ ඉහත දැක්වූ රෝග තත්ත්වයට වෙනස් වූ ලක්ෂණයන්ය. එනම් මෙම පුද්ගලයන්, තමාගේ ගොදුර බවට පත්වන කාන්තාවගේ අවධානය යොමුකර ගැනීමක් සිදු කරයි.

ඒ වගේම අදාළ පුද්ගලයාගේ අවධානය දිනා ගැනීමෙන් එම තැනැත්තා බලාපොරොත්තු වන්නේ මොහොතකට හෝ තමාගේ බලය භාවිතා කර අදාළ තැනැත්තාව යටපත් කර ගැනීමටයි. පළමු වර්ගයේ පුද්ගලයන්ගෙන් ගැටලුවට මුහුණ දෙන දෙවැනි පාර්ශවයට ගැටලුවක් ඇති නොවුණද දෙවැනි වර්ගයේ පුද්ගලයන්ගෙන් නීති හා සමාජ විරෝධි දේ පවා (කාන්තා දූෂණය වැනි) සිදුවිය හැකියි.

මෙහි ඵලවිපාක පිළිබඳ පැහැදිලි කළොත්?

තවත් අයෙකුගේ පුද්ගලිකත්වයට හානි පැමිණවීම නිසා නීතිමය ගැටලුවලට මුහුණ දීමට සිදුවිය හැකියි. ඒ වගේම සමාජ අවමානයට ලක්වීම හා ස්ත්‍රී දූෂණය වැනි සමාජ විරෝධි ක්‍රියාවලට පෙළඹිය හැකියි. ඒ වගේම ඔවුන්ට ස්වභාවික එකතු වීමකදී ලිංගික සතුට නොලැබී යා හැකියි. ඊට හේතුව ඔවුන් ලිංගිකව උත්තේජනයක් ලබා ගැනීමට හුරු වී තිබෙන්නේ වෙනත් ආකාරයකට නිසාවෙනි.

මීට අමතරව මොළයේ සිදුවන ඇතැම් වෙනස්කම් නිසාද (ඩිමෙන්ෂියා, පිළිකා වැනි තත්ත්ව නිසාද හෝර්මෝනවල බලපෑම නිසා) මෙවැනි හැසිරීම් රටා පෙන්විය හැකියි. නමුත් මොවුන් එවැනි හැසිරීම් රටාවන් පෙන්වීමට පෙර සාමාන්‍ය ආකාරයෙන් හැසිරුණු අය විය යුතුයි. මෙවැනි තත්ත්ව සඳහා අනිවාර්යයෙන් ප්‍රතිකාර කළ යුතු අතර ඒ සඳහා ඖෂධ ප්‍රතිකාර මෙන්ම ශල්‍ය වෛද්‍යමය ප්‍රතිකාරද පවතියි.

නමුත් බොහෝදුරට මෙවැනි පුද්ගලයින් මොළයේ යම් ගැටලුවක් නොමැතිව මේ ආකාරයට හැසිරිය හැකි අතර ඊට හේතුවන්නේ අසාමාන්‍ය ලිංගික ආශාවයි. මේ නිසා අන් අයට පමණක් නොව තමාට ද හානි සිදුවිය හැකියි. මොවුන්ට ඖෂධ ප්‍රතිකාර කරනවාද නීතිමය උපදෙස් ලබා දෙනවා ද යන්න තරමක් ගැටලු සහගතයි. විශේෂයෙන් ඖෂධ ප්‍රතිකාර මඟින් ඔවුන්ගේ අසාමාන්‍ය ආශාව සම්පූර්ණයෙන්ම නවතාලිය හැකියි.

නමුත් එතැන යම් මානුෂික පැතිකඩක් පවතියි. ශල්‍ය වෛද්‍ය විද්‍යාත්මක අතින් වෘෂණ කෝෂ ඉවත් කිරීම හෝ එම සංවේදන සම්බන්ධ මොළයේ ස්නායුවල සම්බන්ධතාව නවතාලීමට ද හැකියි. නමුත් මේ සියල්ල අදාළ පුද්ගලයාගේ කැමැත්ත මතම සිදු කළ යුතුයි. මේ සඳහා මනෝ වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකාර ද පවතින අතර ඒවා ශල්‍ය වෛද්‍ය විද්‍යාත්මකව යොදන ප්‍රතිකාර මෙන් නොව පසුව වෙනස් කළ හැකි වෙයි.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment