.

දත්මුල් දියවීම සහ ඉරුවාරදය නිට්ටාවට සුවකර ගන්න මේ හෙළ ‍ඔසුව භාවිතා කරන්න .

Loading...

දත්මුල් දියවීම සහ ඉරුවාරදය නිට්ටාවට සුවකර ගන්න මේ හෙළ ‍ඔසුව භාවිතා කරන්න .
  
අද බොහෝ දෙනෙකුට ඇති රෝගයකි දත්මුල් දියවීම. ඒත් සමගම එන තවත් අතුරු ආබාධයකි ඉරුවාරදය. අප මෙහිදී මෙම රෝග දෙකම නිට්ටාවට සුව කරගත හැකි හෙළ ඔසුවක් ගෙන එන්නෙමු.

හිස් කබල තුල ඇති සිවියක අපද්‍රව්‍ය බැදිම නිසා හට ගන්නා ආබාධයකි දත්මුල් දිය විම නැතහොත් විදුරුමස් දිය විම. මෙම තත්වයට අප වෙද කම් කරන්නේ විදුරුමස් වලටයි. නමුත් වෙදකම් කලයුතු වන්නේ පෙර කි හිස් කබලේ ඇතුලත ඇති සිවියේ ඇති අපද්‍රව්‍ය ඉවත් කිරිමටය.

මෙම තත්වය සුව කර නොගතහොත් ඉදිරියේදි එය ඔබගේ ඇස් පෙනිම දුර්වලවිමට බලපාන බව හොඳින් අවබෝධ කර ගන්න. මේ නිසා මෙම තත්වය යන්තම් හෝ ඇති අයයෙක් මෙම ඔසු භාවිතා කොට දත්මුල් දිය විම සහා ඉරුවා රදය සුව කර ගන්න.

මෙම ඔසුව අප විසින් ඔබ වෙත ගෙන එන්නේ අප කල්‍යාණ මිත්‍ර වහරක අභයරතනාලංකාර නයක ස්වාමින් වහන්සේ විසින් මිනිස්සුන්ගේ හිත සුව පිනිස දේශනා කරන ලද නිසාවෙනි එසේ එහින් උන්වහන්සෙටද අපි පුණ්‍යයානුමෝදනා කරමු. අප අද දින ගෙන එන්නේ දත්මුල් දියවිම නැවැත් වියහැකි ඉහතින් සඳහන් කර සිවියේ ඇති අපද්‍රව්‍ය ඉවත් කල හැකි ඔබ හොදින්ම දන්නා ඔසුවකි.

අවශ්‍ය ඖෂධ

* සාමාන්‍ය ප්‍රමාණයේ අරළු ගෙඩි ග්‍රම් 200ක් පමණ
* කරුංකා ගෙඩි ග්‍රම් 100ක් පමණ

සාදාගන්නා ආකාරය

අරළුගෙඩි හොදින් සොදා කබලක දමා හොදින් බැදගන්න. මෙය ගෙඩි පෙිටින් හෝ තලාගෙන බැදගත්තාට කමක් නෑ. හොදින් රන්වන් පැහැය වෙන තුරු බැදගන්න. දැන් මෙම බැදගත් අරළු හොදින් කොටා කුඩු කර හලා ගන්න. කරුංකා ගෙඩිද කබලේ දමා අගුරු වෙනතුරු බැදින්න. අඟුරු කරුංකාද වංගෙඩියක දමා කොටා හලා ගන්න.

මුලින්ම අරළු කුඩු වලින් භාගයක් ඉවත් කර ගන්න. එම ප්‍රමාණය වෙනම බෝතලයක අහුරා ගන්න. ඉතිරි කුඩු වර්ග දෙක දැන් ග්‍රම් 100 බැගින් ඇත. එම කොටස් දෙක එක් කොට නැවත හලා ගන්න. මෙහිදි මෙම කුඩු හොදින් මිශ්‍ර කරගත යුතුය. මෙම කුඩුද වෙනම බෝතලයකට අසුරා ගන්න. දැන් ඔබ සතුව බෙහෙත් වර්ග දෙකක් ඇත. එක තනිකර අරළු බැදගෙන කුඩුකර ගත කොටසය. අනිත් කොටස අරළු සහා කරුංකා අගුරු යන දෙවර්ගය එක් කොට සකසා ගත් කොටසය. මේවා වෙන වෙනම බෝතල් වල දමා ගන්න. එක් බෝතලයක් කළු පැහැයෙන්ද අනෙත් බෝතලය දුබුරු පැහැයෙන්ද ඇති නිසා වෙන්කර හදුනා ගත හැකි වනු ඇත.

පාවිච්චි කරන ආකාරය

රාත්‍රි නින්දට යන්නට පෙර සුපුරුදු පරදි දත් මදින්න. ඉන් පසු අරළු පමණක් ඇති බෝතලයෙන් කුඩු ටිකක් අතට ගෙන තමාගේම ඇගිල්ලෙන් විදුරුමස් වල හොදින් ආලේප කරන්න. මෙහි ඇති තද කහට ගතිය හොදින් විදුරුමස් තුල කාවදින ලෙස ඇගිල්ලෙන් මදින්න. නිදා ගන්නට පෙර කට සොදන්නේ නැතිව හිටිය හැකිනම් එය තවත් ගුණ දායකවේ. නැතිනම් වතුර ටිකකින් කට සෝදා ගන්න. මෙම ප්‍රති කාරය දින 30ක් පමණ එක දිගට කරන්න. ඉන් පසුව සතියකට 3න් 4 වතාවක් සිදු කරන්න. මෙසේ අවුරුද්දක් පමණ කාලයක් සිදු කල යුතුය. වසරක් පමණ කාලයකට පසු තමාය අවශ්‍ය නම් මෙම ප්‍රතිකාරය නවතා දැමිය හැකිය. නැතිනම් තවත් මාස 6ක් පමණ සිදු කරාට කම් නැත. විදුරු මස් වලින් සියයට 30ක් වත් තිබෙනම් නැවත විදුරු මස් දළු ලා වැඩෙනු ඇති ඒසේ නැතිනම් දැනට ඇති ප්‍රමාණයෙන් නවතා ගත හැකිය.

කරුංකා අගුරු සහා අරළු කුඩු මිශ්‍ර කර සකසා ගත් ඉතිරි කුඩු ග්‍රම් 200 දත් මදින්නට යොදා ගන්න. මෙම කුඩු වලින් දත් මදින විට මුඛය සහා දත් හොදින් පිරිසිදු වේ. මෙය නිරෝගි කෙනෙකුට වුනත් වුචිතය. මෙම කුඩු වල තියෙන ඖෂධ දත් මුල් වල ඇති කේෂ නාලිකා හරහා අප ද්‍රව්‍ය සහිත හිස් කබලේ යට ඇති සිවිය පිරිසිදු කරයි. මෙසේ එම සිවිය අපද්‍රව්‍ය වලින් තොර විම නිසා හිරුවාරදය ද සුවවේ. දත්මුල් දිය විම නතර කර නැවත විදුරුමස් ලියලයි. මෙය දින පතා පාවිච්චි කල හැකි ඖෂධිය දත් බෙහෙතකි. අගුරුයනු ඉතා හොඳ පවිත්‍රකාරකයක් බව අප දැනගනිමු. අප මෙහිදි කරුංකා අගුරු සහා බැදගත් අරුළු වලින් සිදු කරන්නේ අදාල සිවිය පවිත්‍ර කිරිමයි. මේ අයුරින් දත් මුල් වල දිය විමත් ඉරුවාරදයත් ඇස්වල ඇති වෙන වේදනාව සමනය වේ.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About lanka.ayuruweda

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment