.

ඔබේ පියයුරේ වේදනාවෙන් තොර ගැටිත්තක් තිඛෙනවාද?අනතුරුදායකයි කලින් හඳුනාගත්තොත් ඔබට බේරෙන්න පුළුවන්

Loading...

ඔබේ පියයුරේ වේදනාවෙන් තොර ගැටිත්තක් තිඛෙනවාද?අනතුරුදායකයි කලින් හඳුනාගත්තොත් ඔබට බේරෙන්න පුළුවන්.

ලෝකයට ආලෝකය දෙන්නී, කාන්තවයි. ඇය පිරිපුන්ව, නීරෝගීව සිටීම ඊට අත්‍යවශ්‍යය.

ජීවිතය බින්දුවට ඇද දමන රෝග අතර පිළිකාව ප්‍රධානය. එයින් කාන්තාව බහුලව ගොදුරු කරගන්නා පිළිකාවක් නම් පියයුරු පිළිකාවය. අප පසුගිය සතිවල කතා කළේත් පියයුරු පිළිකාව පිළිබඳවය. පියයුරු පිළිකාව පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමේදී, සැලකිලිමත් විය යුතුම සාධකයක් වන්නේ එහි රෝග ලක්ෂණ පිළිබඳවය.

බහුලම රෝග ලක්ෂණය

එනම් පියයුරේ ඇති ගැටිත්තයි. මෙය බොහෝවිට වේදනාවෙන් තොරය. එනමුත් පියයුරේ ඇති සෑම ගැටිත්තක්ම පිළිකාවක් ද නොවේ. නමුත් සැක සහිත එවැනි ගැටිත්තක් පිළිබඳ දැනුණේ නම් එය පරීක්ෂා කර ගැනීම ඉතාමත් වැදගත්ය. තවද එය පිළිකාවක් නොවන බවට වෛද්‍ය පරීක්ෂණ ඔස්සේ තහවුරු වන තුරුම එය අවදානමක් ලෙස ගැනීම ද වැදගත්ය.

මීට අමතරව තනපුඩුවකින් රුධිරය ස්‍රාවය වීම, එසේම තනපුඩුවේ එක් පැත්තක ඇති විය හැකි සුව නොවන දදයක් යම් විටෙක පිළිකාවක ලක්ෂණයක් විය හැකිය.

එබැවින් මෙවැනි රෝග ලක්ෂණ පවතී නම් ඉක්මනින් පරීක්ෂණයට යොමුවීම වැදගත්ය.

මැමෝග්‍රැෆි පරික්ෂණය

එක්ස්රේ ඡායාරූප මඟින් පියයුරේ පැහැදිලි ඡායාවක් ලබාගෙන පරීක්ෂා කිරීම මෙහිදී සිදු කරයි. මෙහිදී පියයුරේ ග්‍රන්ථිමය ස්වභාවය වැඩි නම් පිළිකා තත්ත්වයන් හඳුනා ගැනීමට අපහසු විය හැක.

සාමාන්‍යයෙන් මෙම ස්වභාවය අඩු වී යනුයේ අවුරුදු තිස් පහෙන් පසුවය. එබැවින් මැමෝග්‍රැෆි පරීක්ෂාවකින් සාර්ථක විනිශ්චයකට එළැඹිය හැක්කේ අවුරුදු 35ට වැඩි කතුන්ටය.

ඒ ඇරුණු විට අවුරුදු තිස්පහට අඩු කාන්තාවකට යම් අවස්ථාවක ඉහත දැක්වූ රෝග ලක්ෂණ පිළිබඳ සැකයක් පවතී නම් ස්කෑන් පරීක්ෂාවකට ලක් කර ඒ පිළිබඳ රෝග නිශ්චයකට පැමිණිමේ හැකියාව පවතී.

තවද ගැටිත්ත අතට හසුවන සුළු නම් FNAC  නම් වූ පරීක්ෂණයට ද ලක් කළ හැක. එමඟින් ගැටිත්තෙන් ලබා ගන්නා ෙසෙල ආශ්‍රයෙන් අන්වීක්ෂයක් හරහා එහි පිළිකා ෙසෙල ඇත්දැයි හඳුනාගත හැක.

ඊටත් අමතරව තනපුඩුවේ දදයක් හෝ තුවාලයක් ඇත්නම් ඒ කොටස හිරිවැට්ටවීමට ලක් කර ඉතා කුඩා කොටසක් කැපුමක් මඟින් ලබාගෙන රසායනාගාර පරීක්ෂාවක් ඔස්සේ පිළිකා තත්ත්වයක් ඇත්දැයි හඳුනා ගැනීමට ද පුළුවන. මීට අමතරව තනපුඩුවෙන් රුධිර ස්‍රාවයක් පවතින අවස්ථාවක එම රෝග ලක්ෂණයෙන් පමණක් පිළිකා තත්ත්වය හඳුනා ගැනීමට අපහසුවක් පවතී. මන්ද යම් අවස්ථාවල එම තරලයේ පිළිකා ෙසෙල නොතිබිය හැකි බැවිනි. එවැනි අවස්ථාවක අදාළ කාන්තාවගේ රුධිර ස්‍රාවයට අදාළ නාලය පමණක් කුඩා සැත්කමකින් ඉවත් කර දැමිය හැක. අනතුරුව එයින් අධීක්ෂණය කරන තොරතුරු හා ප්‍රතිඵල මත යම් ඉදිරි ප්‍රතිකාර අවශ්‍ය නම් එය සැලසුම් කරනු ඇත.

විශාලම වාසිය

හැමවිටම පියයුරු පිළිකාවක් කලින් හඳුනා ගැනීම ප්‍රතිකාර හා ස්ථීර සුවය සඳහා අතිශයින් වැදගත් වන සාධකයක් බව අප නැවත කියමු. එබැවින් රෝගය මුල් අවස්ථාවේදීම හඳුනා ගන්නට සැමවිටම ඉක්මන් වීම හොඳම ක්‍රමයයි.

ස්වයං පියයුරු පරීක්ෂාව

සෑම මසකම ඔසප් වීම නිම වී ස්නානය කරන අවස්ථාවේ මේ පරීක්ෂාව සිදු කර ගැනීම හොඳම ක්‍රමයයි. මෙහිදී වම් අතින් දකුණු පියයුරත් දකුණු අතින් වම් පියයුරත් අතේ මැද ඇඟිලි තුනේ තුඩු වලින් අල්ලා, පියයුරු උරස් කුහරයට තද කර ගනිමින් සෙමෙන් වක්‍රාකාරව පිරිමදින්න. මෙහිදී යම් ගැටිත්තක් අතට හසු වේ නම් ඉක්මනින් වෛද්‍යවරයෙකු මුණගැසීම වැදගත්ය.

පුරුද්දකට තියා ගන්න

අවුුරුදු 25 ඉක්ම වූ සෑම කාන්තාවක්ම පුරුද්දක් ලෙස සෑම මසකට වරක් පියයුරු පරීක්ෂාව කර ගැනීමට හුරු වීම යහපත්ය. පිළිකා රෝග තත්ත්වයක් පවතී නම්, මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීමට මෙයින් හොඳින්ම මඟ සැලැසෙයි. එසේම යම් අවස්ථාවක ගැටිති අසු වේ නම් ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත්ය. එබැවින් මෙය පුරුද්දක් ලෙස සෑම තරුණියක්ම, කාන්තාවක්ම සිදු කර ගැනීම අද ලබා දීමට ඇති වැදගත්ම උපදෙසයි.

ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිලිබඳ විශේෂඥ වෛද්‍ය
ආරියසේන යූ. ගමගේ

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment