.

කොන්ඩේ සදහටම ස්ට්‍රේට් කරමුද එහෙනම් මෙන්න විෂ්මිමත වට්ටෝරුව හදාගන්න

Loading...

කොන්ඩේ සදහටම ස්ට්‍රේට් කරමුද එහෙනම් මෙන්න විෂ්මිමත වට්ටෝරුව හදාගන්න.

අපිළිවෙලට ඇති හිස කෙස් අලංකාර කර ගැනීම හා මෝස්තර අනුගමනය කිරීම සඳහා කෙස් කළඹ ස්ටේ්‍රට් කරනු ලබයි. වැඩිපුර ඇති කොණ්ඩයට තුනී සිනිඳු පෙනුමක් ගෙන දීමට ස්ටේ්‍රට් කිරීම තුළින් හැකියාවක් ඇත. මෙහිදීද ස්ථීර හා තාවකාලික වශයෙන් ක්‍රම දෙකකි.

තාවකාලික ක්‍රමයේදී කොණ්ඩය දැඩි තාපයකට භාජනය කරනු ලබයි. මෙමඟින් කෙස් ගසේ නිර්මිකය වෙනස් කල හැකිය. මෙහිදී කෙස් ගසේ ඇති හයිඩ්රිජන් බැමි කැඩී නව බැමි ඇතිවේ. සේදු පසු නැවතත් තිබු ආකාරයට පත්වේ. ස්ථීරව කෙස් ගස ඝෘජු කිරීමේදී රසායනික භාවිතය සිදුවේ. මෙමඟින් කෙස් ගසේ ඇති සල්ෆයිඩ් බැමි බිඳී යයි. මෙහිදී එකතු වන ජල අංශ= සමඟ කෙස් ගස දිග හැරෙයි. ඇති වු හැඩය රැක ගැනීමට නියුටුලයිසර් භාවිතා කරයි. රසායනිකය මඟින් ඇති වු ප්‍රතික්‍රියාව නියුටුලයිසර් මඟින් නවතනු ලැබේ.

මෙම ස්ථිර ක්‍රමයේදී විවිධ රසායනිකයන් භාවිතා කිරීම ඉතාමත් හානිදායකය. එම රසායනිකයන් භාවිතයෙන් ආබාධිත කෙස් කළඹක් තමයි ලබා ගන්නට හැකි වෙන්නේ. පසු කාලීනව කෙස් දිරා යාමටද පුළුවන්. එබැවින් අද අපි කියල දෙන්න යන්නේ කෙස් ස්ථිරවම ස්ටේ්‍රට් කිරීමට ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන සකසන ලද අමුද්‍රව්‍යක් ගැනයි.

අවශ්‍ය ද්‍රව්‍ය

 පොල්කිරි කෝප්ප එකයි
 ලෙමන් ජුස් කෝප්ප එකයි
 ඔලිව් ඔයිල් මේස හැඳි එකයි
 ඉරිගු පිටි මේස හැඳි තුනයි


සකසා ගන්නා ආකාරය

දියරයක් වන තෙක් ඉරිගු පිටි, ලෙමන් යුෂ සමග කලවම් කරගන්න. පොල් කිරි ඔලිව් තෙල් සමග කලවම් කර එය ඉරිගු මිශ්‍රණයට එකතු කරගන්න. ඝන ආලේපයක් වන තෙක් මඳ රස්නෙන් රත් කරගන්න. ඉන්පසු නිවා හිස කේ වල හොදින් ආලේප කර පොලිතින් ආවරණයකින් හිස කේ වසා පැය 1-2 ත් අතර කාලයක් තබන්න. ඉන්පසු ෂැම්පු සහ කන්ඩිෂනර් එකක් භාවිතයෙන් හිස කේ සෝදා හරින්න.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි


Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment