.

වකුගඩුවල ගල් දිය කරන විශ්මිත අශෝක ඇට ඔසුව මෙන්න වකුගඩු රෝගයෙන් බේරෙන්න මෙන්න නියම පිළියම

Loading...

වකුගඩුවල ගල් දිය කරන විශ්මිත අශෝක ඇට ඔසුව මෙන්න වකුගඩු රෝගයෙන් බේරෙන්න මෙන්න නියම පිළියම.

පූජනීය වෘක්ෂයන් අතර අශෝක ගහට හිමි වන්නේත් සුවිශේෂී ස්ථානයක්. ආගමික ස්ථානවලත් මේ වෘක්ෂය බහුල වශයෙන් දැකගන්න පුළුවන්. ශෝකය නැති කරවන්නා යන අරුත ඇතිවයි මේ ශාකයට අශෝක යන නාමය ව්‍යවහාර වෙන්නේ. ඉතිහාසයට අනුව සීතා දේවිය අශෝක වනයේ රඳවා තැබූ බව සඳහන්. හනුමා සීතා සොයමින් යන විට මල් වනයකදී ඇය හමුවුණා. ඒ මොහොතේ ශෝකය නැති වූ නිසා ඒ මල් වනය අශෝක ලෙස හැඳින්වූවා.

රන් පැහැති පුෂ්පවලින් සහ තඹ පැහැති දලූවලින් සමන්විත අශෝක ශාකය zzතම්ර පල්ලවZZ යන නමිනුත් හඳුන්වනවා. ඉන්දියාව, ශ්‍රී ලංකාව, බුරුමය වැනි රටවල සීතල දේශගුණ සහිත ප්‍රදේශවල හටගන්නා මේ ශාකය මීටර් 12ක් පමණ උසින් යුත් අතු විහිදී ගිය ගසක්. අශෝක පුෂ්ප රත්තරන් පාටින් සමන්විත වුණත් මල කෙමෙන් කෙමෙන් පරවන විට රතු පැහැයෙන් සමන්විත වෙනවා. දිගු කරල්වලින් සමන්විත අශෝක ශාකයේ කරල් අඟල් හයක් හතක් වගේ දිගකින් සමන්විතයි. ඒ කරල් ඇතුළත කුඩා ඇට විශේෂයක් පවතිනවා.

මේ අශෝක ශාකය අපේ ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රය තුළ රෝග රැසකට සුවය සලසන අගනා ඖෂධයක්. චරක සංහිතාව, සුශ්‍රැත සංහිතාව වැනි ග්‍රන්ථවල ~කාශයක් කන්ධ~ යන කොටසට අයත් ඖෂධයක් ලෙස වර්ගීකරණය කර ඇති අශෝක වේදනා නාශනය කරන ඖෂධ අතර සුවිශේෂී ඖෂධයක් ලෙසත් සඳහන්.

ලඅශෝක ශාකයේ පොතු, ඇට යන ඖෂධ කොටස් කෂාය සෑදීමට වගේම ඖෂධ චූර්ණ (ඔසු කුඩු) සෑදීමටත් ගන්නවා. ආයුර්වේදයේ ස්ත්‍රී ප්‍රජනක රෝග සුවයටත් අශෝක ඖෂධය භාවිත කරනවා. ගර්භාශගත රෝග සුව කිරීමට යම් ඖෂධයක් නිර්දේශ කරනව නම් ඒ අතර අශෝක ඖෂධයත් අනිවාර්යයයි. ගර්භාශ ගෙඩි සුව කිරීමට, අධික රුධිර වහනය නැති කිරීමට ආදී විවිධ ස්ත්‍රී රෝග දුරු කිරීමට යොදා ගන්න පුළුවන් සුවිශේෂී ඖෂධයක් තමයි අශෝක කියන්නේ. එවන් ස්ත්‍රී රෝගවලින් පෙළෙන කාන්තාවන් අශෝක පොතු ග්‍රෑම් 60ක් පමණ අරගෙන මුට්ටියකට දමා එයට වතුර පත අටක් මිශ්‍ර කර පත එකට සිඳුවා උදේට පත භාගයයි, සවසට පත භාගයයි බැගින් දින කිහිපයක් පානය කරන්න. ඒ වගේම අශෝක පොතු මඳක් වියළා හොඳින් කුඩුකරගෙන කෝපි වගේ පානය කරනවනම් එය ඉතාමත්ම ගුණදායකයි.

අශෝක මල් දියවැඩියා රෝගීන්ගේ අධික සීනි මට්ටම පාලනය කරන්නට සමත් සුවිශේෂී ඖෂධයක්. දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයන් අශෝක මල් වියළා (මඳ පවනේ වියළාගන්න.) හොඳින් කුඩුකර උණුවතුර වීදුරුවකට ඒ කුඩු ස්වල්පයක් දමා දිනකට දෙවරක් පමණ පානය කරනවා නම් ශරීරයේ සීනි මට්ටම පාලනය කර ගන්න පුළුවන්. එහෙම නැතිනම් අශෝක මල් මිටක් මඳ පවනේ වියළා එය මුට්ටියක දමා වතුර පත හතරක් මිශ්‍රකර එය පත එකට සිඳුවා උදේ සවස පත භාගය බැගින් පානය කරන්න. සතියක් පමණ අඛණ්ඩව මේ කෂාය පානය කළොත් සීනි තත්ත්වය යථා තත්ත්වයට පත්කරගන්න ඔබට පුළුවන්.

සාමාන්‍ය අතීසාර තත්ත්ව අවස්ථාවලදී අශෝක මල් කෂාය දින කිහිපයක් පානය කිරීම වැදගත්. නමුත් රුධිරය පිටවන අතීසාර තත්ත්වවලදී වඩාත් යෝග්‍ය වන්නේ අශෝක පොතු තැම්බූ කෂාය. මේ කෂාය පානය කිරීමට වගේම අර්ශස් සේදීමටත් ගුණාදයකයි. අර්ශස් ගෙඩි හැකිළවීමේ ඖෂධීය ගුණයක් මේ ශාකය තුළ පවතිනවා.

අපේ දේශීය වෛද්‍ය විද්‍යාව තුළ රුධිරය පිරිසිදුකර ගැනීමට සුදුසු ඖෂධ රැසක් පවතිනවා. ඒ ඖෂධ අතර රුධිරය පිරිසුදු කිරීමට භාවිත කළ හැකි සුවිශේෂී ඖෂධයක් තමයි අශෝක පොතු කියන්නේ. අශෝක ගහේ පොතු කෂායක් ලෙස සාදා පත එකට සිඳුවා ඒ පත එකට ඇති පදමට සීනි දමා ඖෂධීය පැණියක් සාදාගන්න. ඒ පැණිය ළිපෙන් බාගෙන හොඳින් නිවුනට පසුව සුළං නොවදින බෝතලයකට දමා තබාගෙන දිනකට තේ හැඳි දෙකක් පමණ පානය කරනව නම් රුධිරය නරක්වීම නිසා ඇතිවන හම අවපැහැ ගැන්වීම නැතිවෙනවා. ශරීරයේ බිබිළි, කුෂ්ඨ ගෙඩි සුව කරන්නත් මේ ඖෂධීය පැණිය අඛණ්ඩව පානය කිරීම වැදගත්.

වකුගඩු ආශි්‍රතව ඇතිවන ගල් දිය කිරීමට ඉතාමත්ම ගුණදායක ඔසුවක් තමයි අශෝක ඇට වියළාගෙන සකස් කරගන්නා කුඩ. අශෝක ඇට වියළා සියුම් ලෙස කුඩුකර දිනපතා උදේ සවස උණු වතුර වීදුරුවකට තේ හැඳි ස්වල්පයක් බැගින් මිශ්‍රකර පානය කරනවා නම් වකුගඩු ආශි්‍රතව හටගත් ගල් දිය කිරීමේ හැකියාවක් පවතිනවා.

අද බොහෝ දෙනකුට පීඩා ගෙන දෙන රෝගාබාධය තමයි හන්දිපත් වේදනා, තුනටිය වේදනා කියන්නේ. කොයි තරම් ඖෂධ, තෙල්, වාත්තු කළත් සුව නොවන හන්දිපත් වේදනාවලදී ~ශ+ලහර~ වැනි තෙලකට (ර්ණීර්ථීච් මට්ටමෙන් ලබාගත හැකිය.) අශෝක ගසේ පොතු කබලෙ පුලූස්සා ගත් කුඩු ස්වල්පයක් මිශ්‍රකර හන්දිපත් වේදනාවල අලේප කරන්න. ඉක්මනින් හන්දිපත්වල කැක්කුම්, වේදනා සුව කිරීමේ හැකියාවක් ඒ ඖෂධීය තෛලය තුළ පවතිනවා.

ස්ත්‍රීන්ට ඇතිවන ගර්භාශ රෝගවලදී භාවිත කිරීමට සුදුසු හොඳම ඖෂධය ලෙසයි අශෝක හැඳින්වෙන්නේ. ආර්තව වේදනාවලදී ඒ වේදනාව බහුල වශයෙන් නැති කරන්න පුළුවන් අශෝක පොතු කෂාය උදේ සවස පානය කරන නම්. අශෝක පොතු කෂාය තරමක් කහට රසයි. ඒ නිසා ඇතැම් අයට මෙය පානය කිරීමට යම් මැළිකමක් ඇතිවෙන්න පුළුවන්. ඒ කහට රස නැති කර සාමාන්‍ය රසකින් අශෝක කෂාය පානය කරන ආකාරයක් ගැන මම ඔබට කියන්නම්. අශෝක පොතු ග්‍රෑම් 60ක් පමණ අරගෙන මුට්ටියකට දමා එයට වතුර පත හතක් මිශ්‍ර කර එළකිරි පත එකකුත් එයට මිශ්‍ර කර පත එකක් වනතුරු සිඳුවාගන්න. ඉන්පසු එය පෙරාගෙන උදේට පත භාගයයි, සවසට පත භාගයයි බොන්න. කිරිත් මිශ්‍ර කළ නිසා කහට රසක් එන්නේ නැහැ. කාන්තා රෝගවලදී, ආර්තව වේදනාවලදී මේ ඖෂධීය කෂාය පානය කරනව නම් එය ඉතාමත්ම ගුණදායකයි.

අශෝක ගහේ පොතුවල බැක්ටීරියා, දිලීර වගේ ආසාධන නැති කිරීමේ සුවිශේෂී ගුණයක් පවතිනවා. ඒ නිසාම තුවාලයක් හට ගත්විට රුධිරය වහනය වනවානම් පරණ තුවාලවලින් සැරව පිටවනවානම් ඒ තත්ත්වය නැතිකර තුවාලය ඉක්මනින් වියළා සුවඅතට ගන්න අශෝක පොතු ඉතාම ගුණදායකයි. ඔබ කළ යුත්තේ අමු අශෝක පොතු ස්වල්පයක් පිරිසිදුකර අරගෙන හොඳින් ගලේ අඹරා කල්කයක් ලෙස සාදාගෙන ඒ කල්කය තුවාලවල, සැරව බිබිළිවල ආලේප කිරීම පමණයි.

කැඩුම් බිඳුම් වෙදකම තුළත් අශෝක පොතුවලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. අස්ථි භග්න හෙවත් ඇට බිඳීම් අවස්ථාවලදී අශෝක පොතු, කුඹුක් පොතු එක්කර පත්තුවක් ලෙස සාදා ඒ කැඩුම් බිඳුම් ඇති වූ ස්ථානයේ පත්තුව බඳින්න. සති කිහිපයක් යද්දී අස්ථි බිඳුණු තැන් සවිමත් වෙන්න මේ අශෝක පොතුවල තිඛෙන ඖෂධීය රසායනික සංඝටක ඉතා වැදගත්.

අතීතයේ විදුරුමස් දියවීම්, සෙම් ගෙඩි, මුඛ දුර්ගන්ධය, දත් පණුවන් කෑම ආදී මුඛාශි්‍රත රෝග සුව කරන්න අශෝක පොතුවලින් දත් ඛෙහෙත් කුඩක් සාදාගෙන තිඛෙනවා. අශෝක පොතු මඳක් වියළා හොඳින් කුඩුකර ඇල්දිය ස්වල්පයක් සමඟ මිශ්‍රකර ඒ කුඩුවලින් ඔබ දත් මදිනවනම් පෙර කී මුඛාශි්‍රත රෝග සියල්ලම දුරු කරන්න වගේම ඒවා නොවැලඳී තිඛෙන්නත් එය ඉතා වැදගත්. දිනපතා අශෝක පොතු කුඩු මිශ්‍රකළ උණුවතුර එකකින් කට සෝදනව නම් එයත් ගුණදායකයි. කට වණවීම් ආදී සියලූම බැක්ටීරියා රෝග එමඟින් විනාශ වී යනවා.

ඇත්තටම අශෝක කියන්නේ පූජනීය ශාකයක්ම පමණක් නෙවෙයි කියලා ඔබට දැන් පැහැදිලි ඇති. අශෝක ඖෂධයක් ලෙස වැදගත්කම වැඩියෙන්ම දැනෙන්නේ කාන්තාවන්ටයි. එයට හේතුව තමයි කාන්තා රෝගවලට දෙන සුවිශේෂීම ඔසුව අශෝක වීම.

වෙළෙඳපොළ තුළ පවතින කාන්තා රෝගවලට දෙන අශෝක අරිෂ්ටය සාදන්නේත් මේ අද්විතීය ඖෂධයෙන්ම තමයි.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment