.

මේ දේවල් ඔබට ඇලජික්ද එහෙනම් අනිවාර්යෙන් මෙ ගැන දැනගන්න

Loading...

මේ දේවල් ඔබට ඇලජික්ද එහෙනම් අනිවාර්යෙන් මෙ ගැන දැනගන්න. 

අසාත්මිකතාව යනු ප්‍රතිශක්ති ප්‍රතිකි්‍රයාවකි. වැඩිපුරම වාතය සමඟ එක්ව පැතිරෙන මල් පරාග, තෘණ පරාග, දිලීර කෝෂ්ඨ, දූලි කීඩෑවන් , සුරතල් සතුන්ගේ වියළි කෙළ රෝම හා සම් කැබලි නිසා මෙම අසාත්මික තත්ත්වයන් ඇතිවිය හැකිය. වෛද්‍යවරු මෙම තත්ත්වය ඇලර්ජික් රයිනයිටිස්” හෙවත් අසාත්මික ඝ්‍රාණද්‍රහය ලෙස හඳුන්වනු ලබයි. මෙවැනි ආඝ්‍රාණමය අසාත්මික තත්ත්වයන්ගෙන් වැළකී සිටීමට අසීරු වන්නේ එය ඇෙඟන්ම ඇතිවන තත්ත්වයක් නිසාය. ඒ කෙසේවෙතත් මේ තත්ත්යෙන් වැළකී සිටීමට ගත හැකි පියවර නැත්තේද නොවේ. එවැනි පියවර කිහිපයක් මෙසේය.



දුම්වැටියෙන් නැගෙන දුමෙන් වැළකී සිටින්න

සිගරැට් දුම්පානය කරන අයගෙන් පමණක් නොව එවැනි දුම් පැතිරෙන පරිසරයන්ගෙන්ද ඈත්ව සිටීම අසාත්මිකතා ඈත් කිරීමට සමත්ය. දූවිලි කිව්වත් - ගෙබිම යෙදු බුමුතුරුණු, මකුළු දැල්, මෙට්ට, කොට්ට, ඇඳ ඇතිරිලි ආදිය දූලි කීඩෑවන් පි්‍රය කරන තිප්ඵලවල්ය. එහෙයින් ඒවා පිරිසිදු කිරීම, සේදීම, අව්වේ දමා වියළා ගැනීම මෙන්ම හැකි අවස්ථාවලදී ඉටි උර දමා කීඩෑවන්ට බාධක ඇති කිරීමටද ගත හැකි ක්‍රියාමාර්ගය. මුඛ ආවරණයක් පළඳින්න.

නිවෙස පිරිසිදු කරන විට, මකුළු දැල් කඩන විට මල් පාත්ති ශ=ද්ධ කරන විට, පොහොර යොදන විට, කොළ රොඩු අස් කරන විට මුඛය සහ නාසය ආවරණය වන සේ මුඛ වැස්මක් යොදන්න.

ගෑස් ලිප අත්හරින්න

ස්වභාවික වායුව දැවෙන විට පිටවන විවිධ වායු හා රසායනික වලට සමහර අය අසාත්මිකය. එසේ නම් ආහාර පිසීම සඳහා විදුලි ලිප් භාවිතා කිරීම ඔවුනට ගත හැකි විකල්ප ක්‍රියා මාර්ගයකි.

කාපට් සෝදා අව්වේ හොඳින් වියළා ගන්න

සමහරවිට ඔබගේ නිවෙස තුළ බිත්ති තෙත්වී පුස් කා තිබිය හැකිය. කුස්සිය හා නාන කාමර බිත්ති මෙම උවදුරට බොහෝ සේ ලක්වෙයි. නාන කාමරය තුළ යෙදූ කාපට් පවා වරින් වර සෝදා අව්වේ හොඳින් වියළා ගැනීම අවශ්‍ය වන්නේ එහෙයිනි. නිවෙස තුළ පෝච්චිවල වගා කරන මල් පැල ප්‍රමාණය හැකි පමණ අඩු කරන්න. ගෙතුළ තබා ඇති මල් පෝච්චි තුළ පුස් වර්ග (දිලීර) හොඳින් හා ඉක්මනින් වර්ධනය වෙයි.

සුරත්ල සතුන්

සුරතල් සතුන්ගේ කෙළ හා සම්කැබලි යනාදියට ඔබ අසාත්මික නම් ඔබ කළ යුත්තේ බල්ලන්, බළලූන් වැනි සතුන් ඇති කිරීමෙන් වැළකී සිටීමය.

කොම්පෝස්ට් පොහොර වලින් ඈත්වී සිටින්න

ඔබගේ කොම්පෝස්ට් පොහොර වල නිවෙස ආසන්නයේම පැවතීම නිසා අසාත්මික කාරක දිලීර කෝෂඨ වලට නිවෙස තුළට ඇතුළුව ඔබට වැළඳිය හැකිය. එහෙයින් කොම්පෝස්ට් පොහොරවල නිවසේ සිට තරමක් ඈතට වන්නට පිහිටුවා ගතහොත් ඔබට සහනයකි.

ආඝ්‍රාණ අසාත්මිකා ඇතිවූ විට කළ යුත්තේ කුමකින්ද යන්න ඔබට ගැටළුවක් විය හැකිය. උණු වතුරෙන් නැෙඟන දුම ආඝ්‍රාණය කිරීම, නාස් අපහසුතාව දුරැලීමට සමත්ය. සේලයින් වතුර බිංදු කිහිපයක් නාසය තුළට දමා නාසය පිරිසිදු කර ගැනීමටද අසාත්මිකකාරක ඉවත් කිරීමට යොදා ගත හැකිය. ප්‍රතිහිස්ටමීන, (ඇන්ටිහිස්ටමීන්ස්) ලෙස පොදුවේ හැඳින්වෙන ඖෂධ පංතියක් මෙහිදී සහනය ලැබීම සඳහා භාවිතා කළ හැකිය. අසාත්මික ප්‍රතික්‍රියාවකදී සමේ ඇතුළත ෙසෙල වලින් මුදා හැරෙන ප්‍රෝටීන ද්‍රව්‍යයක් වන හිස්ටමීන නම් රසායනික ද්‍රව්‍යයවලට එරෙහි වීමට සමත් නිසා ඒවා ප්‍රති හිස්ටමීන ලෙස හැඳින්වෙයි. zක්ලොර්පෙනිරමීන්Z සහ zඩයිපෙන්හයිඩ්‍රමීන්Z ඒ සඳහා වන සුලබ උදාහරණ දෙකකි. සමහරවිට මෙම ඖෂධීය නාමවලින් ඔබ ඒවා නොදැන සිටියත් ඉතා ජනපි්‍රය වෙළඳ නාමවලින් ඔබ ඒවා දන්නා බව මම දනිමි. මෙම ප්‍රති - හිස්ටමීන ඖෂධවලට එරෙහි ප්‍රධානම චෝදනාව නම් ඒවා හේතු කොට zනිදිමත ගතියZ ඇති කිරීමය. ඒ නිසා මෙම ඖෂධ ගත් කළ වාහන පැදවීම, බර යන්ත්‍ර ක්‍රියාකරවීම, උඩකට නැඟීම, පිහිනීම වැනි කාර්යයන්ට බාධා ඇති කරයි. උදාසීන ගතියක් දැනීම හේතුකොට එදිනෙදා සාමාන්‍ය වැඩකටයුතුවල නිරත වීමට පවා යම් අපහසුතාවක් ඇති කළ හැකිය.

මෙම පරණ පැළැන්තියේ ප්‍රතිහිස්ටමින ඖෂධ වෙනුවට අද නව පරපුරක ප්‍රති - හිස්ටමීන ඖෂධ වෙළඳපොලේ ඇති සෙට්‍රිසීන්, ලොරටිඩීන් සහ ෆෙක්සොෆෙනඩීන් යන නම් වලින් හැඳින්වෙන නව පරම්පරාවේ ප්‍රති - හිස්ටමීන ඖෂධ නිදා ජනකත්වය උදාකරන්නේ ඉතා සුළුවෙනි. (සෙට්‍රසීන් නම් සමහර අය තුළ යම් නිදා ජනකයත්වයක් ඇති කරන බවට සාක්ෂි ලැබී තිබේ.) මේ අතර නාසයට යෙදිය හැකි බිංදු ඛෙහෙත් හෙවත් ස්ප්‍රේ (විසිරන) ප්‍රති හිස්ටමීන ඖෂධ නිෂ්පාදනයද ඇති. කිවිසුම් යාම සහ නාසයෙන් සොටු දියර ගැලීම වැළැක්වීමට ඒවා සමත්ය. අසාත්මකතා හේතුවෙන් ඇස් දැවිල්ල හා කඳුළු ගැලීම ඇතිවිට එය වැළැක්වීමට හැකි ප්‍රති - හිස්ටමීන අඩංගු ඇස් ඛෙහෙත් (බිංදු) ද දැන් වෙළඳපොළේ ඇත. මේ අතර වෛද්‍යවරුන් මඟින් පමණක් ලබාගත හැකි zකොර්ටිකෝස්ටෙරොයිඩ නේස්ල් ස්ප්‍රේZ ලෙස හඳුන්වන හොර්මෝන විසිරන ඖෂධද ඇත.

අපගේ අධිවෘත්ත ග්‍රන්ථිය නිපදවන හෝර්මෝනවලට සමාන ඖෂධ අඩංගු මෙම විසිරන මඟින් නාසය හිරවිම, නාසයෙන් සොටු දියර ගැලීම, නාසය දැවිල්ල හා කැසීම වැනි තත්ත්වයන් මැ~ලීමට පුළුවන. එපමණක් නොව ක්‍රොමලින් සෝඩියම් නම් රසායනික අඩංගු ස්ටෙරොයිඩය නොවන නාසයට විසරවිය හැකි zනේසල් ස්ප්‍රේZ ද (නාසයට දමන බිංදු ඛෙහෙත්) හිස්ටමීන් මුදාහරින ෙසෙල කරා අසාත්මික කාරක ලඟාවීමට බාධා කිරීම තුළින් ඇතිවිය හැකි අපහසුතා වැළැක්වීමට සමත්ය. මෙවැනි අවස්ථාවලදී නාසයේ ඇතිවන හිරවීමේ ස්වභාවය දුරු කිරීම සඳහා නාස් අභ්‍යන්තර පටල ප්‍රද්‍රහ මැඩ පැවැත්වීමට සමත් zඩිකොන්ජෙස්ටන්ට්ස්Z ලෙස හඳුන්වන ඖෂධ ද ස්ප්‍රේ ලෙස ලබාගත හැකිය. අධික රුධිර පීඩනය, හෘදය ගැටලූ ආදී රෝග තත්ත්වයන් ඇති අයට නුසුදුසු මෙම ප්‍රතිකාරය දීර්ඝ කාලීනව භාවිතා කිරීමද අනුමත නොකෙරෙති. ලූණු තුළ අඩංගු කුයෙර්සෙටින් නම් රසායනිකයක්ද අසාත්මික ප්‍රතික්‍රියා මැඩලීමට සමත්ය. දිනකට දෙතුන් වරක් මිග්‍රැ. 600 ක් පමණ කුයෙරසිටීන් ලැබිය යුතු නිසා ඔබට විශාල ප්‍රමාණයකින් ලුණු හා වෙනත් ලූණු පවුලේ එළවළු ආහාරයට ගැනීමට සිදුවන, බැවින් ඉන් පමණක් යැපීම ප්‍රායෝගිකව සාර්ථක නොවේ. අසාත්මික තත්ත්වය මැඩ පැවැත්වීමට සමත් ආයුර්වේදීය ශාකමය නිෂ්පාදනය දැන් වෙළඳපොළෙහි බහුලව දැකිය හැකිය.

තුසිත මලලසේකර

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment