.

කකුලේ පැළුම් ඉක්මනින් අතුරුදහන් කරවන විස්මිත ප්‍රතිකාරය බේකින් සෝඩා වලින් මෙන්න.

Loading...

කකුලේ පැළුම් ඉක්මනින් අතුරුදහන් කරවන විස්මිත ප්‍රතිකාරය බේකින් සෝඩා වලින් මෙන්න.

ඔබට ලස්සන විලුඹක් තියේනම් ඔබට බියුටි සැලුන් පස්සේ යන්න ඕන නැහැ. අද කාලයේ විශේෂයෙන් කාන්තාවන් කකුලේ යටිපතුලේ විලුඹ අවලස්සන ලෙස පැලී ඇති නිසා තම කකුල ස`ගවන්නට කොතෙකුත් උත්සහ කරයි. ඒ වගේම නිකරුනේ බියුටි සැලුන් පස්සේ ගිහින් සල්ලිද නාස්තිකරගනී. මේ කිසිවක් නොකර නිවසේදීම යටිපතුල් වල අවලස්සන පැලීම් නැතිකොට සුමට සුමුදු යටි පතුලක් හිමිකරගැනීමට ක්‍රමවේදයක් මම අද කියල දෙන්න යනවා. තවදුරටත් මේස් මගින් දෙපා ස`ගවා ගැනීමට මෙම විස්මිත ප්‍රතිකාර ක්‍රමය නිසා අවශ්‍ය වන්නේ නැත.



හැමෝම විශේෂයෙන් කාන්තාවන් හඹා යන්නේ කදිම සහ සිනිඳු සමක් සහිත විලුඹක් දායාද කරගන්නටය. පවතින උණුසුම් කාලගුණය සහ සම වියලීම නිසා මෙවැනි පැළුම් ඇතිවීම සාමාන්‍යයකි. එහෙත් රූපලාවන්‍ය සිද්දියේදී මෙය වැඩි පිරිවැයක් යොදා විලුඹට දස වැඩ දී දී සුමට කිරීම සහ පැළුම් නැති කිරීම වෙහෙසකර කටයුත්තකි.

අද මම කියල දෙන්න යන්නේ සියයට සියයක් ස්වභාවික, ලාභදායි, සහ ආරක්‍ෂිත ඔබගේ නිවසේදීම කරගතහැකි ක්‍රමවේදයකි. මෙම ප්‍රතිකාර ක්‍රමයෙන් යටිපතුල සම්බන්ධ සියළුම පැලීම් සහ ගොරෝසු බව සම්පුර්ණයෙන්ම පහව යන්නේ ඔබ මවිතයට පත්කරවිමින්.

අවශ්‍ය ද්‍රව්‍ය

- බේකින් සෝදා තේ හැඳි දෙකයි
- ලීටර 4-5 ක් පමණ උණුසුම් ජලය
- මොයිස්‌චර් ක්‍රීම් එකක්
- බුරුසුවක් හෝ මෘදු කටු සහිත ස්පොන්ච් කැබැල්ලක්
- ලැවෙන්ඩර් සගන්ධ තෙල් (අත්‍යවශ්‍යම නොවේ)

පිළිවෙත

බඳුනක් ගෙන එයට බේකින් සෝඩා දමා මඳ උණුසුම් ජලයෙන් හොඳින් දියකරගන්න. බඳුනේ උෂ්ණත්වය හොඳින් පරික්ෂා කර (කකුල් පිච්චෙන්නේ නැති ගානට මඳ උණුසුම) බලන්න. කැමතිනම් ලැවෙන්ඩර් සගන්ධ තෙල් බිඳු කිහිපයක්ද එකතුකරගන්න. දැන් ඒ ජලය තුල ඔබගේ යටිපතුල් බහා විනාඩි 15ක් තබාගන්න. මෙසේ විනාඩි 15 න් පසු විළුඹේ ඇති මැරුණු ෙසෙල මෘදු කටු සහිත ස්පොන්ජ් එකෙන් හෝ බුරුසුවෙන් ීජරමඉ කරන්න. මෙසේ කල පසු කකුල හොඳින් පිරිසිදු ජලයෙන් සෝදා තෙත මාත්තු කර මොයිස්‌චර් ක්‍රීම් එකකින් විලුඹ සහ යටිපතුල ගල්වා මේසයක් පැළඳ පැය තුනක් පමණ දමාගෙන සිටින්න.

ඔබ මේ ප්‍රතිකාරය සතියට දෙවතාවක් බැගින් කළ යුතුය. වඩා වේගවත් ප්‍රතිඵල සඳහා බේකින් සෝඩා ගෙන වතුර බිඳු කිහිපයක් එක් කර ච්ිඑැ එකක් තනා ිජරමඉ කිරීමට පෙර විනාඩි 15 ක් පමණ ආලේප කර තබන්න. මෙසේ මාසයක් කිරීමෙන් විස්මිත ප්‍රතිඵල ඔබම බලාගන්න.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment