.

සම පැහැපත් කරවන පිළිකා නසන වයසට ගියත් ඇස් පෙනීම ලබාදෙන මිදී යුෂ වල සැගවුන රහස් මෙන්න.

Loading...

සම පැහැපත් කරවන  පිළිකා නසන  වයසට ගියත් ඇස් පෙනීම ලබාදෙන මිදී යුෂ වල සැගවුන රහස් මෙන්න.

ලෝකේ ජනප්‍රියතම පළතුරක් ලෙස මිදී හඳුන්වා දිය හැකිය. ලෝකයේ බහුලව වගා කරනු ලබන මිදී විශේෂය වන්නේ විට්ස් විනිෆොරාය. මිදී නැවුම් පළතුරක් ලෙස ආහාරයට ගැනීමට මෙන්ම වයින් නිෂ්පාදනය හා විවිධ පාන වර්ග නිෂ්පාදනය කිරීමටත් වියලි මිදී නිෂ්පාදනයත් මෙමගින් සිදු කරයි.

ලෝකයේ මුළු මිදී නිෂ්පාදනයෙන් 70%ක් පමණ වයින් දන්දහද 28%ක් පමණ නැවුම් පළතුරක් ලෙසද 2% ක් පමණ වියලි මිදී සඳහාද යොදාගනු ලැබේ. මේ අනුව වගා කරනු ලබන මිදී වර්ගද වෙනස් වේ. මෙයට අමතරව මිදී යුෂ ලබාගැනීම, ටින් කිරීම වැනි කාර්යයන් සඳහාද මිදී අස්වැන්න භාවිතා කල හැකිය.

ශ්‍රී ලංකාවට මිදී වගාව හඳුන්වා දී ඇත්තේ පෘතුග්‍රීසි මිනොරිවරුන් විසිනි. බොහෝ කලක් යාපනය, පුත්තලම වැනි ප්‍රදේශ වල වැඩි වශයෙන් දක්නට ලැබුණු මෙම වගාව මේ වන විට අනුරාධපුර, හම්බන්තොට, මොනරාගල වැනි ප්‍රදේශවල ව්‍යාප්ත වී ඇත.

මිදී වර්ග ගණනාවක් දැක හඳුනා ගත හැකිය. ඒවා මෙසේය.

කාඩ්නල්

ගෙඩි රතු පාටට හුරු දම් පැහැයක් ගනී. ඉදුණු ගෙඩි වල පොත්ත තුනිය. හොඳින් ඉදුණු ගෙඩිවල මනා පැණි රැසක් තිඛෙන අතර ප්‍රසන්න සුවඳක් ඇත. පොකුරේ ලිහිල්ව පිහිටා තිබේ. මිදී පොකුරක ඇති ගෙඩි එකවරට ඉදේ.

ඊශ්‍රායල් බ්ලූ

ඉදුණු ගෙඩි තද දම් පාටට හුරු නිල් පැහැතිය. පොකුරු වල ගෙඩි තදින් ඇහිරී ඇති අතර තරමක් දුරට ගෙඩි එකවර ඉදීම සිදු නොවේ. මෙම මිදී වර්ගය එතරම් පැණි රැසක් නැති අතර ඉදුණු ගෙඩි වල යම් තරමක කහට රසයක්ද පවතී.

බ්ලැක් මස්කට්

ඉදුණු ගෙඩි දම් පාටට හුරු කළු පැහැතිය. මධ්‍යස්ත ප්‍රමාණයේ විශාලත්වයක් සහ ප්‍රසන්න සුවඳක් ඇත. ගෙඩියක බිජ 1-2 ප්‍රමාණයේ පවතී. පොත්ත තුනිය. මදය තරමක් ඝනකම්ය. පුකුරේ ගෙඩි තරමක් ලිහිල්ව පිහිටා ඇත. නැවුම් පළතුරක් ලෙස මෙන්ම වයින් නිපදවීම සඳහා යොදා ගනී.

වැඩි දියුණු කල ඉසඛෙලා

මේක කාඩිනල් බ්ලූ වර්ගයට වඩා ප්‍රමාණයෙන් කුඩාය. පොකුරේ ගෙඩි එකවර ඉදිමක් සිදු නොවේ. එම නිසා පොකුරේ ගෙඩි සියල්ල ඉදෙන තෙක් නෙලීම ප්‍රමාද කල යුතුය. මදය පොත්තෙන් පහසුවෙන් වෙන් නොවේ. ඉදුණු ගෙඩි වල පවා තරමක් ඇඹුල් ස්වභාවයක් ගනී. ඉදුණු ගෙඩි දම් පැහැතිය.

සෙම්ලෝන්

ගෙඩි ප්‍රමාණයෙන් කුඩාය. ඉදිගෙන එන විට ලා කොළපාටට හුරු කහ පාටට හැරේ. පොකුරේ ගෙඩි තදින් ඇහිරී ඇත. ගෙඩි වල තරමක් ඇඹුල් රසයක් පවතී. සුදු වයින් නිපදවීම සඳහා යෝග්‍ය ප්‍රභේදයකි.

තොම්සන් සිඩ්ලස්

මෙය පළතුරක් ලෙස මෙන්ම වියලි මිදී නිපදවීම සඳහා බහුල වශයෙන් යොදා ගැනේ. ඉතා පැණි රස ඉදුණු ගෙඩි කොළ පැහැයට හුරු රන් වන් කහ පැහැයක් ගනී. ඒවායේ බිජ නැත. හෝමෝන භාවිතා කර හෝ ගෙඩි අතින් තුනී කර ගෙඩිවල විශාලත්වය වැඩි කරගත හැකිය.

මස්කට් එම්. අයි.

ඉදුණු ගෙඩි තද දම් පාටය. මිදී පොකුරේ නැතුව ඉතා කෙටි නිසා නෙලීමේදී වැලට සහ ගෙඩිවලට හානි නොවීමට විශේෂයෙන් වග බලා ගත යුතුය. මිදී පොකුර කේතු ආකාර හැඩයෙන් යුක්තය. රතු වයින් සාදා ගැනීම සඳහා මෙම මිදී වර්ගය යොදා ගනී.

ෆ්‍රෙන්ච් එම්. අයි.

සුදු වයින් නිපදවීම සඳහා සුදුසු ප්‍රභේදයකි. කොළ පැහැති ගෙඩි ප්‍රමාණයෙන් තරමක් කුඩාය. පොකුරේ ගෙඩි තදින් ඇසිරි ඇත. පොකුරේ ගෙඩි ඉදීම ඒකාකාරිව සිදු වේ.

මෙම මිදී වර්ගයෙන් තද පාට වර්ණයෙන් යුත් මිදී ගුණයෙන් අනූන බව විද්‍යාඥයන්ගේ මතයය.

රතු මිදී යුෂ පානය කිරීමෙන් ඇස් පෙනීම දියුණු වන බව විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය මිලන් පාන්ඩේ පර්යේෂණයක් මගින් තහවුරු කර ඇත. මිදී ලෙල්ලේ ඇති සංඝටක හේතුවෙන් වයසට යාමේදී පෙනීමට ගැටළු ඇති කරන පේශි නැවත පණ ගැන්වෙන බව හෙතෙම සොයාගෙන ඇත.

ඇසේ රුධිර නාල වර්ධනය නොමැති වීම වයසට යාමේදී ඇස් පෙනීම දුර්වල වීමට හේතුවක් බව පවසන වෛද්‍ය පාන්ඩේ පෙන්වා දෙන්නේ මේ තත්වය බ්‍රිතාන්‍යයේ අන්ධභාවයට ඛෙහෙවින් බලපා ඇති බවයි. ඇසේ පේශීන් පණ ගැන්වීමට සමත් පොලිපිනොල් නම් රසායනික සංඝටකය මිදී යුෂ සහ මිදී ගෙඩියේ ඇති බැවින් මේ තත්වයෙන් මග හැරී පෙනීම මියයනතුරුම හොඳින් පවත්වාගෙන යාමට මිදී යුෂ පානය කිරීම ඉවහල් වන බවද ඔහු පවසයි.

තවද නව පර්යේෂණයකින් හෙළිදරව් වී තිඛෙන්නේ සාමාන්‍ය ප්‍රමාණයකට වයින් හෝ රතු මිදී යුෂ පානය කිරීම, සිරුරේ මේද දහනය කිරීමට ඉවහල් වන බවයි. ඇමෙරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ විද්‍යාඥයන් පිරිසක් විසින් සිදු කල පර්යේෂණයකින් මේ බව හෙළිදරව් වී තිබේ.

එමෙන්ම මිදී පලතුරු වශයෙන් ආහාරයට ගැනීම තුලින් සම පැහැපත් කරගැනීමට අවශ්‍ය විටමින් වර්ග ඇ`ගට අවශෝෂණය වන බවයි. එතුලින් නිරෝගී පැහැපත් සමක් ලබා ගත හැකි වේ.

එමෙන්ම මිදිවල ගුණ හඳුනා ගැනීමත් සමග විවිධ රූපලාවන්‍ය ආලේපන වර්ග හා ෆෙෂ් වොෂ් වැනි සේදුම් කාරක නිපදවීම සඳහාද මිදී යුෂ යොදා ගන්නා බව පැවසිය යුතු වන්නේමය.

2005 වසරේ යුරෝපයේ විද්‍යාඥයන් පිරිසක් විසින් සිදු කල පර්යේෂණයකදී මිදී ආහාරයට ගැනීම තුලින් පියයුරු පිළිකා තැනීමේ අවධානම වලක්වා ගත හැකි බව සඳහන් කරයි. මිදී වල ඇති ගුණාත්මක භාවය තුලින් පියයුරු පිළිකා සෑදීමේ අවධානම වලක්වා ගත හැකි බව සඳහන් කරයි. මිදී වල ඇති ගුණාත්මක භාවය තුලින් පියයුරු පිළිකා සඳහා ප්‍රතිරෝධකයක් ලෙස කටයුතු යොදන බව විද්‍යාඥයෝ අවධාරණය කරති.

එමෙන්ම මිදිවල ඇති ප්‍රතිශක්තිකරණය ගුණය හේතුවෙන් ශරීරයට අවශෝෂණය වීමත් සමග රෝගාබාධ සෑදීම පාලනය කරගත හැකිවනු ඇත.

යුරෝපය, ස්වීඩනය, අරාබි රටවල්, ඇමෙරිකා ඊක්සත් ජනපදය තුල මිදී පළතුරක් ලෙසත් ප්‍රතිශක්ති වර්ධනය කිරීම සඳහා ඖෂධයක් ලෙසත් ආහාරයට ගනී. එමෙන්ම මිදී යුෂ තම ආහාර වේල සඳහාද උපයෝගී කර ගනී.

මේ අනුව ගත් කල මිදිවල ගුණය මෙපමණය කියා සිමා කර නොහැකි තරම්ය.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment