.

ලිංගික හැසිරීම් ගැන ඔබ නොදන්නා ගොඩක් දේවල් හරියටම දැනගන්න.

Loading...

ලිංගික හැසිරීම් ගැන ඔබ නොදන්නා ගොඩක් දේවල් හරියටම දැනගන්න.

ලිංගිකත්වය එහෙම නැත්නම් Sex අපේ ජිවිතයට බද්ධ වෙලා තිබුණත් ඒ වචනය තරම් කතා කරන්න බය , කතාකරන්න තහනම් වචනයක් අපේ ලංකාවේ නෑ.

ඒ වුණාට Google Search engine වල Sex කියන වචනය වැඩිම වාර ගණනක් හොයපු රට විදිහට ශ්‍රී ලංකාව කප් ඒක ගත්තු අවස්ථාත් නැතිවාම නෙවෙයිනෙ. අපිට තහනම් නම් කොහොමද එහෙම වෙන්නෙ. අපේ සංස්කාතිය , සමාජ අගනාකම් එක්ක ජිවිතය අඟුල් වැටෙනකොට හොරෙන් හොරෙන් කට්ටි පැන්නම එහෙම වෙනවා. මට නම් හිතෙන්නෙ එහෙම. හංගන දෙයක කුතුහලයත් එක්ක තහනම් ගහක කොළයක් හරි කඩන්න හුඟක් අය උත්සහ කරන්නෙ ඒකයි.

importance-of-sex1එහෙම වුණාමයි කියමුකෝ. කාටවත් ඒහෙම කළාට හානියක් නෑනේ. අනික ඔය දේ බැලුවා කියලා ළමයි හම්බ වෙනවද?. කාට හරි එහෙම තර්ක කරන්ඩ පුළුවන්. ඔව් එහෙම නම් වෙන්නෙ නෑ. ඒත් අර ඔළු ගෙඩි ටික අසහනයෙන් විකාර වෙනවා. එක සමාජ පිළිකාවක් වෙනවා.

අසහනය දරා ගන්න බැරිව සමාජයට හෙණයක් වෙන්නෙ මේ තහනම නිසාමයි. කාන්තාව විතරක්ම නෙවෙයි , පිරිමින්ට වුණත් නිදහසේ පාරේ බැහැල යන්න බැරි වෙන්නෙ මේ අසහන‍යේ විපාක විදිහට. දරුවෙක්ට කිරි දෙන අම්ම කෙනෙක් දිහා බලාගෙන කෙල ගිලින දීන හිත් ඇති මිනිසුන් සමාජයේ ඕන තරම්.

මව් සෙනෙහසක් දිහා බලාගෙන වින්දනයක් ලබන්න තරම් මේ අසහනය උඩු දුවලා. බස් රථයක තනිව ගමන් කරන්න බැරි තත්ත්වයකට සමාජය පත්වෙලා. ළඟදි දවසක මහරගමදි තරුණයෙක්ට හොඳ ගුටි පූජාවක් පිළිගන්න සිද්ධ වුනෙ අසහනය පාලනය කරගන්න බැරි තරම් මානසික විකෘතිතාවක් නිසා වෙන්නත් පුළුවන්. මොකද තමන් ළඟ නිරුවතින් කෙනෙක් උන්නත් පාඩුවේ යන්න පුළුවන් වෙන තරමටම අපේ සංස්තෘතිය තුළ අපට අගනාකම් , වටිනාකම් කියලා දෙනවා. පොඩ්ඩක් හිතමු නේද නිවාඩු පාඩුවේ.

ඒ වගේ ආඩම්බරකාර සංස්කෘතියක් ඇතුලේ අද වෙන කොට බාලවයස්කාර අම්මලා ගණන කොයිතරම්ද කියලා පරිවාස නිවාසයක් පැත්තෙ ගියොත් බලාගන්න පුළුවන්. ඒ වගේම තමයි දවසින් දවස දුෂණ , අතවරවලට ලක්වෙන පිරිස වැඩියි. කනගාටුදායක තත්ත්වය තමයි සමහර විට ඔවුන් අතවරයකට ලක් වුණ බවක්වත් ඔවුන් දන්නෙ නැති වීම .

තව අවස්ථා තියෙනවා රැකවරණය උපරිමයි කියලා හිතන පවුල තුළම ලිංගික පීඩනයන්ට ලක්වෙන සිද්ධීන්.ඒත් ලැජ්ජාවට හරි බයට හරි නිත්‍යානුකූල වාර්තාවලට හෙළි නොවී වැහිලා ගිය අඳුරු ජිවිත මේ සමාජයේ ඕන තරම්. කාටවත් කියාගන්න බැරිව අසරණකම් හිත ඇතුළෙ හිරකරගෙන විඳවන ජිවිතවල වගකීම කව්ද ගන්නෙ.

නිකමට වගෙ ගිහින් බලන්න සමාජ වෙබ් අඩවි පැත්තට. ලිංගික ගනුදෙනු සඳහාම වෙන්වුණ Profiles , Pages කොයිතරම්ද කියලා. ඒ තුළ එළිදැක්වෙන අදහස් වලින් අපට හිතන්න ඉතිරිවෙන්නෙ මොනවද කියලා. සමහරවිට ඔබේ දුරකථන අංකය අහම්බෙන් හරි වැරදි කෙනාට හමුවුණොත් අසභ්‍ය පණිවිඩ නිසා පීඩාවිදින්න , අපහාස විඳින්න වුණ අවස්ථා ඔබේ ජීවිතවලත් තියෙන්න පුළුවන්. මුන්ට පිස්සු කියලා අපි මේ ප්‍රශ්නය ගැන සැහැල්ලුවෙන් හිතන්නෙ නැතුව පොඩ්ඩක් විවෘතව හිතමුද.

ඇයි අපි සෙක්ස් කියන වචනය හංඟන්නෙ. ඇයි අපිට මේ වචනය සාමාන්‍යකරණය කරන්න බැරි. ලිංගික අධ්‍යාපනය අපේ අධ්‍යාපන ක්‍රමයට එකතු ‍කරන එක වැරැදි දෙයක්ද? ප්‍රජනනය හා සෞඛ්‍යය කියන පාඩම විෂයය නිර්දේශය තුළ නිවැරැදි ඉගැන්වීමක් සිදුවෙනවා නම් නව යොවුන් වියේ ඇතිවන බොහෝ කුතුහලයන්ට විසඳුමක් ලැබෙනවා. ඒ තුළින් වැරදි අත්හදා බැලීම්වලට යොමු වී ජිවිතය විනාශ කර ගන්නෙ නැතුව අතරමං නොවී කතරගම යන්න යෞවනත්වයට පාර කියන්න පුළුවන්.

දියණියක් මල්වර වුණාට පස්සේ ජයටම පාටි දානවා වගේම Sex කියන වචනය ඇතුළෙ තියෙන යථාර්තය ත් පැහැදිලි කරන්න මවුපියන්ට ආත්ම ශක්තිය තියෙන්න ඕන. ඒක ලැජ්ජාවෙන්න ඕන කාරණාවක් නෙවෙයි. අනාගත පරම්රාවට දෙන තෑග්ගක් . සම්මත ලිංගික සම්බන්ධතා, අදාළ වයස් සීමාවන්, ලිංගික රෝග හා ප්‍රතිකාර වගේම ආරක්ෂාකාරී උපාය මාර්ග ගැනත් යෞවනත්වයට කියල දෙන්න හැකියාවක් වැඩිහිටි පරම්පරාවට තියෙන්න ඕනිමයි. එහෙම නැත්නම් වෙන්නෙ සමාජ රෝගවලින් ජිවිතයම අපායක් කරගත්තු සමනළ යෞවන හීන ගිනි ගත්ත මානසික විකෘතිතා සමඟ අනාගතයක් බිහිවෙන එක විතරයි.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment